Day by Diary

Day by Diary Daily food review

😊🍛
21/07/2026

😊🍛

☺️
19/07/2026

☺️

Layers of happiness, served fresh 🍔😋
09/07/2026

Layers of happiness, served fresh 🍔😋

Ready 😋🥰
08/07/2026

Ready 😋🥰

Fueling up for a beautiful day 🌮
04/07/2026

Fueling up for a beautiful day 🌮

❤️‍🩹
01/07/2026

❤️‍🩹

🧒 : මාමා මට අපේ ගෙදරට කෑම ටිකක් යවන්න ඕන.. පුළුවන්ද?

🅰️ : පුළුවන් පුතා අපි ඉන්නේ ඒකටනේ..කවද්ද කොහේටද?

🧒 : #$%වත්තට. මල්ලිගේ උපන්දිනේට..

🅰️ : හරි පුතා යවන්නම්..පුතා එතකොට ජොබ් එක කරන්නේ ගෙදර ඉදන් නෙවෙයිද?

🧒 : නෑ මාමා මම ළමා නිවාසෙක ඉන්නේ...😲
(ඊළග තත්පර කීයක්ද මන්දා අපේ පැත්තෙන් කතා කරගන්න බැරි වුනා..උගුර හිර වෙලා තිබ්බේ)

🧒 : මාමා,, මාමා,,අනේ තියන්න එපා..මම සල්ලි ගෙවන්නම්..බයවෙන්න එපා, මගේ ළග සල්ලි තියනවා..

🅰️ : (ගැස්සුනා) ආ...නෑ නෑ පුතා සල්ලි ප්‍රශ්ණයක් නෙවෙයි...මේ සිග්නල් නැති වුනා..
හරි පුතා අපි ඕඩරේ යවන්නම් ඕන දේවල් සිලෙක්ට් කරලා දෙන්න..ඇඩ්‍රස් එකත් එවන්න..

🧒 : හරි මාමා බොහොම පිං...තියනවා..

(ළමා නිවාසෙක දරුවෙක් වුනත් අපේ ගෞරවනීය පාරිභෝගිකයෙක්, අපිට අයිතියක් ඇත්තෙම නෑ අලගිය මුලගිය තැන් අහන්න..අපි ඒ සදාචාරය තියාගන්න ඕන නිසා මුකුත්ම ඇහුවේ නෑ)

ඔන්න ඔහොමයි Ariyana Events එකෙන් මෙච්චර කාලෙකට ගිය සංවේදිම ඕඩරේ සටහන් වෙන්න පටන් ගත්තේ..🥲

ඒ පුතා ඊට පස්සෙ යවන්න ඕන දේවල් ගැන කියන්න දෙතුන් පාරක්ම කතා කරපු නිසා අපි ඇහුවේ නැතත් සම්පූර්න විස්තරේ කිව්වා..👇

ගෞරව කියලා අපි නම කතාකරමුකෝ..

ගෞරව ඉපදෙද්දිම ආබාධ ගොඩක් එක්ක ඉපදිලා තියෙන්නේ..
තාත්තා ඉස්පිරිතාලෙදිම දාලා ගිහිල්ලා..
අම්මට මානසික ප්‍රශ්ණ තිබ්බ නිසා සංවිධානයක් මැදිහත් වෙලා ගෞරව ව භාර දීලා මේ ළමා නිවාසෙට..
එදා ඉදන් පුංචි ගෞරවගේ ගෙදර එතන...

ඉගෙන ගෙන...
අතේ පයේ වැඩත් ඉගෙන ගෙන..

දැන් ගෞරවට 14 ක්...

අම්මා හොද වුනාට පස්සේ ගෞරව බලන්න බාප්පා එක්ක ඇවිල්ලා...
දැන් ඒ බාප්පාගෙන් ගෞරවට පුංචි මල්ලියෙකුත් ඉන්නවලු..
අන්තිමට ගෞරවව බලන්න අම්මා ඇවිල්ලා තියෙන්නේ තනියම..

අර බාප්පත් දාලා ගිහින්...😡

ආච්චි ළග මල්ලිව තියලා අම්මා රට යනවලු..

මල්ලිගේ උපන්දිනේ මතක තියන් ඉදලයි මේ ගෞරව කෑම යවන්නේ...
ගෞරව දැන් සල්ලි හම්බ කරන ආඩම්බරකාර තරුණයෙක්...

වඩු වැඩ, චිත්‍ර අදින්න වගේම ගෞරවට ළග පල්ලියේ වැඩ කරලා දුන්නමත් අතට ගානක් ලැබෙනවලු..

ගෞරවට උදව් මොනවද ඕන ඇහුවම කිව්වේ "මට අනුකම්පාව ඕන නෑ මාමා...
තව ටිකක් කල් මෙහෙම ඉන්නවා ඔෆිස් එකේ නැන්දා කිව්වා මාව රජයෙන් කෝස් වලට දානවා කියලා, එතකොට ඒවට ගිහින් ඉවර වෙලා ඊට පස්සේ මාමලගේ උදව් ඕන වුනොත් කතා කරන්නම් කියලා.."

ගෞරව කතා කරෙත් නැන්දා කෙනෙක්ගේ ෆෝන් එකෙන් කියලා කිව්වේ..

අපි ඕඩරේට සල්ලි එපා කිව්වා...

කොළඹ හතෙන් කතා කරලා රුපියල් 10 ටත් ඩිස්කවුන්ට් ඉල්ලද්දි, මේ ගෞරවනීය ගෞරව, අපි ගාණ අඩු කරත් ඕඩරේ දාන්නේ නෑ කිව්වා..

රත්තරං ඊගෝ එකක් තියන,
අහිංසකයෙක්...

මට එයාව සම්බන්ධ කරගන්න විදියක් දුන්නෙම නෑ...

ඒ නොම්බරේට කතා කරාමත් කිව්වේ " එයාට එයාගේ විදියට ඉන්න දෙන්න පුතා, එයා ලස්සනට එයාගේ ගමන යයි කියලා"

ඇත්ත අත පය හතර තියන අපි ජිවිතේ වැටෙන හැටි දකිද්දි, ආබාධ තිබ්බත් මේ ආත්මය පට්ට හයියයි..ගෞරවට අපෙන් හයියක් ඕන නෑ...
ගෞරවගේ කතාව අහලා අපියි හයිය වෙන්න ඕන..

තවත් ගෞරවලා ගොඩක් මේ සමාජයේ ඉන්නවා...
උපතින් ආපු කර්මය තමන්ගේ දෑතින් වෙනස් කරන්න වෙර දරන ඔවුන්ටයි මේ උපහාරය... 🙏

ඔවුන් වැනි උදව් ඇවැසි අය වෙනුවෙන් කෑම වේලකින් ,තේ එකකින් හරි උදව් කරන ලොකු පිරිසක් අපේ ලංකාවේ ඉන්නවා..👇

ඔයාලට ආඩම්බර වෙන්න පුළුවන්...
ඔයාලා දෙන එක කෑම වේලකින්, පොතකින් පතකින්
ජීවිතේ හදාගෙන, ලෝකේ වෙනස් කරන්න වෙර දරන චරිත බිහි වෙන ගමන් තියෙන්නේ...

ඒ වගේ අනිත් අයට උදව් කරන මහාමේරූ පර්වත වගේ පෞරුෂයන් වලට පේන්න මේක share වුනොත්, ඒ වෙන හොද තවත් වැඩි වෙයි...🇱🇰

සතුටින් ඉන්න හැමදාම...❤️

😋🍛
01/07/2026

😋🍛

A bowl of homemade goodness. ✨Chicken Gizzard Stew 🍲
30/06/2026

A bowl of homemade goodness. ✨
Chicken Gizzard Stew 🍲

Every bite is a flavor adventure 😋Pad Thai perfection. 🤎
28/06/2026

Every bite is a flavor adventure 😋
Pad Thai perfection. 🤎

පොල් රොටි 🫓🍗
15/06/2026

පොල් රොටි 🫓🍗

Address

UAE
Abu Dhabi

Website

Alerts

Be the first to know and let us send you an email when Day by Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share