Food Story by Subha

Food Story by Subha I enjoy cooking a wide range of foods and am more than happy to share some recipes with you.

ප්‍රෝටීන් පෑන්කේක් සමග යෝගට් සහ බෙරි ---------------------------------------------------------------------අවශ්‍ය ද්‍රව්‍...
20/08/2025

ප්‍රෝටීන් පෑන්කේක් සමග යෝගට් සහ බෙරි
---------------------------------------------------------------------

අවශ්‍ය ද්‍රව්‍ය:
===========
හොඳින් ඉදුණු ලොකු කෙසෙල් ගෙඩි එකයි.
බිත්තර දෙකයි
ප්‍රෝටින් පව්ඩර් ග්‍රෑම් 20යි.
වැනිලා එසන්ස් බින්දු දෙකයි.
යෝගට් මේස හැඳි හතරක්
කැමති බෙරි වර්ගයකින් ග්‍රෑම් 50.

සාදාගන්න ආකාරය:
°°°°°°°°°°°°°°°°°°°°°°°°°
කෙසෙල් ගෙඩිය පොතු ඉවත් කර ගෑරොප්පුවකින් මෑශ් කරගන්න.
එයට බිත්තර දෙක කඩා එකතු කරන්න. හොඳින් මික්ෂ් කර ප්‍රෝටීන් පව්ඩර් ටික එක් කර වැනිලා බිංදු දෙකක් දමා සියල්ල හොඳින් මික්කර නන්ස්ටික් පෑන් එකක ඉතාම අඩු ගින්දරේ පිස ගන්න. හරිම රසවත් සහ එදා පෝෂණීය උදෑසන ආහාරයකී....
රසා.....යී.....😋👍

හාල් මැස්සෝ  .......🎣 කඩල පරිප්පු  ...........🥘ගෝවා කොළ මැල්ලුම්  ...🥬බාස්මතී බත්...........................🍚🍽️ 😋😋
29/07/2025

හාල් මැස්සෝ .......🎣
කඩල පරිප්පු ...........🥘
ගෝවා කොළ මැල්ලුම් ...🥬
බාස්මතී බත්...........................🍚
🍽️ 😋😋

Easy Coleslaw💢Ingredients-----------------------1/2 cabbage thinly sliced 2 carrot grated1 1/2 cup egg mayonnaise1/2 tsp...
29/07/2025

Easy Coleslaw💢

Ingredients
-----------------------
1/2 cabbage thinly sliced
2 carrot grated
1 1/2 cup egg mayonnaise
1/2 tsp salt

method:
==============
1. Thinly slice cabbage, grate your carrot.
2. Take it in a bowl and add your mayonnaise & salt then mix well

කොලෙස්ලෝ
-------------------------
සිහින්ව ලියා ගත් ගෝවා ගෙඩි 1/2
කැරට් අල 2
මයොනීස් කප් 1 1/2
ගාගත් සුදු ළූණු බික් 1

සාදන ක්‍රමය;
=================
ගෝවා, කැරට්, සුදු ළූණු,ළුණූ, ගම්මිරිස් ලුණු සහ මයොනීස් සියල්ල එකට එක් කර හොදින් මිශ්‍ර කර පිරිසිදු වියළි භාජනයක දමා සීතකරනයේ තබා කෑමට ගන්න.
රසායී.......😋😋😋

11/07/2025
බටර් කේක් :          බටර් කේක්  කියන්නේ හරිම ලෙහෙසියෙන් සහ ඉතා අඩු වියදමකින් සදා ගත හැකි කේක් එකකී. නියම ප්‍රමාණයට අවශ්‍...
09/06/2025

බටර් කේක් :
බටර් කේක් කියන්නේ හරිම ලෙහෙසියෙන් සහ ඉතා අඩු වියදමකින් සදා ගත හැකි කේක් එකකී. නියම ප්‍රමාණයට අවශ්‍ය ingredient ටික එකතු උනොත් ඉතා රසවත් වගේම සුවදවත් කේක් එකක් සාදා ගත හැක.කිසිම දිනක කේක් නොහදපු නමුත් ඉගෙන ගන්න අසාවෙන් ඉන්න කෙනෙකුට අවශ්‍ය වූ වොත් කිසිම බයක් නැතිව මේවිදියට හදාගන්න උත්සහා කරන්න මේ මම බටර් කේක් සාදන විදිය.
* පිටි 250
* සීනී 250
* බටර් 250
* බිතර 04
* බේකින් පව්ඩර් තේහැදි 02
* වැනිලා තේහැදි තේහැදි 01
* ප්රෙෂ් මිලක් තේහැදි 02
* කහපාට දොඩම් ගෙඩියක පිට පොත්ත ග්‍රේට් කර තේහැදි 01 පමණ ( මෙය වැඩි උනාට කිසිම ප්‍රශ්නයක් නැත )
* එම දොඩම් ගෙඩිය දෙකට කපා පළුවක යුෂ.( දොඩම් වෙනුවට දෙහි උවද පාවිච්චිකළ හැක). මෙමගින් බිත්තර වලින් එන පිලී රස නැතිවේ.
සාදන ක්‍රමය :
පිටි සහ බේකින් පව්ඩර් එකට දමා 3 පාරක් පෙනේරයකින් හලාගන්න.බටර් වලට සීනි දමා හොදට ගසා ගන්න. (මමනම් සීනී ටික ග්‍රේට් කරලා ගත්තේ. එතකොට ඉක්මනටම දියවෙනවා) ඉන් පසු බිත්තර එක,එක දමා හොදින් ගසා ගන්න. දැන් පිට එකපාර නොදා ටික ,ටික දමමින් fold කරගන්න .(කලින් වගේ ගොඩක් මික්ස් කරන්න එපා හොදට මතක තිය ගන්න පිටි දැම්මට පසු එකම පැත්තට රව්ම් දෙකක් ,තුනක් විතර ෆෝල්ඩ් කරගන්න ) පසුව වැනිලා ටික දමා තව දෙපාරක් විතර එකම පැත්තට කරකවා ගන්න.කිරි ටිකද ,දොඩම් යුෂ සහ ග්‍රේට් කල දොඩම් ටිකද දමමින් කලින් ආකාරයට ටිකක් මික්ස් කරගන්න.
මෙම පියවරට ඒමට කලින් අවන් එක විනාඩි 20 පමණ ෆ්රී ගිට් කර ගන්නා අතර කේක් එක බේක් කර ගන්න බාජනය තෙල් කඩදාසියක් දමා හොදින් බටර් ටිකක් ගා සකසා ගන්න.
අවසාන වශයෙන් කේක් මික්ස් ශ්‍ර නය තැටියට දමා එක මට්ටමකට එන විදියට සකසාගෙන පොඩ්ඩක් උඩට උස්සා මේසය මතට අතාරින්න. මෙසේ දෙතුන් පාරක් කරන්න (එසේ කරනුයේ කේක් එකේ ඇති වායු බුබුළු නැතිකර ගැනීමට )ඉන්පසු සෙල්සියෙස් අංශක 175 විනාඩි 30 පමණ බේක්‌ කර ගන්න (මෙය අවන් එකෙන් අවන් එකට වෙනස් විය හැක ) මේ මගේ විදිය. තව සමහර අය මීට වැඩ වෙනස් ක්‍රමවලට බටර් කේක් හදනවා වෙන්න පුළුවන්.
හරිම රසවත් ඒ වගේම සුවදවත් . 😋 😋

Lunch ready.....👌🍻.  ළපටි මිදි කොල, blender කරගත් chicken, සුදු කැකුළු හාල්, සිහින්ව කපාගත් ලොකු බී ළූණු ගෙඩියක්, ඔලිව් ...
04/06/2025

Lunch ready.....👌🍻. ළපටි මිදි කොල, blender කරගත් chicken, සුදු කැකුළු හාල්, සිහින්ව කපාගත් ලොකු බී ළූණු ගෙඩියක්, ඔලිව් තෙල් ටිකක්, දෙහි ගෙඩි 3 ක විතර ඉස්ම, ගම්මිරිස් කුඩු ටිකක්, සිහින්ව කපාගත් පාස්ලි කොළ ටිකක් තක්කාලි සෝස් ටිකක්, හොදට ඉදුණු තක්කාලි ගෙඩියක් සහ අවශ්‍ය පමණ ලුණු..,..... මිදි කොල ටික පිරිසිදු කර තරමක් උණුසුම් වූ වතුරට දමා විනාඩියක් දෙකක් පමණ වසා තබන්න. ඉන්පසු වතුර බේරෙන්නට පසෙකින් තබන්න. දැන් භාජනයක් ලිප තබා රත් වූ පසු ඔලිව් තෙල් මේස හැදි තුනක් පමණ දාන්න. තෙල් ටික රත් වූ පසු සිහින්ව කපාගත් ලූණු ටික එකතු කරන්න. ඉන්පසු එයට chicken ටික එකතු කර විනාඩි දෙකක් පමන මදගින්නේ cook කරගන්න. දැන් මෙයට සෝදා පිරිසිදු කරගත් සුදු හාල් ටික එකතු කරගන්න. (සහල් සහ chicken අවශ්‍ය පරිදි ගන්න මිදි කොළ තියෙන විදියට) දැන් මෙයට වතුර ටිකක් දමා හොදින් පිස ගන්න. ඉන්පසු එයට කපාගත් තක්කාලි ගෙඩිය එකතු කර දෙහි ඉස්ම ටිකත් එකතු කර තක්කාලි සෝස් ටිකද එකතු කරගන්න. පාස්ලි කොළ ටිකත් මේ වෙලාවේ එකතු කරන්න. අවශ්‍ය පරිදි ලුනු සහ ගම්මිරිස් දමා ගන්න. ඉන්පසුව එය හොදින් නිමුනට පසුව මිදි කොලේ කණපිට පැත්ත උඩට තියා ඔබ සාදාගත් මිශ්‍රණයෙන් ටිකක් කොලයේ මුලට තියා එකපාරක් රෝල් කරන්න දැන් කොළයේ දෙපැත්ත ඇතුලට නම කොළයේ අග දක්වා රෝල් කරගන්න. මේ ආකාරයට සියල්ල සාදාගෙන භාජනයක් ගෙන මිදි කොළ ටිකක් අඩියට එලා ගන්න ඔබ සාදාගත් මිදී රෝල්ස් ටික ලස්සනට භාජනේ අසුරා ගන්න. දැන් ඊට උඩින් ඔලිව් තෙල් ටිකක් සහ දෙහි ඉස්ම ටිකක් දමා වතුර කෝප්ප භාගයක් පමණ දමා උඩිනුත් මිදි කොළ ටිකක් දමා පැතලි භාජනයක් ගෙන උඩින් වසාගන්න භාජනේ ඇති දේ හොඳට තද වෙන පරිදි ඉන්පසු මදගින්නේ පැය භාගයක් පමණ උයා ගන්න. මෙය කෑමට non sugar yogurt සමග ගන්න. ඉතාම රසවත් ගුණවත් කෑමක්. මේ අය සයිප්‍රස් රටෙහි සහ ග්‍රීසියෙහි ඉතා ප්‍රසිද්ධ ප්‍රියජනක ආහාර වේලක්. මමත් මෙයට හරිම කැමතියි ගෘප් එකේ අයත් හදලා බලන්න මිදි කොළ හොයාගන්න පුළුවන්.....

ශ්‍රී ලංකාවේ වගේම ලෙබනීස් රටෙත් කෑම ඉතාම රසවත්. මේ මම හදපු ලෙබනනයේ කරි එකක්. මේ කරිඑක සුදු බත් එක්ක හරිම රසයි. මටම ආවේණි...
01/04/2025

ශ්‍රී ලංකාවේ වගේම ලෙබනීස් රටෙත් කෑම ඉතාම රසවත්. මේ මම හදපු ලෙබනනයේ කරි එකක්. මේ කරිඑක සුදු බත් එක්ක හරිම රසයි. මටම ආවේණික විදිහට මම කැමති දේවල් යොදා පිළියෙල කළ රසවත් ඒ වගේම ඉතාම ගුණවත් මීට්බෝල් වෑංජනයක්. අවශ්‍ය දේවල් සහ සාදාගන්න ආකාරය බලමු.

අවශ්‍ය දේවල්:
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
* අඹරා ගත් බැටළු මස් කිලෝ ග්‍රෑම් - 1
* ලොකු ලූණු ගෙඩි. - 4
* සුදුලූණු ලොකු ගෙඩි - 1
* තක්කාලි පේස්ට් ටිං - 2
* පැප්රිකන් පව්ඩර් මේස හැඳි - 3
* සූදුරු පව්ඩර් මේස හැඳි. - 4
* කුරුඳු පව්ඩර්. මේස හැඳි - 2
* පාස්ලිකොළ ග්‍රෑම් - 50
* කොත්මල්ලිකොළ ග්‍රෑම් - 50
* මින්චිකොළ. ග්‍රෑම්. - 50
* ගම්මිරිස් කුඩු මේස හැඳි - 4
* ඔලිව්තෙල් මේස හැඳි. - 3
* හොඳින් ඉදුනු ලොකු තක්කලී ගෙඩි - 2
* රසානුව ලුණු

සාදාගන්නා ආකාරය:
=============================
ලූණු සුදුලූණු පිරිසිදුකර සිහින්ම කපා ගන්න. හර්බල් කොළ ටිකත් හොඳින් පිරිසිදු කර ඉතාම සිහින්ව කපා ගන්න.
දැන් භාජනයක් ලිප තබා තෙල් ටික දමා රත් වූ පසු ලූණු සහ සුදුලූණු දමා හොඳින් බැදගන්න. ඉන්පසු එයට තක්කඩි දෙක ක් සිහින්න කපා එක් කරන්න. දැන් පැප්රිකන් පව්ඩර්, කුරුඳු පවුඩර් සහ සූදුරු පවුඩර් ටික එක් කර රස අනුව ලුණු සහ ගම්මිරිස් කරගන්න. මේ සියල්ල මිශ්‍ර කර අඩු ගින්දරේ විනාඩි දෙකක් පිස ලිපෙන් කබලට ගන්න.
දැන් වෙනම ලොකු බෝල් එකකට අඹරා ගත් මස් ටික එක්කර ඉහත සාදාගත් ේ මිශ්‍රණයෙන් භාගයක් භාජනයේ ඉතුරු කර ඉතුරු භාගය අඹරාගත් මස් වලට කරන්න. ඉන්පසු පිරිසිදු කර කපාගත් හර්බල් කොළ ටිකත් එක්කර සියල්ල හොඳින් කලවම් කරගන්න. ඉන්පසු බයිට් සයිස් පුංචි බෝල සාදා ගන්න.
දැන් ඉතුරු කරගත් ලූණු තක්කාලි භාජනය නැවත ලිපේ තියා තක්කාලි සෝස් ටිං දෙකම එයට එක් කර පොඩ්ඩක් උතුරවා ගන්න. ඉන්පසු හිතා පරිස්සමින් සාදාගත් මස් බෝල ටික එයට එක් කර හොඳින් පිසගන්න. අවශ්‍ය පමණට ලුණු සහ ගම්මිරිස් එක්කර සුදු බත් (බාස්මතී වගේ) උණු උණුවේම කෑමට ගන්න
** රසා.....යී.....😋😋

බස්බූස්සා කියන්නේ ඊජිප්තු  ජාතිකයන්ගේ රසවත් අතුරු පසක්. නමුත් දැන් ලෝකේ බොහෝ රටවල්වල මෙම අතුරුපස හදනවා විශේෂයෙන්ම මේ දින...
26/03/2025

බස්බූස්සා කියන්නේ ඊජිප්තු ජාතිකයන්ගේ රසවත් අතුරු පසක්. නමුත් දැන් ලෝකේ බොහෝ රටවල්වල මෙම අතුරුපස හදනවා විශේෂයෙන්ම මේ දිනවල මුස්ලිම් ජාතිකයින්ගේ රාමදාන් උත්සව සමයයි. ඉතින් ඔවුන්ගේ කෑම මේසේ මෙම අතුරු පස වලට මුල් තැනක් ලැබෙනවා. මෙය හදාගන්න හරිම ලේසියි වැඩි දේවල් අවශ්‍ය වෙන්නෙත් නැහැ. එහෙනම් බලමු හදන විදිහ....😉

අවශ්‍ය දේවල්:
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
* සෙමෙලිනෝ කප්. - 1
* සීනි කප්. - 1/2
* බිත්තර - 2
* මේකින් සෝඩාක් තේ හැඳි - 1
* හොලිව් තෙල් කප්. - 1/2
* ගා ගත් පොල් කප් - 1/2
* වැනිලා එසන්ස් තේ හැඳි.- 1
* යෝගට් කප් - 1/2

**** සීනි සිරප් එක සඳහා.******
* සීනි කප්. - 1
* සරසා ගැනීමට කජු , ආමන් හෝ රට කජු වලින් කීපයක්.

සාදාගන්නා ආකාරය
======================
මුලින්ම අවන් එක 180°ට විනාඩි 20 ෆ්රීහීට් කර ගන්න.
ඉයින් පසු අවන් එකට සුදුසු ට්‍රේ එකක් ගෙන එහි බටර් හෝ තෙල් ටිකක් ගා ගන්න.
දැන් ගැඹුර භාජනයක් ගෙන පහළ කොටසේ සඳහන් සීනි කප් එක සහ ඔබ ගත් ඇට වර්ගය හැර අනිකුත් සියලුම දේවල් භාජනයට දමා හොඳින් මික්ස් කරගන්න. ඉන්පසු එය බේකින් ට්‍රේ එකට දාගන්න. දැන් කැමති ඇට වර්ගයකින් සරසා ගන්න. 180° වේ උෂ්ණත්වයේ විනාඩි 30 බේක් කර ගන්න.
*** ( අවන් එකෙන් අවන එකට පෝෂණත්වය වෙනස් වන බැවින් ඒ ගැන සැළකිරිමත්වන්න)
වෙනත් භාජනයක් ලිප තබා ඉතුරු සීනි කප් එක දමා දියකර බේක් කරගත් සෙමෙලිනෝ එක මත දා ගන්න රස්නෙපිටින්ම කෑලි කපා ගන්න. නිවුණු පසු කෑමට සුදුසුයි......
රසා......යී.....😋😋

flush the fat away vegetable soup-----------------------------සමහර සීත රටවල් වල  ජීවත් වන අය සීත කාලෙට බහුලව එක එක වර්ගය...
25/03/2025

flush the fat away vegetable soup
-----------------------------
සමහර සීත රටවල් වල ජීවත් වන අය සීත කාලෙට බහුලව එක එක වර්ගයේ සුප් වර්ග හදනවා. හැබැයි මට නම් සීතකාලෙද රස්නෙ කාලෙද අදාල නැහැ සුප් වර්ග වලට සහ කොළ කැඳවලට මම ආසයි. මේ සුප් එක ඩයට් කරන අයට මෙන්ම ශරීරයේ බර අඩු කරගන්න කැමති අයට ඉතාමත් හොඳයි, ඒ වගේම හරිම රසයි. හරිම ගුණයි....😋

අවශ්‍ය ද්‍රව්‍ය:
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
* ලොකු කැරට් අල. - 3
* ලොකු බතල අල. - 3
* නිවිති ග්‍රෑම් 150
* කළු කව්පි සහ රතු කව්පි ග්‍රෑම් 200×2 (400)
( මම නම් මේ සඳහා ගත්තේ ටින් කරපු ඇට වර්ග.මේවි සුපිරි වෙළඳසැල් වල තියෙනවා සාමාන්‍ය ඒවා ගන්නවනම් වෙන වෙනම හොඳට තම්බා ගන්න)
* අංගලක පමණ ඉගුරු කෑල්ලක්
* සුදුලූණු සම්පූර්ණ ලොකු ගෙඩියක්
* සාමාන්‍ය ප්‍රමාණයේ බීලූනු ගෙඩියක්
* හොඳින් ඉදුනු ලොකු තක්කලි ගෙඩි - 2
* වේලපු බේලියුස් කොල. - 3
* චිකන් ස්ටොක් මිලි ලීටර් - 10000
* මද රස්නේ පිරිසිදු වතුර මිල ලීටර් - 500
* ඔලිව් තෙල් මේ සැහැදි - 4
* රස අනුව ලුණුගම්මිරිස්

සාදාගන්න ආකාරය:
=========================
කැරට් පොතු ඉවත්කර පිරිසිදු කර සිහින් පෙති කපා ගන්න. බතල ටිකත් පොතු ඉවත් කර අඟලක ප්‍රමාණයේ කෑලි වලට කපා ගන්නා. නිවිති සෝදා පොඩියට කපාගන්න. තක්කාලිවල පොතු ඉවත්කර පොඩිවට කපාගන්න.( නටන උණු වතුරේ දමා විනාඩි පහක් වසා තබා ඉතා පහසුවෙන් ම තක්කාලි වල පොතු ඉවත් කර ගැනීමට පුළුවනි. ඉඟුරු සුදුලූණු සහලූණු සිහින්ම කපාගන්න. ඇට වර්ග වල වතුර ඉවත්කර ගන්න.

දැන් තරමක් ලොකු භාජනයක් ගෙන ලිපේ තියා රත් වූ පසු ඉඟුරු සුදුලූණු සහ ලුණු එක්ර සුවඳ එනතුරු බැදගන්න. ඉන්පසු එයට කැරට් එක එක්කර වතුර ටිකත් එක්ක විනාඩි දහයක් පමණ අඩු ගින්දරේ වසා තම්බාගන්න. දැන් ඇයට බතල ටික එක් කරන්න. බතල ටිකත් හොඳින් තැඹුනු පසු නිවිති සහ මස් වතුර ටික හැර අනිත් සියල්ල එක් කරන්න. අඩු ගින්දරේ හොඳින් පිසගන්න. අන්තිමට නිමවිති ටික දමා එයට චිකන් ස්ටොක් ටික එක් කරන්න රස අනුව ලුණු ගම්මිරිස් එක්කර කෑමට ගන්න වා කැමතිනම් මේ වෙලාවේ දෙහි බිංදු කීපයක් කිරීමෙන් තවත් රස වැඩිවේ. ටෝස් කරපු පාන් හෝ ගාලික් බ්‍රේඞ් එක්කත් රසයි. මම නම් කෑවේ ගාලික් බේඩ් එකික.
රසා.....යි.....😋😋

මම හිටපු ගමන් මගේ කෑම පොඩ්ඩක් පාලනය කරනවා. හැබැයි ඉතින් කොච්චර කොහොම පාලනය කළත්  ඇඟ නම් අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ම...
23/03/2025

මම හිටපු ගමන් මගේ කෑම පොඩ්ඩක් පාලනය කරනවා. හැබැයි ඉතින් කොච්චර කොහොම පාලනය කළත් ඇඟ නම් අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ මම හදාගත්ත දවල් කෑම එක.
හැබැයි ඉතින් හරිම රසයි. හරිම ගුණයි. පුංචිම පුංචි කාලයක් ඇතුලත හදාගන්නත් පුළුවන්. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. මීටබෝල් හදාගන්න අවශ්‍ය දේවල් සහ සාදාගන්න ආකාරය බලමු.

අවශ්‍ය දේවල්:
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
* අඹරා ගත් කුකුල් මස් ග්‍රෑම්. 300
* පාන් කුඩු ග්‍රෑම්. 10
* පොඩි බීලුණු ගෙඩි. 1
* අමුමිරිස් කරල් 2
* ගම්මිරිස් කුඩු මේස හැඳි. 1
* සුදුලූණු බික්. 2
* රස අනුව ලුණු කුඩු
* වැදගැනීමට කැමති තෙල් ටිකක්

සාදාගන්නා ආකාරය:
=====================
මුලින්ම භාජනයක් ගැන මස් ටික එකතු කරන්න. ලුණු අමුමිරිස් සහ සුදුලූණු පිරිසිදු කර සිහින්ව කපා එක් කරගන්න. ගම්මිරිස් සහ රසානුව ලුණු එක්කර හොඳින් කලවම් කර ගන්න. ඉන්පසු පාන් කුඩු ටිකත් එයටම එක්කර හොඳින් මික්සා කරන්න. දැන් බයිට් සයිස් පොඩි බෝල සාදා නම් ගැඹුරු තෙලේ හෝ ගැඹුරු තෙලේ හොඳින් වැදගන්න.

* තක්කාලි
* කැරට්
*ගර්කින්
* සලාද කොළ
සියල්ල පිරිසිදු කර සිහින්ව කපා ලුණු ගම්මිරිස් අශ්‍ය ප්‍රමාණයට එක්කර ඔලිව් තෙල් මේ සැහැදි 2,3 එක්කර රසවත් සලාදයක් සාදාගන්න.
ඊට අමතරව
* ස්ටෝබෙරි
* බ්ලූබෙරි
* මිදී
* චෙරි ටොමෑටෝ. එක් කර රස විඳින්න.
රසා...යී....😋😋😋

ඔන්න මම තේ බොන වෙලාවට දඩිබිඩි ගාලා විනාඩි 45ක් ඇතුළත හදන බනානා බ්‍රේඩ  එක . මේක හදන්න හරීම ලේසියි ඒ වගේම වැඩි දේවල් වශ්‍...
23/03/2025

ඔන්න මම තේ බොන වෙලාවට දඩිබිඩි ගාලා විනාඩි 45ක් ඇතුළත හදන බනානා බ්‍රේඩ එක . මේක හදන්න හරීම ලේසියි ඒ වගේම වැඩි දේවල් වශ්‍ය වෙන්නෙත් නැහැ. එහෙනම් අපි බලමු වශ්‍ය දේවල් සහ සාදාගන්න ආකාර.

අවශ්‍ය දේවල්:
°°°°°°°°°°°°°°°°°°°°°°°°
* හොඳටම ඉඳුණු ලොකු ප්‍රමානයේ කෙසෙල් ගෙඩි 3,4
* බිත්තර 2
* ඔලිව් තෙල් හෝ ඕනෑම තෙල් වර්ගයකින් තෙල් කප් 1/2
* සීනි කාප් 1/4
* බේකින් සෝඩා තේ හැඳි 1 1/2
* බේකින් පව්ඩර් තේ හැඳි 1 1/2
* සරසා ගැනීමට වශ්‍ය නම් මුද්දරප්පලම් ටිකක්
* ප්‍රෙස් කිරි 10 ml
* පාන් පිටි කප්. 2

සාදා ගන්නා ආකාරය:
==========================
මුලින්ම අවන් එක 180° විනාඩි විස්සක් ෆ්රීහීට් කර ගන්න.
දැන් භාජනයක් ගෙන කෙසෙල් ගෙඩි ටික පොතු ඉවත් කර එයට දමා හොඳින්ම මෑශ් කරගන්න. ඉන්පසු එයට බිත්තර දෙක එක් කරන්න. ඔබ ගත් තෙල් ටිකක් එක්කර හොඳින් මික්ස් කරගන්න. දැන් සීනි , බේකින් සෝඩා සහ බේකින් පව්ඩර් එකතු කර හොඳින් මික්ස් කරන්න. මේ සමගම කිරි ටිකත් එකතු කරන්න අවසාන වශයෙන් පාන්පිටි එක් කර කලවම් කර ගන්න
පාන් සාදාගන්නා බ්‍රේකින් ට්‍රේ එකට දමා ඒ මත මුද්දරප්පලම් ටික අතුරාගෙන 180° විනාඩි 30ක් පමණ බේක් කරගන්න.
(අවන් එකෙන් අවන් එකට කාලය වෙනස් වන බැවින් සැලකිලිමත් වන්න)
රසා.......යී.....😋😋

Address

Dubai

Website

Alerts

Be the first to know and let us send you an email when Food Story by Subha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Food Story by Subha:

Share

Category