SL mom in UAE

SL mom in UAE Sri Lankan mom living in UAE / cooking / baby / simple happy life / handmade with love �
(1)

ජීවිතේ සමහර තැන්වලදී...අපිට හිතෙනවා...කාලය පස්සට දුවලා ගිහින්....හිත ගොඩක් රිදවපු...කඳුළු වක්කරපු....ඒ නරක මතකයන්....හැම...
05/10/2026

ජීවිතේ සමහර තැන්වලදී...
අපිට හිතෙනවා...
කාලය පස්සට දුවලා ගිහින්....
හිත ගොඩක් රිදවපු...
කඳුළු වක්කරපු....
ඒ නරක මතකයන්....
හැමදාටම...
මකලා දාලා එන්න තිබුණා නම් කියලා...

ඒත්...
මකන්න බැරි ඒ...
පාළු මතකයන් තමයි...
අද අපිව මෙච්චර හයිය කලේ...

ආයෙත් පාරක නොවැටී යන්නེ..
අපේ ඇස් ඇරෙව්වේ...
ඒ රිදුණු මතකයන්ම තමයි....

මකලා දාන්න බැරි වුණත්....
ඒ මතකයන් අස්සෙන්....
අපි අද ගොඩක් වෙනස් වෙලා....
ගොඩක් හයිය වෙලා....

කොච්චර හිත පිච්චුනත්.....
ඒක අමතක කරලා දාන්න පුලුවන් ....
එකම හේතුව එච්චරයි ....

✍කෂූ

ජීවිතේ ලැබෙන හැම රිදවීමක්ම...අපිට ලස්සන පාඩම් කියලා දෙන්නේ නෑ...සමහර රිදවීම් තියෙනවා...ඒවා හිත අස්සේ තියලා යන්නේ...කවදාව...
05/10/2026

ජීවිතේ ලැබෙන හැම රිදවීමක්ම...
අපිට ලස්සන පාඩම් කියලා දෙන්නේ නෑ...

සමහර රිදවීම් තියෙනවා...
ඒවා හිත අස්සේ තියලා යන්නේ...
කවදාවත් නොමැකෙන...
ලොකු තුවාලයක් විතරයි....

ඒත්...
ඒ රිදවීම්....
ඒ තුවාල පාරවල් අස්සේ....
අපි තනියම අඬලා...
තනියම නැගිටලා....
කාටවත් නොපෙනෙන්න...
තනියම හයිය වුණා....

කවුරුත් හිටියේ නැති.....
පාළු මොහොතවලදී පවා....
නොවැටී ඉන්න අපි පුරුදු වුණා....

පාඩම් ඉගෙන නොගත්තත්...
ඒ වේදනාවන් විසින්....
අපව කිසිදාක නොවැටෙන....
ශක්තිමත් චරිතයක් බවට පත් කළා....

✍කෂූ

දවස පුරාම වාහන එක්ක සෙල්ලං කරලා....අන්තිමට නිදාගන්න ගියත්...තමන්ගේ favourite වාහනේ නැතුව බෑ....😂                        ...
05/10/2026

දවස පුරාම වාහන එක්ක සෙල්ලං කරලා....
අන්තිමට නිදාගන්න ගියත්...
තමන්ගේ favourite වාහනේ නැතුව බෑ....😂

අම්මා කෙනෙක්ට දරුවන් කෙරෙහි වචනවලින් කියන්න බැරි තරම් ලොකු ආත්මීය බැඳීමක් සහ කැපකිරීම් සමුදායක් තියෙනවා...වෙන කිසිම බැඳී...
05/10/2026

අම්මා කෙනෙක්ට දරුවන් කෙරෙහි වචනවලින් කියන්න බැරි තරම් ලොකු ආත්මීය බැඳීමක් සහ කැපකිරීම් සමුදායක් තියෙනවා...

වෙන කිසිම බැඳීමක නැති තරම් ලොකු හදවතේ සබඳතාවයක් අම්මා කෙනෙක් සහ දරුවෙක් අතර තියෙනවා...
මාස නවයක් තිස්සේ තමන්ගේම ලෙයින්, හුස්මෙන් සහ ශරීරයේ පෝෂණයෙන් ඒ පුංචි ජීවිතය වෙනුවෙන් තමන්ගේ සිරුර පවා වෙනස් කරගනිමින් දරුවෙකුව ලෝකයට අරන් එන්නේ අම්මා කෙනෙක්....

ලෝකයේ අනිත් ඕනෑම සම්බන්ධතාවයක යම් යම් බලාපොරොත්තු, කොන්දේසි හෝ හුවමාරු කිරීම් තියෙන්න පුළුවන්....
හැබැයි අම්මා කෙනෙක් දරුවෙකුට ආදරය කරන්නේ කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි....
දරුවා මොන වගේ කෙනෙක් වුණත්, ඒ ආදරය අබමල් රේණුවකින්වත් අඩු වෙන්නේ නැහැ.....

අම්මෙක්ට පුලුවන් තමන්ව අමතක කරලා දරුවා වෙනුවෙන් ජීවත් වෙන්න....
දරුවෙක් ඉපදුණු මොහොතේ ඉඳන් අම්මා කෙනෙකුගේ මුළු ලෝකයම, ඇගේ සිහින, ප්‍රමුඛතාවයන් සහ ආසාවන් හැමදේම "මගේ දරුවා වෙනුවෙන්" කියන තැනට නිකන්ම මාරු වෙනවා.....
තමන්ගේ නින්ද, විවේකය, සෞඛ්‍යය පවා දෙවෙනි තැනට දාලා දරුවාගේ සිනහව වෙනුවෙන් කැපවෙද්දී, ඒ දරුවා ඇගේ මුළු ජීවිතයේම නියම වටිනාකම බවට පත්වෙනවා....

දරුවා වෙනුවෙන් ඕනෑම අභියෝගයකට, ඕනෑම කුණාටුවකට තනියම මුහුණ දෙන්න අම්මා කෙනෙකුට ලැබෙන ඒ අසීමිත ශක්තිය එන්නේ ඒ දරුවා කෙරෙහි තියෙන අනන්ත වූ ආදරය නිසයි.....

තමන්ගේ ජීවිතයටත් වඩා වැඩියෙන් වෙනත් කෙනෙකුට ආදරය කරන්න පුළුවන් එකම කෙනා අම්මා විතරයි....

අන්න ඒ නිසයි අම්මා කෙනෙක්ට මේ මුළු ලෝකයේම තියෙන වටිනාම සහ උතුම්ම සම්පත තමන්ගේ දරුවා වෙන්නේ....

✍කෂූ

# MotherhoodUnfiltered

ගෙදර කොච්චර ලොකු අය හිටියත්...සාලේ, ලොකු පුටුවල වාඩි වෙලා....සැරට නීති දාන අය හිටියත්....අන්තිමට ඒ හැම නීතියක්ම....තප්පර...
04/10/2026

ගෙදර කොච්චර ලොකු අය හිටියත්...
සාලේ, ලොකු පුටුවල වාඩි වෙලා....
සැරට නීති දාන අය හිටියත්....
අන්තිමට ඒ හැම නීතියක්ම....
තප්පරයෙන් වෙනස් වෙන්නේ....
අපේ ගෙදර ඉන්න....
මේ පුංචි ජීවියා ඉස්සරහා....

එයා හදන නීතිවලට....
වෙලාවක් නෑ...

වෙලාවට කෑම නෑ....
වෙලාවට නින්ද නෑ...
එයා කියන වෙලාවට තමයි....
සෙල්ලම් කරන්න ඕනේ....
එයා කියන සිංදුව තමයි....
ඔක්කොම බලන්න ඕනී....

කාටවත් යටත් නැති....
ලොකු ලොකු අයටත් සැර දාන....
අපේ ගෙදර "පුංචි අණදෙන නිලධාරියා"...

අන්තිමේදී හැමෝගේම හදවත්...
ආදරෙන් දිනාගන්නේ....
එයාගේ ඒ ලස්සනම ලස්සන.....
හිනාවෙන් විතරයි.....

✍කෂූ

ඔයාලගේ ගෙදරත් නීති වෙනස් කරන පුංචි පාලකයෙක් ඉන්නවද...?


අපි කොච්චර සාධනීයව හිතන්න හැදුවත්, සමහර තුවාල, සමහර අසාධාරණකම්, නැත්නම් සමහර සිදුවීම් අපේ ජීවිතවලට අරන් ආවේ වේදනාව, පසුත...
04/10/2026

අපි කොච්චර සාධනීයව හිතන්න හැදුවත්, සමහර තුවාල, සමහර අසාධාරණකම්, නැත්නම් සමහර සිදුවීම් අපේ ජීවිතවලට අරන් ආවේ වේදනාව, පසුතැවීම සහ නැතිවීම් විතරයි.....

ඒ දේවල් දිහා බලලා "ඒකෙන් මට හොඳක් වුණා" කියලා බොරුවට හිත රවටගන්න එක හරිම අමාරුයි... ඒ වගේම ඒක කරන්න ඕනෙත් නෑ....

සිදුවුණු හැම නරක දේකටම පස්සේ "හොඳක්" තියෙනවාමයි කියලා බලෙන් හිතන්න යන්න ඕනී නෑ....

සමහර දේවල් නිකන්ම නිකන් අසාධාරණයි, නරකයි, රිදෙනවා.....
ඒ රිදීම, ඒ කේන්තිය හෝ කනගාටුව තමන්ට දැනෙන්න ඉඩ හරින්න ඕනී....
ඒක මනුස්ස ස්වභාවය....

හැම සිදුවීමකින්ම මහා ලොකු පාඩමක් ඉගෙනගන්න ඕනේ කියලා නියමයක් නෑ.....

සමහර දේවල් අපේ වැරද්දක් නැතුවම සිද්ධ වෙනවා....

ඒ දේවල්වලින් හොඳක් නොවුණත්, ඒ අමාරු කාලය දරාගෙන ඉස්සරහට ආපු එකෙන්ම පෙනෙන්නේ අපේ තියෙන නිහඬ ශක්තියයි.....

"හැමදේම වුණේ හොඳට" කියන වචන පඩිය අස්සේ තමන්ගේ රිදීම හංගන්නේ නැතුව,
"ඒ වුණු දේ මට හරිම රිදුණා, ඒකෙන් මට කිසිම හොඳක් වුණේ නෑ... හැබැයි මම ඒකත් එක්ක ඉස්සරහට යනවා" කියලා හිතන එක හිතට වඩා නිදහසක්.....

සමහර අතීත සිදුවීම් ලස්සන කරන්න බැහැ....

හැබැයි ඒ නරක සිදුවීම්වලට තමන්ගේ අනාගතයේ තියෙන ලස්සන සහ සැනසීම නැති කරන්න ඉඩ නොදී ඉන්න අපිට පුළුවන්...

✍කෂූ


කෝ හැන්ඩි පුතාලා ඉන්න ලස්සන අම්මලා.....?පුංචි කොලු පැටියා කරන...කෝලං, විහිළු, ලස්සන දඟවැඩ අස්සේ...අම්මා කෙනෙකුට දැනෙන......
03/10/2026

කෝ හැන්ඩි පුතාලා ඉන්න ලස්සන අම්මලා.....?

පුංචි කොලු පැටියා කරන...
කෝලං, විහිළු, ලස්සන දඟවැඩ අස්සේ...
අම්මා කෙනෙකුට දැනෙන....
මහන්සියේ නිමාවක් නෑ....

ඒත්....
එයාගේ පුංචි අත් දෙකෙන්....
අම්මාගේ මූණ අල්ලලා....
හාදුවක් දෙද්දී....
"මගේ අම්මා ලස්සනයි" කියද්දී....
ඒ සිතුවිල්ලෙන්ම අම්මාගේ මූණට එන්නේ....
ලෝකෙම තියෙන ලස්සනම හිනාව...

අන්න ඒ ආදරෙයි....
සතුටයි නිසයි.....
හැන්ඩි පුතෙක් ඉන්න අම්මා කෙනෙක්....
දවසින් දවස තවත් ලස්සන වෙන්නේ.....

කෝ බලන්න...
මේ ලස්සන ආදරේ විඳින....
හැන්ඩි පුතාලගේ ලස්සන අම්මලා....

තමන්ගේ ලස්සන චූටි පුතාව comment එකකින් මතක් කරගෙන යමුද?

✍කෂූ

පුංචි ඇස් දෙකෙන් බලලා...මගේ මුළු හදවතම වශී කරගත්තු...හැම මොහොතකම ලස්සන හිනාවකින්....මගේ පාළු ලෝකය එළිය කරපු...පුංචි මායා...
03/10/2026

පුංචි ඇස් දෙකෙන් බලලා...
මගේ මුළු හදවතම වශී කරගත්තු...
හැම මොහොතකම ලස්සන හිනාවකින්....
මගේ පාළු ලෝකය එළිය කරපු...
පුංචි මායාකාරයා...

පුංචි අඩි පාරවල් අස්සේ...
ගොත ගහන මිහිරි වචන අස්සේ....
මගේ මහන්සිය හැමදේම....
දියවෙලා යනවා.....

ලෝකෙට තවත් එක....
පුංචි පිරිමි ළමයෙක් විතරක් වෙද්දී...
මට නම් එයා...
මගේ මුළු ලෝකයම ආක්‍රමණය කරපු....
මගේ හදවතේ රජ කරන....
මගේම පුංචි රජ කුමාරයා.....

✍කෂූ

ලෝකයට ඕනෑම පාටක්...ඕනෑම හැඩයක්...වටිනවා වෙන්න පුළුවන්...ඒත් අම්මා කෙනෙකුට...තමන්ගේ දරු පැටියා තරම්....ලස්සන...වටිනා තවත්...
03/10/2026

ලෝකයට ඕනෑම පාටක්...
ඕනෑම හැඩයක්...
වටිනවා වෙන්න පුළුවන්...

ඒත් අම්මා කෙනෙකුට...
තමන්ගේ දරු පැටියා තරම්....
ලස්සන...
වටිනා තවත් දෙයක්....
මේ මුළු විශ්වයේම නෑ.....

සුදු වුණත්...
කළු වුණත්....
ඒ පුංචි මූණේ තියෙන හිනාව....
අම්මාගේ මුළු ලෝකයම....
එළිය කරනවා.....

ලෝකයා මොනවා කිව්වත්...
ඒ පුංචි හදවතේ ගැහෙන හුස්ම...
අම්මට....
මහ මෙරකටත් වඩා වටිනවා...

තමන්ගේ ලෙයින් උපන්...
පපුවට ලං කරගත්....
ඒ පුංචි රත්තරන් පැටියා...
හැමදාමත්....
ඒ අම්මාගේ ලෝකයේ...
එකම රජ පැටියා තමයි....

✍කෂූ
#බබා

හැමෝම...තමන්ගේම ළමයින්ට විතරක්...ආදරේ කරද්දී...ලෙයින් නෑදෑකමක් නැති...වෙන කෙනෙක්ගේ පුංචි එකෙකුගේ...සාර්ථකත්වය දැකලා....ඇ...
03/10/2026

හැමෝම...
තමන්ගේම ළමයින්ට විතරක්...
ආදරේ කරද්දී...
ලෙයින් නෑදෑකමක් නැති...
වෙන කෙනෙක්ගේ පුංචි එකෙකුගේ...
සාර්ථකත්වය දැකලා....
ඇසට කඳුලක් උනන්නේ...
ආදරණීය හදවතකටයි....

තමන්ගේ නොවන දරුවෙක්ගේ....
දුකකදී අනුකම්පා කරලා....
වැරදිද්දී ආදරෙන් මඟපෙන්වලා....
අනාගතය ලස්සන කරන්න....
තමන්ගේ කාලය....
ශ්‍රමය කැපකරන්නේ...
ඒ උතුම් හදවත් විතරයි.....

ඔව්...
ලෙයින් නොවුණත්....
පපුවෙන් අම්මෙක්....
තාත්තෙක් වෙලා....
අනුන්ගේ දරුවන්ටත්....
තමන්ගේ වගේ....
ආදරේ කරන්න පුළුවන්...

උතුම් ගුරුපියවරුන්ට.....
ගුරුමව්වරුන්ට විතරමයි.....

✍කෂූ

Address

UAE
Dubai

Website

Alerts

Be the first to know and let us send you an email when SL mom in UAE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SL mom in UAE:

Shortcuts

Share