05/10/2025
විශ්මිත ගුණ දෙන කළු දුරු ගැන දන්නවා ද ?
කළුදුරු කියන්නේ රෝග රැසකට ගුණ දෙන ප්‍රතිශක්තිජනක මහඟු ඖෂධයකි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව වසර දෙදහසකට අධික කාලයක සිට විවිධ ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා කළුදුරු භාවිත කරනවා.
කළුදුරු ඉන්දියානු ආයුර්වේදයේ යුනානි වෛද්‍ය ක්‍රමයේ මෙන්ම අරාබි වෛද්‍ය ක්‍රමයේත් භාවිත කරනවා. කළුදුරුවල ස්වාභාවික සංයෝග රැසක් අඩංගු වී තිබෙන හෙයින් රෝග රැසකට ගුණයි.
සාමාන්‍යයෙන් මුස්ලිම් ගෙවල්වල නම් කළුදුරු කිව්වම ඊට වැඩිය බෙහෙතක් නැති තරම්. මොකද නබි සල් තුමාගේ දේශනා වල කළුදුරු වලට කිව්වෙ මරණය හැර අනිත් හැම ලෙඩකට කළුදුරු හොඳයි කියලලු.
කළුදුරු වල ගුණ
ලියුකේමියා රෝගය, මහා බඩවැලේ ඇතිවන පිළිකාව, මොළයේ පිළිකාව, පියයුරු පිළිකාව, මුඛ පිළිකාව,හදවත් රෝග සුව කරයි.
කොලෙස්ටරෝල් අඩුකරගැනිමට ,සීනි මට්ටම අඩු කරයි.
රුධිර පීඩනය අඩු කරයි,අර්ශස් සුව කරයි,පෙනහළු ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි,ගැස්ට්‍රයිටිස් නැති කරයි,පණු අමාරුව සුව කරයි
පාචනය ගුණදායකයි,මලබද්ධය සුව කරයි.
උදරාබාධා වලට ගුණයි.
අජීර්ණය ගැටළු වලට ,හිසේ කැක්කුමට,දත් කැක්කුමට සහ
රූපලාවන්‍ය කටයුතු වලට වගෙම තවත් බෝහෝ දේවල් වලට ගුනයි,
කළුදුරු සතුව පවතින්නේ විශ්මිත වූ රෝග සුව කිරීමේ බලයක්. කළුදුරු වල ස්වභාවික සංයෝග රැසක් අඩංගු වී තිබෙන නිසා ලෙඩ රෝග බොහොමයකට ගුණ සලසනවා. ඒ නිසා ලොව පුරා කළුදුරු ආශ්‍රයෙන් සකසන බෙහෙත් වර්ග රාශියක් තිබෙනවා.
භාවිතායට ගන්නේ කොහොමද?
සතියකට 3-4 පාරක් උදේට හිස් බඩ ඇඟිලි දෙකට අහුවෙන් ප්‍රමාණයක් අරගෙන කටේ දාලා පවුඩර් වෙන්න හපල උණුවතුර උගුරු තුනක් බොන්න.
කලුදුරු තේ පානයක් ලෙසද අපගේ දිනපතා ආහාර වේලට එක් කරගත හැක. එමෙන්ම කලුදුරු එක්කළ බත් වර්ග, බනිස් වර්ග සහ පාන් වර්ග ද ඇත. කලුදුරු තේ හැඳි භාගයක් කුඩා වංගෙඩියක කොටා මී පැණි මේස හැන්දක් එක්කොට කලවම් කර ආහාරයට ගත හැක. සිරුරේ ප්‍රතිශක්තිය ඉහළ නංවා එදිනෙදා ජීවිතයේ ඇතිවන මහන්සිය සහ සිරුරේ වේදනාව අවම කර ගත හැක. තවද කාන්තාවන්ගේ මාසික ඔසප් වේදනාවට මී පැණි සහ කලුදුරු එකට කලවම් කර පානයට ගත හැක. අධික වේදනාව අවම වේ.