Amaya's Charms

Amaya's Charms 🌿 Slow Living & Cottage Garden
📸 Food Photography
🌸 Flowers • Food • Family Life
📍 Adelaide, South Australia
✨ Finding joy in simple moments
(1)

10/10/2026

අද උදේ හොදින් අව්ව වැටිලා තිබ්බ දවසක්. කිරිබත් එකට අපුරුවට හෙවණැල්ලක් වැටෙනවා දැක්කම වීඩියෝ කරන්න හිතුනා.
ඊට පස්සේ හදාගත්තේ Orange Mocca Coffee එකක්. Chocolate එක නම් ගත්තේ ගෙදරදී කන්න කියලා. ඒත් orange සහ chocolate කියන්නේ හොදට පෑහෙන දෙන්නෙක් නිසා මට ඒකෙන් coffee එකක් හදන්න හිතුනා.
ඇත්තටම ගොඩ කාලෙකින් හදා ගත්ත පුදුම රස coffee එකක්. Chocolate එකේ පැණි රස නිසා සීනි දැම්මෙ නෑ. ඉතින් ඔන්න ඔහොමයි උදේ වරුව ගෙවුනේ...

ඔන්න ඉතින් පුතා කිව්වා "අම්මා කාලෙකින් biscoff cheesecake එකක් හැදුවේ නෑනේ, හදනවද" කියලා. ඉතින් තඩි එකක් හදලා කනවට වඩා හ...
09/10/2026

ඔන්න ඉතින් පුතා කිව්වා "අම්මා කාලෙකින් biscoff cheesecake එකක් හැදුවේ නෑනේ, හදනවද" කියලා. ඉතින් තඩි එකක් හදලා කනවට වඩා හොදයි සහ ලස්සනයි නේ නිසා මේ වගේ පොඩි containers වලට mini biscoff cheesecake ටිකක් හැදුවා. ඉතින් මේවා ලස්සනට ආව නිසා පොඩි photoshoot එකකුත් කරා. ඉතින් කට්ටියම ආසාවෙන් කෑවා. මේ පිංතූර ටික මගේ instagram එකේ මම post කරේ biscoff වත් tag කරලා. අනේ අපරාදෙ කියන්න බෑ ඒක දැකලා එයාලත් මට comment එකක් දාලා තිබ්බා..
ඉතින් කියන්න බලන්න මගේ biscoff cheesecake shoot එක ගැන.. ❤️🥮

මේ දවස් වල ඉස්කෝලෙ නිවාඩු නිසා මමයි පුතායි දෙන්නම city එකේ රවුමක් ගැහුවා. අපි දෙන්නා අද බස් එකේ ගියේ. City එකෙන් බැහැලා ...
07/10/2026

මේ දවස් වල ඉස්කෝලෙ නිවාඩු නිසා මමයි පුතායි දෙන්නම city එකේ රවුමක් ගැහුවා. අපි දෙන්නා අද බස් එකේ ගියේ. City එකෙන් බැහැලා චූටි කෝපි කඩයකින් මම mocca එකක් බිව්වා. පුතාට නම් bubble tea එකක් ඕනි කිව්වේ. ඉතින් ඒකත් බොන ගමන් city එකේ තියන Dymocks සහ QBD කියන bookshops දෙකේම ඇති වෙනකන් කොල්ලා ඉදලා පොත් දෙකකුත් අරන් තමා ආවෙ. එන්න කලින් sushi ටිකකුත් අරන් අපි දෙන්නා බංකුවක ඉදන් කාලා ආයෙම බස් එකේ නැගලා ආවා..
සමහර දවස් තියනවා ලොකු දේවල් ඕනි නෑ.. පොඩි දෙයක් කරාම ඇති ඒ තියන බැදීම් වැඩි දියුණු වෙන්න.
යමින් එමින් ගමන් මායි පුතායි කතා කරද්දිම මට තේරුනා මේ ගෙවන පැය කීපය අපි අතර තියන බැදීමට කොච්චර වටිනාකමක් එකතු කරාද කියලා..
ඉතින් මේ තියෙන්නෙ අපේ date outing එකේ පිංතූර කීපයක්.. ❤️

06/10/2026

සතියේ දවසක රෑට වැඩ අතරේ ඉක්මනින් හදාගන්න පුළුවන් රසම රස weeknight dinner එකක් 🥢🍚

අද මම පාවිච්චි කළේ Lee K*m Kee Mongolian Lamb seasoning packet එකක්. එළවළු ගොඩක් එක්ක lamb එක හදාගෙන, සුවද jasmine rice එක්ක තමා කෑවේ.
පුතා නම් කිව්වා "අම්මා මේක restaurant quality” කියලා.. 🙊

අඩු වෙලාවකින්, ලොකු මහන්සියක් නැතුව හදාගත්තත් රසයෙන් නම් අඩුවක් තිබුණේ නෑ.😋❤️

Busy දවසකට මෙහෙම ලේසි dinner එකක් තමයි ඕනේ!

05/10/2026

මේ photo එක ගන්න නම්… attempts මිලියනයක් විතර කරන්න වුණා කිව්වොත් වැරදි නැහැ! 😅💨📸

Artificial light එකක්වත්, ලොකු setup එකක්වත් නැතුව, මට තියෙන minimal photography gear ටිකෙන්ම natural light එක්ක experiment කරලා අන්තිමේදී මම හිතපු shot එක capture කරගන්න පුළුවන් වුණා.

සමහර වෙලාවට photography කියන්නේ තියෙන දේවල්වලින් කොහොමද හොඳම result එකක් ගන්නෙ කියලා අත්හදා බලන එක. 🤍

මේක තමයි ඒ smoke shot එක ගන්න ගියපු පුංචි BTS එක. 📸✨

04/10/2026

ඉරිදා උදේවල් කියන්නේ ටිකක් හෙමින් ජීවත් වෙන්න ලැබෙන ලස්සන වෙලාවක් 🤍🌿

අද උදේ ජනෙල් තිර ඇරලා බලද්දි වසන්තයත් එක්ක මගේ පුංචි ගෙවත්තත් හරිම ලස්සනට අවදි වෙලා තිබුණා. 🌸🌱

සරල scrambled egg toast එකක්, brown sugar cinnamon cloud iced coffee එකක්… ☕️🍳
ඊට පස්සේ උදේ හිරු එළියේ ගෙවත්ත දිහා බලාගෙන ටික වෙලාවක් නිහඬව ඉන්න එක.

හැම ඉරිදාවක්ම ලොකු දේවල් කරන්න ඕනෙ නෑ.
සමහර වෙලාවට මේ වගේ පුංචි දේවල් තමයි අපේ දවස ලස්සන කරන්නේ. 🤎

ඔයාලගේ Sunday morning එක කොහොමද ගෙවුණේ? 🌿

අද සෙනසුරාදා උදේ අපි තුන්දෙනා පොඩි වෙනසකටත් එක්ක උදේට කන්න cafe එකකට ගියා. චූටි පොදයක් වැටෙන වලාකුළු වලින් බර දවසක් අද.....
03/10/2026

අද සෙනසුරාදා උදේ අපි තුන්දෙනා පොඩි වෙනසකටත් එක්ක උදේට කන්න cafe එකකට ගියා. චූටි පොදයක් වැටෙන වලාකුළු වලින් බර දවසක් අද..
අපි ගියේ Bottega Bandito කියන cafe එකට.
එතන pastries රසය් කියලා තමා තිබ්බේ. ඇත්තටම මාර රසයි.
අපි තුන් දෙනා ජාති තුනකින් pastires අරන් try කරා. මම chocolate crossaint එක, පුතා laminton jam chocolate crossaint එක සහ husband, almond crossaint එකක් ගත්තේ.
ඉතින් ඊට පස්සේ මම matcha latte එකක් සහ husband එයාට cappuccino එකක් අරන් පුතාට hot chocolate එකක් ගත්තා.
ඒවා කාලා බීලා ඊට පස්සේ පොඩ්ඩක් ඇවිදලා තමා අද ගෙදර ආවෙ..
ඔන්න ඔහොමයි අද සෙනසුරාදා උදේ ගෙවුනේ..

02/10/2026

Shepherd's Pie 🥧
ඊයෙ රෑට කන්න හදාගත්තේ ඕන් ඕක තමා. Pie filling එක හදාගෙන උඩට mash potatoes දාලා bake කරලා ගන්න එකට තමා මේ Shepherd's Pie එක කියන්නෙ.
හදාගන්නෙ මෙහෙමයි-
කැමති minced meat එකක් ලිපේ තියලා පොඩ්ඩක් ඉවෙන්න දෙන්න. දැන් හීනියට ලියපු සුදු ලූනු, ලූනු ටිකක් දාලා කැරට් කොටු කපලා, සෙලරි තියනවානම් දාලා, tomato paste, thyme, basil වගේ italian herbs ටිකක්, Worcestershire Sauce ඇබිත්තක් දාලා, stock කැටයක් එක්ක, ලුනු, ගම්මිරිස් දාලා වතුර ටිකක් දාලා ඉවෙන්න තියන්න.
ඒ අතරේ අල තම්බලා පොඩි කරගෙන බටර් ටිකක්, cream, parmesan cheese, ලුනු, ගම්මිරිස් දාලා හොදට ක්‍රීම් එකක් වගේ වෙන්න හදාගන්න.
දැන් baking dish එකකට අර meat mix එක දාලා උඩින් mash potatoes ටික දාලා, තව ඕනි නම් චීස් ටිකකුත් දාලා oven එකේ bake කරලා කන්න තියෙන්නෙ. පුතා නම් දෙපාරක් බෙදාගෙන කෑවෙ.. 🙊

Happy International Coffee Day ☕️කෝපි කියන්නේ මට නම් බීමක් විතරක් නෙවෙයි…ටිකක් නතර වෙලා, හුස්මක් අරගෙන, මගේම මොහොතක් විඳ...
01/10/2026

Happy International Coffee Day ☕️

කෝපි කියන්නේ මට නම් බීමක් විතරක් නෙවෙයි…
ටිකක් නතර වෙලා, හුස්මක් අරගෙන, මගේම මොහොතක් විඳින පුංචි විරාමයක්. 🤎

සුභ ජාත්‍යන්තර කෝපි දිනයක්! ☕✨
ඔයාගේ අද කෝපි එක කොහොමද?

උදේ හිරු එළිය එක්ක ලස්සනට දිලිසෙන iced coffee එකක්… ☕️🧊☀️🤎මට නම් උදේ coffee එකේ රසයට වගේම, ඒක ළඟට වැටෙන උදේ හිරු එළියටත්...
30/09/2026

උදේ හිරු එළිය එක්ක ලස්සනට දිලිසෙන iced coffee එකක්… ☕️🧊☀️🤎

මට නම් උදේ coffee එකේ රසයට වගේම, ඒක ළඟට වැටෙන උදේ හිරු එළියටත් හරිම ආදරෙයි. 🥹✨
ඒ light එකට glass එකත්, ice ටිකත්, Biscoff biscuit එකත් එකතු වුණාම… photo එකක් නොගෙන ඉන්න පුළුවන්ද? 😂📸

පුංචි coffee moment එකක්, ටිකක් morning light එකක්, Biscoff එකක්…
උදේ සතුටට සමහර වෙලාවට ඕනෙ එච්චරයි. 🤎

Address

Adelaide, SA

Website

Alerts

Be the first to know and let us send you an email when Amaya's Charms posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share