02/09/2026
මගේ Solo Café Date Series එකේ පළමු නවතැන…
කාලෙකට පස්සේ අද මම cafe එකකට ගියා ..🤎
අද මගේ ගමනාන්තය වුණේ Prospect වල තියෙන Café Komodo.
පුංචි lane එකකින් ඇතුළට ගියාම හම්බවෙන මේ café එක මට නම් හරිම වෙනස් අත්දැකීමක් වුණා. ✨
Rustic, retro look එකක් තියෙන, ටිකක් පරණ කාලෙක café එකකට ගියා වගේ හිතෙන, නිස්කලංක vibe එකක් තිබුණා. 🪑☕️
මම අද orange syrup cake එකක් එක්ක moka එකක් order කරගෙන, phone එකෙන් මගේ විදිහට photos ටිකක් අරගෙන, හෙමින් coffee එක රස විඳගෙන මගේම company එක enjoy කළා. 📷🤎
ඇත්තටම අපි හැමදාම කාටහරි එක්ක coffee එකක් බොන්න යන්නම ඕනේ නෑ නේද?
සමහර වෙලාවට තනියම café එකක වාඩි වෙලා, phone එක පැත්තකින් තියලා, coffee එකක් රස විඳගෙන, අපිටම ටික වෙලාවක් දෙන්නත් ඕනේ. 🌿
ඒ නිසා අද ඉඳන් මම මගේ “Solo Café Date” series එක පටන් ගන්නවා. ☕️📷
Adelaide වටේ තියෙන ලස්සන cafés හොයාගෙන, ඒවායේ food, coffee, atmosphere සහ මට දැනෙන ඒ පුංචි moments මගේ photography එක්ක ඔයාලත් එක්ක බෙදාගන්නයි මගේ අදහස. 🤎
ඔයාලත් තනියම café එකකට ගිහින් මේ වගේ me time එකක් enjoy කරලා තියෙනවද? ☕️
මට කියන්න… ඔයාලගේ favourite café එකත් comment එකක දාන්න. 👇✨
📍 Café Komodo, Prospect