Iro’s Diary

Iro’s Diary Hi everyone ❤️
Iro’s Diary page එකට ඔයාලව ආදරෙන් පිළිවන්නවා 💐

Cooking, Lifestyle, Baby food & Mom Life විස්තර බෙදාගන්න එකතු වෙන්න මාත් එක්ක 🥰
(5)

AUD 10ක ආදායමක් ගත්ත සතුට අනේ මේ 😌😁මේ මීට අවුරුද්දකට කලින්.. අද මේ photo එක phone එකේ memory එකක් විදිහට ඇවිල්ලා තිබ්බා....
03/09/2026

AUD 10ක ආදායමක් ගත්ත සතුට අනේ මේ 😌😁

මේ මීට අවුරුද්දකට කලින්.. අද මේ photo එක phone එකේ memory එකක් විදිහට ඇවිල්ලා තිබ්බා.. ඒ වෙලේ තමා හිතුනෙ අනේ මං දැන් මේ වැඩේ කරන්නෙ නෑනේ, අපරාදෙ කියලා 😁

ගෙදරට ගේන එක එක බීමජාතිවල පැකට්, බෝතල් විසි නොකර මාස ගානක් එකතු කරන්න වුනා හැබැයි $10ක් හම්බෙන්නත්.. හැබැයි හැම බීම පැකට් එකක්ම, බෝතලයක්ම මේ වැඩේට හරියන්නෙත් නෑ.. පැකට් එකේ/බෝතලේ label එකේ “10C” කියන mark එක තියනවනම් විතරයි මේ වැඩේට ඒ බෝතලේ/පැකට් එක valid වෙන්නෙ.. 10C කියන එකෙන් කියවෙන්නෙ සත10ක් කියන අදහස.. ඒ කියන්නෙ එක බොතලේකට/ පැකට් එකකට සත 10ක් හම්බෙන්නේ.. එතකොට ඉතිං ඩොලර් 10ක් හම්බෙන්නත් පැකට්/බෝතල් කීයක් මං එකතු කරන්න ඇතිද 😜

දැන්නම් හිස් බෝතල්, පැකට්, විසි කරන්න තියන හැම කුණු ගොඩක්ම බටු මීයා එයාගෙ සෙල්ලම් වලට එකතු කරගන්න නිසා මේ ආදායම උපයන්න මට දැන් හරි අමාරුයි යාලුවනේ 😌

හිතට සැනසීමක් දැනෙන සුභ දවසක් හැමෝටම 💐කාලෙකින් අද උදේම instagram page එක පැත්තෙ ගියාම මුලින්ම දැක්කෙ මං අවුරුදු තුනකට වි...
03/09/2026

හිතට සැනසීමක් දැනෙන සුභ දවසක් හැමෝටම 💐

කාලෙකින් අද උදේම instagram page එක පැත්තෙ ගියාම මුලින්ම දැක්කෙ මං අවුරුදු තුනකට විතර කලින් upload කරලා තිබ්බ breakfast plates ටිකක පිංතූර.. ඒ අතරින් මං ආසම එක තමා මේ 😍

ඒ දවස්වලත් හිත relax කරගන්න කෑම photos, videos ගන්න එක මං හරි ආසාවෙන් කරපු දෙයක්.. අදටත් මගෙ හිත relax කරගන්න පුලුවන් හොදම විදිහ ඒකමයි ❤️

මේ පාර මං market එකෙන් අරන් ආව මිංචි කොළ මිටිය හරි ඉක්මනට මැලවුනා.. weekend එකේ biriyani එකක් හදන්න හිතාගෙන බලද්දි මිංචි...
02/09/2026

මේ පාර මං market එකෙන් අරන් ආව මිංචි කොළ මිටිය හරි ඉක්මනට මැලවුනා.. weekend එකේ biriyani එකක් හදන්න හිතාගෙන බලද්දි මිංචි කොළ ටික හොදටම මැලවිලා ගිහිං.. ඒත් ඉතිං කොළ ටික තිබ්බා වගේම fresh ගතියට ගන්න ලේසිම විදිහක් තියන නිසා, මැලවුන කොළ ටික විසි නොකර; මෙන්න මේ photo එකේ තියන ගානට fresh පිටම බිරියානිය හදද්දි එකතු කරා..

මිංචි කොළ විතරක් නෙවෙයි, මැලවුන එලවලු, කොල වර්ග තිබ්බා වගේම fresh ගතියට ගන්න පුලුවන් tips ඕනෙ තරම් තියනවා.. එහෙනම් එන්නකො ඒ tips මොනවද බලන්න 😍

- Mint කොළ 🌿
මැලවුණු mint කොළ ice වතුර එකකට විනාඩි 10–15ක් දාන්න. ආයෙත් fresh වෙලා එනවා

- කොත්තමල්ලි / Parsley 🌿
කඳ කොටස ටිකක් කපලා සීතල වතුර එකක තියන්න. ඊට පස්සෙ fridge එකේ යට කොටසෙ තියන්න

- Lettuce 🥬
Lettuce කොළ ගලවලා සීතල ice වතුර එකක විනාඩි 10–20ක් තබලා හොඳින් drain කරගන්න. Crisp ගතිය නැවත එන්න පුළුවන්.

- Carrot 🥕
මැලවුණු carrot සීතල වතුරට (සාමාන්‍ය tap වතුර) දාලා පැය කිහිපයක් fridge එකේ තියන්න. Crunchy ගතිය ආයෙත් එනවා. 😍

- Cucumber 🥒
ටිකක් මැලවුණු cucumber සීතල වතුරට දාලා එකේ ටික වේලාවක් තියනවා.

- ළූණු කොළ/ ලීක්ස් 🎋
මුල් කොටස වතුර ටිකක තියලා, fridge එකේ තැබීමෙන් fresh ගතිය තියාගන්න පුළුවන්.

- කරපිංචා කොළ 🌿
කරපිංචා කොල ටික Paper towel එකකින් ඔතලා, airtight container එකකට/ airtight bag එකකට දාලා fridge එකේ තියන්න.

- නිවිති / Spinach
මැලවෙලා නම් සීතල වතුර එකක ටික වේලාවක් තියලා; වැඩි වතුර ප්‍රමාණය උරාගන්න paper towelsවල අතුරලා තියන්න. වතුර ගතිය හොදටම අඩුවුනාට පස්සෙ fridge එකේ යට කොටසෙ තියන්න.

- පලා වර්ග 🌱
පලා වර්ග හොඳින් හෝදලා, වේලලා, paper towel එකක් යටට දාපු container එකක තැබීමෙන් හොද fresh ගතියට තියාගන්න පුලුවන්.

- අල
අර්තාපල් ලූනු එක ළඟ තියන්න එපා. වෙන වෙනම store කරන එක වඩා හොඳයි.

- Lemon/ දෙහි 🍋
අඩක් කපපු lemon එක/ දෙහි කෑල්ල කැපුම් පැත්ත cover කරලා fridge එකේ තබන්න.

- කෙසෙල් 🍌
කෙසෙල් එකේ කඳ කොටස wrap කරලා තැබීමෙන් ඉදීම ටිකක් slow කරගන්න පුළුවන්.

- ඉගුරු 🫚
ඉගුරු කෑල්ල fridge එකේ dry container එකක හෝ paper bag එකක තැබුවොත් වැඩි කාලයක් තබාගන්න පහසුයි.

ඊලගවතාවෙ ඔයාලත් මේ tips try කරලා බලන්නකො එහෙනම් 😍

චූටි කාලෙ අප්පච්චි මාව මොන්ටිසෝරියෙන් අරන් මගෙ චූටි අතින් අල්ලගෙන හිනාවෙලා අහනවා අපි දෙන්න කමුද මොනවහරි කියලා.. මට මතකයි...
02/09/2026

චූටි කාලෙ අප්පච්චි මාව මොන්ටිසෝරියෙන් අරන් මගෙ චූටි අතින් අල්ලගෙන හිනාවෙලා අහනවා අපි දෙන්න කමුද මොනවහරි කියලා..
මට මතකයි එහෙම කියලා අපි දෙන්නා හැමදාම ගියෙ එකම කඩේකට..

මං හැමදාම තෝරාගන්නෙ රෝල්ස් 2ක් එක්ක ෆැන්ටා..
අප්පච්චි මං ගන්නෙ ඒක කියලා දැන දැනත් හැමදාම අහනවා මොනවද මගෙ පුතාට අද ඕනෙ කියලා..
ඒ ප්‍රශ්නෙ ඇතුළෙ තිබුණෙ මං කැමති දේවල් දැනගෙන හිටියත්, ආයෙ ආයෙත් මගෙන් අහලා මාව සතුටු කරන්න තිබුණු අප්පච්චිගෙ ආදරේ විතරමයි..

මේ තියන්නේ ඒ වගේ දවසක අපි දෙන්නම කතා කරකර හිනා වෙවී කාලාබීලා ඉවර වුනාම මාව එක්ක ගිහින් මට කැමති දෙයක් ගන්න කියලා අරන් දුන්න තෑගි ටිකක්..
මේ තමා මගෙ ජීවිතේ මට තිබ්බ පලවෙනි purse එක.. මං සෑහෙන කාලයක් ඉස්කෝලෙ යද්දි අරන් ගියෙත් මේ ලස්සන purse එක..
මේ චූටි පනාව, කණ්ණාඩිය හරි ආසාවෙන් මං ඒ කාලේ පාවිච්චි කරේ..
මේවා නිකන් පරණ බඩු ටිකක් නෙවෙයි,
මේවා මගේ අප්පච්චිව ආයෙත් මගේ ළඟට ගෙන එන මගේ ජීවිතේ වටිනාම වස්තු...
අද අප්පච්චි මගේ අතින් අල්ලගෙන “මගේ පුතාට මොනවද ඕනේ?”කියලා අහන්න මගෙ ලග නැති වුණත්…
අප්පච්චිගෙ ආදරණීය හඬ මගේ හිත ඇතුළෙ තාමත් එහෙමම තියෙනවා..
අප්පච්චිගෙ අතේ උණුසුම මට තාමත් දැනෙනවා..
අප්පච්චිගෙ හිනාව මට තාමත් මං ඉස්සරහ මැවෙනවා..

මගේ චූටි කාලේ ඉඳන් මාව මෙච්චර ආදරෙන් බලාගත්ත මගේ අප්පච්චි…
අප්පච්චි තමයි මගේ චූටි කාලේ ලස්සනම මතකවල අයිතිකාරයා..

මං පණටත් වඩා ආදරෙයි අප්පච්චි..හැමදාමත් ආදරෙයි.. ❤️

හිතට සැනසීමක් දැනෙන සුභ දවසක් හැමෝටම 💐අද උදේට පුතයි මායි දෙන්නගෙම කෑම oats 😍 මං වගේම චූටි බටු මීයත් oats කන්න මාරම ආසයි....
02/09/2026

හිතට සැනසීමක් දැනෙන සුභ දවසක් හැමෝටම 💐

අද උදේට පුතයි මායි දෙන්නගෙම කෑම oats 😍 මං වගේම චූටි බටු මීයත් oats කන්න මාරම ආසයි..

රටඉදි, fresh milk එකතු කරලා oats ටික හොදට ඉදවගෙන ලිප off කරලා ටිකක් තියලා හොදට ඉදුණු කෙසෙල් ගෙඩියක් mash කරගෙන එකතු කරා.. oats ඒ විදිහට කන්න තමා බටූස් ආසම 🥰
කන වෙලාවට strawberries, nuts එකතු කරගත්තම තවත් රසයි..

මේක රස, ගුණ පිරුණු හොද healthy breakfast එකක් ❤️

මේ combination එකේ රස දන්න අය කෝ බලන්න 🤭උණු බත් + බිත්තර + සම්බෝල + මාමයිට් 🥰මේ මගේ කැමතිම කෑමක්.. හරියටම කිව්වොත් මගෙ c...
01/09/2026

මේ combination එකේ රස දන්න අය කෝ බලන්න 🤭
උණු බත් + බිත්තර + සම්බෝල + මාමයිට් 🥰

මේ මගේ කැමතිම කෑමක්.. හරියටම කිව්වොත් මගෙ comfort food එකක් මේ 🥰

සම්බෝල මලවපු හට්ටියේ ඉතුරු වුන පොල් සම්බෝල වලට උණු බාස්මතී බත් එක්ක බටර් ටිකක් එකතු කරලා අඩු ගින්දරේ ටික වෙලාවක් කලවම් කරා.. ඒකටම බැදගත්ත බිත්තර දෙකකුත් එක්කම මේ කෑම එකේ රස රහස මාමයිට් ටිකකුත් එකතු කරගෙන උණුවෙන්ම හට්ටියේම අනාගෙන කෑවා.. අම්මෝ රස 🙈 ඒ රස ගැන කියලා වැඩක් නෑ..කාලම බලන්නකො වෙලාවක 😍

බලාපොරොත්තු ඉටුවෙන, හිතට සැනසීමක් දැනෙන අලුත් මාසයක් හැමෝටම 💐කාලෙකට පස්සෙ අද ඉදන් අයෙමත් මං page එක කරගෙන යන්න පටන් ගන්න...
01/09/2026

බලාපොරොත්තු ඉටුවෙන, හිතට සැනසීමක් දැනෙන අලුත් මාසයක් හැමෝටම 💐

කාලෙකට පස්සෙ අද ඉදන් අයෙමත් මං page එක කරගෙන යන්න පටන් ගන්නවා.. මාසෙකට වැඩි කාලයක් page එක active නැතුව තිබ්බත්, page එක වැටෙන්න නොදී මගෙ post වලට, videos වලට like, comment කරපු, share කරපු හැමෝටම ගොඩක් ස්තූතියි 🙏🏻

එහෙනම් ආයෙමත් වෙනදා වගේම අලුත් විස්තර එක්ක හම්බවෙමු 🥰

මට ආදරේ ඔයාලා හැමෝටම මාත් ආදරෙයි ❤️💐

31/08/2026

මාසෙකටත් වැඩිකාලෙක ඉදන් මං වෙනදා වගේ page එකේ active හිටියෙම නෑ.. මට ඇත්තටම කිසිම දේකට හිත focus කරන්න බැරි තරමටම මං ලොකු හිතේ වේදනාවක ඉන්න කාලයක් මේ.. ඒත් මගෙ පුංචි පුතා වෙනුවෙන්, මං හදාගත්ත මගෙ පවුල වෙනුවෙන් අමාරුවෙන් හරි කෙලින් ඉන්නම වෙනවා.. අම්මා කෙනෙක් කොහොමත් එහෙමයි.. මොන ප්‍රශ්ණ, හිත්වේදනා තිබ්බත් අම්මා කෙනෙක් කඩාවැටිලා බෑ කියලමයි අම්මා මට හැමදාම කිව්වෙ, තාමත් මං මගෙ අම්මගෙන් දකින්නෙත් ඒදේමයි..

මං මේ page එකට ගොඩක් ආදරෙයි.. පුතා හම්බවුන මුල්කාලෙ මං ගොඩක් stress වෙලා ඉද්දි මට මේ page එක පුදුම විදිහට උදව් වුනේ හිත වෙනස් කරගන්න.. food photos, daily life contents, recipe videos, life experiences වගේ මේ හැමදෙයක්ම මේ page එකේ share කරගන්න එකෙන් මං ලොකු mental satisfaction එකක් ලබනවා.. ඒවගේම මගෙ life එකේ මේ අමාරුම කාලෙ මගෙ පවුලෙ සමහර මිනිස්සුවත් මං ගැන හොයලා බලපු නැති තැන්වලදි මේ page එකෙන් මං දැනගත්ත; කවදාවත් ඇස් දෙකටවත් දැකලා නැති මිනිස්සු නිතරම මං ගැන හොයලා බැලුවා, කතා කරා; අදටත් කතා කරනවා..ඒ දේවල් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ ❤️

ඒ නිසාම මගෙ life එකේ මේ අමාරුම වෙලාවෙත් හිත ටිකක් හරි වෙනස් කරගන්න මං ආයම page එකේ වැඩ හෙට ඉදන් ඉස්සර වගේම පටන් ගන්න හිතුවා.. ටික ටික මං මගෙ studies, පරණ වැඩ ටික ආයම පටන් ගත්තා.. ඉස්සර වගේ හිත සතුටෙන් ඉන්න අමාරු වුනත්; ටික ටික හැමදේටම හුරුවෙන්න මං හිතාගත්තා..

මං දන්නව මං කොච්චර ඇඩුවත්, දුක් වුනත් මගෙ අප්පච්චි ආයම එන්නෙ නෑ කියලා.. ඒත් දුවෙක්ට අප්පච්චි කියන්නෙ ජීවිතේ replacement නැති ආදරණීයම හමුවීම ❤️ ඒ ආදරේ හැමදාමත් මගෙ හිතේ තියාගෙන මං දැන් ටික ටික recover වෙන ගමන්...

මේ සියලු පින් බල මහිමයෙන්, මගේ රත්තරං අප්පච්චිගේ භව ගමන කෙටි වේවා.. උතුම් වූ නිර්වාණ සුවය ලැබේවා! 🙏🏻මගේ රත්තරං අප්පච්චි,...
29/08/2026

මේ සියලු පින් බල මහිමයෙන්, මගේ රත්තරං අප්පච්චිගේ භව ගමන කෙටි වේවා.. උතුම් වූ නිර්වාණ සුවය ලැබේවා! 🙏🏻

මගේ රත්තරං අප්පච්චි,
ආයෙත් කවදාහරි මුණගැහෙන තුරු…
අපෙ ආදරේ හැමදාම අප්පච්චි එක්කමයි..

මං පණටත් වඩා ආදරෙයි මගේ අප්පච්චි ❤️

අප්පච්චි මාව දාලා ගිහිං අදට මාසයක් 💔මේ මාසෙ පුරාවට අම්මා අක්කි මං මල්ලි, අපි හතරදෙනාගෙ ජීවිත කොච්චරනම් වෙනස්වෙලාද කියලා ...
27/08/2026

අප්පච්චි මාව දාලා ගිහිං අදට මාසයක් 💔

මේ මාසෙ පුරාවට අම්මා අක්කි මං මල්ලි, අපි හතරදෙනාගෙ ජීවිත කොච්චරනම් වෙනස්වෙලාද කියලා අප්පච්චිට පේනවද අප්පච්චි..
ඉස්සර හැමවෙලේම හිනාවෙලා එකටම හිටිය අපි පස්දෙනාගෙ පුංචි පවුල, අපේ හයිය නැතුව තනිවෙලා කියලා අප්පච්චිට පේනවද අප්පච්චි..
මුළු දවසම video call එකෙන් අප්පච්චි එක්ක හුරතල් වෙවී දවස ගෙවපු ලොකු අත්තගෙ කිරි මහත්තයා, අත්තව හොයලා අඩනවා කියලා අප්පච්චිට පේනවද අප්පච්චි..
නිතරම අප්පච්චි එක්ක විහිලු කරලා හිනා වෙලා හිටිය මං, දවසම අප්පච්චිව හොයලා අඩනවා කියලා අප්පච්චිට පේනවද අප්පච්චි..
අම්මා හරියට නොකානොබී නින්දක් නැතුව අප්පච්චි ගෙදර එනකන් බලන් ඉන්නවා කියලා අප්පච්චිට පේනවද අප්පච්චි..

උදේ ඇස් අරිද්දිම මං අප්පච්චි නැති ළමයෙක්නෙ කියලා දැනෙන හැගීම දරාගන්න හරිම අමාරුයි අප්පච්චි..
මං තාමත් අප්පච්චි මට කතා කරයි කියලා බලන් ඉන්නවා අප්පච්චි..
මං මගෙ හිත රවට්ටන්න පුලුවන් උපරිමේටම රවට්ටගෙන ජීවත් වෙන්නෙ අප්පච්චි..
ජීවිතේ වැටෙන තැනකදි හයියට ඉන්න කියලා දුන්නට, අප්පච්චි නැතුව මං ජීවත් වෙන්න ඕනෙ කොහොමද කියලා මට කියලා දුන්නෙ නැත්තෙ ඇයි අප්පච්චි..

අප්පච්චි නැති මේ ජීවිතේ හරි පාලුයි අප්පච්චි..
අප්පච්චි නැති ගෙදර හරිම මූසලයි අප්පච්චි..
අප්පච්චි නැති අපි 4 දෙනාගෙ ජීවිතේ හරි අදුරුයි අප්පච්චි..
අප්පච්චි නැතුව මේ ගෙවුන එක මාසෙ මෙච්චර අමාරුනම් ඉතුරු ජීවිතකාලෙම අප්පච්චි නැතුව අපි කොහොමද ඉන්නෙ අපප්ච්චි..

හැමදාම මං ප්‍රාර්ථනා කරන්නෙ එකම දෙයයි..
මගෙ රත්තරං අප්පච්චි බුදුන් දැකලා නිවන් දකින්න ඕනේ..
හැබැයි ඊට කලින් මගෙ දරුවෙක් වෙලා මගෙ ලගට එන්න මගෙ අප්පච්චි..
අම්මා මගෙ පුතා එනකන් මග බලන් ඉන්නවා ❤️

Address

Kandy
3978

Alerts

Be the first to know and let us send you an email when Iro’s Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Iro’s Diary:

Shortcuts

Share