Journey with ViraKal

  • Home
  • Journey with ViraKal

Journey with ViraKal Hi!

We are Sri Lankan travelers passionate about exploring the world. 🌍✈️

📸 Sharing our travel experiences, beautiful destinations, and unforgettable adventures to inspire others to discover our amazing world. 🌎✨

මේ vlog එකෙන් අපි Switzerland වල සුන්දර ස්ථාන දෙකක් වන Zurich Lake සහ Rhine Falls සොයාගෙන ගිය අපේ travel journey එක ඔබත්...
17/09/2026

මේ vlog එකෙන් අපි Switzerland වල සුන්දර ස්ථාන දෙකක් වන Zurich Lake සහ Rhine Falls සොයාගෙන ගිය අපේ travel journey එක ඔබත් එක්ක බෙදාගන්නවා.

මුලින්ම අපි ගියේ Zurich Lake වෙත. 💙 නිල් පාට වතුර, වටේ තියෙන සුන්දර කඳු සහ Zurich නගරයේ ලස්සන පරිසරය අතරින් lake එකේ නිස්කලංක සුන්දරත්වය විඳගන්න අපිට අවස්ථාව ලැබුණා. ඒ වගේම lake එකේ boat cruise එකක අත්දැකීමත් මේ vlog එකේ තියෙනවා. 🚢🏔️

ඊට පස්සේ අපේ journey එක තවත් විශේෂ වුණා. 🌍 Rhine Falls බලන්න අපි Switzerland 🇨🇭 වලින් Germany 🇩🇪 හරහා ගිහින්, ආයෙත් Switzerland 🇨🇭 එන්න වුණා. මේ වෙනස්ම road journey එකේදී country border එක පහු කරන අත්දැකීමත්, ලස්සන European roads සහ අවසානයේ දැකගත්ත දැවැන්ත Rhine Falls එකත් මේ vlog එකෙන් බලන්න පුළුවන්. 🚗🌊

එන්න, Journey with ViraKal එක්ක Switzerland වල මේ සුන්දර ගමන අපිත් එක්ක අත්විඳින්න! 🇨🇭❤️✈️

🌍 Travel • Explore • Experience • Discover



Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

15/09/2026

මේ තමයි Switzerland වල තියෙන සුන්දර Zürich Lake එක 🇨🇭🌊. Zürich නගරය ළඟ තියෙන මේ ලස්සන lake එක වටේ තියෙන කඳු, නිල් පාට වතුර, හරිම නිස්කලංක වටපිටාවත් එක්ක මෙතනට ආවම හිතට දැනෙන්නේ පුදුම සැනසීමක්. 💙🏔️✨

පුංචි කාලේ ඉඳන්ම මම යන්න ආසාවෙන්ම හිටපු රටක් තමයි Switzerland. 🇨🇭❤️ලස්සන හිම කඳු, නිල් පාට විල්, හරිත ලස්සන ගම්මාන… ඒ හැ...
14/09/2026

පුංචි කාලේ ඉඳන්ම මම යන්න ආසාවෙන්ම හිටපු රටක් තමයි Switzerland. 🇨🇭❤️
ලස්සන හිම කඳු, නිල් පාට විල්, හරිත ලස්සන ගම්මාන… ඒ හැම දෙයක්ම ඇස් දෙකෙන්ම දැකගන්න මට තිබුණේ පුදුම ආසාවක්. ඒක මගේ හීනයක් වෙලයි තිබුණේ.

ඉතින් අද ඒ හීනය ඇත්තක් වෙලා! 🥹❤️
ඔන්න අපේ Switzerland journey එක පටන් ගන්නයි යන්නේ.

අපි Dubai ඉඳන් Zurich වලට තමයි ගියේ. ✈️🇨🇭
Switzerland වලට ගිය අපේ පළමු දවසේම අපි මුලින්ම බලන්න ගියේ ලෝක ප්‍රසිද්ධ Lindt Chocolate Museum එක. 🍫😍

ඉතින් මේ vlog එකෙන් ඔයාලට දකින්න ලැබෙන්නේ Switzerland වල අපේ සම්පූර්ණ journey එක — Dubai ඉඳන් Switzerland එන ගමනේ ඉඳන්, අපි ගිය සුන්දරම තැන්, දැකපු ලස්සන දසුන් සහ අපි අත්විඳපු හැම සුන්දර අත්දැකීමක්ම.

එහෙනම් අපිත් එක්ක Switzerland යමු… 🇨🇭✈️❤️



Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

🇨🇳 Shanghai Century Park Cherry Blossom Season Shanghai වල අපේ සංචාරය අතරතුර ලස්සන සකුරා මල් බලන්න අපි Century Park එකට ...
10/09/2026

🇨🇳 Shanghai Century Park Cherry Blossom Season

Shanghai වල අපේ සංචාරය අතරතුර ලස්සන සකුරා මල් බලන්න අපි Century Park එකට ගියා. ජීවිතේ මුල්ම වතාවට සකුරා මල් දක්කෙ එතනදි.🌷🌸විවිධ පාටින් පිපුණු සකුරා මල් අතරින් ඇවිදගෙන යනකොට මේ place එක හරිම ලස්සනයි. ❤️

🥰Century Park එකේදී අපිට Chinese Traditional Dance Team එකක් එක්ක එකතු වෙලා ටික වෙලාවක් නටන්නත් අවස්ථාව ලැබුණා. 💃🇨🇳❤️ ඒත් Travel කරද්දි අපිට හම්බවෙන මේ වගේ unexpected moments තමයි සමහර වෙලාවට ගමනේ ලස්සනම මතකයන් වෙන්නේ.

අපි හිතුවෙවත් නැති විදිහට ලැබුණු ඒ පුංචි අවස්ථාව අපේ Shanghai ගමනේ අමතක නොවන ලස්සන මතකයක් වුණා. ✨
ඒ වගේම Century Park එකේ Cherry Blossom Season එකේ සුන්දරත්වයත්, අපි ලැබූ මේ ලස්සන අත්දැකීම්ත් ඔයාලත් එක්ක බෙදාගන්න තමයි මේ Vlog එක.

#සකුරා

https://youtu.be/jPsjs60VZiI?si=97gYmMCjfUhewL72

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

07/09/2026

Travel කරද්දී අපිට හම්බවෙන මේ වගේ සුන්දර අත්දැකීම් තමයි ගමන් බිමන්වලින් අපේ මතකවලට එකතු වෙන වටිනාම දේවල්. ❤️🌍

Shanghai Century park එකට සකුරා මල් බලන්න ගියපු වෙලාවෙදි Chinese traditional dance team එකක් එක්ක එකතු වෙලා dance කරන්න ලැබුණු මේ මොහොතත් අපිට කවදාවත් අමතක නොවන ලස්සන අත්දැකීමක්. 🇨🇳💃✨
වෙන රටක සංස්කෘතියක් මේ විදිහට ළඟින්ම අත්විඳින්න ලැබීම ඇත්තටම විශේෂයි. ඒ වගේ මතක තමයි අපේ travel journey එක තවත් ලස්සන කරන්නේ. ❤️✈️

🌏 ලෝකයේ විවිධ රටවල් අතර සංචාරය කරන අපි දෙන්නාගේ Shanghai Tour එක ගැනයි මේ Vlog එකෙන් ඔයාලට අරගෙන එන්නේ. 🇨🇳✈️මේ Shanghai ...
04/09/2026

🌏 ලෝකයේ විවිධ රටවල් අතර සංචාරය කරන අපි දෙන්නාගේ Shanghai Tour එක ගැනයි මේ Vlog එකෙන් ඔයාලට අරගෙන එන්නේ. 🇨🇳✈️

මේ Shanghai Tour එකේදී අපි The Bund, Huangpu River, Shanghai Skyline, Street Food, Nanjing Road, White Rabbit Candy Shop ඇතුළු Shanghai නගරයේ විශේෂ හා සුන්දර ස්ථාන ගොඩක් මේ Vlog එකෙන් ඔයාලට දැකගන්න පුළුවන්.

ඒ වගේම China වලට යන්න කලින් දැනගෙන සිටිය යුතු වැදගත්ම කරුණු, අවශ්‍ය සූදානම් කිරීම්, ගමන් කරන ආකාරය, transportation වගේ ගමනට කලින් දැනගන්න වටින වැදගත් තොරතුරු සහ අපේ real travel experience එකම Vlog එකකින් දැනගන්න මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියලා අපි හිතනවා. ❤️

අපි Shanghai නගරයේ ගිය තැන්, දැකපු දේවල්, කෑම, shopping සහ අපි ලැබූ අලුත් අත්දැකීම් එක්ක අපේ සම්පූර්ණ Shanghai travel journey එක මේ Vlog එකෙන් ඔයාලත් එක්ක බෙදාගන්නවා. 📸🌏

❤️ අපි සමඟ ලෝකය වටා සංචාරය කරන්න එකතු වෙන්න!
Journey with Virakal 🌍✈️

hanghai China,Shanghai vlog,Shanghai travel,China vlog,China travel...

04/09/2026

Shanghai Bund එක රෑට පුදුමාකාර ලස්සන තැනක්. 🌃🇨🇳 මුළු Shanghai නගරයේම දිලිසෙන ලයිට්ස්, Huangpu ගඟ දෙපස තියෙන ලස්සන ගොඩනැගිලි සහ එහා පැත්තේ දිස්වෙන අහස සිඹින skyscrapers එක්ක මේ view එක නම් ඇත්තටම හිත ඇදගන්නවා.
ගඟ දිගේ යන බෝට්ටු, වටපිටාවේ තියෙන ආලෝකය සහ රාත්‍රීයේ නගරයේ තියෙන ජීවමාන බව නිසා Shanghai Bund එකට වෙනමම සුන්දරත්වයක් තියෙනවා.

😍🌆
පැරණි Shanghai ගොඩනැගිලි සහ නවීන Shanghai skyline එක එකම දසුනකින් දැකගන්න පුළුවන් නිසා, මේක Shanghai ගමනේ අනිවාර්යයෙන්ම බලන්න ඕන තැනක්. ❤️🇨🇳

09/10/2025

ආමන්ඩ් පිටි ගෙදරදීම හදාගමු
---------------------------------------------
අද මම ඔයාලට ආමන්ඩ් පිටි ගෙදරදී හදා ගන්න විදිය තමයි කියල දෙන්නේ. මැකරෝන්ස් ,කේක් හදද්දී කඩේට වඩා ගොඩක් අඩු මුදලකට හදා ගන්න පුළුවන්.
https://youtu.be/9HSDPokrQ6w

07/10/2025

හවස තේ වෙලාවට ඉක්මනට ස්නැක් එකක් හදමුද . අල ගෙඩි 3ක් තියෙනවා නම් ගෙදර හැමෝටම ඇති වෙනන හදා ගන්න පුළුවන්.
https://youtu.be/v2uDPfwIJnQ

එළවළු වර්ග අතරින් මාළු මිරිස් කියන්නේ  ලොකු පොඩි හැමෝම කැමති කෑමක්. මාළු මිරිස් කිරට, මිරිසට, තෙලට, පුරවල මේ වගේ එක එක ර...
12/06/2024

එළවළු වර්ග අතරින් මාළු මිරිස් කියන්නේ ලොකු පොඩි හැමෝම කැමති කෑමක්. මාළු මිරිස් කිරට, මිරිසට, තෙලට, පුරවල මේ වගේ එක එක රසට හදන්න පුළුවන්. මම ගොඩක් ආසම කෑමක් තමයි මාළු මිරිස්. මට අද පාට පාට මලු මිරිස් ටිකක් හම්බ උනා .ඉතින් අද ඔයාලට කියල දෙන්න යන්නේ මගේ විදියට රසට මාළු
මිරිස් තෙලට හදන විදිය.👇👇

https://youtu.be/gFYrA0TwYTk?si=7fEPkPWXqx5CO9U7

Address


8001

Website

Alerts

Be the first to know and let us send you an email when Journey with ViraKal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed food & beverage service?

Share