Savi Senevirathna

Savi Senevirathna "Every step is a journey, every bite is an experience �� | Motivation, travel & food adventures."

කිසිවෙක් අතින් තම දරුවෙක් දූෂණය වුවහොත් නීතියේ පිහිට පතා වැඩක් නැත. හොද මුවහත් පිහියක් අරගෙන පොල් ගෙඩියක් බිඳින්න
23/05/2026

කිසිවෙක් අතින් තම දරුවෙක් දූෂණය වුවහොත් නීතියේ පිහිට පතා වැඩක් නැත. හොද මුවහත් පිහියක් අරගෙන පොල් ගෙඩියක් බිඳින්න

🛑 මෙක්සිකෝව කැලඹූ "ලේලි ඝාතනය": රූ රැජිනකගේ ජීවිතය නැන්දම්මා විසින් උදුරා ගත් හැටි! (CCTV දර්ශන සහිතයි)මෙක්සිකෝවේ සුපිරි...
26/04/2026

🛑 මෙක්සිකෝව කැලඹූ "ලේලි ඝාතනය": රූ රැජිනකගේ ජීවිතය නැන්දම්මා විසින් උදුරා ගත් හැටි! (CCTV දර්ශන සහිතයි)

මෙක්සිකෝවේ සුපිරි පැලැන්තියේ පිරිස් වෙසෙන පෝලන්කෝ (Polanco) ප්‍රදේශයෙන් අතිශය කම්පන සහගත පුවතක් වාර්තා වේ. හිටපු 'මිස් ටීන් යුනිවර්ස් කැලිෆෝනියා' රූ රැජිනක වූ 27 හැවිරිදි කැරොලිනා ෆ්ලෝරස්, ඇයගේම නැන්දම්මා අතින් මෙලෙස ඝාතනයට ලක්ව තිබේ.

🎥 හෝම් කැමරාවේ සටහන් වූ බිහිසුණු අවසානය
නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල (Home Cam) සටහන්ව ඇති පරිදි: කැරෝලිනා ෆ්ලෝරස් යනුවෙන් search කලොත් එම වීඩියෝ ඔබට දැකගත හැක.
කැරොලිනා සාලය හරහා ගමන් කරද්දී, ඇයගේ නැන්දම්මා සෙමින් ඇය පසුපසින් ගමන් කරයි.
තම සාක්කුවේ සඟවාගෙන සිටි ගිනි අවිය ගත් නැන්දම්මා, ඉතා නුදුරින් සිට කැරොලිනාට වෙඩි තබයි.
😱 "මොකක්ද ඒ සද්දේ?" - සැමියා ඉදිරිපිට වූ පාපොච්චාරණය
වෙඩි හඬ ඇසී මාස 8ක් වයසැති බිළිඳා වඩාගෙන එම ස්ථානයට පැමිණි සැමියා විමසා සිටියේ කුමක් සිදුවූයේද යන්නයි. එවිට ඝාතක නැන්දම්මා පවසා ඇත්තේ:
"ඒක ඒ තරම් දෙයක් නෙවෙයි... ඒකි මගේ කේන්තිය ඇවිස්සුවා. උඹ මගේ පුතා, ඒකි උඹව මගෙන් හොරකම් කළා!"
⚖️ සැකකටයුතු හැසිරීම් සහ පොලිස් පරීක්ෂණ
මෙම සිදුවීමෙන් පසු සැකකාර නැන්දම්මා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඇය මීට පෙර පළාත් පාලන මැතිවරණයකටද ඉදිරිපත් වූ අයෙකි. වඩාත්ම ගැටලු සහගත කරුණ වන්නේ:
ඝාතනය සිදුවන අවස්ථාවේ සැමියා තම මව පලායාම වැළැක්වීමට උත්සාහ නොකිරීම.
සිද්ධිය වී දිනකට පසුව පොලිසියට පැමිණිලි කිරීම.
අපරාධ පරීක්ෂණ අංශ මේ වන විට සැකකාරිය සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, මෙම ඝාතනය මුළු මහත් මෙක්සිකෝවම දැඩි කම්පනයකට පත් කර ඇත.

සාර්ථකත්වය යනු වැටෙන්නේ නැතිව සිටීම නොව, වැටෙන සෑම වතාවකම නැගී සිටීමයි. නිහඬ වන්න, ඉවසන්න, වැඩ කරන්න. අවසානයේ ඔබේ ප්‍රති...
25/04/2026

සාර්ථකත්වය යනු වැටෙන්නේ නැතිව සිටීම නොව, වැටෙන සෑම වතාවකම නැගී සිටීමයි.
නිහඬ වන්න,
ඉවසන්න,
වැඩ කරන්න.
අවසානයේ ඔබේ ප්‍රතිඵලය ලෝකයටම ඇහෙන්න ශබ්ද කරාවි ❤️

"මුලින් කවුරු ආවත්, අවසානයේ මගේ හෙවනැල්ල වෙන්නේ නුඹ විතරක් නම්... අතීතයේ මඟහැරුණු හැමෝටම මම ස්තූති කරනවා නුඹව මට ඉතිරි ක...
25/04/2026

"මුලින් කවුරු ආවත්, අවසානයේ මගේ හෙවනැල්ල වෙන්නේ නුඹ විතරක් නම්... අතීතයේ මඟහැරුණු හැමෝටම මම ස්තූති කරනවා නුඹව මට ඉතිරි කරලා ගියාට ❤️

සසර ගනුදෙනු ඉවර වෙනකන්
නුඹව විතරක් පතන්‍නම්.. 🥀

අහම්බෙන් වුනත් හොදටම ගැළපෙනවා නේද?ඔයාලටත් මෙහෙම වෙලා තියේද?  😄🤗
22/04/2026

අහම්බෙන් වුනත් හොදටම ගැළපෙනවා නේද?ඔයාලටත් මෙහෙම වෙලා තියේද? 😄🤗

මම අම්මා කෙනෙක් වුණාට පස්සේ මට තේරුණේ — දරුවෙක් ලැබෙනවා කියන්නේ අපිට අයිති කෙනෙක් ලැබෙන එකක් නෙවෙයි කියලා ❤️මගේ පුතාව මේ...
21/04/2026

මම අම්මා කෙනෙක් වුණාට පස්සේ මට තේරුණේ — දරුවෙක් ලැබෙනවා කියන්නේ අපිට අයිති කෙනෙක් ලැබෙන එකක් නෙවෙයි කියලා ❤️
මගේ පුතාව මේ ලෝකෙට ගෙනාවේ, මගේ ජීවිතේ හිස්තැනක් පුරවගන්නවත්… මගේ වයසට ආවම මාව බලාගන්න කෙනෙක් හදාගන්නවත් නෙවෙයි. එයාට තමන්ගේම ජීවිතයක් තියෙන්න, තමන් කැමති විදිහට ඒක ගොඩනගන්න අවස්ථාවක් දෙන්නයි.
අම්මා කෙනෙක් විදිහට ,තාත්තා කෙනෙක් විදියට අපි දෙන්නා කරන කැපකිරීම්, නිදිනැති රැයවල්, අසනීපයකදි දැනෙන බය ,වේදනාවල් — ඒවා ගණුදෙණුවක් නෙවෙයි. ඒවා අපි දෙන්නාගෙ ආදරේ, අපේ වගකීම.
අපි දෙන්නාට ඔයාගෙන් ආපසු දේවල් අවශ්‍ය නැහැ පුතා… අපිට ඕනේ ඔයා සතුටින් ඉන්නවා දකින්න විතරයි.
කවදාහරි දවසක, ඔයාගේම හීන හඹා යනකොට, “අම්මාව අමතක වෙයිද?” "තාත්තාව අමතක වෙයිද?" කියලා මම බය වෙන්නෙ නැහැ. ඒ වෙනුවට, “ඔයා ජීවිතේ ජයගන්නවා” කියලා හිතලා සතුටු වෙන්න පුළුවන් වෙන්නයි මට ඕනේ.
ඒ නිසාම මමත් මගේ ජීවිතේ සැලසුම් කරගෙන යනවා — ඔයාට බරක් නොවෙන්න, ඔයාට නිදහසේ පියාඹන්න ඉඩ දෙන්න.
අපේ ලෝකය ඔයායි… හැබැයි ඔයාගේ ලෝකය ඒකට සීමා වෙන්න එපා. මුළු ලෝකයම ජයගන්න පුළුවන් කෙනෙක් වෙන්න ❤️✨

(අනවසරයෙන් උපුටා ගැනීමෙන් වලකින්න..share කිරීම පමණක් කරන්න 🙏)

Savi Senevirathna




❤️

මෙන්න නීතිශ්‍රී ලංකාවේ දණ්ඩනීති සංග්‍රහයට( Sri Lankan Penal Code) අනුව බලහත්කාරයෙන් කොණ්ඩය කපා ලජ්ජාවට පත් කිරීම සම්බන්ධ...
17/04/2026

මෙන්න නීති

ශ්‍රී ලංකාවේ දණ්ඩනීති සංග්‍රහයට( Sri Lankan Penal Code) අනුව බලහත්කාරයෙන් කොණ්ඩය කපා ලජ්ජාවට පත් කිරීම සම්බන්ධයෙන් යටත් කළ හැකි ප්‍රධාන වගන්ති (sections) මෙන්න:

🔹 Section 310 – Assault (ප්‍රහාර)

* කෙනෙකුට බිය ඇති කිරීමට හෝ බලය යොදා හෝ තර්ජනය කරමින් ප්‍රහාර කිරීම.

🔹 Section 311 – Criminal Force (අපරාධ බලය භාවිතා කිරීම)

* කෙනෙකුගේ කැමැත්තට විරුද්ධව ශාරීරික බලය භාවිතා කිරීම.
➡️ කොණ්ඩය බලෙන් කැප කිරීම මෙයට යටත් විය හැක.

🔹 Section 314 – Voluntarily Causing Hurt (හිතාමතා හානි කිරීම)

* ශාරීරික හෝ මානසික වේදනාවක් ඇති කිරීම.
➡️ කොණ්ඩය කපන ක්‍රියාව හා ඒ සමඟ ඇතිවන අපහාසය මෙයට අයත් විය හැක.

🔹 Section 345 – Wrongful Confinement (අසාධාරණව අත්අඩංගුවට ගැනීම/අල්ලා තබා ගැනීම)

* කෙනෙකුට නිදහසේ යාමට නොහැකි ලෙස තබාගෙන මෙවැනි ක්‍රියාවක් කරනවා නම්.

🔹 Section 483 – Criminal Intimidation (බියගැන්වීම)

* තර්ජන මගින් කෙනෙකු බියපත් කර මෙවැනි ක්‍රියාවකට යොමු කිරීම.

🔹 Section 484 – Intentional Insult (අභිප්‍රේත අපහාසය)

* කෙනෙකු ලජ්ජාවට පත් කිරීමට හෝ කෝපයට පත් කිරීමට සිදු කරන අපහාසය.

සැයු : ගැහැණියක් තවත් ගැහැණියකට කාරුණික විය යුතුයි ! නීතිය මනුෂ්‍යකම පරයා නෙවිය යුතුය !

Copied

පට්ටම දක්ෂ..හොද තාර්කික.හැකියාවක් තියෙන සුපිරිම බුලට් එකක්...
15/04/2026

පට්ටම දක්ෂ..
හොද තාර්කික.හැකියාවක් තියෙන සුපිරිම බුලට් එකක්...

වියරු බන්ධන ✍️ පෙරවදනජීවිතය හැමෝටම එක වගේ නෙවෙයි.කෙනෙකුට ලැබෙන්නේ ආදරය, තවත් කෙනෙකුට ලැබෙන්නේ බලය.තවත් කෙනෙකුට—තේරීම්....
15/04/2026

වියරු බන්ධන ✍️

පෙරවදන

ජීවිතය හැමෝටම එක වගේ නෙවෙයි. කෙනෙකුට ලැබෙන්නේ ආදරය, තවත් කෙනෙකුට ලැබෙන්නේ බලය. තවත් කෙනෙකුට—තේරීම්.

ජීවිතයේ අනේක දුක් පීඩාවන් විදලා එක හුස්ම වැටෙනවා කියලා දැනෙන තැනකින් ජීවිතය ආයෙමත් පටන් ගැනීම ඒක මාරම දෙයක්.. සත්‍යය සහ බොරුව අතර, ආදරය සහ අයිතිය අතර, නිදහස සහ බන්ධනය අතර අපි ගන්න තීරණ අපේ ජීවිතය තීරණය වෙන විදිහ ගැන ලස්සන කතාවක්.

*දැහැන් මෙත්නුද රත්නවීර—KD Aurelia Holdings company එකේ ගිණුම් අංශයක අලුතින් පත් වුණ කෙනෙක්.කඩවසම්,උසට සරිලන මහතකින් යුතු අහිංසක, දුප්පත් කොල්ලෙක්.තම අම්මා සහ නැගණිය වෙනුවෙන් ජීවිතයම කැප කරන පුතෙක් හා සහෝදරයෙක්..

*කේලි දුමීෂා අල්විස් —බලයෙන්, මුදල් වලින්, ආකර්ෂණයෙන් ජීවිතය පාලනය කරන කාන්තාවක් ..කොටින්ම KD Aurelia Holdings company එකේ CEO .

*තූර්වී ආශිංසනා වීරසිංහ —ආදරය වෙනුවෙන් පණ වුනත් දෙන්න සූදානම් අහිංසක , දගකාර කෙල්ලෙක්.
මේ තුන්දෙනාගේ ජීවිත කොයි විදියට ගලාගෙන යයිද? KD Aurelia Holdings company එකේ සම්මුඛ පරීක්ෂණ යට පෙනී සිටින්න සූදානමින් ඉන්නවා.
අනාගතයේ කුමක් සිදුවෙයිද, ඒක සරල ආදර කතාවක් නෙවෙයි— ඒක සටනක්.
මෙම කතාව ඇතුළේ තියෙන්නේ:
අසරණකමින් ,දැඩි තීරණ වලින් හා තමන්ගේ බලය අනිසි විදියට
පාලනය කරමින් ලබාගත් ආදරයක් හා හිතට
හොරා ඇතිවුණු අසම්මත ආදර කතාවක් . ..තමන්ගේ මානසික නිදහස හොයාගන්න කරන සටනින් ජයගන්න පුලුවන් වෙයිද?
කෙනෙක්ට ජීවිතයක් බේරගන්න සල්ලි වැය කරන්න පුළුවන්. ඒත් ඒ සල්ලිම… වෙන කෙනෙක්ගේ ජීවිතය බිඳින්නත් පුළුවන්.
එහෙනම් ප්‍රශ්නය මෙන්න—
ජීවිතේ ජයගන්නේ කවුද? බලය තියෙන කෙනාද? නැත්නම් ආදරය තෝරන කෙනාද?
ඒ පිළිතුර හොයාගන්න… ඔයාට මේ කතාව ඇතුළට එන්න වෙනවා.

— සවී ගේ පන්හිද✍️

Address

Bradford
BD195ET

Telephone

+447359986014

Website

Alerts

Be the first to know and let us send you an email when Savi Senevirathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Savi Senevirathna:

Share