So Hungry

So Hungry Catering and takeaway - Bologna 🇮🇹

මේ සතිඅන්තයේ ඉදිආප්ප සමග පොල්සම්බෝල .....
17/06/2026

මේ සතිඅන්තයේ ඉදිආප්ප සමග පොල්සම්බෝල .....

විශේෂ දැනුම්දීමයි! 📢නොවැළැක්විය හැකි හදිසි හේතුවක් නිසා මේ සෙනසුරාදා (13/06) දිනට නියමිතව තිබූ අපේ සී ෆුඩ් චොප්සි රයිස් ...
12/06/2026

විශේෂ දැනුම්දීමයි! 📢
නොවැළැක්විය හැකි හදිසි හේතුවක් නිසා මේ සෙනසුරාදා (13/06) දිනට නියමිතව තිබූ අපේ සී ෆුඩ් චොප්සි රයිස් (Saturday Special) ඇණවුම් සියල්ල අවලංගු කිරීමට (Cancel) සිදු වූ බව කණගාටුවෙන් දැනුම් දෙමු. 🥺
මේ නිසා ඔබට සිදු වූ අපහසුතාවයට So Hungry අපේ බලවත් කණගාටුව!
කෑම වේල ඇණවුම් කරමින් අප කෙරෙහි තැබූ විශ්වාසයට වගේම නිරන්තරයෙන් අප සමඟ රැඳී සිටින ඔබ සැමටම හදවතින්ම ස්තූතියි! 🙏❤️

12/06/2026

වීඩියෝ එක දැකපු ගමන් Woooow කියවුන Deco එකක් වෙනස්ම ලස්සනක් Good Job ලොකු නන්ගි & ලොකු මල්ලි

07/06/2026
06/06/2026

අපේ So Hungry වටලප්පන් එකක් රස කර කර, හරිම ආසාවෙන් කන මේ චූටි දූව මට මඟහරින්නම බැරි වුණා. 😍 එයාට හොරෙන් ඈත ඉඳන් වීඩියෝ කරගෙන ළඟට ගිහින් ඇහුවාම... "රසයි රසයි!" කියලා දීපු ඒ ආදරණීය උත්තරේට මගේ හිතත් පිරිලා ගියා. ❤️✨
ඇත්තටම, අපේ වටලප්පන් වල තියෙන ඒ නියම පදම සහ හකුරු රසයට ලොකු කුඩා කවුරුත් එක වගේ ආදරය කරනවා නේද?
"කෑමක් හදලා ඒක රස බලන කෙනෙක්ගේ මූණට එන ඒ අවංක සතුට දකිද්දී දැනෙන සතුට වචන කරන්න බැහැ..." 🥰🥧
📍 So Hungry - The Best from Homemade ❤️

03/06/2026

So Hungry අපි 30/05/2026 දින කරපු තවත් catering එකක්...
අපි කෙරෙහි තැබූ විශ්වාසයට අපේ හදපිරි ස්තුතිය.... 💫✨
So hungry catering - bologna
The best from homemade

31/05/2026

🏮ඔබ සැමට හදපිරි ස්තූතිය! So Hungry "දන්සල් මෙනු" වෙනුවෙන්! 🏮
අද දවසේ අපේ "දන්සල් මෙනු" බත් පත වෙනුවෙන් ලැබුණු ඉහළම ප්‍රතිචාර නිසා අපේ හිත සතුටින් පිරිලා ඉතිරිලා ගියා. 🥰
දන්සල් මෙනු එක ඇණවුම් කරලා රස බලපු අපේ ආදරණීය පාරිභෝගිකයින් හැමදෙනාටම වගේම,
පෝස්ට් එක Share කරමින්, Like සහ Comment කරමින් අපිට ලොකු සහයෝගයක් දුන්නු හැමෝටමත් අපේ හදපිරි ස්තූතිය පුද කර සිටිනවා! 🙏❤️
රට ඉන්න අපේම කට්ටියට ලංකාවේ දන්සල් මතකය ආයෙමත් අවදි කරලා දෙන්නයි
So Hungry අපිට ඕන වුණේ. අද ලැබුණු ප්‍රතිචාර එක්ක අපේ ඒ උත්සාහය සාර්ථක වුණා කියලා අපි හදවතින්ම විශ්වාස කරනවා. 🇱🇰✨
හැමදාමත් අපිට දෙන මේ ආදරය සහ ශක්තියට ගොඩක්ම ස්තූතියි! ඉදිරියටත් මේ වගේම ලස්සන මතකයන් එක්ක රසම රස කෑම වේලක් දෙන්න අපි සූදානම්.
දිගටම අපිත් එක්ක රැඳී ඉන්න... ✨
📍 So Hungry - The Best from Homemade ❤️

පින්බර වු වෙසක් මංගලයක් වේවා.... -So hungry-   #2026
30/05/2026

පින්බර වු වෙසක් මංගලයක් වේවා....
-So hungry-
#2026

So Hungry වෙතින් "දන්සල් මෙනු" 31/05/2026🏮ලංකාවේ වෙසක් කාලෙට පාරක් පාරක් ගානේ තියෙන බත් දන්සල් මතකද? ඒ සුවඳ, ඒ දන්සල් පෝ...
29/05/2026

So Hungry වෙතින් "දන්සල් මෙනු" 31/05/2026🏮
ලංකාවේ වෙසක් කාලෙට පාරක් පාරක් ගානේ තියෙන බත් දන්සල් මතකද? ඒ සුවඳ, ඒ දන්සල් පෝලිම්, ඒ දැනෙන සතුට රට ඉන්න අපිට හැමදාමත් ලොකු පාලුවක්... 🇱🇰🥺
ඉතින් so hungry වෙතින් ඒ අමතක නොවන දන්සල් බත් පතක රසය ඒ විදිහටම මතක් කරලා දෙන්න අපි සූදානම්!
සුවඳ විහිදෙන කහ බත්
🟡 සුවඳ විහිදෙන කහ බත්
🍛 රසට හින්දලා උයපු පරිප්පුවක්
🥘 සෝයා මීට් ස්ටුවක්
🌶️ පැණි රසට සීනි සම්බෝල
🥭 ඇඹුලට පදම ආපු අඹ ඇඹුල
🍘 කර කර ගාන පපඩම්
(Euro 5 )
ලංකාවේ දන්සලකින් කෑවා වගේ බඩ විතරක් නෙවෙයි හිතත් පිරෙන්න, පිරිසිදුවට සහ ආදරයෙන් හදන අපේ දන්සල් මෙනු බත් පතේ රස බලන්න ඔබේ ඇණවුම දැන්ම වෙන් කරවා ගන්න. 🥰

📞 ඇණවුම් සඳහා අමතන්න: 327 665 9614
📍 So Hungry - Bologna 🇮🇹
👇👇
********අපේ ආදරණීය පාරිභෝගිකයින් වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමක්...*********🌟⚡️
"දන්සලක්" කිව්වම අපිට මතක් වෙන්නේ නොමිලේ දෙන කෑම වේලක්නේ. ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් "දන්සල් මෙනු" කියලා දාලත් So Hungry අපි ඇයි මේකට Euro 5ක් අය කරන්නේ කියලා.
ඇත්තටම රට ඉන්න අපිට හැමදේම නොමිලේ කරන්න තරම් වටපිටාවක් තවම නැති නිසයි, මේ Euro 5 වැනි ඉතාමත් සුළු මුදලක් අය කරන්න සිදු වුණේ. මේකෙන් ලාභ ලැබීමේ කිසිම අරමුණක් අපිට නැහැ. මේ Euro 5 කියන්නේ කෑම ටික හදාගන්න යන කළමනාකරණ වියදම පියවා ගන්න අපිට දිය හැකි උපරිම සාධාරණම මුදල විතරයි. අපේ එකම අරමුණ ඔයාලට ඒ දන්සල් මතකය ආයෙමත් විඳින්න පොඩි හෝ අවස්ථාවක් හදලා දෙන එක විතරයි. 🥰
ඉතින් හැමදාමත් අපිට ආදරය කරන ඔබට අපේ හදපිරි ස්තූතියි! 🙏🌸

Indirizzo

Bologna
Bologna

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando So Hungry pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Condividi