Clicky

Thakshi’s kitchen

Thakshi’s kitchen Thakshi’s kitchen, Food & Beverage, Kawaguchi-shiの連絡先情報、マップ、方向、お問い合わせフォーム、営業時間、サービス、評価、写真、動画、お知らせ。

通常通り開く

Photos from Thakshi’s kitchen's post
21/07/2022

Photos from Thakshi’s kitchen's post

💔
28/06/2022

💔

සියලු සිත් සුවපත් වේවා!!!
15/05/2022

සියලු සිත් සුවපත් වේවා!!!

Eid Mubarak to all my friends celebrating ☪️
03/05/2022

Eid Mubarak to all my friends celebrating ☪️

02/05/2022

💚 හිත නිවෙන තැන🌳🌳

නැගී සිටිය හැක එක්සත් වීබෙදී ගියොත් රට යයි සුන් වීමීටත් වඩා කීමට දෙයක් නැත 😣🙏✊ පාස්කු පිංකම දන් පිලිගැන්වීම(පින්තූර අයිත...
21/04/2022

නැගී සිටිය හැක එක්සත් වී
බෙදී ගියොත් රට යයි සුන් වී
මීටත් වඩා කීමට දෙයක් නැත 😣🙏✊ පාස්කු පිංකම දන් පිලිගැන්වීම

(පින්තූර අයිතිය ඡායාරූප ශිල්පියා සතුය.)

☸️✝️☪️🕉 මේ සමගිය මේ එකමුතුව හැමදාම තියා ගත්තොත් අපිට මොනවද කරන්න බැරි. ❤️අරගලයට ජය 🤜
12/04/2022

☸️✝️☪️🕉 මේ සමගිය මේ එකමුතුව හැමදාම තියා ගත්තොත් අපිට මොනවද කරන්න බැරි. ❤️
අරගලයට ජය 🤜

බිබික්කං (පොල් කේක්)අවශ්‍ය දේවල්  :  ගා ගත් පොල් කෝප්ප 2                        කුඩු කරගත් හකුරු 350g                   ...
01/04/2022

බිබික්කං (පොල් කේක්)
අවශ්‍ය දේවල් : ගා ගත් පොල් කෝප්ප 2
කුඩු කරගත් හකුරු 350g
පාන් පිටි 200g
බේකින් පව්ඩර් 2tsp
බේකින් සෝඩා 1tsp
වතුර 1cup
ලුණු 1/8 tsp
සූදුරු 1 tsp
එනසල් 2
කජු 50g
වියලිමිදි 20g
ඇට ඉවත් කරන ලද රටඉඳි 50g
වැනිලා 1tsp
බිත්තර 4

හදන විදිහ 👇

* මුලින්ම කේක් එක බේක් කරගන්න තැටියට තෙල් හෝ බටර් ගාලා බේකින් පේපර් එකක් දලා හදා ගන්න.

* සූදුරු ටික කබලක තියලා ටිකක් ටෝස්ට් කරගන්න.

* එනසල් කුඩු කරගන්න.

* හකුරු කුඩු ටික ලිපේ තියන්න පුළුවන් භාජනයකට දාලා ඒකට වතුර කෝප්පයක් එකතු කර හකුරු දිය උනාට පස්සෙ පැනි ටිකක් අයින් කරන්න. දැන් එනසල් සහ සූදුරු එකතු කරන්න. පොල් එකතුකර හොදින් මිශ්‍ර කරමින් පැනි පොල් එක හදාගෙන ලිප ඔෆ් කරන්න. වැනිලා එකතු කරන්න. ලුණු එකතු කර මිශ්‍ර කරන්න. පැනි පොල් තෙත ගතිය වැඩි උනාට කමක්නෑ. පැනි පොල් එක නිවෙන්න දෙන්න.

* පිටි එකට බේකින් සෝඩා සහ බේකින් පවුඩර් එකතුකර හලා ගන්න.

* බිත්තර ටික හොදට වික්ස් කරගන්න.

* දැන් මේ ඔක්කොම දාන්න පුළුවන් භාජනයක් අරං ඒකට පැනිපොල් ටික දාන්න ඒකට බිත්තර මිශ්‍රනයත් දාලා කලවම් කරන්න.

* අවන් එක සෙන්ටිග්‍රේට් අංශක 160 විනාඩ් 10 ප්‍රිරීහිට් වෙන්න දාන්න.

* පිටි එකටම කජු වියලි මිදි සහ රටඉඳි දාලා කලවම් කරන්න.

* දැන් පිටි එකත් පැනි පොල් එකටම දාලා හොඳින් මිශ්‍ර කරන්න.

* මිශ්‍රනය කලින් සූදානම් කරපු තැටියට දාලා තුනී කරගන්න.

* සෙල්සියස් අංශක 160 උෂ්ණත්වයෙන් විනාඩි 40ක් 45ක් අතර කාලයක් බේක් කරන්න. මේක අවන් එකෙන් අවන් එකට වෙනස් වෙන්න පුළුවන් ඒ නිසා ටූත්පික් එකක් ගහලා බලන්න ඇතුල තෙත ගතිය නැත්නම් හරි.

* කේක් එක අවන් එකෙන් එලියට අරං රස්නෙ පිටම කලින් අයින් කරපු පැනි ටික කෙක් එක උඩින් හැමතැනටම විසිරෙන විදියට දාගන්න.

* මේ කේක් එක හදපු දවසට වඩා දවසක් දෙකක් ගියාම තමයි ගොඩක්ම රස.

ස්තූතියි!
Thakshi’s kitchen
Thakshila N Rathnayake✍️

මින්චි සම්බෝලඅවශ්‍ය දේවල්   :  මින්චි කොල අහුරු 3                         ගාගත් පොල් cup 1                         රතුළූ...
27/03/2022

මින්චි සම්බෝල
අවශ්‍ය දේවල් : මින්චි කොල අහුරු 3
ගාගත් පොල් cup 1
රතුළූණු ගෙඩි 5-6
අමු මිරිස් 1
සුදුළූණු බික් 1
කුඩා ඉඟුරු කෑල්ලක්
ලුණු tsp 1
දෙහි ඉස්ම tbsp 1

හදන විදිහ 👇

* මින්චි, ළූණු ,අමු මිරිස් ,ඉඟුරු හොදලා පිරිසිදු කරගන්න.

* දෙහි ඉස්ම හැර අනිත් සියල්ල ගලේ අඹරලා හෝ බ්ලෙන්ඩර් කර වෙනත් භාජනයකට ඉවත් කරගෙන දෙහි ඉස්ම කලවම් කරගෙන රස බලන්න.

* මින්චි සම්බෝල බිරියානි කන්න තෝසේ කන්න හදලා බලන්න.

ස්තූතියි!
Thakshi’s kitchen
Thakshila N Rathnayake ✍️

22/03/2022

ආප්ප
පිටි කොට කොට ඉන්න දෙයක් නෑ මේ විදියට ලේසියෙන්ම ආප්ප හදමු.

අවශ්‍ය දේවල් :

* හාල් කෝප්ප 4
* පොල් ගෙඩි 2ක උකු කිරි
* ෆාස්ට් ඇක්ෂන් ඊෂ්ට් මේස හැඳි 1
* සීනි මෙස හැඳි 3
* අවශ්‍ය පමණට ලුණු
* බිත්තර 1

හදන විදිහ 👇

* හාල් පැය 6ක් පමන පොඟන්න තියන්න. (බාස්මති හාලනම් පැය 2 ඇති)

* පෙඟුන හාල් පොල්කිරි දාලා ක්‍රීම් එකක් වෙනකල් බ්ලෙන්ඩර් කරන්න.

* හාල් කුඩු ඉතිරි වෙනවනම් පෙරලා ආයෙත් ඒ ටික පොල්කිරි දාලා කොටන්න.

* කොටපු මිශ්‍රනය භාජනයකට දාලා ඒකට ඊෂ්ට් හා සීනි හැඳි 2ක් දාලා කලවම් කරලා පැය 6ක් විතර පිපෙන්න තියන්න.

* පිපුන මිශ්‍රනයට ලුණු සහ අනිත් සීනි හැන්ද දාන්න ( මේ සීනි හැන්ද දාපුවම තමයි ආප්පෙ වාටිය හොඳට කරවෙලා එන්නෙ.)හොඳින් කලවම් කරන්න. උකු ගතිය වැඩිනම් පොල්කිරි ටිකක් දාලා ගන්න.

* දැන් තාච්චිය රත් කරලා තලතෙල් හෝ පොල් තෙල් වලින් තාච්චිය පිහදලා එයට මිශ්‍රනය දාලා ආප්ප හදා ගන්න. (රුපියල් 2 කාසියක් හෝදලා තියාගන්න මේ වැඩේට. කාසිය රෙදි කෑල්ලක ගැට ගහලා තෙල් ගාන්න පාවිච්චි කරන්න.)

* ආප්ප ගැලවෙනවා හොරයිනම්, මිශ්‍රනයට බිත්තරයක් දාලා මිශ්‍ර කරලා හදලා බලන්න.

* බිත්තර ආප්ප ඕනනම් සාමාන්‍ය අප්පෙ හැදුව විදියටම මිශ්‍රනය තාච්චායට දාලා ඊට පස්සේ බිත්තරයක් දාලා ඒකට ලුණු ගම්බිරිස් දාලා අඩු ගින්දරෙ හදා ගන්න.

* පිටි මිශ්‍රනය තාච්චියට දාලා විනාඩි 1 1/2 විතර යනකල් තාච්චිය අරින්න එපා. එහෙම කලොත් අප්ප ඇකිලෙනවා.

අප්ප තාච්චිය පදම් කරන විදිහ 👇

https://www.facebook.com/103148681047387/posts/686669146028668/?d=n

ස්තූතියි!
Thakshi’s kitchen
Thakshila N Rathnayake ✍️

කමු 🍛
18/03/2022

කමු 🍛

මාස්මිලෝ පුඩිමඅවශ්‍ය දේවල් :  බිත්තර සුදුමද 3                       සුදු සීනි 150g                       ජෙලටින්  1 tbsp...
15/03/2022

මාස්මිලෝ පුඩිම
අවශ්‍ය දේවල් : බිත්තර සුදුමද 3
සුදු සීනි 150g
ජෙලටින් 1 tbsp
සීතල වතුර 125 ml
ෆුඩ් කලරින්
වැනිලා 1 tsp
ලුණු 1/8 tsp
කජු / රටකජු
වියලිමිදි

හදන විදිහ 👇

* සීතල වතුර ටිකට ජෙලටින් විසිරෙන විදිහට දාලා විනාඩි 5ක් විතර පැත්තකින් තියා ගන්න.

* බිත්තර සුදුමද ටිකට ලුණු එකතු කරලා බීට් කරන්න. හොඳට පෙන ආවම සීනි ටික ටික එකතු කරමින් බීට් කරන්න. දැන් වැනිලා එකතු කරලා ටිකක් බීට් කරලා හයිස්පීඩ් එකේ බීට් කරන්න. බීටරේ උස්සලා බලද්දි වැක්කෙරෙන්නෙ නැත්තම් පදම හරි. භාජනේ අනිත් පැත්ත හරෙව්වත් වැක්කෙරෙන්නෙ නැත්නම් පදම හරි.

* ජෙලටින් ටික ඩබල් බොයිල් කරලා හරි මයික්‍රවේව් කරලා හරි ගන්න. දැන් දිය වුණු ජෙලටින් ටික ටික දමමින් නැවත බීට් කරන්න. දැන් මේ මිශ්‍රනය ගොඩක් මෘදු වෙනවා. විනාඩි කිහිපයක් යද්දි පෙන වගෙ එනවා. එතකොට බීට් කරන එක නතර කරන්න.

* දැන් මිශ්‍රනය සමාන කොටස් දෙකකට වෙන් කරන්න. එකකට ෆුඩ් කලරින් බිංදුවක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරන්න.

* පුඩිම සෙට් කරගන්න ප්ලස්ටික් අයිස් පෙට්ටියක් උනත් ගන්න පුළුවන්.

* දැන් එක මිශ්‍රන කොටසක් භාජනයට දාලා ෆීසර් එකේ විනාඩි 5ක් තියලා අරං අනිත් මිශ්‍රන කොටස ඊට උඩින් දාන්න. සරසන නට්ස් ටිකත් අහුරගෙන පොලිතින් එක්කින් වහල ශීතකරණයේ සාමාන්‍ය කොටසෙ පැය 5ක් 6ක් විතර තියලා ගන්න.

* පුඩිම වටේට පිහි තලයක් හරි හැදි මිටකින් හරි බුරුල් කරලා පරිස්මට භාජනෙන් ඉවත් කර ගන්න.

ස්තූතියි!
Thakshi’s kitchen
Thakshila N Rathnayake ✍️

වට්ටක්කා සුප්හැමදාම රෑට කන බත් පිඟාන වෙනුවට දවසක් රෑකට වට්ටක්කා සුප් එකක් බොමුද? මේ සුප් එක හරිම රසවත්. බර අඩු කරගන්න හි...
10/03/2022

වට්ටක්කා සුප්

හැමදාම රෑට කන බත් පිඟාන වෙනුවට දවසක් රෑකට වට්ටක්කා සුප් එකක් බොමුද? මේ සුප් එක හරිම රසවත්. බර අඩු කරගන්න හිතන කෙනෙක්ට මේක හොඳ රාත්‍රී ආහාරයක්. දෙන්නෙකුට ඇතිවෙන ප්‍රමානයන් මෙතන තියෙන්නෙ.

අවශ්‍ය දේවල් : වට්ටක්කා 250g
බටර් 2tsp
පොඩි බීළූණු ගෙඩි 1
සුදු ළූණු බික් 5
සැල්දිරි ඉති 1
ගම්බිරිස් 3/4 tsp
ලුණු රස අනුව
කහ කුඩු 1/4tsp

හදන විදිහ 👇

* වට්ටක්කා සැල්දිරි සහ ළූණු සෝදා පිරිසිදු කරගන්න.

* සැල්දිරි හීනිවට ලියා ගන්න.

* බීළූණු ගෙඩිය චූටිවට කොටු කපා ගන්න.

* සුදුළූණු බික් පෙති කපාගන්න.

* වට්ටක්කා පොඩිවට කොටු කපා ගන්න. පොත්ත කොටස වෙන් කරලා ඒවත් කොටු කපාගන්න.

* භාජනයක් ලිපේ තියලා රත් වෙනකොට බටර් එකතු කරන්න. ඒකටම සැල්දිරි ළූණු සුදුළූණු ගම්බිරිස් ලුනු ස්වල්පයක් එකතු කර කලවම් කරන්න. විනාඩියක් විතර තෙම්පරාදු වෙන්න දෙන්න. දැන් කහ එකතු කරන්න. දැන් වට්ටක්කා එකතු කර ලිප මද ගින්දරේ තියන් විනාඩි දෙකක් තුනක් කලවම් කරමින් උයාගන්න. දැන් පියන වහලා විනාඩි දෙකක් විතර තැම්බෙන්න දෙන්න.

* දැන් පියන ඇරලා කලවම් කරලා වට්ටක්කා වැහෙනකල් වතුර දාලා වට්ටක්කා ටික තම්බගන්න.

* වට්ටක්ක තැම්බුනාම ස්මෑෂරයක් හරි හැන්දෙ අනිත් පැත්තෙන් හරි කෑලි ටික හොදටම පොඩි කරන්න. ලුනු රස බලා අඩුයිනම් දාගන්න. දැන් වට්ටක්කා සුප් රෙඩි.

ස්තූතියි!
Thakshi’s kitchen
Thakshi N Rathnayake ✍️

සීනි සම්බෝලඅවශ්‍ය දේවල් :  ලොකු බීළූණු ගෙඩි 2                       රම්පේ                       කරපිංචා                 ...
06/03/2022

සීනි සම්බෝල
අවශ්‍ය දේවල් : ලොකු බීළූණු ගෙඩි 2
රම්පේ
කරපිංචා
කුරුදුපොතු කෑල්ලක්
එනසල් 3
සියඹලා ඇටයක ප්‍රමානයක්
මිරිස්කුඩු තේ හැඳි 1
කෑලි මිරිස් තේ හැඳි 2
සීනි තේ හැඳි 3
ලුණු රස අනුව
තෙල් මේස හැඳි 2

හදන විදිහ 👇

* මුලින්ම හෝදලා පිරිසිදු කළ ළූණු ගෙඩි හීනියට ලියා ගන්න.

* සියඹලා එක වතුර මේස හැන්දක් විතර දමා දිය කර ගන්න.

* දැන් ළූණු හොඳින් අතින් පොඩිකරන්න ඒකට මිරිස් රම්පේ කරපිංචා කුරුඳු එනසල් ටිකක් තලා දමන්න. ලුනු සහ සීනි හැදි 1 ක් දමා සියඹලා ඉස්ම ටිකත් දාලා හොඳින් මිශ්‍ර කරන්න.

* දැන් තාච්චියක් ලිපේ තියලා රත් වෙනකොට තෙල් එකතු කර රත් කර එයට අර මිශ්‍රනය දමා හොඳින් මිශ්‍ර කර මද ගින්දරේ පියනින් වහලා බැදෙන්න දෙන්න. සැරින් සරේ පියන ඇරලා කලවම් කරන්න ළූණු තැම්බෙනකල්ම. දැන් ඉතිරි සීනි එකතු කර කලවම් කර ලිප ඕෆ් කරලා පියනෙන් වහලා ටිකක් තියන්න එතකොට ඒ සීනි වලින් බැදුමට ලස්සන පාටක් වගෙම රසයත් වැඩි වෙනවා. කොහොමත් මේ සීනි සම්බලේ හදපු දවසට වඩා පහුවදට තමයි ගොඩක්ම රස.

ස්තූතියි!
Thakshi’s kitchen
Thakshila N Rathnayake ✍️

දවල්ට 🍛
04/03/2022

දවල්ට 🍛

මසාලා චායිඉන්දියාවේ තමයි මේ තේ එක ගොඩක්ම ප්‍රසිද්ධ. මසාලා කියල කියන්නේ කුළු බඩු වලට. ඉන්දියාවෙනම් ප්‍රදේශයෙන් ප්‍රදේශයට ...
27/02/2022

මසාලා චායි
ඉන්දියාවේ තමයි මේ තේ එක ගොඩක්ම ප්‍රසිද්ධ. මසාලා කියල කියන්නේ කුළු බඩු වලට. ඉන්දියාවෙනම් ප්‍රදේශයෙන් ප්‍රදේශයට මේ තේ එකට භාවිතා කරන කුළුබඩු පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ආසියාතික රටවල් කිහිපයකම තේ වලට චා, චේ, චායි යන නම් කියලා භාවිතා කරනවා. ඉන්දියාවේ සමහර ප්‍රදේශවල චායි කියලා තමයි භාවිතා කරන්නේ. ඉතිං හැමදම නිකන් තේ කොල විතරක් දාලා හදන කිරි එක දවසක මෙහෙම හදලා බොන්නකෝ හරිම රසවත්. ☕️

අවශ්‍ය දේවල් : fresh milk cup 1 1/4
තේ කුඩු 2 tsp
කුරුඳුලපොතු කෑල්ලක්
කරාබුනැටි 2
එනසාල් 1
තලාගත් ඉඟුරු කෑල්ලක්
ගම්බිරිස් ඇට 5
රස අනුව සීනි

හදන විදිහ 👇

කිරි උණු කර ගැනීමට පුළුවන් භාජනයකට ඉහත සියල්ලම දමා අඩු ගින්දරේ හැදි ගාමින් කිරි කෝප්ප එකක් වෙනතුරු උතුරුවා ගන්න. දැන් පෙරලා අරන් කෝප්ප දෙකක් ආධාරයෙන් හොදින් කලවම් කරන්න (තේ යාර දාන විදිහට) මෙහෙම කළාම තේ එක තවත් රසවත් වෙනවා.

ස්තූතියි!
Thakshi’s kitchen
Thakshila N Rathnayake ✍️

උදේට මෙහෙමසුදු කව්පි තම්බලා පොල් සම්බෝල 😊
23/02/2022

උදේට මෙහෙම
සුදු කව්පි තම්බලා පොල් සම්බෝල 😊

පරිප්පු වඩේඅවශ්‍ය දේවල් :                       * පරිප්පු කෝප්ප 2                      * හීනියට කැපූ බීළූණු භාගයක්      ...
20/02/2022

පරිප්පු වඩේ
අවශ්‍ය දේවල් :
* පරිප්පු කෝප්ප 2
* හීනියට කැපූ බීළූණු භාගයක්
* හිනියට කැපූ කරපිංචා ටිකක්
* හීනියට කැපූ අමුමිරිස්/ කරල්මිරිස්
3-4 ක්
* සූදුරු තේ හැඳි 2
* මිරිස්කුඩු මේස හැඳි 1
* කැමති ප්‍රමානයට උම්බලකඩ
* ලුණු රස අනුව
* බැදීමට තෙල්

හදන විදිහ 👇

* පරිප්පු හොඳින් සෝදා පැයක් පමණ පොඟන්න තියන්න.(මම ගත්තෙ පොඩි පරිප්පු)
* පෙඟුන පරිප්පු වතුර පෙරලා කිචන්ටවල් එකක දාලා වතුර වේලෙන්න තියන්න.
* වතුර වේලුන පරිප්පු බ්ලෙන්ඩර් කරන්න. ( ටිකක් අතට අරං ගුලි කරලා බලන්න ගුලි කරන්න පුළුවන් මට්ටමට ආවම බ්ලෙන්ඩර් කරන එක නතර කරන්න) ටිකක් භාගෙට කොටලා මිශ්‍ර කරගන්න.
* දැන් භාජනයකට ඇඹරූ පරිප්පු දාගෙන ඒකට බීළූණු, කරපිංචා, අමුමිරිස්, සූදුරු, මිරිස්කුඩු, උම්බලකඩ සහ අවශ්‍ය පමණ ලුනු දමා හැන්දක් ආධාරයෙන් කලවම් කරන්න. ( අතින් කලවම් කළාම අතේ රස්නෙට ළූණු වල වතුර ගතිය එළියට ඇවිත් වඩේ ගුලි කරගන්න අමාරු වෙනවා.)
* හොඳින් කලවම් කළ මිශ්‍රනය කුඩා ප්‍රමානයෙන් ගෙන හොඳින් තදවෙන බෝල සදා අත් දෙකම ආධාරයෙන් අත්ලේ තබා තද කර වඩේ හැඩය හදා ගෙන පිඟානක අසුරා ගන්න.
* දැන් හොඳින් රත් වූ ගැඹුරුතෙලේ දෙපැත්ත හරවමින් රන්වන් පාට වෙනකල් බැදගන්න. (ලිප Medium heat එකේ තියාගන්න)

ස්තූතියි!
Thakshi’s kitchen
Thakshila N Rathnayake ✍️

කෙසෙල් කොලේ බත් කන්න එනවද? 😋😋😍බස්මති බතට කෙසෙල්මුව මැල්ලුමක් එක්ක කිරි කජු කරි, කංකුං ඩෙවෙල්, සැමන් තෙල් දාලා පරිප්පු වඩ...
16/02/2022

කෙසෙල් කොලේ බත් කන්න එනවද? 😋😋😍

බස්මති බතට කෙසෙල්මුව මැල්ලුමක් එක්ක කිරි කජු කරි, කංකුං ඩෙවෙල්, සැමන් තෙල් දාලා පරිප්පු වඩේ කවුද කැමති 😊

කජු රෙසිපිය ඕන අයට 👇

https://www.facebook.com/103148681047387/posts/675014703860779/?d=n

කිවි ඇඹුලඔයා පිටරටක ඉන්න කෙනෙක්නම් අමු අඹ කරියක් ඇඹරැල්ලා කරියක් කන්න ආස හිතුනත් ඒ දේවල් හොයා ගන්න අමාරුයි. අපිට පුළුවන්...
13/02/2022

කිවි ඇඹුල

ඔයා පිටරටක ඉන්න කෙනෙක්නම් අමු අඹ කරියක් ඇඹරැල්ලා කරියක් කන්න ආස හිතුනත් ඒ දේවල් හොයා ගන්න අමාරුයි. අපිට පුළුවන් ඒකට ආදේශකයක් විදියට මේක යොදා ගන්න. කිවි කියන්නේ රසවත් වගේම ගුණවත් පළතුරක්. ඔයා මේක පළතුරක් විදිහට කාලා ඇති. හැබැයි මේක උයපුවම ලංකාවෙදි අපි කන ඇඹරැල්ලා කරියෙ රසමයි තියෙනනේ. රසේ කිසිම වෙනසක් නෑ. ඉතිං පිටරටක ඉන්න කෙනෙක්ට ඇඹුලට කරියක් කන්න ආස හිතුනම මේක හදා ගන්න පුළුවන්.

අවශ්‍යය දේවල් : අමු කිවි ගෙඩි 6
බී ළූණු භාගයක්
අමුමිරිස් කරල් 1
කුරුදුපොතු කෑල්ලක්
මිරිස් කුඩු 1 tsp
කහ කුඩු 1/8 tsp
තුනපහ 1/2 tsp
උළුහාල් 1/8 tsp
රස අනුව ලුණු
සීනි 2 tsp
තෙල් 1 tbsp
උකු පොල්කිරි 1cup
රම්පේ
කරපිංචා

හදන විදිහ 👇

* කිවි ගෙඩිවල පොතු සුද්ද කරලා සෝදලා හතරට කපා ගන්න.
* දැන් භාජනයකට කිවි ටික දාලා ඒකට මිරිස්, කහ, ලුනු, තුනපහ දාලා හොදට කලවම් කරලා විනාඩි 15ක් විතර තියන්න.
* දැන් ඒකට ලියා ගත්තු ළූණු රම්පෙ කරපිංචා උළුහාල් , කුරුදුපොතු, අමුමිරිස් දාන්න.
* භාජනයක් ලිපේ තියලා තෙල් රතවෙනකොට ඒකට ඉහත කලවම් කරපු මිශ්‍රනය දාලා තෙම්පරාදු කරන්න. තෙලෙන් ටිකක් තැම්බෙන්න පියනින් වහන්න.( වතුර දාන්න අවශ්‍ය නෑ. කිවි වල වතුර ගතිය තියෙනවා )
* පොල් කිරි එකතුකරන්න මේ වෙලාවෙම සීනිත් දාලා උතුරන තෙක් හැඳිගාමින් උයාගන්න.

ස්තූතියි!
Thakshi’s kitchen
Thakshila N Rathnayake ✍️

ගොටුකොල මිශ්‍ර පොල් රොටි  හැමදාම හදන පොල් රොටි මෙහෙම හදලා බලන්නකෝ. කොල වර්ග කන්න කැමති නැති පොඩ්ඩෝ ලොක්කෝ ඔක්කෝටම මෙහෙම ...
10/02/2022

ගොටුකොල මිශ්‍ර පොල් රොටි
හැමදාම හදන පොල් රොටි මෙහෙම හදලා බලන්නකෝ. කොල වර්ග කන්න කැමති නැති පොඩ්ඩෝ ලොක්කෝ ඔක්කෝටම මෙහෙම කෑම හැදුවම දන්නෙම නැතිව පළා වර්ග කවාගන්න පුළුවන්. අපෙ අම්මා ඉස්සර මම ගෙදර ඉද්දි මෙහෙම හදලා දෙනවා හරිම රසයි වගේම ගුණයි. දැන් ඉතිං ඒවා මතක් කර කර මම තනියම කෑම හදලා අපි දෙන්නත් එක්ක කනවා. සැරට හදපු රසම රස ලුනු මිරිසක් හදන් ඉඟුරු ප්ලෙන්ටියකුත් එක්ක අම්මෝ රහ 😋😋

අවශ්‍ය දේවල් : පාන් පිටි 500g
ගොටුකොල මිටක්
අමුමිරිස් 4
හීනියට කපපු රතුළූණු ගෙඩි 8 -10
ගාගත් පොල් කෝප්ප 2
රස අනුව ලුණු
මද උණුසුම් වතුර
තෙල් ස්වල්පයක්

හදන විදිහ 👇

* භාජනයකට පාන් පිටි දාගෙන ඒකට ලියාගත් ගොටුකොල , ලියාගත් අමුමිරිස් , රතුළූණු , පොල්, ලුනු එකතු කර හොඳින් කලවම් කරන්න.
* වතුර ටික ටික දමමින් ඩෝ එක අනා ගන්න.
* අනාගත් පිටි මෝලියෙ තෙල් ස්වල්පය දවටලා පැයක් විතර භාජනේ වහලා තියන්න. (මෙහෙම නොකර උනත් රොටි හදන්න පුළුවන් මෙහෙම කලාම ගොඩක් හොඳට එනවා.)
* දැන් පොඩිවට බෝල කඩලා රොටි ටික හදාගන්න පුළුවන්.
* කටර් එකක් තියෙන අය පිටි මෝලිය රෝලපින් එකක් ආධාරෙන් තුනී කරලා රොටී කපා ගන්න.
* ලිප මද ගින්දරේ තියලා දෙපැත්ත දමමින් රොටි පුච්ච ගන්න.

ස්තූතියි!
Thakshi’s kitchen
Thakshila N Rathnayake ✍️

දූන් තෙල් බතලංකාවේ දන්සල් කාලෙදි අපි ගොඩක් අය ආසයි දූන් තෙල් බත් දන්සලකින් කන්න. හැබැයි දැන් මේ තියෙන ලෝක වසන්ගතයත් එක්ක...
07/02/2022

දූන් තෙල් බත
ලංකාවේ දන්සල් කාලෙදි අපි ගොඩක් අය ආසයි දූන් තෙල් බත් දන්සලකින් කන්න. හැබැයි දැන් මේ තියෙන ලෝක වසන්ගතයත් එක්ක අපිට ආයේ කවදා එහෙම කාලයක් එයිද කියල හිතන්නවත් බැරි වෙලා. පුළුවන් තරම් හැමෝම පරිස්සම් වෙමු. නරක කාලවල් වලදී අපි අපේ ජීවිත හොඳ පුරුදු වලට හරවගමු. හැමදාම රස දේවල් කඩේකින්ම කාලා සතුටු වෙන්නෙ නැතුව ගෙදරදීම හදාගෙන කන්න පුරුදු වෙමු. ඒක අපේ සෞඛ්‍යයටත් හොඳයි වගේම අපේ ජීවිතේට අළුතෙන් දෙයක් ඉගෙන ගන්නත් පුළුවන් වෙනවා. මේ රසවත් බත් එක හරිම ලේසියෙන් ඕන කෙනෙකුට හදා ගන්න පුළුවන්.

අවශ්‍ය දේවල් : බාස්මති / සම්බා හාල් 500g
දූන්තෙල් ( Buffalo Ghee )/ butter oil 1 1/2 tbs
රම්පේ
කරපිංචා
ගම්බිරිස් ඇට 1 tsp
කුරුඳු පොත්තක්
කරාබුනැටි 4-5
එනසල් 2
හීනියට ලියාගත් රටළූණු භාගයක්
කහ 1/8 tsp
රස අනුව ලුණු

බත සරසා ගැනීමට අවශ්‍ය දේවල් :
හීනියට ලියා බැදගත් ළූණු භාගයක්
බැදගත් කජු ටිකක්
බැදගත් වියලි මිදි ටිකක්

හදන විදිහ 👇

හාල් හෝදලා වතුර බේරලා තියාගන්න.

භාජනයක් ලිපේ තියලා ඒකට දූන්තෙල් දාලා රත්වෙනකොට ළූණූ දාලා බැදෙන්න දෙන්න. ළූණූ බැදුනම ඒකට රම්පේ, කරපිංචා, ගම්බිරිස් , කුරුඳු, කරාබුනැටි, එනසල් එකතුකර තෙම්පරාදු කර ඒකටම හාල් එකතු කර හොඳින් බැද ගන්න. දැන් වෙනදා හාල් වලට තියන වතුර ප්‍රමාණයම තියලා කහ සහ ලුනු දාලා බත උයාගන්න. බත් එක ඉදුනම පුදුම සුවඳක් එන්නෙ.

ඉදුන බත කූරූ ගාලා රම්පෙ කුරුදුපොතු, එනසල් කරාබුනැටි අයින් කරලා මේසෙට අරින භාජනේට දාලා බත සරසන්න බැදගත් කජු ප්ලම්ස් සහ ළූණූ දාලා සරසගන්න.

ස්තූතියි!
Thakshi’s kitchen
Thakshila N Rathnayake ✍️

Good morning !උදේට මෙහෙම කන්න කැමති කවුද? බාස්මති බතට උම්බලකඩ යහමින් දාලා වංගෙඩියෙ කොටපු පොල් සම්බෝලයි බිත්තර බුන්සයි.
06/02/2022

Good morning !
උදේට මෙහෙම කන්න කැමති කවුද?
බාස්මති බතට උම්බලකඩ යහමින් දාලා වංගෙඩියෙ කොටපු පොල් සම්බෝලයි බිත්තර බුන්සයි.

ආප්ප තාච්චිය පදම් කිරීමඅළුතෙන් ඇලුමිනියම් ආප්ප තාච්චියක් ගද්දි මුලින්ම ඒක කඩතොලු නැති ඇතුල සිනිඳු ගතිය වැඩියෙන් තියෙන එක...
05/02/2022

ආප්ප තාච්චිය පදම් කිරීම
අළුතෙන් ඇලුමිනියම් ආප්ප තාච්චියක් ගද්දි මුලින්ම ඒක කඩතොලු නැති ඇතුල සිනිඳු ගතිය වැඩියෙන් තියෙන එකක් තෝරගන්න.

මුලින්ම තාච්චිය හොඳින් හෝදලා ඒකට ගොරකා කෑලි 5-6ක් දාලා වතුර ටිකක් වැඩියෙන් දාලා වැඩි ගින්දරේ වතුර හිදෙනකල්ම තම්බන්න. වතුර හිදුනම ගොරකා නිවෙනක් ඉදලා ඒ ගොරකා වලින්ම තාච්චිය ඇතුල් පැත්ත හැමතැනම හොඳට අතුල්ලන්න. දැන් සබන් නොදා නිකන් වතුරෙන් හොදලා අයින් කරන්න.

තාච්චිය රත්කරලා ඒකට තලතෙල් මේස හැඳි 4ක් 5ක් දාලා හොදට රත් කරන්න. මේකටම බිත්තරයක් දාලා බදින්න. තාච්චිය නිවෙන්න දීලා අර බිත්තරෙන් හොදට තාච්චිය හැමතැනම අතුල්ලන්න. ආප්ප හදද්දි හරි පදම එනකල් බිත්තරෙන්ම තාච්චිය පිහින්නත් පුළුවන්.

තාච්චිය පිහින්න රෙදි පොට්ටනියක් තියාන්න.

කිසිම වෙලාවක රස්නෙ පිට තාච්චියට වතුර දාන්න එපා. නිවෙනකල් ඉඳලා සබන් නොදා වතුරෙන් විතරක් හෝදලා ගන්න. එක එක පැති වල එකඑක විදිහට ආප්ප තාච්චි පදම් කරනවා ඉතිං. ගොඩක් අය මේ විදිහටත් කරනවා. මේ තමයි මම තාච්චිය පදම් කරගත්තු විදිහ. දැන් නන්ස්ටික් ආප්ප තාච්චිත් තියෙනවා ඒවනම් පදම් කරන්න දෙයක් නෑ ගත්තා හැදුවා.
(පින්තූර අන්තර්ජාලෙන්)

ස්තූතියි!
Thakshi’s kitchen
Thakshila N Rathnayake ✍️

ඕට්ස් ස්මූතිඩයට් කරන ඔයාට මේක උදේ ආහාරයක් විදියට ගන්න පුළුවන්. සිනැක් එකක් විදියට උනත් ගන්න පුළුවන්. මම මෙතන දාලා තියෙන්...
02/02/2022

ඕට්ස් ස්මූති
ඩයට් කරන ඔයාට මේක උදේ ආහාරයක් විදියට ගන්න පුළුවන්. සිනැක් එකක් විදියට උනත් ගන්න පුළුවන්. මම මෙතන දාලා තියෙන්නේ එක්කෙනෙකුට අවශ්‍ය ප්‍රමාණයන්.

අවශ්‍ය දේවල් :
ඕටිස් 3tbs
හොඳින් ඉදුන කෙසෙල් ගෙඩියක්
යොදය රහිත කිරි / වතුර 1 cup
කුරුඳු කුඩු 1/2tsp
වැනිලා ස්වල්පයක්
ලුණු පින්චක්

හදන විදිහ 👇

ඕට්ස් ටික ටිකක් රන්වන් පාට වෙනකල් බැදගන්න. නිවෙන්න දෙන්න.

බ්ලෙන්ඩජා එකට ඕට්ස්, කෑලි කපා ගත්තු කෙසෙල් ගෙඩිය, කිරි හෝ වතුර,වැනිලා,ලුනු, කුරුදුකුඩු දමා බ්ලෙන්ඩර් කරන්න.

ස්තූතියි!
Thakshi’s kitchen
Thakshila N Rathnayake ✍️

චිකන් බිරියානිඅවශ්‍ය දේවල් :  👇                     බාස්මති හාල් 500g                     කුකුල් මස්  250g              ...
30/01/2022

චිකන් බිරියානි
අවශ්‍ය දේවල් : 👇
බාස්මති හාල් 500g
කුකුල් මස් 250g
කිරි / ප්ලේන් යෝගට් 1cup
තෙල් 3tbs
මිරිස්කුඩු 2tbs
තුනපහ 1tsp
කහ 1/8tsp
ගරම් මසාලා 1tsp
රස අනුව ලුණු
ඉඟුරු සුදුළූණු පේස්ට් 2tsp
දෙහි යුෂ/ විනාකිරි 1tbs
රම්පේ
කරපිංචා
පොඩි ළූණු ගෙඩියක්
තක්කාලි 1
අමුමිරිස් 3-4
කොත්තමල්ලි කොල අහුරක්

හදන විදිහ 👇

# කුකුල් මස් සීසන් කිරීමට

* කුකුල් මස් එකට කිරි ටික, මිරිස්කුඩු, තුනපහ, කහ, ලුනු සහ ගරම්මසාලා එකතු කරන්න. එයටම දෙහි හෝ විනාකිරි දමා හොඳින් මිශ්‍ර කර විනාඩි 30 ක් සීසන් වෙන්න තියන්න.

* චිකන් සීසන් උනාට පස්සෙ භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් දාන්න. තෙල් රත් උනාම රම්පෙ කරපිංචා ළූණු සුදුළූණු ඉඟුරු පේස්ට් එක අමුමිරිස් දාලා තෙම්පරාදු කරන්න. හොඳින් තෙම්පාරාදු උනාම තක්කාලි එකතු කරන්න. කලවම් කරලා සීසන් කරපු චිකන් එකතු කරන්න. හොඳින් කලවම් කරලා පියනකින් වහලා මද ගින්දරේ විනාඩි 5ක් උයන්න. (වතුර දාලා නෙවයි මේක තැම්බෙන්න තියන්නෙ.) විනාඩි 5කින් පියන අරිනකොට තෙල් පෑදිලා දකින්න පුළුවන්.

* චිකන් සීසන් කරපු භාජනේට වතුර කෝප්පයක් දාලා හෝදලා අරන් මේකටම දාලා අඩුම ගින්දරෙ ඉදෙන්න දෙන්න. ඒ අතරේ හාල් හෝදගන්න.

* හොද්ද පැහීගෙන එනකොට ලිප ඕෆ් කරලා හාල් රයිස් කුකර් එකට දාගන්න. හොද්දත් දාලා හොදට කලවම් කරලා බත උයාගන්න ප්‍රමානයට වතුර ගතිය මදිනම් වතුර දාගන්න. වෙනදා බතට තියෙනවට වඩා ටිකක් වැඩියෙන් වතුර තියෙන්න ඕන.

* බත ඉදිලා ඉවර උනාම කොත්තමල්ලි කොල අහුර බතට දාලා කූරු ගාන්න.

* මස් ටික වෙන් කරලා ගන්න.

* බත් එකක ප්‍රමානය අල්ලන බෝල් එකකට බත් දාලා තද කරලා තැටි පිඟානක තියලා හෙමින් භාජනේ අයින් කරන්න. එතකොට කඩේ හැඩේටම ගෙදර බිරියානි එකත් කන්න පුළුවන්.

* බිත්තර තම්බලා, මින්චිකොලසම්බෝලයක් ,රයිතා එකක් එක්ක මේක තවත් රසවත්.

ගරම් මසාලා රෙසිපිය 👇

https://www.facebook.com/103148681047387/posts/676811643681085/?d=n

ස්තූතියි!
Thakshi’s kitchen
Thakshila N Rathnayake ✍️

තැම්බුම් හොද්ද (රසම්, මිරිස් හොදි)තැම්බුම් හොද්ද කියන්නේ ශ්‍රී ලංකාවේ අත් බෙහෙත් අතර ඉහළින්ම තියෙන රසවත් ආහාරයක්. රසම් ස...
27/01/2022

තැම්බුම් හොද්ද (රසම්, මිරිස් හොදි)

තැම්බුම් හොද්ද කියන්නේ ශ්‍රී ලංකාවේ අත් බෙහෙත් අතර ඉහළින්ම තියෙන රසවත් ආහාරයක්. රසම් සහ මිරිස් හොද්ද කියලත් තැම්බුම් හොද්ද හැඳින්වෙනවා. ප්‍රතිශක්තිය වැඩි දියුණු කරන මේ හොද්ද කොරෝනා සමයෙදි අපි හැමෝටම ලොකු ප්‍රයෝජනවත් දෙයක්.

ආයුර්වේදයට අනුව තැම්බුම් හොද්ද අපිට භාවිතා කරන්න පුළුවන් අවස්ථා 👇

* දරු ප්‍රසූතියෙන් පසු ශරීරයේ වෙහෙස සහ වේදනාව දුරු කිරීමට.
* මල බද්ධය ඇති අවස්ථාවක.
* උදරාබාධ වලට.
* අහාර රුචිය වැඩීමට
* තුවාල සුව වීම ඉක්මන් කිරීමට.
* බඩ පිපුමට සහ වමනයට.
* විජලනයෙන් ආරක්ෂා වීමට.
* බැක්ටීරියා සහ වෛරස්වලින් ආරක්ෂා වීමට.
* ඔසප් වේදනා අඩු කිරීමට.

නිවරදිව තැම්බුම් හොද්දක් හදමු.

අවශ්‍ය දේවල් : 👇

* ලොකු නෙල්ලි ගෙඩි 2ක් තරම් සියඹලා ගුලියක් (ඇට සහ පොතු ඉවත් කර )

* සුදුළූණු බික් 5

* රතුළූණු ගෙඩි 10

* ගම්බිරිස් 1 tsp

* උළුහාල් 1 tsp

* කරපිංචා අහුරක්

* සූදුරු 1 tsp

* මහදුරු 1 tsp

* කොත්තමල්ලි 2 tsp

* මුරුංගා පොතු කැබැල්ලක්

* අඟල් 2 කුරුඳු පොතු කැබැල්ලක්

* වියලි මිරිස් කරලක්

* අමු මිරිස් කරලක්

* අවශ්‍ය පමණ ලුණු

හොද්ද හදන විදිහ 👇

* ලුනු සහ උළුහාල් හැර අනිත් සියල්ල වතුර ස්වල්පයක් දා ගලේ හෝ බිලෙන්ඩරේ දමා අඹරා ගන්න.
* මැටි මුට්ටියක් ලිප තියල එයට අඹරා ගත් පේස්ට් එක දාලා වතුර කොප්ප 4ක් දමා ලුනු සහ උළුහාල් එක්කර කෝප්ප දෙකක් පමණ වෙනතෙක් උතුරවා ගන්න.

ස්තූතියි!
Thakshi’s kitchen
Thakshila N Rathnayake ✍️

මාළු රෝල්ස්පිරිසිදුවට සෞඛ්‍ය ආරක්ෂිත විදියට හිතේ බයක් නැතුව ගෙදරදීම කෑම හදලා දුන්නම අපේම ආදරණීයන්ගේ වෙගේම අපේත් හෙට දවසේ...
23/01/2022

මාළු රෝල්ස්

පිරිසිදුවට සෞඛ්‍ය ආරක්ෂිත විදියට හිතේ බයක් නැතුව ගෙදරදීම කෑම හදලා දුන්නම අපේම ආදරණීයන්ගේ වෙගේම අපේත් හෙට දවසේ නිරෝගී බවට හොඳයි.

අවශ්‍ය දේවල් :

# පෑන් කේක් බැටර් එක සදහා අවශ්‍ය දේවල් 👇

* පාන්පිටි කෝප්ප 1
* බිත්තර 1
* වතුර අවශ්‍ය ප්‍රමානයට
* කහකුඩු ස්වල්පයක්
* ලුණු ස්වල්පයක්

# පිරවුමට අවශ්‍ය දේවල් 👇

* පොඩි සැමන්ටින් 1
* තම්බා පොඩිකරගත් අල 150g
* සිහින්ව කපාගත් රටලූණු භාගයක්
* සිහින්ව ලියාගත් අමුමිරිස් 3-4
* සිහින්ව කපාගත් කරපිංචා ටිකක්
* ඉගුරු සුදුළූණු පේස්ට් තේ හැදි 1
* ගමබිරිස් කුඩු තේ හැදි 1
* මිරිස්කුඩු තේ හැදි 2
* අමු තුනපහකුඩු තේ හැදි භාගයක්
* දෙහි යුෂ ස්වල්පයක්
* තෙල් මේස හැදි 2
* රස අනුව ලුණු

# රෝල්ස් දවටනයට අවශ්‍ය දේවල් 👇

* පාන්පිටි කෝප්ප 1/2
* බිත්තර 1
* පාන්කුඩු කෝප්ප 1 1/2
* බැදීමට තෙල්

‍# පෑන් කේක් බැටර් එක හදන විදිහ 👇

* බෝල් එකකට පිටි, ලුනු, කහ සහ බිත්තරය දමා හොඳින් මිශ්‍ර කරන්න.
* දැන් වතුර ටික ටික දමමින් උකුත් නැති දියාරුත් නැති බැටර් එකක් හදා ගන්න.
* තෙල් ගා ගත් පෑන් එක මදගින්දරේ රත්කර සාදාගත් බැටර් එකෙන් මේස හෑඳි 2 ක් දමා ඉතා තුනියට පෑන්කේක් එක සාදා ගන්න. ( සාමාන්‍යයෙන් මේ ප්‍රමානයෙන් පෑන් කේක් 12 - 14 ක් වගේ පුළුවන්) ඒක තීරණය වෙන්නෙ පෑන් එකට දාන පෑන්කේක් මිශ්‍රනයේ ප්‍රමානය අනුවයි.

# පිරවුම හදව විදිහ 👇

* සැමන්වල වතුර සහ කටු ඉවත්කර හොඳින් පොඩි කරගන්න.
* පෑන් එකක් ලිප තබා තෙල් මේස හැඳි 2 දමා රත්වන විට ඉඟුරු සුදුළුණු, බීලූණු, අමුමිරිස් හා කරපිංචා දමා තෙම්පරාදු කරන්න.
* දැන් සැමන් දමා එයට මිරිස්, ගම්බිරිස්, පහේකුඩු හා ලුනු එකතුකර මිශ්‍ර කරන්න.
* සැමන්ටික විනාඩි කිහිපයක් තෙම්පරාදු වූ පසු තම්බා පොඩිකරගත් අල එකතු කරන්න. හොඳින් මිශ්‍රකර ලිපෙන් බාන්න. දෙහි යුෂ එකතු කර මිශ්‍ර කර නිවෙන්නට තියන්න.

# රෝල්ස් දැවටුමට මිශ්‍රනය හදන විදිහ 👇

පිටි කෝප්ප භාගයට බිත්තරය සහ ලුනු ස්වල්පයක් දමා වතුර ටික ටික දමමින් ඝනකම්නැති දියාරු බැටර් එකක් සාදා ගන්න.

රෝල්ස් සාදාගන්නා විදිහ 👇

* සාදාගත් පෑන් කේක් එකක් ගෙන පැතලි පිඟානක් මත තබා එහි මැද කොටු හැඩයට මාළු මිශ්‍රනයෙන් මේස හැන්දක් පමන තියන්න.
* දැන් උඩ යට පැති දෙක ඇතුලට හිටින්න නවාගන්න.දැන් එක පැත්තකින් අල්ලා අනිත් අතට රෝල් කරන්න. කෙලවර රෝල්ස් දැවටුමට හැදූ මිශ්‍රනයෙන් ගා අලවාගන්න.
* මෙලෙස සාදා ගත් රෝල්ස් කලින් සදාගත් මිශ්‍රනයේ ගිල්වා පාන්කුඩුවල දවටා ගන්න. (වැඩි ප්‍රමාණයක් තියෙනවනම් ෂිප්ලොක් බෑග් එකක දාලා අධිශීතකරණයේ දාලා තියාගන්න පුළුවන්)
* ඉන්පසු හොඳින් රත් වූ ගැඹුරු තෙලේ රන්වන්පාට වෙනතුරු බැදගන්න.

ස්තූතියි!
Thakshi’s kitchen
Thakshila N Rathnayake ✍️

22/01/2022

වඩේ 😍

ගරම් මසාලා     ගරම් මසාලා යන්නෙහි තේරුම මෙසේයි,ගරම් කියන්නේ උණු කියන එකයි. මසලා කියන්නේ මිශ්‍රනය කියන එකයි, එවිට ගරම් මස...
20/01/2022

ගරම් මසාලා

ගරම් මසාලා යන්නෙහි තේරුම මෙසේයි,ගරම් කියන්නේ උණු කියන එකයි. මසලා කියන්නේ මිශ්‍රනය කියන එකයි, එවිට ගරම් මසාලා කියන්නේ උණු මිශ්‍රනය හෙවත් හොට් මික්ස් කියන එකයි.ගරම් මසාලා ඉන්දියානූ සුවඳ පහේ සරක්කූවයි.අපේ කළු පහේ කුඩුවලට බොහෝ සෙයින් සමානයි.නමුත් ඊට වඩා ගරම් මසාලා සුවඳින් වැඩියි. ඉන්දියාවේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට ගරම් මසාලා වට්ටෝරුවත් වෙනස් වෙනවා.මේ තියෙන්නේ ටිකක් අපේ රසට සමානව හදා ගන්න පහසු කේරල ගරම් මසාලා වට්ටෝරුවයි.

ඉන්දියානූ ගරම් මසාලා පහේ වට්ටෝරුව විටෙක පහේ මුසුවක් විටෙක රස කාරකයක් ලෙසත් ක්‍රියා කරනවා.බොහෝ විට බොහෝ ඉන්දියානූ කෑම වර්ග සකසා අවසන් වෙන්නේ එය උඩින් ඉසින ගරම් මසාලා කුඩු ටිකකින්.(අන්තර්ජාලය ඇසුරෙන්)

අවශ්‍ය දේවල්:
කොත්තමල්ලි 10g (tbs 2)
ගම්බිරිස් 10g (tbs 1)
සූදුරු 5g (tbs 1)
කරාබුනැටි 5g (කරල් 50)
මහදුරු 5g (tbs 1)
වසාවාසි 4ක්
සාදික්කා 5g (ඇට 1)
කුරුඳුපොතු 5g (අඟල් 4)
බේ ලීෆ් 5g (පොඩිකොල 20-25 )

හදන විදිහ👇

* මේ සියල්ල වෙන වෙනම වියලි පෑන් එකක දාලා විනාඩි එකත් එකහාමාරත් අතර කාලයක් අඩු ගින්දරේ බැද ගන්න.

* දැන් මේ සියල්ල එකට දමා කුඩු කර ගන්න.

* කුඩු කරගත් ගරම් මසාලා හුලං නොවදින ලෙස බෝතලයක දමා තබා ගන්න .

ස්තූතියි!
Thakshi’s kitchen
Thakshila N Rathnayake ✍️

අවන් කජු කරියකොච්චර ඉව්වත් ඇට ගතියට තියෙන අවන් කජු නැත්තම් වේලපු කජු මේ විදිහට උයලා බලන්නකෝ කිරි කජු කරිය වගේම රසට සුවඳට...
17/01/2022

අවන් කජු කරිය
කොච්චර ඉව්වත් ඇට ගතියට තියෙන අවන් කජු නැත්තම් වේලපු කජු මේ විදිහට උයලා බලන්නකෝ කිරි කජු කරිය වගේම රසට සුවඳට එනවා.

අවශ්‍ය දේවල් :
අවන් කජු 300g
මිරිස් කුඩු තේ හැඳි 1/2
ලුණු කුඩු තේ හැඳි 1/2
කහ කුඩු තේ හැඳි 1/4

කරිය සඳහා :
පොල්තෙල් මේස හැඳි 1
අබ තේ හැඳි 1
සුදුළූණු බික් 3
ලූණු කෑල්ලක්
අමුමිරිස් කරල් 2
රම්පෙ
කරපිංචා
වියලි මිරිස් කරල් 2
කුරුඳු පොකු කෑල්ලක්
උකු පොල්කිරි කෝප්ප 1 1/2
උළුහාල් තේ හැඳි 1/8
ගම්බිරිස් තේ හැඳි 1/2
කොත්තමල්ලි කුඩු තේ හැඳි 1/2
කහ කුඩු තේ හැඳි 1/4
කරි පවුඩර් තේ හැඳි 1/4

හදන විදිහ👇

* මුලින්ම පෙඟුන කජු වලින් භාගයක් විතර පියලි වෙන් කරන්න, දැන් කජු උයන භාජනයට දාගන්න.

* කජු එකට මිරිස් කුඩු තේ හැඳි 1/2, ලුනු කුඩු තේ හැඳි 1/2, කහ තේ හැඳි 1/4 ක් දාලා කලවම් කරලා කජු ටික වැහෙනකල් වතුර දාලා තැම්බෙන්න තියන්න.

* වතුර හිදෙන මට්ටමට කජු වරින් වර කලවම් කරමින් තැම්බුන පසු කජු භාජනයෙන් ඉවත් කර ගන්න.

* උකු පොල්කිරි කෝප්ප 1 1/2 ට ගම්බිරිස්කුඩු, කොත්තමල්ලි කුඩු, කහ කුඩු සහ කරි කුඩු දමා දියකරගන්න.

* භාජනය ලිප තබා එයට පොල් තෙල් දාලා රත් වී ගෙන එනකොට අබ දාන්න, අබ පිපිරෙන විට එයට සුදුළූණු ලූණු දමා ටිකක් බැදෙන්න දෙන්න. වියලි මිරිස් කෑලි සහ රම්පේ කරපිංචා කුරුඳුපොතු එකතු කර හොඳින් බැදගන්න.

* ඉහත දේවල් බැදුන පසු එයට පොල්කිරි එකතුකර හොද්ද පැහෙනකල් හැඳි ගාමින් ඉන්න. දැන් කජු එකතු කර හොඳින් කලවම් කරමින් හැඳිගාමින් කිරි ටිකක් හිදෙනතුරු තියා ලිපෙන් බාගන්න.

* ටික වෙලාවක් යද්දි කජු එක හොඳ උකු ගතියක් එනවා.

ස්තුතියි!
Thakshi’s Kitchen
Thakshila N Rathnayake ✍️

住所

Kawaguchi-shi, Saitama

ウェブサイト

アラート

Thakshi’s kitchenがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

ビデオ

カテゴリー

飲食サービス付近


Food & Beverageのその他Kawaguchi-shi

すべて表示
x

Food & Beverageのその他Kawaguchi-shi (すべて表示)

サワダパン Dapoer lenlen Ayesha And Travis Chili Garlic Oil Isabella’s Chicharon/Butcheron Pinoy Ulam & Groceries JB’s Beauty Care & More - Japan-Pinas Gayapon E-store from Japan CIRSI Fahreza 美山のことむすび Sanumi Spices TOMOE 食事とお酒のだいどころ 本楯新ブランド米研究会Sanzyu ii - FOODS Hương Vị Việt Omiya wisetech sari sari Wr Kangen jetis