26/07/2025
Hi යාලුවෝ කොහොමද?
අද මම ගෙනල්ලා තියෙන්නේ French Patisserie කියන Book එකේ සාරංශ ලිපි මාලාවේ 3 වෙනි කොටස ( මෙම කොටසින් INGREDIENTS කියන කොටස ඉවරයී ඉස්සරාට හොද හොද දේවල් තියෙනවා )
මෙම පොතේ දෙවැනි පරිච්ඡේදය වෙන් වෙන්නේ " INGREDIENTS " අමුද්‍රව්‍ය .
අපි බලමු කොහොමද මේ පොතේ අමුද්‍රව්‍ය කියන කොටස පැහැදීලි වෙන්නේ කියලා
FLOURS, GRAINS, AND STARCHES
✨WHEAT FLOUR
Pastry සෑදිමේ දී වඩාත් ම වැදගත් ingredients flour ,butter,sugar,egg
ඔබට ගොඩක් හොද රිසාල්ට් එකක් ගන්න ඕනේ නම් හොද flour එකක් තෝර ගන්න අවශයී.එකේ තේරැම All propose flour
පිටි වර්ග ගැන වගුවක් දාලා තියෙනවා.
✨WHAT IS GLUTEN?
Gluten සංඝටකය හැදිලා තියෙන්නේ protein 2 කින් ඒ තමයී glutenin and gliadin ස්වභාවිකව අඩංගු වෙනවා
wheat, rye, barley, spelt, and oats කියන වර්ග වල,
අපි පිටි වලට මොකක් හෝ liquid දාවණයක් එකතු එක විට එයී proteins වර්ග දෙක එකතු වෙලා Gluten නිර්මානය කරයී.Gluten කියන දේ baking වලට ඉතාමත් වැදගත් වෙයී.අපි පිටි ජලය අනිකුත් අමුද්‍රව්‍ය වඩාත් හොදින් මිශ්‍ර කරන විට Dough එකෙයී Gluten කවුලු නිර්මාණය වෙයී ඒ කවුලු වල වාතය පිරිමෙන් Dough එක prof වෙයී.මේ ක්‍රමය ප්‍රායෝගික ව වැඩගත් වෙයි yeast bread වර්ග සහ Brioche කියන බන් වර්ග සෑදිමේදී.
cakes, pastries, and tart crusts, සෑදිමේ දී ඔබ වඩාත්ම අවදානය යොමු කල යුතුයී සහ නොකලයුතුයි overmixing. මොකද ඔබ පමණට වඩා ඕවර් dough එක mixer කරොත් එහි Gluten එක් නිර්මාණය වී අනවශ්‍ය ලෙස Hard සහ පිපිණු ස්බාවයක් ගනි.අනිත් කරැන වන්නේ ඔබ
සාදන්නේ කුමක් ද එයට ගැලපෙන පිටි තිබිමයී උදාහරණයක් ලෙස ඔබ කේක් එකක් සාදන්නේ නම් එයට අවශය වන්නේ gluten ප්‍රමාණය අවම පිටි එකක් ඔබ පාන් වර්ග සාදන්නේ නම් ඔබට අවශය Gluten ප්‍රමාණය වැඩි පිටි එකක් එම කරැන pastry නිර්මාණය දී වඩාත්ම මතක තබා ගන්න.
✨ALTERNATIVE FLOUR
මෙම Flour වර්ග සම්බන්ධව සරලව කිව්වොත් මේවා සාදන්නේ grains වර්ග සහ Nuts වර්ග යොදාගෙන buckwheat, rye, spelt, or chest
✨STARCHES
මෙය ප්‍රදාන වශයෙන් gluten free වන අත වෙනස් ඇට,අල,මුල් වල පිෂ්ඨ යෙන් මෙය සාදයී.වඩාත්ම ප්‍රචලිත starch, වන්නේ cron සහ potato යී pastry වලට විතරක් නෙවෙයී cooking වලටත් මෙය බාවිතා කරයී .මෙය ඝණිකාරයක් ලෙස බාවිත කරයී
✨CUSTARD POWDER
Custard powder කියන්නේ හොදින් පවුඩර් කරපු cron flour සහ sugar, vanilla flavoring, කරපු පොඩ් yellow color එකක් දුන්න පවුඩර් එකක්.
✨YEAST AND BAKING POWDER
✨ BAKER’S YEAST
Yeast කියන්නේ ජිවියක් තියෙන ක්ෂුද්‍ර දිලීරයක්,එය පිටි ,ජලය, සීනි සමග ප්‍රතික්‍රියා කර කාබන්ඩයොක්සයිඩ් නිශ්පාදනයකර Dough පිපිමට උදව් වෙයි.Yeast එක නිසා පාන් එක bake වෙන විට රසයක් සුවදක් නිර්මාණය වෙනවා.
Yeast වර්ග දෙකක් ඇත .නැවුම් යිස්ට් සහ වියලි Yeast ලෙස : Fresh yeast dry Yeast එක තරම් වේගයෙන් ක්‍රියා නොකරන අතර
ගොඩක් pastry chef ලා fresh yeast use කරන අතර වියලි සහ නැවුම් දෙක හරි ආකාරයෙන් බාවිතා කරහොත් විශිෂ්ට ප්‍රතිපල ලබා ගත හැක.සමහර අවස්තා වල චෙෆ්ලා රෙසිපියේ ඇති යිස්ට් ප්‍රමාණයෙන් 40% හෝ 50% dry yeast බාවිතා කරයී (උදාහරණයක් විදියට රෙසිපියේ තිබෙන නැවුම් යිස්ට් නම් 40% dry yeast දානවා.)
✨BAKING SODA
Baking soda වල විද්‍යාත්මක නාමය bicarbonate of soda, මෙය baking powder වලට සමාන තත්වයක් පෙන්නවයී.නමුත් මෙය සෘජුවම ingredient වලට යොමු කරන්නේ නැහැ French pâtisserie වලදී . Baking soda සමානයෙන් ආම්ලික දේයක් සමග එකතු කරාම , කිරි,යෝගට් වගේ එය ඉක්මනින් ප්‍රතික්‍රියා කරලා කාබන්ඩයොක්සයිඩ් නිෂ්පාදනය කරනවා. විශ්ෂයෙන්ම අපි සැලකියුතුයී රෙසපි යේ තිබෙන ප්‍රමාණයටම ඇඩ් කරන්න බේකින් සෝඩා නැත්‍නම් අපේ අයිටම් එකෙන් සබන් රසයක් එන්න ඉඩ තියෙනවා.
✨ THICKENING AND GELLING AGENTS
✨ AGAR-AGAR
Agar-agar කියන්නේ ශාකමය Base එකකින් හදන thickener එකක් මෙය රතු ඇල්ගී කියන මුහුවු පෑලෑටියෙන් හදන්නේ. මෙම වර්ගය පවුඩර් සහ කොටස් වශයෙන් මිලදී ගන්න පුලුවන්.හොදම වර්ගයේ thickener එකක්
1 tsp (4 g) of powder is enough for 4 cups (1 liter) of liquid.
පලමුව කූල් වතුරෙන් මිශ්‍ර කල යුතු අතර ,අනතුරුව 1 min boil කරන්න ඕනේ හොදින් එය දිය වෙන තෙක්.
✨GELATIN
මෙය ප්‍රදාන වශයෙන් collagen වලින් සාදන අතර හරක්,ඌරන් ගේ skin,hides,bones වලින් collagen කියන දේ ලබා ගනි.එය පවුඩර් සහ sheet ලෙස ලබාගත හැකි අතර වැඩියෙන් ම professional chef ලා බාවිතා කරන්නේ sheet ය. මොකද sheet use කරලා ගන්න රිසාල්ට් එක clean & perfect නිසා.
✨💌 අනිවාර්යයෙන් ම විශේෂ කරැණු වර්ගයක් තියෙන photo s වගයක් දානවා එක බලන්න.
✨PECTIN
ස්බාවික පලතුරු වන apples, quince, citrus fruits, and currants pectin කියන සංඝටකය අඩංගු අතර එය pastry වලදී ඝනකාරකයක් ලෙස යොදා ගනි,මෙය පවුඩර් එකක් වශයෙන් වෙළදපොලේ තිබෙන අතර මෙය categories දෙකකට බෙදෙයී.
1.high methoxyl (HM)
මෙය එක සැරයක් ඝන වු පසු නැවත melt කල නොහැක.
2.low methoxyl (LM).
මෙය melt කල හැකි අතර එය ආහාර සදහා glazen වර්ග සදහා බාවිතා කරයී.
Pectin යොදා ගන්නා අවස්තා වෙන්නේ pâtisserie, including as a thickener in jams, glazes, creams, and fillings.
Pectin කියන දේ සෘජුව ම බාවිතා කරන්නේ නැති අතර එය සීනි සමග මිශ්‍ර කර බාවිතා කරයී.
゚viralシfypシ゚viralシalシ