05/06/2026
මගේ හොඳම යාලුව අපි උබත් එක්ක ඉන්නවා
ගිණි ගන්න වෙලාවේ
තමන්ගේ අම්මා තාත්තාව
මහළු නිවාසයේ ඇදන් වල
ගැටගසා තිබුන නිසා තමයි
මේ ගින්නට හසු උනේ කියලා
කිඹුල් කදුළු හල හල...
ටීවී චැනල් වලට වොයිස් කට් දෙන
දේවදත්ත පරපුරේ දුවලා පුතාලා
ඒ ව්‍යාසනයට ලක්උන තමන්ගේ
අම්මා තාත්තාව තමන්ගේ ගෙදර වත්තේ
ගැටගහලා වත් බලාගන්න
අකමැති උන උන් තමයි...
දැන් ඇවිත් වොයිස් කට් දෙන්නේ.....
අපිට අපේ අම්මව තාත්තාව
මාසෙට සැරයයි බලන්න පුළුවන්
උනේ අපි මුලින් 75000ක් දීලා
මාස්පතා 35000ක් සල්ලි දුන්නා කියන උන්
ඇයි දන්නේ නෑ තාත්තලාව
අම්මලාව ගෙදර තියන් බලාගන්නේ
නැතුව මේ නිවාසෙට ගෙනත් දැම්මේ...
හරිනම් මේ මනුස්සයාගේ පින්තූරේ නෙවේ මේ අසරන වයසක අම්මා තාත්තාව මෙතනටගෙනත් දාපු දෙව්දත් පරපුරේ නල්ල්මලේ දරුවන්ගේ පින්තූර තමා ප්‍රසිද්ධ කරන්න ඕනෑ...
මං අහන්නේ ඔයලා කියන විදියට මේ මනුස්සයා නරක නම් ඇයි ඔයාලගේ දෙමාපියන් මේ වගේ තැන් වලට දාන්නේ ?
ඇයි දරුවෙක්ට තමන්ව වදපු හදපු දෙමපියන් බලා ගන්න බැරි ඔහුන්ගේ අවසාන කාලේදිවත්?
ඒ වගේම එම ගින්නෙන් අනතුරට පත් වූ සියලු දෙනාට ඉක්මන් සුවයද,අප අතරින් වෙන් වූ අයට නිවන් සුවයද ප්‍රාර්ථනා කරමි..!
💖🌻🙏🏳️
Isuru Anushka
゚ ゚