17/02/2026
https://www.facebook.com/share/1CH4nZ5Gig/?mibextid=wwXIfr
📌ඔබේ වගා භූමිය නවීන කෘෂි සංචාරක ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම ඉතාම හොඳ සහ අනාගතයට ගැළපෙන ව්‍යාපාරික අදහසක්.
Agri ටුවරිසම් කියන්නෙ වගාව + විවේකය + අත්දැකීම + ආදායම කියන සංකල්පය මත ගොඩ නැගෙන දෙයක්.
📌ගොඩක් අය ලස්සන ප්ලේස් හොයනවා කබානාවක් දෙකක් ගහලා සංචාරකයින් ගෙන්න ගන්න. ඒකට වැවක්, ගගක්, එක්කො වෙලක් වගේ හොයනවා..ඔබට පුලුවන් ඒ තැන වගාවක් ලෙස ඉදිරිපත් කරන්න.
📌ස්වභාවික පරිසරය සමඟ ජීවත්වන අත්දැකීමක්, සැබෑ ගම්මානීය පරිසරයක, සරුසාර වගා බිම මැද පිහිටි ලස්සන A-frame කබාන දෙකක් හරිත වගා පෙළ, කුඩා පොකුණක්, පාරවල් සහ මල් බෝග, මේ සියල්ල එකට එකතු වෙලා සම්පූර්ණ විවේක අත්දැකීමක් ලබා දෙයි.
📌මෙවැනි ස්ථාන විදේශිකයන්ට ආකර්ෂණීයයි, විශේෂයෙන් ලංකාව වැනි ස්වභාවික සුන්දරත්වයෙන් යුත් රටක. විදේශිකයන් ලක්ශරි හොටෙල් කාමර වලට වඩා දේශීය ග්‍රාමීය කියනදේට කැමතියි. අපිට වඩා දියුණු රටවල් වල අපට වඩා ලක්ශරි ජීවිතය විදපු අයට ඒ ග්‍රාමීය අත්දැකීම් තමා වටින්නෙ.
📌වගා කරලා, එළවළු කඩාගෙන තමන්ම කෑම සකස් කරගන්න අවස්ථා වලට වැඩි කැමැත්තක් දක්වනවා. එහෙම තැන් දැන් නිර්මාණය වෙමින් යන්නෙ.
📌ඔබට මෙහිදී ඔවුන්ට ලබා දිය හැකි සේවාවන් ලෙස වගා කටයුතු වලට සෘජු ලෙස සහභාගී වීම, ගෙවත්තෙන් සෘජුව ලැබෙන කාබනික ආහාර ලබාදීම, ගම්මානීය ජීවිත අත්දැකීම, නිහතමානී විවේක පරිසරය ආදීය දක්වන්න පුලුවන්.
📌හොඳ ආදායම් අවස්ථාවක් මෙවැනි කබානා 1ක් හෝ 2ක් පමණ තිබුනොත් හොදටම ප්‍රමාණවත්.
ඔවුන්ට නවාතැන් ලබාදීමෙන්, වගාකරන්න හා අස්වනු නෙලන්න අවස්ථාව ලබා දීමෙන්, කාබනික එලවලු පලතුරු මිලදී ගන්න අවස්තාව ලබා දීමෙන් හොද ආදායමක් ලබාගන්න පුලුවන්..
සමහර විට ඔවුන් ඔබට ආධාර පවා දෙන්න පුලුවන් ඔබේ මහන්සිය දැකලා 😍
මීට අමතරව දේශීය කපල් වලට නවාතැන් හා පොටෝ ශූට් සදහා ලබා දී ආදායමක් ලබා ගන්න පුලුවන්.
💪මෙය සරල වගා බිමක් නොවෙයි.
මෙය “Experience Destination” එකක් බවට පත් කළ හැකි ව්‍යාපාරික අවස්ථාවක්.
👉ඉතිං මේ ලිපිය ලිව්වෙ මාත් මේ දේ ආරම්භ කරගෙන යන ගමන්මයි 😲💲 ඒ නිසා මේ ලියලා තියෙනවාට වඩා කරුණු සොයා බලලා තියෙන්නෙ. මේකෙදි සමාජෙට පනිවිඩේ යවන්න ඔයා මෙහෙම දෙයක් කරනවා කියලා ඒකට ෆේස්බුක් ඇඩ්, ටික් ටොක් වීඩියෝ භාවිතා කරගන්න. කබානා ඒ ෆ්‍රේම් ඒවාම වෙන්න ඕන කියලා නෑ බජට් එක අනුව හදාගන්න පුලුවන්. ඉතිං හොදට හිතලා බලලා ක්‍රියාත්මක කරන්න..💪🥰
හොද අදහසක් වගේ නම් share කරගෙන යන්න..❤️