20/06/2026
ඔයත් කැමතිද කෝච්චියෙන් අනුරාධපුරයට ආපුවහම නිදහසේ... 🤤🚐
අනුරාධපුරේ තියෙන සිද්ධස්ථාන ටික වැඳ පුදා ගන්න, බලාගන්න ♥️😎
මට පුළුවන් ඔයාව මගේ වාහනෙන් අනුරාධපුර නගරය ඇතුලේ ඔයා ඉන්න තැනකින් අරගෙන අනුරාධපුරේ හැම තැනක්ම පෙන්නලා ආපහු අනුරාධපුර නගරයේ ඔයා ඉන්න තැනකට ගිහින් බස්සන්න. 🤗⭕
අනුරාධපුර පූජා නගරය ඇතුළේ අපිට බලන්න යන්න තැන් විස්සක් විතර තියෙනවා.
රුවන්මැලි මහා සෑය
ජය ශ්‍රී මහා බෝධිය
සඳහිරු සෑය
ඉසුරුමුණිය
රන්මසු උයන
වෙස්සගිරිය
මිරිසවැටිය
ථූපාරාමය
ලංකාරාමය
සඳකඩපහණ
රත්නප්‍රසාද මාලිගය
අභයගිරි දාන ශාලාව
ඇත් පොකුණ
පැරණි බෝධිඝරයේ නටබුන්
අභයගිරි සෑය
යතුරු පොකුණ
සමාධි බුද්ධ ප්‍රතිමාව
කුට්ටම් පොකුණ
ජේතවනාරාම දාගැබ
දළදාගේ
මහා පාලි දාන ශාලාව
විජයබාහු මාලිගය
කියන තැන් තමයි ඔය පූජා නගරය ඇතුලේ බලාගන්න තියෙන්නේ.. 🌚🌷
ඉතින් මේ තැන්වල එක දවසකින් මගෙ වාහනේ එක්කන් යන්න ඉන්ධන රියදුරු සියල්ල එක්ක මම ගන්නේ රුපියල් 7500යි.
මේ තැන්වල ඇවිදිද්දි ඒ ඒ තැන් ගැන සරලව විස්තර කරලා දෙන්න මට හැකියාව තියෙනවා. නමුත් මම වෘත්තිමය මඟපෙන්වන්නෙක් නෙමෙයි. මම හත්දාස් පන්සීය ගන්නේ ඔයාව මේ තැන් වලට එක්කන් යන්න විතරයි. ඉතින් මාත් එක්ක යන ඔයාට මම අමතරව ලබා දෙන සේවාවක් විදිහට පොඩි විස්තරයක් මේ තැන් ගැන කියලා දෙනවා.
නමුත් සමහරවිට ඔයා කැමති වෙන්න පුළුවන් මේ ගැන මේ අපේ ඉතිහාසය ගැන හොඳ අවබෝධයක් ලබාගෙන යන්න. ඔන්න එහෙනම් මාත් එක්ක යන ඔයාට පුළුවන් අපේ ගමනට වෘත්තිමය මාර්ගෝපදේශකයෙකු සම්බන්ධ කරගන්න ඒ සඳහා අමතර ගෙවීමක් කරන්න වෙනවා. මම හිතනවා ඒ කරන ගෙවීම ඔයාගේ දුවට පුතාට කරන ලොකු ආයෝජනයක් වෙයි කියලා.
⭕ පූජානගරයේ ඇවිදින්න (Vehicle+Driver+Fuel+Professional Guide ) සම්පූර්ණ ගාන වෙන්නෙව් රු.15000/=
🚐 මගෙ වාහනේ ගැන කියනවනම් මේක වැඩිහිටි අය 8 දෙනෙක්ට යන්න පුලුවන් Townace වෑන් එකක්. මේ අය කිරීම් වෙන්නේ සම්පූර්ණ වාහනේටම තමයි. ඔයාට ගැටලුවක් නැත්නම් වාහනේ 10ක් 12ක් ගියත් කිසිම ගැටලුවක් නෑ. (non AC)
එහෙනම් ඔයත් අනුරාධපුරේ එනවනම්, නොදන්න පළාතක දන්න කෙනෙක් එක්ක ඇවිදින්න මට කතා කරන්න.
0742303555 (මම හිරුෂාන්)
#හයර්