Our Story
Fonterra is a global dairy co-operative that touches millions of Sri Lankans' lives through our nutritious and tasty products. We're on a mission to share the goodness of milk and world-class dairy expertise to make Sri Lanka a healthier & happier nation.
This page is dedicated to sharing our experiences with you. Get an insight into what we do, how we work, and find the latest job opportunities at Fonterra.
We encourage you to leave comments, photos and links here, however we ask you to please be respectful of the entire community.
We reserve the right to remove any comments or posts that are deemed inappropriate without warning or explanation. Any individual or group found to repeatedly post inappropriate content may be blocked from this page. Fonterra claims no liability in any way connected to the use of or access to the Fonterra page on Facebook.
By making any contribution to this page - including comments, photos or videos – you are granting Fonterra permission to reuse this content inside the Facebook platform. If we wish to utilise any content outside of Facebook, permission will be sought via an individual request to the owner.
ජාත්‍යන්තර කිරි කර්මාන්තයේ පුරෝගාමීයෙකු ලෙස කටයුතු කරන ෆොන්ටෙරා සමාගම වන අප, අපගේ පෝෂ්‍යදායි හා රසවත් නිෂ්පාදන තුළින් ශ්‍රී ලාංකිකයන් මිලියන ගණනකගේ ජීවිත වලට නිරන්තරයෙන් ළඟා වන්නෙමු. ශ්‍රී ලංකාව තුළ නිරෝගී හා ප්‍රීතිමත් ජාතියක් ගොඩනැගීම උදෙසා කිරි වල ඇති යහගුණය හා කිරි කර්මාන්තය හා සම්බන්ධිත දැනුම බෙදාගැනීමේ ගමනක අපි නියැලෙන්නෙමු.
අප, අපගේ අත්දැකීම් ඔබත් සමඟ බෙදා ගැනීම උදෙසා මේ පිටුව ඔබට වෙන් කරන අතර, අප කරන කාර්යයන්, එම කාර්යයන් කරන අයුරු සහ ෆොන්ටෙරා ආයතනයේ ඇති නව රැකියා ඇබෑර්තු දැන ගැනීම පිණිස ඔබට මෙම පිටුව භාවිතා කල හැක.
මෙම පිටුව තුල ඔබගේ ප්‍රකාශයන්, ඡායාරූප සහ යොමුවන් සදහන් කිරීමට අපි අවකාශය ලබා දී ඇති නමුත් සමාජජාල භාවිතයේ යෙදී සිටින අනෙකුත් පරිශ්‍රීලකයන්ට එමගින් යම්කිසි අගතියක් නොවන ලෙස මෙම පිටුව භාවිතා කරන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටින්නෙමු. ඔබ විසින් මෙහි තබන ප්‍රකාශයන් හෝ පළකිරීම් අප පිටුවේ අන්තර්ගතයට යෝග්‍ය නොවන්නේ නම්, කිසිදු පුර්ව දැනුම් දීමකින් හෝ පැහැදිලි කිරිමකින් හෝ තොරව ඒවා ඉවත් කිරීමට අප කටයුතු කරන අතරම කිසියම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් දිගින් දිගට එවැනි නුසුදුසු දෑ අප පිටුව වෙත යොමු කරන්නේ නම්, අප පිටුව විසින් අදාළ පුද්ගලයාව හෝ කණ්ඩායමව අවහිර කිරීමටද කටයුතු කරන්නෙමු. ෆේස්බුක් අඩවියේ ඇති අප ෆොන්ටෙරා පිටුව භාවිතා කිරීමට ඔබ විසින් භාවිතා කරන මාර්ගයන් හෝ අප පිටුවට පිවිසෙන ආකාරයන් පිළිබදව ෆොන්ටෙරා ආයතනය කිසිදු ආකාරයක වගකීමකට නොබැදෙනු ඇත.
අප පිටුවේ පළකරන ඡායාරූප, වීඩියෝ හෝ ප්‍රකාශයන්, ෆේස්බුක් අඩවිය තුල නැවත භාවිතා කිරීමට අපට අවසර ලබා දීමක් ලෙස සලකන අතර ෆේස්බුක් අඩවියෙන් පිට යම් අන්තර්ගතයක් අප ෆොන්ටෙරා පිටුව විසින් භාවිතා කරන්නේ නම්, ඒ අන්තර්ගතය අයිති පුද්ගලයාගෙන් හෝ පුද්ගල කණ්ඩායමෙන් අපි පෞද්ගලික ඉල්ලීමකින් අවසර ලබා ගන්නෙමු.