D R Kitchen

Call Contact the business

D R Kitchen ආයුබෝවන්🙏🏻 D R Kitchen Watalappam වෙත ඔබව සාදරයෙන් පිලිගනිමු. රසම රස වටලප්පමක රස බලන්න අපිට කතා කරන්න.
ඔබගේ විශේෂ අවස්තාවන් සදහාද අපිට කතා කරන්න ☺️

15/09/2026

එක එක රසයෙන් පිරුණු ව්‍යාංජන ගොඩක් එක්ක, ආදරෙන් හදාගත්ත බත් පිඟානක්… 🥰✨
කෑමට වඩා මේ වගේ පිඟානක් දැක්කම හිතත් පිරෙනවා! 😋❤️

#රසපිරුණුකෑම #කෑමපිඟාන

මොන දේවල් සිදු වුණත්…අපිට එක කාලයක ලස්සන පවුලක් තිබුණා. 🤍හැමදාමත් සතුටින්ම ගෙවුණු දවස් නොතිබුණා වෙන්න පුළුවන්…අපි අතර අඩ...
14/09/2026

මොන දේවල් සිදු වුණත්…
අපිට එක කාලයක ලස්සන පවුලක් තිබුණා. 🤍

හැමදාමත් සතුටින්ම ගෙවුණු දවස් නොතිබුණා වෙන්න පුළුවන්…
අපි අතර අඩුපාඩු තිබුණා, රණ්ඩු තිබුණා,
නිහඬව හිත රිදුණු මොහොතවල් තිබුණා…
ඒත් ඒ හැම වේදනාවක්ම මැදින්,
අපි එකිනෙකාට ආදරය කළා.
එකිනෙකා වෙනුවෙන් හිටියා. 🥺❤️

එකට කෑම කාපු දවස්,
හිනාවෙමින් ගෙවුණු සන්ධ්‍යාවන්,
පොඩි දේවල් ගැන පවා සතුටු වූ මොහොතවල්…
අද ඒ හැම දෙයක්ම මතකයක් වෙලා තිබුණත්,
ඒ මතක තවමත් මගේ හිත උණුසුම් කරනවා. 🫶

අද ආපහු හැරිලා බලද්දී,
ජීවිතය අපිට දුන්න ලස්සනම තෑග්ගක් තමයි
“අපේ පවුල” කියන ඒ බැඳීම…
කාලය ගෙවුණත්, දුරස්වීම් ඇති වුණත්,
හදවතේ ගැඹුරුම තැනක තවමත් ජීවත් වන
ඒ ආදරණීය මතකය. 🤍

මොන දේ වුණත්…
ඒ දවස් ලස්සනයි.
ඒ සිනහවන් ලස්සනයි.
ඒ මතකයන් අමතක කරන්න බැරි තරම් වටිනායි.
ඒ පවුල… අද අපි එකට නොසිටියත්,
හැමදාමත් මගේ හිතේ ලස්සනම තැනක ජීවත් වේවි. 🤍🥺

13/09/2026

රසයි ගුණයි දෙකම පිරුණු කෑම පිගානක් 😍🍛

゚ ゚viralシ

12/09/2026

අවුරුදු කිහිපයකට කලින් බන්ඩි අම්මා කෙනෙක්ට දුන්නු රසම රස කෙසෙල් කොලේ බත් එකක් 🤰♥️

ඊයෙ කාපු රසම රස කඩේ බත් එක 😍😋     ゚
11/09/2026

ඊයෙ කාපු රසම රස කඩේ බත් එක 😍😋

゚

09/09/2026

&0 දශකයෙ අපි දෙන්නා ♥️🫶🏻

07/09/2026

ඊයෙ ඉරිදා කෑම පිගාන.
උණු උණුවෙන් හදපු රසම රස කෑම ටිකක් එක්ක
සතුටින් පිරුණු ඉරිදා දවසක්… 🥰❤️

Sunday එකට මෙහෙම කෑම පිඟානක් නැතුව කොහොමද? 😋🍽️

#කෑම #ගෙදරකෑම #ඉරිදාකෑම #බත්_ව්‍යාංජන #අදකෑම

06/09/2026

මීට අවුරුදු එකහමාරකට විතර කලින්…
මගේ ජීවිතේ එකම එක මොහොතකින් හැමදේම වෙනස් වුණා.

මගේ වකුගඩු අක්‍රිය වුණා…
ජීවිතේ ගැන කිසිම බලාපොරොත්තුවක් නැති තරම් මම අසරණ වුණා.
මට මගේ ජීවිතයවත් මගේ අතේ නෑ කියලා දැනුණු කාලයක් ඒක… 🥺

මගේ ජීවිතය බේරගන්න
සමහර මිනිස්සුන්ගේ උදව් ඉල්ලන්න සිද්ධ වුණා.

ඒ උදව්වලට මම අදටත් පින් දෙනවා.
ගොඩක් දෙනෙක් හිටියා මන් උදව් ඉල්ලන්නත් කලින් මට ගොඩාක් උදව් කරපු.
ඒත් ඒ අතරෙම,
මම උදව් ඉල්ලපු නිසාම මාව පහත් කරපු,
වෙනස්කම් කරපු,
මගේ හිත තවත් රිද්දපු මිනිස්සුත් හිටියා.

ඒ හැම වචනයක්ම…
ඒ හැම වේදනාවක්ම…
මම නිහඬව දරාගත්තා.

මොකද ඒ වෙලාවේ මට තිබුණේ එකම අරමුණයි…

මට ජීවත් වෙන්න ඕනේ. ❤️‍🩹

ඒ හැම මොහොතකම
මගේ කඳුළු පිටිපස්සේ තිබුණු දුක දැකපු කෙනා,
මගේ බය අහපු කෙනා,
මම වැටෙන හැම වෙලාවකම මාව අල්ලගත්ත කෙනා…

මගේ Husband. ❤️

කොහොමහරි මාස තුන හතරක් ඇතුළත
ගොඩක් අයගේ උදව්වෙන් ලක්ෂ ගණනක් වියදම් කරලා
මට වකුගඩුවක් බද්ධ කරන්න පුළුවන් වුණා.

සැත්කමෙන් පසුව සතියක් මම ICU එකේ හිටියා.
ICU එකේ ඉදලා කෙලින්ම මන් ආවේ ගෙදර.

එදා තමයි මම දැක්කේ…

එයාගේ පපුවේ කරලා තිබුණු Tattoo එක. 🥺❤️

මම පුදුම වෙලා ඇහුවා,

“ඇයි ඔයා මේ Tattoo එක කළේ?”

එයා කිව්වේ එකම එක දෙයයි…

“ඔයා ICU එකේ හිටපු ඒ සතියේ
මට ඔයාව ගොඩක් දැනුණා…
ඒ නිසා ඔයාව හැමදාම මගේ ළඟ තියාගන්න ඕනේ කියලා හිතුණා.”

එදා මට ඒ වචන ටික ඇහුණේ
මගේ හදවත ඇතුළටම වැටුණා වගේ… 🥺❤️‍🩹

මොකද…

මම හිතුවේ මම එයාගෙන් ඈත්වෙලා ICU එකක තනියම කියලා.

ඒත් ඇත්තටම…

මම එයාගෙන් ඈත්වෙලා හිටියේ නෑ.
එයා මාව එයාගේ පපුවේ…
එයාගේ හදවත ළඟම තියාගෙන හිටියා. ❤️

ජීවිතේ මට ගොඩක් දේවල් අහිමි කළා.

සමහර මිනිස්සුන්ගේ සැබෑ ස්වභාවය පෙන්නුවා.
සමහර සම්බන්ධතා වෙනස් කළා.
සමහර මිනිස්සු මට වේදනාවක් වුණා.

ඒත් ඒ හැමදේම අතරින්
ජීවිතේ මට එක දෙයක් දුන්නා…

මගේ අමාරුම දවසේත්
මාව අතහරින්නේ නැති මනුස්සයෙක්. ❤️

මම සල්ලි ඉල්ලපු වෙලාවට උදව් කළ මිනිස්සුන්ටත් පින්.

මාව වචනවලින් හරි ක්‍රියාවෙන් හරි රිද්දපු මිනිස්සුන්ගෙන් මම ඉගෙනගත්ත දේවල්වලටත් පින්.

මොකද ඒ හැම දෙයක්ම මට කියලා දුන්නා…

අපි වෙනුවෙන් කවුද ඇත්තටම ඉන්නේ කියලා.

අද මගේ ජීවිතේ දිහා ආපහු හැරිලා බලද්දි
මට එක දෙයක් විතරක් කියන්න පුළුවන්…

මම මරණය ළඟටම ගිහින් ආවා.
ඒ ගමනේදී මට මගේ ජීවිතය ආපහු ලැබුණා වගේම,
මගේ ජීවිතය තරම්ම වටින මනුස්සයෙක් ගැනත්
තවත් වරක් හඳුනාගන්න ලැබුණා. ❤️‍🩹

❤️






06/09/2026

සමහර මිනිස්සු තවත් කෙනෙකුට තියෙන ආදරේ පෙන්වන්නේ හරිම රසම රස කෑමක් දීලා. ❤️✨

ඉතින් මටත් දවස් කිහිපයකට කලින් ඒ වගේම ගොඩක් ආදරෙන් පිරුණු, රසම රස තෑග්ගක් ලැබුණා 🥹❤️

මේ තරම් රසවත් කෙසෙල් කොලේ බත් එකක් දුන්නට ගොඩක් ස්තූතියි 😋✨
ආදරේ එක්ක දෙන දේවල්වල රස නම් ගොඩාක් වෙනස්. ❤️

゚ ゚viralシfypシ゚

05/09/2026

ආදරණීය හස්බන්ඩ්ට… 🤍

දවසක මම හදිස්සියෙම නැති වුණොත්,
ඔයා මේ ටික කියවන්න… 🤧

දවසක හදිස්සියෙම
මම ඔයා ළඟ නැති වුණොත්…

එදා ඉඳන්
මගේ නම කියලා කතා කරන්න කෙනෙක් නැති වෙයි.
ඔයාට “කොහෙද?” කියලා අහන්න,
“කෑවද?” කියලා බලන්න,
ඔයා එනකම් දොර දිහා බලන් ඉන්න
මම නැති වෙයි.

ඒත් අනේ…
මම නැති වුණා කියලා
ඔයාගේ ජීවිතය නවත්තන්න එපා.

මං වෙනුවෙන් අඬන්න හිතුණොත් අඬන්න…
මාව මතක් වුණොත් මගේ ෆොටෝ එකක් බලන්න…
අපි එකට හිනා වුණු මතකයක් මතක් කරලා
ඔයාටම තනියම හිනා වෙන්නත්.

මං වෙනුවෙන්
ඔයාගේ ඉතුරු ජීවිතය දුකක් කරගන්න එපා.

මොකද…
මම ඔයාට ආදරේ කළේ
මගේ නැතිවීමෙන් පස්සෙත්
ඔයා දුක් විඳිනවා බලන්න නෙවෙයි.

ඔයා සතුටින් ඉන්න එක තමයි
මම නැති දවසකත්
මට ලැබෙන ලොකුම සැනසීම.

හැබැයි එක දෙයක් නම් කරන්න…

කවදාහරි අපේ මතකයක් මතක් වෙලා
හිත ඇතුළෙන්ම
“මේ මගේ ජීවිතේ හිටපු ගෑණි…”
කියලා මාව මතක් කරන්න.

එච්චරයි… 🤍

මම නැති වුණත්,
ඔයාට ආදරේ කරපු මගේ හිත
ඔයා ළඟින්ම තියේවි. 🥺❤️

ඉතින්

දවසක මම හදිස්සියෙම ඔයා ළඟ නැති වුණොත්…
මාව මතක් වෙන්නේ ලොකු දේවල්වලින් නෙවෙයි…
අපි අතර තිබුණු මේ පුංචි පුංචි දේවල්වලින්. 🥺

ඔයා ගෙදර එන සද්දෙ ඇහුණම
මගේ හිත සතුටු වුණු හැටි…

ඔයා කෑවද කියලා අහපු හැටි…
ඔයාට තේ එකක් හදලා දීපු හැටි…
ඔයා මහන්සි වෙලා ආවම
මගේ අත ඔයාගේ හිස මත තියාපු හැටි…

රෑට නිදාගන්න කලින්
අන්තිමට දැක්ක මූණ ඔයාගේ වෙලා,
උදේ ඇහැරුණාම
මුලින්ම හොයපු මූණත් ඔයාගේ වුණු හැටි… ❤️

අපි දෙන්නා එකට හිනා වුණු ඒ පුංචි මොහොතවල්…
කිසිම හේතුවක් නැතුව එකිනෙකා දිහා බලලා
හිනා වුණු ඒ වෙලාවල්…

එදාට ඒ හැම දෙයක්ම
ඔයාගේ හිතේ මම වෙනුවෙන් ඉතුරු වෙලා තියේවි.

මම නැති වුණත්
මගේ ආදරේ අඩුවක් වෙන්න දෙන්න එපා මහත්තයෝ…

මාව මතක් වුණාම
කඳුළු අතරින් හරි හිනා වෙන්න.
මොකද මම කැමතිම දේ
ඔයාගේ ඒ ලස්සන හිනාව. 🤍

මම ඔයාගේ ජීවිතයට ආපු කෙනෙක් විතරක් නෙවෙයි…
ඔයාගේ ජීවිතේ කොටසක් වෙලා
මගේ මුළු හිතම ඔයා ළඟ තියලා යන්න ආදරේ කළ කෙනෙක්. ❤️

ඉතින් දවසක මම නැති වුණොත්…
මාව හොයන්න එපා.

ඔයාගේ හදවත ඇතුළේ
මම ඉන්න තැනට අත තියලා බලන්න…
එතන මම තාමත් ඔයා ළඟ ඉඳීවි. 🥺🤍

දුලා with මධු සිරිවර්ධන ගෙන් උපුටාගනී..

゚

Address

Chilaw Town

Telephone

+94771750495

Website

Alerts

Be the first to know and let us send you an email when D R Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to D R Kitchen:

Shortcuts

Share