පෑනක සුසුම

Call Contact the business

පෑනක සුසුම සිතුවිලි නිහඬ වුණු තැන... හදවතක සුසුමකින් ලියවෙන ජීවිතයේ නොකී කතා.... Welcome to my food channel. Cooking is my passion.

Since my childhood, experimenting for new recipes is what I love the most. Mobile photography is another art I love the most. Bringing these two together is heavenly for me!

අදත් නෑ…හෙටත් නෑ…දින ගණනාවකට ඔයා නෑ…ආදරේ කොච්චර උනත්… ❤️කොහොමද කියලා අහන්නවත් ඉඩක් නෑ…ඉතින් බලාගෙන ඉන්නම් මම…කවදා හරි දව...
14/08/2026

අදත් නෑ…
හෙටත් නෑ…
දින ගණනාවකට ඔයා නෑ…

ආදරේ කොච්චර උනත්… ❤️
කොහොමද කියලා අහන්නවත් ඉඩක් නෑ…

ඉතින් බලාගෙන ඉන්නම් මම…
කවදා හරි දවසක
ඔයාගේ හඬම විතරක් අහන්න…

හමුවෙන්න ඕනේම නෑ මට…
දැන ගන්න තිබුණා නම්…
කොතැනක, කොහේ හරි…
ඔයා හොඳින් බව…
ඒ ඇති මට…

සමහර දවස් දෙකක්…
තුනක්… හතරක්…
කප්පරයක් වගේ දැනෙනවා මට.
ආදරෙයි තමයි මම ඔයාට…
ආදරෙයි තමයි ඔයාත් මට…

ඒත්…
පරිස්සම් කරගන්න දේවලුත් තියෙනවා
අපි අතරමැද…

ඉතින් මොනා කරන්නද…
ඉවසන්නම්…
විඳ ගන්නම්…
පාලුයි…
දුකයි…
හිත රිදෙනවා…
පිච්චෙනවා…
හරි අමාරුයි මට…

ඒත් ඉන්නම් මම…
ඔයා වෙනුවෙන්ම, හැමදාම…

මගේ මුළු හිතම
බලාගෙන ඉන්නවා…
ඔයාම එනකම්…
මා ගාවට. ❤️🌿

——————————————
🖋️ හදවතක සුසුම ❤️
නිහඬ හදවතක ලියවුණු කතා

©️ ශාලි | Please do not repost without permission ❤️
⚠️ නිර්මාණයේ අයිතිය සුරකින්න.
කතාව copy / repost කිරීම අවසරයකින් තොරව තහනම්.

#හදවතකසුසුම #නිහඬ_හදවතක_කතා #ශාලි #නවකතා #කෙටිකකා

ගමනක් යන අතරේ...ගලින් නිම කළ,මල් පීරිසියක්…පැන් කෝප්පයක්…හඳුන්කූරු රඳවනයක්…පහනක්…බුදුන් වඳින්න සූදානම් කළ  පූජා සෙට් එකක...
14/08/2026

ගමනක් යන අතරේ...

ගලින් නිම කළ,
මල් පීරිසියක්…
පැන් කෝප්පයක්…
හඳුන්කූරු රඳවනයක්…
පහනක්…
බුදුන් වඳින්න සූදානම් කළ පූජා සෙට් එකක්. 🌸🪔
මටත් අරගෙන තිබුණා.

ඒක තමයි ඔයාගෙන් මට ලැබුණු
පළමු තෑග්ග. ❤️

ඒක තෑග්ගක් විතරක් නෙවෙයි…

අදටත් හැම හවසකම
පූජාව සූදානම් කරලා
බුදුන් වඳින හැම මොහොතකම
මට ඔයාව මතක් වෙනවා.

මල් තියනකොට… 🌸
පහන් දල්වනකොට… 🪔
පැන් තියනකොට… 💧
හඳුන්කූරු පත්තු කරනකොට…
මට මතක් වෙන්නේ
ඒ පළමු තෑග්ග දුන්න ඔයාව…
ඒ තෑග්ග පිටුපස තිබුණු ආදරය…

ඒ පළමු තෑග්ග තවමත්
මගේ හැම හවසකම තියෙනවා.
මල් අතරින්…
පහන් එළිය අතරින්…
හඳුන්කූරු සුවඳ අතරින්…
අදටත් මට
ඔයාගේ ආදරය මතක් වෙනවා. ❤️🌿

——————————————
🖋️ හදවතක සුසුම ❤️
නිහඬ හදවතක ලියවුණු කතා

©️ ශාලි | Please do not repost without permission ❤️
⚠️ නිර්මාණයේ අයිතිය සුරකින්න.
කතාව copy / repost කිරීම අවසරයකින් තොරව තහනම්.

#හදවතකසුසුම #නිහඬ_හදවතක_කතා #ශාලි #කෙටිකතා #නවකතා

🌹 ඔයාට…ලොකු ලොකු දේවල් කරන්න බැරි වුණා කියලාකවදාවත් හිතන්න එපා.මට ඔයාගෙන් ඕන වුණේලොකු තෑගිවත්, සල්ලිවත්,ලොකු දේවල්වත් න...
14/08/2026

🌹 ඔයාට…

ලොකු ලොකු දේවල් කරන්න බැරි වුණා කියලා
කවදාවත් හිතන්න එපා.
මට ඔයාගෙන් ඕන වුණේ
ලොකු තෑගිවත්, සල්ලිවත්,
ලොකු දේවල්වත් නෙවෙයි.

ඔයා මාව මතක් කරන එක…
පුළුවන් හැම වෙලාවකම මාව හොයන එක…
මගේ දවස ගැන අහන එක…
මට අමාරු වෙලාවක මගේ ළඟින් ඉන්න එක…

ඒ හැමදේම මට ආදරේ. ❤️

ඒ නිසා…
ඔයා අසාර්ථක පිරිමියෙක් නෙවෙයි.

ඔයාට පුළුවන් විදිහට,
පුළුවන් තරමට,
ඔයා මට දෙන හැම දෙයක්ම
මම දකිනවා.
මම අගය කරනවා.
ඒ හැමදේම මගේ හිතේ තියෙනවා.

මට ඔයාගෙන් ඕන
ඔයාට බැරි දේවල් නෙවෙයි…
ඔයාට පුළුවන් විදිහට
මගේ ළඟින් ඉන්න එක විතරයි. ❤️

ඉතින් මේ මල… 🌹
ලොකු දෙයක් නෙවෙයි.
ඔයා මට දෙන ඒ ආදරය
මට කොච්චර වටිනවද කියලා
මතක් කරවන්න විතරයි.

මම ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ
ඔයාට වඩා වැඩි දෙයක් නෙවෙයි.

මට ඕන… ඔයාම විතරයි. ❤️

——————————————
🖋️ හදවතක සුසුම ❤️
නිහඬ හදවතක ලියවුණු කතා

©️ ශාලි | Please do not repost without permission ❤️
⚠️ නිර්මාණයේ අයිතිය සුරකින්න.
කතාව copy / repost කිරීම අවසරයකින් තොරව තහනම්.

#හදවතකසුසුම #නිහඬ_හදවතක_කතා #ශාලි #කෙටිකතා #නවකතා

අහම්බෙන් හමුවුණු දෙන්නෙක්…තම තමන්ගේ ජීවිතවලින් බොහෝ දේ විඳලා තිබුණා.දෙන්නාම “මට තවත් කෙනෙක් ඕන නෑ…” කියන තැනක හිටියා.ඒත්...
14/08/2026

අහම්බෙන් හමුවුණු දෙන්නෙක්…
තම තමන්ගේ ජීවිතවලින් බොහෝ දේ විඳලා තිබුණා.
දෙන්නාම “මට තවත් කෙනෙක් ඕන නෑ…”
කියන තැනක හිටියා.

ඒත් එක පාලු පාරක,
එක නිහඬ උදෑසනක,
කිසිම අදහසක් නැතුව…
අපි එකිනෙකාව හමුවුණා.

එදා…

“එකට වැඩ කරමු”
කියලා නම්බර් එක ගත්තා… 🤭
ඒ වැඩේ අවුරුද්දකට පස්සේ මට ලැබුණා.

හැබැයි ඒ අතරේ…
අපිට අපි ලැබුණා. ❤️

ඒ පාලු පාරේ,
ගස් අතරින්…
නොදැනීම අපේ හදවත්
එකිනෙකට යා වුණා. 🌿❤️

“හරිම ලස්සන දර්ශනයක්නේ…”
කියන ඒ වචනවලින්
අපේ කතාව පටන් ගත්තා… 🤭🌿❤️

——————————————
🖋️ හදවතක සුසුම ❤️
නිහඬ හදවතක ලියවුණු කතා

©️ ශාලි | Please do not repost without permission ❤️
⚠️ නිර්මාණයේ අයිතිය සුරකින්න.
කතාව copy / repost කිරීම අවසරයකින් තොරව තහනම්.

#හදවතකසුසුම #නිහඬ_හදවතක_කතා #ශාලි

හදවතක සුසුම - 01 කොටස​ජීවිතය කියන්නේ මල් යහනක් කියලා හිතාගෙන හිටපු කාලයක් මටත් තිබුණා.ඒ කාලේ මගේ ලෝකයම වට වෙලා තිබුණේ “ආ...
23/05/2026

හදවතක සුසුම - 01 කොටස

​ජීවිතය කියන්නේ මල් යහනක් කියලා හිතාගෙන හිටපු කාලයක් මටත් තිබුණා.

ඒ කාලේ මගේ ලෝකයම වට වෙලා තිබුණේ “ආදරය” කියන එකම මල වටා.

ආදරයෙන් ජීවිතය සුරපුරයක් කරගන්නයි මම හීන දැක්කේ.

හිරිමල් වයසේ, දහසක් බලාපොරොත්තු හිත ඇතුළේ නිහඬව පොපියනකොට, මම හිතුවේ මේ හැඟීම් සදාකාලිකයි කියලා.

කාලය කොච්චර ගෙවුණත්, ආදරය කවදාවත් මාව අතහැර යන්නේ නැහැ කියලා මම විශ්වාස කළා.

මගේ හිතේ තිබුණේ හරිම බොළඳ, මල් වන් අහිංසක සිතිවිලි විතරයි.

ජීවිතය ගැන ගැඹුරු තේරුමක් නොතිබුණත්, ආදරය ගැන මටත් තිබුණා විශ්වාසයක්.

වේදනාව ටිකෙන් ටික හිත පුරා පැතිරෙද්දී, මම තවත් හෙව්වේම ඒ ආදරයමයි.

රිදුණත්, කඩා වැටුණත්, මම ආයෙත් ආදරය ළඟටම දුවගෙන ගියා.

ඒක හරියට… පාළු කාන්තාරයක මිරිඟුවක් පස්සේ දුවන මුවෙක් වගේ.

ළඟයි කියලා හිතෙන හැම මොහොතකම, ඒක තවත් ඈතටම යනවා...

දෙවන කොටසින් හමුවෙමු.

——————————————
🖋️ හදවතක සුසුම ❤️
නිහඬ හදවතක ලියවුණු කතා

©️ ශාලි | Please do not repost without permission ❤️
⚠️ නිර්මාණයේ අයිතිය සුරකින්න.
කතාව copy / repost කිරීම අවසරයකින් තොරව තහනම්.

#හදවතකසුසුම #නිහඬ_හදවතක_කතා #ශාලි

මේ ඇගේ හදවතේ සුසුමයි. සුසුමට සැනසුමක් වෙන්න ආදරයෙන් කියවන්න. එකතු වෙන්න අපිත් එක්ක.​——————————————🖋️ හදවතක සුසුම | නිහඬ ...
23/05/2026

මේ ඇගේ හදවතේ සුසුමයි. සුසුමට සැනසුමක් වෙන්න ආදරයෙන් කියවන්න. එකතු වෙන්න අපිත් එක්ක.

​——————————————

🖋️ හදවතක සුසුම | නිහඬ හදවතක ලියවුණු කතා ❤️

Follow Me - ශාලි

සමහර ආදර කතා පත්තර පිටු පුරා ලියවෙන්නේ නැහැ. ඒවා ලියවෙන්නේ හදවතින් හදවතට යන නිහඬ පණිවිඩ හරහායි. මාව වටිනා තැනක තබා, ජීවි...
22/05/2026

සමහර ආදර කතා පත්තර පිටු පුරා ලියවෙන්නේ නැහැ. ඒවා ලියවෙන්නේ හදවතින් හදවතට යන නිහඬ පණිවිඩ හරහායි. මාව වටිනා තැනක තබා, ජීවිතයේ කාර්යබහුලම මොහොතේ පවා මාව මතක් කරගන්නා ඒ ආදරයට, මගේ හදවතක සුසුමක් වුණත් ආදරෙයි. ✍️✨

Follow Me

🖋️ හදවතක සුසුම | නිහඬ හදවතක ලියවුණු කතා ❤️

#හදවතකසුසුම #සිංහලකතා #නොකීකතා #සිතුවිලි #හදවතේඅකුරු #සුසුම්

#කෙටිකතා #සංවේදීකතා #අකුරු #ලියවුණුකතා

Address

Colombo
Colombo
11000

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Telephone

+94777443999

Website

Alerts

Be the first to know and let us send you an email when පෑනක සුසුම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to පෑනක සුසුම:

Shortcuts

Share