මතක පද

මතක පද ඉතින් මගේ මල් ඉත්ත නුඹ ළඟයි හදවතේ ලොකුම පැත්ත 💫♥️

වැසි හිඟව ගිය නිසරු පොළවේකර්කෂව ගිය හැඟුම් අස්සේතැළුනු පොඩිවුනු හිතක් අස්සේනුඹයි ආදරේ පැළය දැමුවේපැළය දළුලා හැදී වැඩුනාම...
12/08/2025

වැසි හිඟව ගිය නිසරු පොළවේ
කර්කෂව ගිය හැඟුම් අස්සේ
තැළුනු පොඩිවුනු හිතක් අස්සේ
නුඹයි ආදරේ පැළය දැමුවේ

පැළය දළුලා හැදී වැඩුනා
මලුත් පිපිලා සුවඳ හැමුවා
නොසිතු මොහොතක මුලින් උදුරා
වීසි කර ඇති බවක් හැඟුනා….

Ak✍️

#කවි #ආදරය #මතකපද

නෙතින් සිඹ ලංවෙමිආදරේ යැයි නොකියමිමුවින් නැගෙනා වචන දෙස බලාහඬක් නොනගා හිනැහෙමිහිතින් තනි නොකරමිදුරින් වුවද ලන්වෙම් එපා ය...
01/08/2025

නෙතින් සිඹ ලංවෙමි
ආදරේ යැයි නොකියමි
මුවින් නැගෙනා වචන දෙස බලා
හඬක් නොනගා හිනැහෙමි

හිතින් තනි නොකරමි
දුරින් වුවද ලන්වෙම්
එපා යැයි පැවසුව පසුවද
ඔබේ අසලින් දැවටෙම්

රිදෙන තැන් මුණගැසුනු විටදී
රිදුන බව නොහඟවමි
කෙදිනදීවත් කවමදාවත්
ආදරේ තනි නොකරමි

Ak✍️
#කවි #ආදරය #මතකපද

නුඹේ උණුසුම් හාදුවෙන් පිළිතුරු පද වැල🖤දෙතොල් මත මගෙ දෙතොල් තියලානුඹෙ හිත පිරිමදින්නම්රෑට හෙමිහිට කනට කරලාසියුම් තැන් දි...
31/07/2025

නුඹේ උණුසුම් හාදුවෙන් පිළිතුරු පද වැල🖤

දෙතොල් මත මගෙ දෙතොල් තියලා
නුඹෙ හිත පිරිමදින්නම්
රෑට හෙමිහිට කනට කරලා
සියුම් තැන් දිග හරින්නම්

යන්තමින් වත් ඉඩක් නම් නෑ
නුඹේ හිත මගහරින්න
මතක පැන් වලින් නැහැවෙම්
පපුතුරෙම මල් පිපෙන්න

හුගක් දුර ඇත තවත් යන්නට
ආපු ලෙස මේ ලෙසටම
පතමි අන්තිම හුස්ම යනතෙක්
විදිනු නුඹෙ ඔය පහසම

පුංචි තරුවේ කනට කරලා
මාත් මේමම කියන්නම්
සසර කෙතරම් දිගම වුවත්
නුඹේ පහසම පතන්නම්

හිතේ ඇති පුංචි හැමදේ
ඔයත් එක්කම කියන්නම්
නුඹේ හදවත ළගම දැවටී
තනිය පාලුව මකන්නම්

ආදරේ කවි ලිව්වේ අපිමයි
සසර පොත් පිටු පිරෙන්න
මාත් හොයනවා නතර වුනු හැටි
තුන් සිතම නුඹ ගාවම

Ak✍️

#කවි #මතකපද

Address

Ratmalana

Website

Alerts

Be the first to know and let us send you an email when මතක පද posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to මතක පද:

Share