MP Production

MP Production Attractive Eco-friendly Handicrafts
(2)

Forget-Me-Not කියන්නේ ලස්සනට විතරක් නෙමෙයි. "ම ඔයාව මතක් කරනවා" කියන පණිවිඩයක් ගෙනියන මලක්. 🌸♡විද්‍යාත්මක නම: _Myosotis_...
28/06/2026

Forget-Me-Not කියන්නේ ලස්සනට විතරක් නෙමෙයි. "ම ඔයාව මතක් කරනවා" කියන පණිවිඩයක් ගෙනියන මලක්. 🌸

♡විද්‍යාත්මක නම: _Myosotis_
අර්ථය: "Mouse's ear" කියන ග්‍රීක වචන දෙකින් ආවේ. කොළේ හැඩය මීයාගේ කන වගේ නිසා.

1. මල් වල පෙනුම
Forget-Me-Not කියන්නේ පොඩි පොඩි තරු වගේ මල්.
- පැහැය: සාමාන්‍යයෙන් දිදුලන නිල් පාට මැද කහ පාට තිතක් එක්ක. හැබැයි සුදු, රෝස, දම් පාටත් තියෙනවා.
ප්‍රමාණය:මලක විෂ්කම්භය 1cm වගේ පොඩියි. ඒත් ගොඩක් එකට පිපෙන නිසා පාට කාපට් එකක් වගේ පෙනවා.
කොළ: මෘදු, රෝම සහිත, දිගටි කොළ.

♡♡ කතාව සහ අර්ථය
මේ මලට ලොකු emotional value එකක් තියෙනවා.

ජනප්‍රවාදය: පරණ කතාවකට අනුව, ගංගාවක් ළඟ ජෝඩුවක් හිටියා. කෙල්ලට මලක් ඕන වුනා. කොල්ලා ගඟට බැහැලා මල ගන්න ගියපු වෙලාවේ දියේ ගිලුනා. මල අතේ තියාගෙනම එයා කෑ ගැහුවා, "Forget me not!" = "මාව අමතක කරන්න එපා!" කියලා.

ඒ නිසා මේ මල සැබෑ ආදරය❤, පක්ෂපාතීත්වය, මතකයන්🕝, වෙන්වීම💔 සංකේතයක් වුනා.

අද කාලෙත්: Alzheimer’s රෝගය ගැන awareness එකට, යුද්ධයේදී ජීවිත දුන් අය සිහිපත් කරන්න, හමුදා veteran ලා මේ මල use කරනවා.

♡♡♡.වැඩෙන විදිහ
සීසන්: වසන්තයයි, ගිම්හානයේ මුලයි.
හිරු එළිය:* හිරුද එළිය බාගයක් වැටෙන තැන්, සෙවන වැඩි තැන් වලට කැමතියි.
පස: තෙතමනය තියෙන, හොඳින් ජලය බැස යන පස.
විශේෂය: පහසුවෙන් වවන්න පුළුවන්. අවුරුද්දක් වවලා ගියාට පස්සේ එයින්ම බීජ හැලී ආපහු එනවා.

Forgot Me Not පොත කියවපු ඔයා මේ ටික දැනං හිටියද?😥💖

26/06/2026
26/01/2026
26/01/2026
17/10/2025
04/10/2025

Address

Colombo
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when MP Production posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category