සිරිකත - Sirikatha Online

Call Website

සිරිකත - Sirikatha Online Sri Lanka's number one women's newspaper 'Sirikatha'- Your source for Health Tips, Medicine and etc.

සිරිකත මතක් කළ වසර 41කට එහා ගිය මතකයක්…කාලය කොතරම් වේගයෙන් ගෙවී ගියත්, සමහර ඡායාරූපවල තැන්පත් වී ඇති මතක කිසිදා පැරණි වෙ...
04/10/2026

සිරිකත මතක් කළ වසර 41කට එහා ගිය මතකයක්…

කාලය කොතරම් වේගයෙන් ගෙවී ගියත්, සමහර ඡායාරූපවල තැන්පත් වී ඇති මතක කිසිදා පැරණි වෙන්නේ නැහැ. 1985 වසරේ, මවක් වූ රෝසි සේනානායක සිය කුඩා පුතු සමඟ සිරිකත කවරය සරසමින් සිටි ඒ සුන්දර මොහොත…

එදා ඔහු මේ ලෝකයට පැමිණි අලුත්ම ජීවිතයක්. මවගේ උණුසුමට තුරුළු වී සිටි ඒ පුංචි පුතු, වසර 41කටත් එහා ගිය ඒ ඡායාරූපයේ අදටත් ජීවත් වන මතකයක් බවට පත්ව තිබෙනවා.

එදා කැමරාව ඉදිරියේ සටහන් වූ ඒ මොහොත, අද ඔහු අප අතරින් සමුගත් පසු වෙනස්ම අරුතක් ගන්නවා. එදා අනාගතය දෙස බලා සිටි පුංචි පුතෙක්…
අද මතකයක් පමණක් ඉතිරි කරමින් නිහඬව සමුගෙන ගොස් තිබෙනවා.

මවකගේ තුරුළේ සිටි ඒ පුංචි දරුවාගේ ඡායාරූපය, අද ඔහුගේ ජීවිතය මතකයට නංවන සංවේදී සටහනක් වී තිබීම දෛවයේ අපූරු හැරවුමක්.
වසර 41කට එහා ගිය ඒ මතකය අද නැවතත් සිරිකත අපට මතක් කරන්නේ…
කාලය ගෙවී ගියත්, ආදරණීය මතක කිසිදා මිය නොයන බවයි.

ඔහුට නිවන් සුව ලැබේවා 🙏
මවටත්, පවුලේ සියලු දෙනාටත් මේ දුක්බර මොහොත දරාගැනීමට ශක්තිය ලැබේවා 🙏

03/10/2026

පුතේ ඔයා මේ දේ කළොත් අවුරුදු 20 මේ රටේ සාර්ථක තරුණයෙක් වෙන්න පුලුවන්...
ව්‍යපාරික පුහුණු උපදේශක ආචාර්ය නුදිත රණවක

නීතිය ගැන දැනුවත් වෙන්න එන්න අප සමඟ එකතු වෙන්න..

මේ වැඩසටහන ඔබ වෙනුවෙන්..
ඔබ මුහුණ දෙන ගැටළු, ඔබට සිදුවන අසාධාරණකම් ගැන අපට ලියන්න..
අපට කියන්න...

ඔබේ ගැටළු අපට කමෙන්ට් කරන්න...

ලියන්න
Inbox කරන්න ලංකාදීප Online FB පේජ් එකට මැසෙන්ජර් .

හෝ

ලියන්න අපේ ලිපිනයට,
ලංකාදීප Online නීති පියස, නො.41, ලේක් හවුස් ප්‍රින්ටස් ඇන්ඩ් පබ්ලිකේශන්ස්, WDA රාමනායක මාවත, කොළඹ 02...

ඒවගේම

ඔබේ ප්‍රශ්න WhatsApp කරන්න 0778068883 / +94765149329

මේ රටේ සියලුම දරුවන් අපට වටිනවා. රජයක් විදිහට අපි සිදු කරන සියලු දේම කරන්නේ අපේ දරුවන් වෙනුවෙන්.   -අග්‍රාමාත්‍ය ආචාර්ය ...
03/10/2026

මේ රටේ සියලුම දරුවන් අපට වටිනවා. රජයක් විදිහට අපි සිදු කරන සියලු දේම කරන්නේ අපේ දරුවන් වෙනුවෙන්.

-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-

අළුයම සහ රාත්‍රීයට  පේරාදෙණිය දුම්රිය ස්ථානයට යන එන මගීන් සඳහා නුවර සිට පේරාදෙණිය දුම්රිය ස්ථානය තෙක්  බස් යොදවන්නැයි  ඉ...
03/10/2026

අළුයම සහ රාත්‍රීයට පේරාදෙණිය දුම්රිය ස්ථානයට යන එන මගීන් සඳහා නුවර සිට පේරාදෙණිය දුම්රිය ස්ථානය තෙක් බස් යොදවන්නැයි ඉල්ලීමක්.

ජේ ඒ එල් ජයසිංහ

ගම්පොල සිට පේරාදෙණිය දුම්රිය ස්ථානය හරහා දිනපතා අළුයම . ,කොළඹ බලා ධාවනය වන දුම්රිය සඳහා පැමිණෙන මගීන්ට පේරාදෙණිය දුම්රිය ස්ථානයට යාම සඳහා ලංගම සහ පුද්ගලික බස් රථ ධාවනයට යොදවන්නැයි මගී ජනතාව ලංගම බලධාරින්ගෙන් සහ මධ්‍යම පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරියේ නිලධාරින්ගෙන් ඉල්ලා සිටිති,

මහනුවර සිට පේරාදෙණිය දුම්රිය ස්ථානය වෙත යන මගීන් සඳහා මහනුවර නගරයේ සිට පැණිදෙණිය දක්වා ලංගම සහ පුද්ගලික බස් රථ සේවාව විධිමත් කරන ලෙසද මගී ජනතාව ප්‍රවාහණ බලධාරින්ගෙන් ඉල්ලීමක් කරති.

පේරාදෙණිය ගම්පොළ දක්වා දුමරිය කාල සටහන පහතින්

නුවර පේරාදෙණිය දුම්රිය මගට මහවැළි ඟඟ උඩින් තවත් පාළමක් නුදුරේදී ඉදිකෙරේ...ජේ   ඒ  එල්  ජයසිංහපේරාදෙණිය මහනුවර දුම්රිය මා...
03/10/2026

නුවර පේරාදෙණිය දුම්රිය මගට මහවැළි ඟඟ උඩින් තවත් පාළමක් නුදුරේදී ඉදිකෙරේ...

ජේ ඒ එල් ජයසිංහ

පේරාදෙණිය මහනුවර දුම්රිය මාර්ගයේ මහවැළි ඟඟට උඩින් ඉදිකර ඇති පෞරාණික යකඩ පාළමට සමාන්තරව දුම්රිය ගමනා ගමනයට තවත් යකඩ පාළමක් ඉදිකිරීමට සැලසුම් හා නිර්මාණාත්මක ශීල්පී සැලසුම් මේ වනවිට සැකසෙමින් පවතින බව,ප්‍රවාහණ මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා (02) පේරාදෙණිය දුම්රිය ස්ථානයේදී මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය,

ඇතිවූ දිට්වා ආපදා තත්ත්වයෙන් විනාශ වූ රඹුක්කන කඩිගමුව ,කඩුගන්නාව ,පේරාදෙණිය දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු වලට එක්වී කොළඹ සිට පේරාදෙණිය දක්වා ධාවනය වූ දුම්රියේ පැමිණි අමාත්‍ය බිමල් රත්නායක මහතා සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැමුන් විවේචන එල්ල කල අවස්ථාවේ සමස්ත දුම්රිය කාර්ය මණ්ඩලය චිත්ත පීඩාවට පත්වූවද ,ප්‍රමාද වී හෝ දුම්රිය මාර්ග යථා තත්ත්වයට පත්කිරීම විවේචන මධ්‍යයේ වූවද දුම්රිය කාර්ය මණ්ඩලය විසින් ඉටු කල බවද කීය,දැනට අකර්මණ්‍ය තත්ත්වයේ පවතින පේරාදෙණිය යකඩ පාළම රාජ්‍ය ආයතනයක් මගින් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර ඇති බවත් ,එහි ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වූ පසුව මහනුවර දක්වා දුම්රිය ධාවන කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවද, අමාත්‍ය වරයා මෙහිදී පැවසීය,
මෙම අවස්ථාවට ප්‍රවාහණ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ,දුම්රිය සාමාන්‍යාධිකාරී කේ රවීන්ද්‍ර පත්මප්‍රිය යන මහත්වරුද දුම්රිය දෙපාර්තමේන්තුවේ ජේය්‍ය්ෂ්ඨ නිලධාරින් ,ඉංජිනේරුවන් ,දුම්රිය ,ස්ථානාධිපති වරු ඇතුලු පිරිසක් සහභාගි වූහ.

ජාත්‍යන්තර වැඩිහිටි දිනය  සමරමින්...මධ්‍යම පලාතේ වැඩිහිටියන්ට   සම්මාන..ජේ    ඒ   එල්   ජයසිංහ  ජාත්‍යන්තර වැඩිහිටි දිනය...
03/10/2026

ජාත්‍යන්තර වැඩිහිටි දිනය සමරමින්...මධ්‍යම පලාතේ වැඩිහිටියන්ට සම්මාන..

ජේ ඒ එල් ජයසිංහ

ජාත්‍යන්තර වැඩිහිටි දිනය වෙනුවෙන් මධ්‍යම පලාත් සමාජ සුබ සාධන පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සංවිධානය කල වැඩිහිටි දින සැමරුම් උත්සවය ,මධ්‍යම පලාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මධ්‍යම පලාත් සභාවේ ශ්‍රවණාගාරයේදී තෝරාගත් වැඩිහිටියන් පන්සීයකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි,

එහදී මධ්‍යම පලාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 41 ක් නියෝජනය කරමින් වැඩිහිටියන් සහභාගි වූහ, වැඩිහිටියන් සතු රංගන කුසළතාවයන් ,ගායන සහ වාදන කුසළතාවයනද මෙහිදී එළි දක්වනු ලැබීය,
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට විවිධ වාරු උපකරණ ප්‍රදානය කිරීම පලාත් ආණ්ඩුකාර වරයා විසින් සිදු කරනු ලැබීය,

මෙහිදී ජේය්‍ය්ෂ්ඨ පුරවැසියන් අගැයීමට ලක් කරන ලද අතර,වැඩිහිටි පුරවැසියන් විසින් රචනා කල ලිපි කාව්‍ය නිර්මාණ සහිත සඟරාවක්ද එළිදක්වන ලදි.

ආබාධිත වැඩිහිටියන් සඳහා රෝද පුටු සහ අත්වාරු ඇතුලු උපකරණද මධ්‍යම පලාත් සමාජ සුභ සාධන පිරිවාස සහ ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් බෙදා දෙනු ලැබීය.මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ,පලාත් ප්‍රධාන ලේකම් ,මධ්‍යම පලාත් පරිවාස කොමසාරිස්වරිය ,ඇතුලු රාජ්‍ය නිලධාරින් ,,ජේය්‍ය්ෂ්ඨ වැඩිහිටි පුරවැසියන් ඇතුලු රැසක් සහභාගි වූහ.

මාතලේ සාන්ත තෝමස් බාලිකා විද්‍යාලයේ බාලදක්ෂිකා බඳවා ගැනීමේ උත්සවයමාතලේ සාන්ත තෝමස් බාලිකා විද්‍යාලයේ බාලදක්ෂිකා සහ සමනලි...
03/10/2026

මාතලේ සාන්ත තෝමස් බාලිකා විද්‍යාලයේ බාලදක්ෂිකා බඳවා ගැනීමේ උත්සවය

මාතලේ සාන්ත තෝමස් බාලිකා විද්‍යාලයේ බාලදක්ෂිකා සහ සමනලියන් බඳවා ගැනීමේ උත්සවය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මෙහිදී බාලදක්ෂිකාවන් 21 දෙනෙකු, සමනලියන් 19 දෙනෙකු සහ ගුරුභවතුන් 6 දෙනෙකු නිල වශයෙන් බඳවා ගනිමින් ඔවුන් වෙත බාලදක්ෂ ලාංඡන පැළඳවීම සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස මධ්‍යම පළාත් හිටපු නියෝජ්‍ය බාලදක්ෂිකා කොමසාරිස් සහ මාතලේ හිටපු දිස්ත්‍රික් කොමසාරිස් උපූලි විජේකෝන් මහත්මිය සහ කලාපීය හා පළාත් කොමසාරිස් චන්ද්‍රිකා මාරබේ මහත්මිය සහභාගී වූහ.

බාලදක්ෂිකාවන් සඳහා නිරන්තරයෙන් ආදරය, දැනුම හා මඟපෙන්වීම ලබාදෙන පුහුණුකාරිනී කේශිකා විලත්ගමුව මහත්මියගේ සේවයද මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.

“අද බාලදක්ෂිකාවන්, හෙට නායකයින්” යන අරමුණ පෙරදැරි කරගනිමින් පැවැති මෙම වැඩසටහන, පාසල් සිසුවියන් තුළ නායකත්වය, වගකීම, සහයෝගීතාව සහ සමාජ සේවා හැඟීම වර්ධනය කිරීම සඳහා වැදගත් අවස්ථාවක් විය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

ලෝක ළමා දින සැමරුම – 2026 මාතලේ සිංහල බෞද්ධ විද්‍යාලයේදී පසුගියදා උත්සවාකාරයෙන් පැවැත්විණි.විද්‍යාලයේ අධ්‍යක්ෂ කථිකාචාර්...
03/10/2026

ලෝක ළමා දින සැමරුම – 2026 මාතලේ සිංහල බෞද්ධ විද්‍යාලයේදී පසුගියදා උත්සවාකාරයෙන් පැවැත්විණි.

විද්‍යාලයේ අධ්‍යක්ෂ කථිකාචාර්ය පූජ්‍ය ගල්කුලමේ උපරතන හිමියන්ගේ මඟපෙන්වීම හා මෙහෙයවීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර, විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් එහි සංවිධාන කටයුතු සිදුකරනු ලැබීය.

දරුවන්ගේ හැකියාවන් හා නිර්මාණශීලීත්වය වර්ධනය කරමින් ඔවුන්ට සතුටින් හා සුහදව ලෝක ළමා දිනය සැමරීමට අවස්ථාව සලසාදීම මෙහි අරමුණ විය.

“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” යටතේ මාතලේ පවුල් රැසකට නව නිවාසඔක්තෝබර් 05 වැනිදාට යෙදෙන ලෝක ජනාවාස දිනයට සමගාමීව ක්‍රි...
03/10/2026

“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” යටතේ මාතලේ පවුල් රැසකට නව නිවාස

ඔක්තෝබර් 05 වැනිදාට යෙදෙන ලෝක ජනාවාස දිනයට සමගාමීව ක්‍රියාත්මක කරන නිවාස 5,000ක් ජනතා අයිතියට පත් කිරීමේ වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ වැඩ නිම කළ නිවාස ප්‍රතිලාභී පවුල් වෙත භාරදීම පසුගියදා සිදු කෙරිණි.

“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ පැවති මෙම වැඩසටහන බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට මාතලේ ප්‍රාදේශීය සභා සභාපති සමීර ජයරත්න මහතා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්, මාතලේ දිස්ත්‍රික් නිවාස අධිකාරියේ නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

#

කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිනී රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක සේනානායක (41) අභාවප්‍රාප්ත වෙයි.
03/10/2026

කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිනී රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක සේනානායක (41) අභාවප්‍රාප්ත වෙයි.

Address

No 08, Hunupitiya Cross Road, Colombo 02
Colombo
00200

Alerts

Be the first to know and let us send you an email when සිරිකත - Sirikatha Online posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category