15/09/2026
සමහර වෙලාවට හිතෙනවා…
මේ හැමදේකින්ම ටිකකට ඈතට ගිහින්,
කාටවත් නොපෙනී, කාටවත් කිසිම දෙයක් කියන්නෙ නැතුව
නිහඬව ඉන්න තිබුණා නම් කොච්චර හොඳද කියලා… 💔
ජීවිතේ සමහර දවස්වල
හිතේ බර වචනවලින් කියාගන්න බැරි තරම් වැඩියි.
හිනා වෙලා ඉන්නවා…
“මම හොඳින්” කියනවා…
ඒත් ඇතුළෙන් අපි කොච්චර කඩන් වැටිලාද කියලා
කාටවත් පේන්නෙ නැහැ.
මට ඕනෙ මැරෙන්න නෙවෙයි…
මේ හිතේ තියෙන මේ බර, මේ වේදනාව,
ටිකකට හරි නවත්තගන්න විතරයි. 🥺
සමහරවිට අපිට අවශ්ය වෙන්නේ
ජීවිතේ අවසන් කරන්න නෙවෙයි…
කවුරුහරි ළඟින් ඉඳගෙන
“ඔයා තනියම නෙවෙයි” කියලා කියන එක විතරයි. 🤍