30/06/2026
ඔයාගේ දරුවාට මේක වෙන්න කලින් - මේ දේවල් 4 කරන්න.
01). මේ කතන්දරය පටන් ගන්නේ පහුගිය මාර්තු මාසයේ දවසක, බණ්ඩාරවෙල ප්‍රදේශයේ ඉස්කෝලයකින්.
මේ ඉස්කෝලයේ 11 වසරේ ළමයි විද්‍යාගාරයට ගිහිල්ලා තියෙනවා, පිෂ්ඨ පරීක්ෂාවක් කරන්න. 🧪
පරීක්ෂණයට අවශ්‍ය භාණ්ඩ ටික සූදානම් කරලා තියලා, ටීචර් ගිහින් තියෙනවා කෑම කන්න. 🍕
ටීචර් කෑම කාලා එද්දී, විද්‍යාව පීරියඩ් එක ඉවර වෙලා.
02). දැන් මේ ටීචර් කාලඡේදයක් අතරමැද කෑම කන්න ගියපු එක ඇත්තටම වරදක්. නමුත් ඊට පස්සේ තිබුණ period එකෙන් විනාඩි 5ක් ඉල්ලාගෙන, පරීක්ෂණය ඉක්මනට කරනවා කියලයි ඇය බලාපොරොත්තු වෙලා තියෙන්නේ.
ඉතින් මෙහෙම කලබලේට පරීක්ෂණය ඉවර කරන්න ඉස්ප්‍රීත්තු ලාම්පුවකට ඉස්ප්‍රීත්තු පුරවද්දී, ඇය අතින් මුළු පරීක්ෂණ ඇටවුමටම ගිනි ඇවිලිලා. 🔥
බය වුණ පාරට ටීචර් ගේ අතේ තිබුණ "වහා ගිනි ගන්නා සුළු" ඉස්ප්‍රීත්තු කෑන් එක විසි කරලා තියෙන්නේ, ළඟ උන්න දරුවෙකුගේ ඇඟ උඩටයි.
මහත්වරුනි, ඒ දරුවාගේ පින්තූරයක් තමයි ඔය දෙවන රූපයේ තියෙන්නේ.
03). ආදරණීය අධ්‍යාපන අධ්‍යක්ෂවරුනි, විදුහල්පතිවරුනි, දෙමව්පියනි,
මම යෝජනා කරන්නේ, මෙතන වරදක් කරලා තියෙන්නේ මේ ගුරුතුමිය විතරක් නෙවෙයි කියලයි. මේකට ඔයාලත් ඍජුවම වග කිව යුතුයි.
මෙහෙම "කුස්සියේ කොස් තම්බනවා" වගේ විද්‍යාගාර පරීක්ෂණ කරන එකම රට ශ්‍රී ලංකාව විතරයි.
අඩුම තරමේ අසල්වැසි ඉන්දියාවේ වත්, ආරක්ෂිත කබාය/ මුහුණු ආවරණය නැතිව, මෙහෙම දරුවන්ව විද්‍යාගාරයට යවන්නේ නෑ. 🥼🥽
මේවාට වචනයක් වත් කතා නොකර - නොදැක්කා වගේ ඉන්න, විදුහල්පතිවරු, අධ්‍යාපන අධ්‍යක්ෂවරු සහ දරුවන්ගේ දෙමව්පියෝ, මේ අනතුරු වලට ඍජුවම වගකිව යුතුයි.
04). දෙමව්පියනි, අපි දැන්වත් පාඩමක් ඉගෙන ගනිමු.
⚠️ I. ගිනි නොගන්නා ආරක්ෂිත කබායක් නැතිව, මින් පස්සේ ඔයාගේ දරුවාට විද්‍යාගාරයට යන්න දෙන්න එපා! 🥼
⚠️ II. ගණකම් "තාප පරිවාරක" අත්වැසුම් නැතිව - දරුවන්ට රසායන ද්‍රවය, රත්වුණ බීකර අල්ලන්න දෙන්න එපා! 🧤
⚠️ III. සරම් කෑලි පටලවා ගෙන/ ළමා සාරි පටලවා ගෙන දරුවන්ට විද්‍යාගාර ඇතුළට යන්න දෙන්න එපා!
අවමයෙන් විද්‍යාව ගුරුවරුන්ට පමණක් හෝ - විද්‍යාගාරයට ගැලපෙන ඇඳුම් ඇඳගෙන පාසලට එන්න අවසර දෙන්න. 👘🥻
⚠️ IV. තනි මේසයක් වටේ පන්තියේ හැමෝම වටවෙලා පරීක්ෂණ කරන එක, අපේ රටේ විතරක් තියෙන සෙල්ලමක්. භයානක සෙල්ලමක්.
මින් පස්සේ කවදාවත්, විද්‍යාගාරයක් ඇතුලේ ළමයින්ට / ගුරුවරුන්ට එහෙම පොදි ගැහිලා ඉන්න දෙන්න එපා!
05). මාස 4ක් ගත වෙලත් මේ පින්තූරයේ ඉන්න දියණියට තවම සුවයක් නෑ. ඇත්තටම ඇය ආයේ කවදාවත් සම්පූර්ණයෙන් සුව වෙන්නේත් නෑ.
මේක අපේ මුළු පාසල් පද්ධතියටම ලැබුණු අනතුරු ඇඟවීමක් කියලා සලකන්න.
ඔයාගේ දරුවාටත් මේක වෙනකල් බලාගෙන නොයිඳ, ඔයාගේ දරුවාගේ පාසල අදම වෙනස් කරන්න.
මේ දේවල් හතර - ඔයාගේ ඉස්කෝලයේ මේ සතියේ ම implement කරන්න. ❤️💛
-