Panilkanda Tea Family

Panilkanda Tea Family Connecting 2,100+ Sri Lankan tea farmers with tea lovers worldwide.

Award winning Ceylon tea from Ruhuna region.

🏆 Gold Award Winners | 🌱 Direct from Estate | Join our tea family!

16/08/2026

Even the rain has its own aroma…

And when Panilkanda Cinnamon Tea becomes part of it,a rainy day feels just a little more special.

The aroma of cinnamon. The taste of Panilkanda Tea.

15/08/2026

ගම්මාන 17කට වැඩි ප්‍රමාණයක්… ගොවි පවුල් 2100කට වැඩි පිරිසක්… එකම විශ්වාසයක්.

හැම දහවලකම අපේ රථ පෙළ පිටත් වෙන්නේ තේ දළු එකතු කරන්න විතරක් නෙවෙයි…

වසර ගණනාවක් අපත් සමඟ විශ්වාසයෙන් බැඳී සිටින 2100+ තේ ගොවි මහත්ම මහත්මීන්ගේ මහන්සිය, ගම්මාන 17කට වැඩි ප්‍රමාණයකින් පනිල්කන්දට රැගෙන එන්නයි.

කන්දෙන් කන්දට…ගමෙන් ගමට…ගොවියාගෙන් කර්මාන්ත ශාලාවට…

හොඳම තේ කෝප්පයක ගමන ආරම්භ වෙන්නේ මෙතැනින්. 🍃☕

අපේ ශක්තිය — අපේ කුඩා තේ වතු හිමියන්. 💚

#තේ #පනිල්කන්ද

තේ දළු වගා කරන ඔබට සුබ ආරංචියක්! ඔබේ දළු වලට ප්‍රදේශයේ ඉහළම මිල ලැබෙනවා කියලා දැනගත්තොත්? 🤔Panilkanda තේ කර්මාන්ත ශාලාව ...
14/08/2026

තේ දළු වගා කරන ඔබට සුබ ආරංචියක්!

ඔබේ දළු වලට ප්‍රදේශයේ ඉහළම මිල ලැබෙනවා කියලා දැනගත්තොත්? 🤔

Panilkanda තේ කර්මාන්ත ශාලාව — 1999 සිට කුඩා තේ වතු හිමියන් 2,100+ ක විශ්වාසය දිනාගත්, ගම්මාන 17+ ක සේවය කරන ඔබේම පවුල! 💚

අප හා එක්වීමෙන් ඔබට:

✅ ප්‍රදේශයේ ඉහළම දළු මිල
✅ සතියේ දින දෙකකම අත්තිකාරම්
✅ සහනදායී මිලට පොහොර
✅ Panilkanda App එකෙන් දෛනික දළු වාර්තා, මාසික බිල් — සම්පූර්ණ විනිවිදභාවය 📱
✅ විදුලි, ජල, දුරකථන බිල් ගෙවීමේ පහසුකම්
✅ සුහදශීලී නියෝජිත සේවයක් ඔබේ ගමටම 🤝

👉 දැන්ම එක්වෙන්න — ඔබේ නම, දුරකථන අංකය හා ගම පමණයි ඕන:

🌐 tea.newsaman.com
📞 076 627 5706

💬 නැත්නම් ඔබේ ගම comment එකේ දාන්න — අපේ නියෝජිත මහතා ඔබව සම්බන්ධ කරගන්නම්!

❤️ දළු වගා කරන යාළුවෙකුට මේ post එක share කරන්න!

#දෙනියාය #තේදළු #ඉහළමදළුමිල #මාතර

ගිං ගඟ දන්නවනේ. ගාල්ල පැත්තෙන් මුහුදට වැටෙන ඒ ලොකු ගඟ.ඒ ගඟ පටන් ගන්නේ කොහෙන්ද කියලා දන්නවද?අපේ කර්මාන්ත ශාලාව පිටිපස්සෙන...
08/08/2026

ගිං ගඟ දන්නවනේ. ගාල්ල පැත්තෙන් මුහුදට වැටෙන ඒ ලොකු ගඟ.

ඒ ගඟ පටන් ගන්නේ කොහෙන්ද කියලා දන්නවද?

අපේ කර්මාන්ත ශාලාව පිටිපස්සෙන් පේන කන්දෙන්, ගොංගල කන්දෙන්. ලංකාවේ 15 වෙනි උසම කන්ද (මීටර් 1,358). සිංහරාජයට යාබද, උදේට මීදුමෙන් වැහෙන කඳුකරයක්.

ලෝකෙට යන Ceylon Tea හැදෙන තවත් එක් තැනක් මෙතන.

දෙනියාය පනිල්කන්ද තේ කර්මාන්ත ශාලාව සඳහා දර අවශ්‍යයි!දර සැපයිය හැකි ඔබට හොඳ අවස්ථාවක්.දර කිලෝවක් සඳහා රු. 8.50 – රු. 10....
07/08/2026

දෙනියාය පනිල්කන්ද තේ කර්මාන්ත ශාලාව සඳහා දර අවශ්‍යයි!

දර සැපයිය හැකි ඔබට හොඳ අවස්ථාවක්.

දර කිලෝවක් සඳහා රු. 8.50 – රු. 10.00 දක්වා
අඩි 2.5 – 3 දිග දර භාර ගනු ලැබේ
එක් දිනක් ඇතුළත මුදල් ගෙවීම්

076 627 5706

📍 පනිල්කන්ද තේ කර්මාන්ත ශාලාව

දැන් ඇල්පිටියෙත් පනිල්කන්ද තේ! කර්මාන්ත ශාලාවෙන්ම නැවුම්ව, තේ සුවඳත් රසත් පිරි පනිල්කන්ද තේ දැන් ඔබට ඇල්පිටියේදී මිලදී ග...
05/08/2026

දැන් ඇල්පිටියෙත් පනිල්කන්ද තේ!

කර්මාන්ත ශාලාවෙන්ම නැවුම්ව, තේ සුවඳත් රසත් පිරි පනිල්කන්ද තේ දැන් ඔබට ඇල්පිටියේදී මිලදී ගත හැකියි.

📍 ඉඹුලපිටිය ස්ටෝර්ස්, ඇල්පිටිය

ඔබට අවශ්‍ය පරිදි
▪️ 100 Tea Bags පැකට්
▪️ 400g තේ පැකට්
▪️ Budget Tea Pack

උදෑසනක් නැවුම් කරගන්නත්, දවසේ විඩාව මකාගන්න පනිල්කන්ද තේ කෝප්පයක සැබෑ රසය විඳින්න. 💚

පනිල්කන්ද තේ, කර්මාන්ත ශාලාවෙන්ම නැවුම් රසය.

දැන් ගාලු නගරයෙත් පනිල්කන්ද තේ! දෙනියායේ නිෂ්පාදනය කරන, නැවුම් සුවඳින් සහ ගුණාත්මක රසයෙන් පිරි Factory Fresh පනිල්කන්ද ත...
28/07/2026

දැන් ගාලු නගරයෙත් පනිල්කන්ද තේ!

දෙනියායේ නිෂ්පාදනය කරන, නැවුම් සුවඳින් සහ ගුණාත්මක රසයෙන් පිරි Factory Fresh පනිල්කන්ද තේ දැන් ගාල්ලේ ඔබටත් මිලදී ගත හැකියි.

📍 මිලදී ගත හැකි ස්ථානය:
වසන්ත බේකරිය
වැකුණුගොඩ, ගාල්ල.

🗺️ Google Maps ස්ථානය:
https://share.google/e8MDQ7gBACr39K7nt

සැබෑ පහතරට තේ රසය දැන් ඔබේ නගරයටත් සමීපයි. අදම වසන්ත බේකරිය වෙත පැමිණ පනිල්කන්ද තේ රසවිඳින්න!

පනිල්කන්ද තේ නැවුම් බවත්, ගුණාත්මක රසයත් එකම කෝප්පයකින්.

උදේ පාන්දරින් වත්තට ගිහින් නෙළන දළුවල වටිනාකම, ඒ දළු නෙළන ඔබට වඩා හොඳින් දන්න කෙනෙක් නැහැ.වැස්සත් අව්වත් නොබලා වත්ත රැකග...
26/07/2026

උදේ පාන්දරින් වත්තට ගිහින් නෙළන දළුවල වටිනාකම, ඒ දළු නෙළන ඔබට වඩා හොඳින් දන්න කෙනෙක් නැහැ.

වැස්සත් අව්වත් නොබලා වත්ත රැකගෙන, කම්කරුවන්ට ගෙවලා, පොහොර දාලා, මාසය පුරා මහන්සි වෙන්නේ පවුලේ හෙට දවස වෙනුවෙන්.

ඒ මහන්සියට සාධාරණ වටිනාකමක් ලැබෙන්න ඕන.
අවශ්‍ය වෙලාවට අතට මුදලක් ලැබෙන්න ඕන.
තමන් ලබාදුන් දළු ගැන පැහැදිලි විස්තර දැනගන්නත් ඕන.

ඒ නිසාම 1999 සිට පනිල්කන්ද තේ කර්මාන්ත ශාලාව කුඩා තේ වතු හිමියන් සමඟ විශ්වාසයෙන් ගමනක් යනවා. 🤝

අද වන විට,

🍃 කුඩා තේ වතු හිමියන් 2,100කට වැඩි පිරිසක්
📍 ගම්මාන 17කට වැඩි ප්‍රදේශයකින්

අප සමඟ එක්ව සිටින්නේ ඒ විශ්වාසය නිසයි.

ඔබත් ඔබේ දළුවලට හොඳ වටිනාකමක් ලබාගෙන, විශ්වාසවන්ත සේවයක් සමඟ ඉදිරියට යන්න කැමති නම්, අදම අප සමඟ එක්වන්න.

🔗 ලියාපදිංචි වීමට:
https://tea.newsaman.com

📞 WhatsApp / දුරකථන:
+94 76 627 5706

Address

Panilkanda Tea Factory
Deniyaya
81500

Alerts

Be the first to know and let us send you an email when Panilkanda Tea Family posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category