22/08/2026
Beauti tips number 24 🌹💆
Golden Milk / කහ කිරි හදාගමුද? 🥛✨
ඇඟපත මහන්සිය ඇරලා, රෝග ප්රතිශක්තිය වැඩි කරලා, සම ඇතුළෙන්ම brightening කරගන්න පුළුවන් සුපිරිම ස්වාභාවික පානයක් තමා කහ කිරි කියන්නේ! ❤️
🥣 අවශ්ය ද්රව්ය:
කිරි කෝප්ප 1 (එළකිරි, පැකට් කිරි)
පිරිසිදු කහ කුඩු තේ හැඳි 1/2
ගම්මිරිස් කුඩු ඩෑෂ් එකක් (ඉතා ස්වල්පයක්)
මී පැණි හෝ හකුරු (රස අනුව)
(කැමති නම් කුරුඳු පොතු කෑල්ලක් / එනසාල් ඇටයක්)
👩🍳 සාදාගන්නා ආකාරය:
කිරි ටික භාජනයකට දාලා මඳ ගින්නේ රත් කරන්න.
එකට කහ, ගම්මිරිස් සහ අනිත් ස්පයිසස් එකතු කරලා හොඳින් මිශ්ර කරන්න.
විනාඩි 3-5ක් මඳ ගින්නේ තම්බාගෙන ළිපෙන් බාන්න.
පෙරාගෙන, රස්නය පොඩ්ඩක් අඩු වුණාම මී පැණි එකතු කරලා රෑට නිදාගන්න කලින් බොන්න.
💡 මේකේ තියෙන වාසි මොනවාද?
✨ සම ඇතුළෙන්ම පැහැපත් කරලා Glow එකක් දෙනවා.
✨ හොඳ සුවබර නින්දක් ලැබෙනවා.
✨ ඇඟපත වේදනාව සහ මහන්සිය එක පාරින් නැති වෙනවා.
✨ සෙම්ප්රතිශ්යාව සහ කැස්සට පට්ටම සහනයක්!
(ගම්මිරිස් ස්වල්පයක් දාන නිසා කහ වල තියෙන "Curcumin" ගුණය ශරීරයට හොඳටම උරාගන්නවා)