19/05/2026
🌷හීන්බෝවිටියා සතු සුවිශේෂී ගුණය වන්නේ අක්මාව ආරක්ෂා කිරීමයි.
🌷විශේෂයෙන් හෙපටයිටිස් වැනි අක්මාව ආශ්‍රිත රෝග පාලනය කිරීමට මෙය ඉතා ගුණදායක වේ.
🌷රුධිරයේ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කර ලේ පිරිසිදු කිරීමටත්, ශරීරයේ අහිතකර මේදය පාලනය කිරීමටත් මෙයට හැකියාව ඇති අතර රුධිරයේ සීනි මට්ටම ක්‍රමවත්ව පවත්වා ගැනීමට සහාය වන බැවින් දියවැඩියා රෝගීන්ට හිතකර පානයකි.
🌷ආහාර රුචිය ඇති කරන අතරම, ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කර මලබද්ධය වැනි තත්ත්වයන් මඟහරවයි.
🌷ශරීරයේ අභ්‍යන්තර දැවිල්ල (Gastritis වැනි තත්ත්වයන්) සහ මුත්‍රා මාර්ගයේ ඇතිවන දැවිල්ල අඩු කිරීමට උපකාරී වන අතර ශරීරයේ ශෛල අලුත්වැඩියා කිරීමට සහ ප්‍රතිශක්තිය ශක්තිමත් කිරීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ මෙහි අඩංගු වේ.