11/11/2025
විනිසුරුවරුද මනුෂ්‍යයෝය....
ඇය වයස අවුරුදු 91 යි, රෝහල් ගවුමකින් සැරසී සිටියා. ඇයව දරුණු සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබු අතර, විනිසුරුවරයාට ඇයගේ පාපොච්චාරණය විශ්වාස කළ නොහැකිව අසරනව බලා සිටින්නට විය.
හෙලන් සහ ජෝර්ජ්, වයස අවුරුදු 91 සහ 88, විවාහ වී වසර 65 ක් ගත වී තිබුණි. ජෝර්ජ්ගේ දරුණු හෘදයාබාධය නිසා දිනකට පෙති 12 ක් ඔහුව ජීවත් කරවීම පිණිස කොට තිබු අතර දැඩි ආරක්ෂිත කාලසටහනකට අනුව ඔවුන්ගේ ජීවිතය ගෙවී ගියේය.
නමුත් පසුගිය සතියේ, ඔවුන් පෙළුණු දැඩි ආර්ථික දුෂ්කරතා නිසාම ගෙවීමි කිරීමට තිබූ අතිරේක රක්ෂණ සැලැස්මට අදාල ගෙවීම් නොකර සිටීම නිසා එම රක්ෂණ ආවරණයද අවලංගු විය.
ජෝර්ජ්ගේ මාසික බෙහෙත් වට්ටෝරු ලබා ගැනීමට හෙලන් ෆාමසියට ගිය විට, ඖෂධවේදියා ඇයට මුළු මුදල පැවසු විට ඔවුන්ගේ ජිවිත කතාව මෙලෙස වෙනස් විය..එය ඇය අත තිබූ ඩොලර් 50 මිලට වඩා අධික මිලකි. සමිපුර්ණ වටිටෝරුවේ මිල ඩොලර් 940ක් ලෙස සදහන් වි තිබිණ.
අසරණ හෙලන් කිසිවක් නොමැතිව ගෙදර ගියා. දින තුනක් ඇය ජෝර්ජ්ගේ සෞඛ්‍යය තත්වය ගැන හොදින් බලා සිටියාය. බෙහෙත් නොමැතිව ඔහු දුර්වල, ව්‍යාකූල වූ අතර ඔහුගේ හුස්ම ගැනීම අක්‍රමවත් විය. ඔහුට වැඩි කාලයක් නොමැති බව ඇය දැන ගත්තාය.
බියට පත් ඇය නැවත ෆාමසියට ගියාය. ඖෂධවේදියා කාර්යබහුලව සිටියදී, ඇය සිතාගත නොහැකි දෙයක් කළාය. ඇගේ දෑත් වෙව්ලමින්, කවුන්ටරයේ තිබූ පෙති පෙට්ටි සොරාගෙන ඇගේ විශාල පසුම්බියට දමා පිටව ගියාය.
ඇය ඉදිරිපස සංවේදක පසුකර ගියේවත් නැත. ගබඩා කළමනාකරු ඇයව නැවැත්තුවා. පොලිසියට කතා කළාය.
පොලිස් ස්ථානයේදී, ඔවුන් ඇයව අපරාධ මට්ටමේ සාප්පු සොරකමක් සඳහා චෝදනා සැකසු විට, ඇගේ රුධිර පීඩනය ඉතා ඉහළ ගොස් ඇයව, ශරිරය අප්‍රාණික තත්වයට පත් ව යන්නට විය.ඔවුන් ඇයව වහා ගිලන් රථයෙන් රෝහලට ගෙන ගියේය.
පසුදා උදෑසන ඇයව නඩු විභාගය සඳහා ඇගේ රෝහල් ඇඳෙන් සිට කෙලින්ම ගෙන එන ලදී, තවමත් තුනී නිල් ගවුමෙන් සැරසී, ඇගේ දුර්වල මැණික් කටුවලට දම්වැල් දමා තිබුණි.
"මම කවදාවත් හිතුවේ නැහැ, ගරු විනිසුරු තුමනි," ඇය මිමිණුවා, ඇගේ හඬ වෙව්ලමින් තිබින
විනිසුරු මාකස් චෝදනා දෙස බැලුවේය, පසුව කුඩා, බියට පත් කාන්තාව දෙස බැලුවේය. ඔහු පැහැදිලිවම වෙව්ලන්නට විය, ඔහුගේ මුහුණ දුක සහ අවිශ්වාසය මිශ්‍ර විය.
"ඇපකරු," ඔහු නිහඬ නමුත් ස්ථිර හඬකින් කීවේය. "මේ දම්වැල් ඇයගෙන් ඉවත් කරන්න."
ඔහු නඩු පවරන්නා දෙස බැලීය. "සාපරාධී සොරකමක්ද? මේ කාන්තාවටද?"
"උතුමාණනි," හෙලන් කෑගැසුවාය, "ඔහුට හුස්ම ගන්න බැරි වුණා... මට මොනවා කරන්නද කියලා මම දැනගෙන හිටියේ නැහැ. මට තියෙන්නේ එයාගේ බෙහෙත් විතරයි."
විනිසුරුවරයාගේ මුහුණ දැඩි වුණා, නමුත් ඇය කෙරෙහි නොවේ. තත්වය ගැන ඔහු කෝපයෙන් සිටියේය.
"ඇය අපරාධකරුවෙක් නෙවෙයි," ඔහු පැවසූ අතර, ඔහුගේ හඬ නිහඬ අධිකරණය තුළ දෝංකාර දුන්නේය. "මේක අපේ පද්ධතියේ අසාර්ථකත්වයක්."
ඔහු වහාම චෝදනා ප්‍රතික්ෂේප කළේය. නමුත් ඔහු එය අවසන් කළේ නැහැ. ඔහු වහාම අධිකරණය වැඩ වලින් විවේකයක් ගෙන රෝහලේ සමාජ වැඩ දෙපාර්තමේන්තුවට කතා කිරීමට ඔහුගේ ලිපිකරුට නියෝග කළේය.
"මම මිලර් මහත්ම්යව නැවත රෝහලට යවනවා, ඇයට බිල්පත් අය කරන්නේ නැහැ," ඔහු නියෝග කළේය. "ඒ වගේම මට අද ඇගේ නිවසට යැවිමට සමාජ සේවිකාවක් අවශ්‍යයි, ඇගේ සැමියාට අවශ්‍ය බෙහෙත් ලබා දී ඔහුව හදිසි ප්‍රතිකාර වැඩසටහනකට ඇතුළත් කර ගැනීමට. අපි මෙය සිදුවීමට ඉඩ නොදෙමු.
විනිසුරුවන් මනුෂ්‍යයෝය ♥️♥️