Dinu Vegetables - දිනූ වෙජිටබල්ස්

Dinu Vegetables - දිනූ වෙජිටබල්ස් අලුත් එළවළු සහ පලතුරු අඩුම මිලට

01/10/2026
18/09/2026

සමහර මිනිස්සු ගාව මනුස්සකම තිබුණා උතුරන්න.. දෙයක් දෙන්නේ හිත් ලස්සන මිනිස්සු ❤️🥰🕊️❤️

18/09/2026

❤️💛💜 හැම ගෑනු ළමයෙක්ම තමන්ගෙ ජීවිතේ ගැන දැනන් ඉන්න ඕනා දේවල් 5 ක් !!!

ගෑනු ළමයෙක් විදිහට ජීවිතේ ලස්සනට ගෙවන්න නම් ලස්සන ඇඳුම්, හොඳ රැකියාවක්, ආදරේ කරන කෙනෙක් හෝ සල්ලි විතරක් තිබිලා මදි. ජීවිතේ ගැන තමන්ටම හොඳ අවබෝධයක් තියෙන්න ඕනා.

මොකද...

කවදාහරි ඔයාට තනියම තීරණ ගන්න වෙන්න පුලුවන්. කවුරුත් වටේ නැති වෙලාවක තමන්ගේම හයියෙන් නැගිටින්න වෙන්න පුලුවන්. කවුරුහරි ඔයාව අතහැරලා යන්න පුලුවන්. අලුත්ම තැනකින් ජීවිතේ පටන් ගන්න වෙන්න පුලුවන්. ඒ නිසා ජීවිතේ ලස්සන දවස්වලට විතරක් නෙවෙයි, අමාරු දවස්වලටත් සූදානම් වෙන්න.

අද post එක මං හිතන විදිහට හැම ගෑනු ළමයෙක්ම තමන්ගෙ ජීවිතේ ගැන දැනගෙන ඉන්න ඕනා දේවල් 5 ක් ගැනයි.

❤️ 01. ඔයාගේ ජීවිතය ගැන තීරණ ගන්න ඔයාට අයිතිය තියෙනවා.

අම්මා කියන නිසා, තාත්තා කියන නිසා, යාළුවෝ කියන නිසා, සමාජය බලාපොරොත්තු වෙන නිසා ජීවිතේ ලොකු තීරණ ගන්න එපා. රැකියාවක් තෝරගන්න එක වෙන්න පුලුවන්. විවාහ වෙන එක වෙන්න පුලුවන්. කොහේ ජීවත් වෙනවද කියන එක වෙන්න පුලුවන්. ඉගෙනගන්න එක වෙන්න පුලුවන්. business එකක් පටන් ගන්න එක වෙන්න පුලුවන්. අනිත් අයගේ අදහස් අහන්න. ඒවායෙන් ඉගෙන ගන්න. හැබැයි අවසානයේ තීරණයක් ගන්න කලින් තමන්ගෙන්ම අහන්න. මට ඇත්තටම ඕනා මේ ජීවිතයද ?කියලා. මොකද ඒ ජීවිතේ ප්‍රතිවිපාක විඳින්න වෙන්නේ බොහෝවිට ඔයාට. ඒ නිසා තමන්ගේ ජීවිතය ගැන තීරණ ගන්න තරම් තමන්ව දැනගන්න.

❤️ 02. තමන්ගේ සල්ලි ගැන දැනගන්න.

ගෑනු ළමයෙක් වුණාම financial matters ගැන දැනගන්න ඕනා නෑ කියලා හිතන්න එපා.

“ඒවා අම්මා බලාගනී..”
“තාත්තා බලාගනී..”
“කසාද බැන්දම husband බලාගනීනේ..”

කියලා තමන්ගේ මුදල් ගැන සම්පූර්ණයෙන්ම වෙන කෙනෙක් මත depend වෙන්න එපා. තමන්ටම bank account එකක් තියාගන්න. budget කරන්න ඉගෙන ගන්න. ඉතිරි කරන්න පුරුදු වෙන්න. ණය ගැන තේරුම් ගන්න. Investment ගැන ඉගෙන ගන්න. පොඩියට හරි තමන්ගේ කියලා ආදායමක් හදාගන්න උත්සහ කරන්න. “මට මගේ ජීවිතේ තීරණයක් ගන්න කාගෙන්වත් අවසර ඉල්ලන්න ඕනා නෑ..” කියලා දැනෙන තරමේ මූල්‍යමය ශක්තියක් තියෙන එකත් independence එකක්.

❤️ 03. කවුරුහරි ඔයාව ආදරේ කරනවා කියන්නේ ඔයා ඔයාටම ආදරේ කරන්න ඕනා නෑ කියන එක නෙවෙයි.

ආදරේ සුන්දරයි. හැබැයි කෙනෙක්ගේ ආදරය තමන්ගේ මුලු ජීවිතයම කරගන්න එපා. relationship එකක් තිබුණත් ඔයාට ඔයාගේම hobbies තියෙනවා. ඔයාගේම goals තියෙනවා. ඔයාගේම interests තියෙනවා. තමන්ටම කියලා කාලයක් තියෙනවා. කෙනෙක් එක්ක ජීවිතය share කරගන්න එක ලස්සනයි. හැබැයි.. තමන්ව සම්පූර්ණයෙන්ම නැති කරගෙන කෙනෙක් එක්ක ජීවත් වෙන එක ආදරය නෙවෙයි. ඔයාගේ identity එකත් රැකගෙන ආදරේ කරන්න.

❤️ 05. ඔයාව සැළකිල්ලෙන් බලාගන්න.

ඔයාගේ ශරීරය අනිත් අයගේ approval එක ලබාගන්න තියෙන දෙයක් නෙවෙයි. පෙනුම වෙනස් වෙයි. වයස වෙනස් වෙයි. බර වෙනස් වෙයි. skin එක වෙනස් වෙයි. appearance එක වෙනස් වෙයි. ඒ හැම වෙනසක් එක්කම තමන්ව පිළිගන්න ඉගෙන ගන්න. හැබැයි self love කියන්නේ තමන්ගේ සෞඛ්‍යය නොසලකා හරින එකත් නෙවෙයි. හොඳට කන්න. වතුර බොන්න. ව්‍යායාම කරන්න. නිදාගන්න. personal hygiene ගැන බලන්න. අවශ්‍ය වෙලාවට medical care ගන්න. ලස්සන වෙන්න විතරක් නෙවෙයි, සෞඛ්‍ය සම්පන්න වෙන්න. ඔයාගේ ශරීරය ඔයාගේ ජීවිතය පුරාවටම ඔයා එක්ක ඉන්න ඔයාගෙ ගෙදර වගේ. ඒ නිසා එයාට හරි ආදරෙන් සලකන්න.

ඔයත් ඔයාටම කියලා හීන තියෙන, ආසාවන් තියෙන, හැකියාවන් තියෙන, තීරණ ගන්න පුලුවන් සම්පූර්ණ මනුස්සයෙක්. ඒ නිසා.. අනුන්ගේ ජීවිත බල බල තමන්ගේ ජීවිතය අමතක කරන්න එපා. කෙනෙක්ගේ දුවක් වෙන්න. කෙනෙක්ගේ බිරිඳක් වෙන්න. කෙනෙක්ගේ අම්මා කෙනෙක් වෙන්න. හැබැයි ඒ හැම භූමිකාවක් අතරෙම.. “මම” කියන ඔයාවත් නැති කරගන්න එපා. මොකද අවසානයේ ලස්සන ජීවිතයක් කියන්නේ අනිත් අය සතුටු කරපු ජීවිතයක් නෙවෙයි. තමන්ටත් ආදරේ කරගෙන, තමන්ගේ ජීවිතය ගැන වගකීම අරගෙන, තමන්ට වටිනා විදිහට ජීවත් වුණු ජීවිතයක්.❤️

HAPPY LIFE by Madhushika Udagedara
2026|09|17

08/08/2026
08/08/2026

දුවෙක් කියන්නේ…
හැම ප්‍රශ්නයකටම නීතිය කියන Lawyer කෙනෙක්,
ගෙදර හැම රහසක්ම හොයන Detective කෙනෙක්,
අන්තිමට අඬලා දිනන Drama Queen කෙනෙක්. 🤣🙈

දුලා

Address

Dinu Vegetables, Kaduruduwa, Dewata
Galle

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 07:00 - 21:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 21:00
Friday 07:00 - 21:00
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when Dinu Vegetables - දිනූ වෙජිටබල්ස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share