SL Bites

SL Bites 🧆🥙🍝අපේ දේ, අපේ රසට🧀🍔
ආදරයෙන් ඉල්ලනවා follow කරගෙන යමු😍🫶

🛑අසරණ වූ සරණදූෂණ චෝදනා එල්ල කර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එක් එක් නඩුවකට වසර හතර ...
09/06/2026

🛑අසරණ වූ සරණ

දූෂණ චෝදනා එල්ල කර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එක් එක් නඩුවකට වසර හතර බැගින් සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය ඒ අනුව විත්තිකරුට බරපතල වැඩ සහිත වසර 16ක සිර දඬුවම් නියම කරන බව නියම කළා.

ඊට අමතරව එම නඩු සඳහා සරණ ගුණවර්ධනට රුපියල් ලක්ෂ 18 ක දඩයක්ද අධිකරණය විසින් නියම කළා.

නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට වාහන තුනක් කුලී පදනම මත ලබා ගැනීමේදී ඒවායේ හිමිකරුවන්ට වාසියක් සැලසෙන ආකාරයෙන් කටයුතු කරමින් රජයට පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධනට විරුද්ධව මෙම නඩුව හතර ගොනු කර තිබුණා

09/06/2026
08/06/2026

🛑සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ.

පිලිපීනයේ මින්ඩනාඕ (Mindanao) දූපත් කලාපයට අද (2026/06/08) රික්ටර් මාපකයේ 8.2ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් සිදුව තිබෙනවා.පොළොව මතුපිට සිට කිලෝමීටර් 10ක් වැනි ඉතා නොගැඹුරු මට්ටමක (Depth) මෙම භූමිකම්පාව සිදුවීම හේතුවෙන්, ඇමෙරිකානු සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය විසින් කලාපයට වහාම ක්‍රියාත්මක වන පරිදි සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

Address

Kelaniya
Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when SL Bites posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category