Sunil

Sunil Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sunil, Grocers, 1/31 "viddiyani" udaaludiniya/weligalla, Gelioya.

22/09/2025
22/09/2025
27/05/2024

අවදානම් සහිත ගල් ඉවත් කිරීම සඳහා අනිද්දා (28) නුවර - කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමීමට තීරණය කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පවසනවා. එය වසා දමන වේලාව සම්බන්ධයෙන් ඉදිරියේ දි දැනුවත් කිරීමට නියමිත බවයි කියන්නේ.

එම ගල් ඉවත් කිරීම සඳහා පැය දෙකක පමණ කාලයක් අවම වශයෙන් ගතවනු ඇති බවයි එම සංවිධානය පවසන්නේ.

පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හමුවේ පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයට ගල් පෙරලීමෙ අවධානමක් පවතිනවා. ඒ හේතුවෙන් එම කොටසේ රථවාහන ධාවනය කිරීමේ වඩාත් සැලකිලිමත් විය යුතු බව දැනුම් දෙනවා. කඩුගන්නාව මගහැර හැකිතාක් විකල්ප මාර්ග ඒ සඳහා භාවිතා කිරීම ඉතා වැදගත් බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.

11/05/2024

නීති විරෝධි ලෙස කොල්ලකෑ ජනතාවගේ මුදල් සහ දේපළ නැවත ලබාගැනීම, රාජසන්තක කිරීම, අහිමි කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා වන නව පනත් කෙටුම්පතක් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මහලේකම්වරියට භාර දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය මහචාර්ය ජී.එල්. පිරිස් පවසනවා.

‘‘අසීමිත වංචා දූෂණ අක්‍රමිකතා පිළිබඳ විශාල විරසකයක් අපේ සමාජය තුළ තිබෙනවා. මේ සංස්කෘතිය අවසාන කළ යුතුයි. පවතින අර්බුදයෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ සහාය අවශ්‍ය බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ ශ්‍රී ලංකාවට මෙම අර්බුදයෙන් ගොඩ ඒමට තිබෙන ප්‍රධාන බාධකය අසීමිත වංචාව දූෂණය බවයි. මේ අර්බුදයෙන් ගොඩ ඒමට සිදුකළ යුත්තේ ජනතාව තලලා පෙළලා බදු අය කර ගැනීම නෙවෙයි. අපිට ආයෝජන අවශ්‍යයි. ලංකාවට ආයෝජන ලබාදුන් ප්‍රධාන රටක් තමයි ජර්මනිය. ලංකාවේ තිබෙන දුෂණය හා වංචාව තුරන් කළොත් ජර්මන් ආයෝජකයන් කැමැතියි ලංකාවේ ආයෝජය කරන්න.

ආණ්ඩුව සියයට 18 ක වැට් බද්දක් ජනතාවගේ කරමත පටවලා තිබෙනවා. වැට් බද්ද රටේ ධනවත්ම පුද්ගලයා සහ දිළිදු පුද්ගලයා එක ලෙස ගෙවන බද්දක්. සමාජ සාධාරණත්වය අනුව නිර්මාණය වුණ බද්ධක් නෙවෙයි.රටේ සිටින දිළිඳු අයට බදු පනවන අතර ගජමිතුරු සමාගම්වලට බදු විරාම ලබාදෙනවා. ආණ්ඩුවේ ගජමිතුරු සමාගම් ලාභ ලබාගන්නවා. නමුත් කිසිදු මුදලක් මහා භාණ්ඩාගාරයට බදු ලෙස ගෙවන්නේ නෑ. මේක පිටුපසු විශාල වංචාවක් තිබෙනවා. ආණ්ඩුවේ ගජමිතුරු සමාගම්වලට ඔවුන්ගේ සාක්කු පුරවගන්න අවස්ථාව ලබාදීලා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ක්‍රියාදාමය දැඩි ලෙස විවේචනය කරලා තිබෙනවා.

රජය දූෂණ විරෝධි පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අපි ඒ සඳහා සහාය දුන්නා. නමුත් ඒ පනත අසම්පූර්ණයි. ජනතා මුදල් වංචා කළ පිරිසට දඬුවම් දීම වගේම කොල්ලකාපු ජනතා මුදල් නැවත මහ භාණ්ඩාගාරයට ලබාගන්න ඕන. ජනාතාවගෙන් දූෂිත ලෙස සොරාගත් මුදල් තැන්පත් කරලා තිබෙන්නේ විදේශීය රටවල්වල. ඒ මුදල් ලබාගැනීමට විධිමත් ක්‍රමයක් රජය ඉදිරිපත් කළ පනතේ දකින්න ලැබෙන්නේ නෑ. ඒක විශාල අඩුපාඩුවක්” බව මහාචාරය ජී.එල්. පීරිස් පවසනවා.

05/05/2023

මැයි 05 වෙනිදා ගාලුමුවදොර පිටියේ සීල සමාදාන ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. එදින පෙ.ව. 6.30 සිට ප.ව. 3.00 දක්වා පැවැත්වෙන බවයි කියන්නේ. එය නම්කර ඇත්තේ ‘සාදු නාද ශීල සමාධි වැඩසටහන - 2023’ ලෙසයි.

ඒ සම්බන්ධයෙන් කොළඹ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, පී.ආර්. දේශබන්දු විසින් කොළඹ කලාපයේ විදුහල්පතිවරුන් වෙත ලිපියක් යොමුකර තිබෙනවා. ඒ ලිපියට අනුව කලාපයේ පාසල් වෙතින් මෙම ශීල ව්‍යාපාරයට පාසල් ළමුන් 2453ක් සහභාගී කරවන ලෙසයි දැනුම් දී ඇත්තේ. ඒ ළමුන් සමඟ සහභාගී විය යුතු ගුරුවරු ගණන 104ක් බවයි කියා ඇත්තේ.

පාසල් 17ක විදුහල්පතිවරුන් වෙත යවා තිබෙන මෙම ලිපියට අනුව මෙම සීල ව්‍යාපාරයට වැඩීම සිසුන් පිරිසක් සහභාගී කළ යුතු පාසල වන්නේ තර්ස්ටන් විදුහලයි. එහි විදුහල්පතිවරයා විසින් සිසුන් 307ක් සහභාගී කළ යුතු වන අතර ඒ සමඟ ගුරුවරු 19 දෙනෙකු සහභාගී විය යුතු බවයි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, පී.ආර්. දේශබන්දු සිය ලිපියෙන් දන්වා ඇත්තේ. පාසල් 17 අතරින් අඩුම සිසුන් පිරිසක් කැඳවා ඇත්තේ ගෝතමී බාලිකා විද්‍යාලයෙන්. ඒ ශිෂ්‍යාවන් 89 දෙනෙක්. ඒ සමඟ ගුරුවරු 3 දෙනෙක් ගාලුමුවදොරට පැමිණිය යුතු වෙනවා.

මෙලෙස සිසුන් කැඳවා ඇති පාසල් 17 අතරින් පාසල් 10ක් ඇති අතර පාසල් 7ක් බාලිකා පාසල්.

මෙම සිසුන් රැගෙන ඒම සහ නැවත ආරක්ෂිතව ආපසු රැගෙන යාම පිළිබඳව කිසිවක් සඳහන් කර නැති අතර ඒ පිළිබඳව දැරිය යුතු වියදම් පිළිබඳවත් කිසිවෙක් වගකීම දරන බවක් දක්නට නැති බවයි කියන්නේ.

පසුගිය දා කැබිනට් මණ්ඩලය තීරණය කර සිටියේ ආගමික කටයුත්තකට හැර වෙනත් කිසිවකට ගාලුමුවදොර පිටිය ලබා නොදෙන බවට යි. එම තීරණයෙන් පසුව මැයි දිනයට පවා ලබානොදුන් ගාලුමුවදොර පිටිය පළමු වලට ලබා දෙන්නේ මෙම සීල ව්‍යාපාරයටයි.

Address

1/31 "viddiyani" Udaaludiniya/weligalla
Gelioya

Website

Alerts

Be the first to know and let us send you an email when Sunil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category