DARK STORY

DARK STORY SCARY THINGS 👽
(1)

📜 1518 නර්තන වසංගතය – ඉතිහාසයේ තවමත් විසඳී නොමැති අභිරහසක්!1518 ජූලි මාසයේදී Strasbourg නගරයේ ජීවත් වූ කාන්තාවක් හදිසියේ...
03/06/2026

📜 1518 නර්තන වසංගතය – ඉතිහාසයේ තවමත් විසඳී නොමැති අභිරහසක්!

1518 ජූලි මාසයේදී Strasbourg නගරයේ ජීවත් වූ කාන්තාවක් හදිසියේම මහාමාර්ගයක නටන්න පටන් ගත්තා. ඇය පැය කිහිපයක් නොව, දින ගණනාවක්ම නටමින් සිටි බව ඉතිහාස වාර්තා සඳහන් කරනවා. වඩාත්ම පුදුම දේ වුණේ, ඇයව දැක තවත් මිනිසුන් ද නටන්න පටන් ගැනීමයි.

දින කිහිපයක් ඇතුළත දස දෙනෙක් පමණ මෙම අමුතු හැසිරීමට එක් වූ අතර, මාසයක් ඇතුළත එම සංඛ්‍යාව සිය ගණනක් දක්වා ඉහළ ගියා. ඔවුන් නටන්නේ උත්සවයක් සඳහා නොව, විනෝදයක් සඳහාත් නොව. බොහෝ දෙනාට නටන එක නවත්වන්න බැරි තත්ත්වයක් ඇති වී තිබුණා කියලා වාර්තා වෙනවා.

නගර බලධාරීන් මේ තත්ත්වය තවත් අසාමාන්‍ය විදිහට විසඳන්න උත්සාහ කළා. ඔවුන් සිතුවේ මිනිසුන්ට නටන්න ඉඩ දුන්නොත් ඔවුන්ගේ "රෝගය" සුව වේවි කියලා. ඒ නිසා විශේෂ වේදිකා පවා සකස් කර සංගීතඥයන් ගෙන්වා සංගීතය වාදනය කරවූ බව සඳහන් වෙනවා. නමුත් එය තත්ත්වය තවත් නරක අතට හැරවූ බව ඉතිහාසඥයන් පවසනවා.

දිගින් දිගටම නටමින් සිටි සමහරුන් දැඩි වෙහෙස, ජලය නොමැති වීම, හෘදයාබාධ සහ වෙනත් ශාරීරික ගැටලු නිසා මිය ගිය බව සඳහන් වෙනවා. එහෙත් නිශ්චිත මරණ සංඛ්‍යාව ගැන විශ්වාසදායක දත්ත නොමැත.

අදටත් මෙම සිදුවීම පිළිබඳ විද්‍යාඥයන් සහ ඉතිහාසඥයන් අතර විවිධ මත පවතිනවා.

🔹 සමහරුන්ගේ අදහස වන්නේ මෙය "Mass Psychogenic Illness" ලෙස හඳුන්වන සමූහ මානසික බලපෑමක් බවයි.
🔹 තවත් පිරිසක් විශ්වාස කරන්නේ විෂ සහිත දිලීරයකින් ආහාර දූෂණය වී තිබිය හැකි බවයි.
🔹 එවකට ජීවත් වූ බොහෝ දෙනා මෙය දේව ශාපයක් හෝ අද්භූත බලවේගයක බලපෑමක් ලෙස සැලකූ බව ද වාර්තා වෙනවා.

වසර 500කට වැඩි කාලයක් ගත වී තිබුණත්, Dancing Plague of 1518 සිදුවීමට නිශ්චිත හේතුවක් අද දක්වා සොයාගෙන නැහැ. ඒ නිසාම මෙය ලෝක ඉතිහාසයේ වාර්තා වූ අමුතුම සහ අභිරහස්ම සිදුවීම් අතරින් එකක් ලෙස සැලකෙනවා.

🤔 ඔබ හිතන්නේ මේක ඇත්තටම සමූහ මානසික බලපෑමක්ද? නැත්නම් තවමත් අපට නොදන්නා වෙනත් හේතුවක් තිබුණාද?

🌨️ Dyatlov Pass අභිරහස – හිම යට සැඟවුණු භයානක රහසක්… 👣1959 ජනවාරි මාසයේදී Igor Dyatlovගේ නායකත්වයෙන් යුත් විද්‍යාඥයන් 9 ...
27/05/2026

🌨️ Dyatlov Pass අභිරහස – හිම යට සැඟවුණු භයානක රහසක්… 👣

1959 ජනවාරි මාසයේදී Igor Dyatlovගේ නායකත්වයෙන් යුත් විද්‍යාඥයන් 9 දෙනා රුසියාවේ Ural කඳුකරයට සංචාරයක් යන්න පිටත් වෙයි.

නමුත්… ඔවුන් නැවත ආවෙ නැහැ.

🔍 සොයන කණ්ඩායම්ට හමු වුණේ කඳවුරක්…
– තුළින් කපලා තියෙන ටෙන්ට් එකක් 😳
– හිම මත පා සටහන්… නමුත් කපටියෙන් පැනලා ගියා වගේ
– සීතලට නොගැලපෙන ඇඳුම් නැතිව දුරට දුවපු සලකුණු

😨 තව භයානක දේවල්:

සමහරුන්ට අභිරහස් අභ්‍යන්තර තුවාල

කෙනෙකුගේ දිව නොමැතිව හමුවීම

ශරීරවල radiation සලකුණු

මේ හැමදේම එකට බලද්දී… මෙය සාමාන්‍ය අනතුරක්ද? නැත්නම්… වෙන කෙනෙකු හෝ “වෙන දෙයක්” ක්‍රියා කළාද? 👁️

අදටත් Dyatlov Pass සිද්ධිය ලෝකයේ අභිරහස්ම මරණ සිද්ධීන් අතරින් එකක් ලෙසම පවතිනවා…

👉 ඔයාගේ අදහස මොකක්ද?
මෙය හිම පාවීමක් (avalanche) ද? නැත්නම් අමුතු බලයක්ද?

---

රිදී වෙස්මුහුණ පිටුපස සැඟවුණු ලාදුරු රජුගේ සැබෑ කතාව: 4 වන බෝල්ඩ්වින් (King Baldwin IV)"Kingdom of Heaven" (2005) චිත්‍ර...
22/05/2026

රිදී වෙස්මුහුණ පිටුපස සැඟවුණු ලාදුරු රජුගේ සැබෑ කතාව: 4 වන බෝල්ඩ්වින් (King Baldwin IV)

"Kingdom of Heaven" (2005) චිත්‍රපටිය බලපු කාටවත් රිදී වෙස්මුහුණක් දාගෙන, අශ්වයෙක් පිටේ ඇවිත් මුළු හමුදාවක්ම පාලනය කරපු ඒ අභිමානවත් රජුව මතක නැති වෙන්න විදිහක් නැහැ. හැඟීම්බර වගේම අතිශය වීරෝදාර මේ චරිතය සිනමාවට විතරක් සීමා වෙච්ච එකක් නෙවෙයි. මේ, මීට අවුරුදු 850කට කලින් ඇත්තටම මේ පොළොවේ ජීවත් වුණු, ලෝක ඉතිහාසයම වෙනස් කරපු රජෙක්ගේ සත්‍ය කතාවයි!

💔 වයස අවුරුදු 9 දී හෙළි වූ බියකරු රෝගය
ක්‍රිස්තු වර්ෂ 1161 දී උපන් බෝල්ඩ්වින් කුමාරයා කුඩා කාලයේදීම ඔහුගේ ගුරුවරයා නිරීක්ෂණය කළා පුදුම දෙයක්. කුමාරයා යාළුවන් එක්ක සෙල්ලම් කරද්දී අත්වලට තුවාල වුණත්, කටු ඇනුණත් ඔහුට කිසිම රිදීමක් දැනුණේ නැහැ. වෛද්‍යවරුන් පරීක්ෂා කරද්දී තේරුණේ ඒ වෙනකොට මුළු ලෝකයම පිළිකුල් කරපු, සුව කරන්න බැරි "ලාදුරු" (Leprosy) රෝගය කුමාරයාට වැළඳී ඇති බවයි.

👑 වයස 13 දී ඔටුන්න හිස මත තැබීම
ලාදුරු රෝගියෙක්ව සමාජයෙන් කොන් කරන යුගයක, ඔහුගේ පියාගේ මරණයෙන් පසු වයස අවුරුදු 13 දී බෝල්ඩ්වින්ට ජෙරුසලමේ රජකම භාරගන්න සිදු වුණා. රෝගය නිසා ඔහුගේ දකුණු අත සහ මුහුණ ක්‍රමයෙන් අකර්මණ්‍ය වෙන්න පටන් ගත්තා. චිත්‍රපටියේ පෙන්වන විදිහටම, තමන්ගේ විකෘති වන මුහුණ අන් අයට පෙන්වීමට අකමැති වූ නිසා ඔහු රිදී වෙස්මුහුණක් භාවිතා කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා.

⚔️ අත් එකක් නැතිව, අශ්වයා පිටේ නැගී සලාඩින්ව පරාජය කිරීම!
මේ කතාවේ ලස්සනම සහ වීරෝදාරම කොටස වෙන්නේ මේකයි. ඒ වෙනකොට අරාබිකරයේ සිටි බලගතුම සහ දක්ෂම මුස්ලිම් නායකයා තමයි "සුල්තාන් සලාඩින්" (Saladin). සලාඩින් ජෙරුසලම ආක්‍රමණය කරන්න එද්දී, වයස අවුරුදු 16ක් වූ බෝල්ඩ්වින් රජු තමන්ගේ රෝගී තත්ත්වය අමතක කරලා යුධ පිටියට බැස්සා.

ඔහුට දකුණු අත පාවිච්චි කරන්න බැරි නිසා වම් අතින් අශ්වයාව පාලනය කරමින්, තමන්ගේ සේනාව දිරිමත් කළා. "මොන්ට්ගිසාර්ඩ් සටනේදී" (Battle of Montgisard) තමන්ට වඩා 5 ගුණයක් ලොකු සලාඩින්ගේ දැවැන්ත හමුදාව පරාජය කරන්න මේ 16 හැවිරිදි ලාදුරු රෝගී තරුණ රජුට පුළුවන් වුණා! සලාඩින් පවා මේ තරුණයාගේ වීරත්වයට ගරු කළා.

😭 වයස 24 දී සමුගත් ශ්‍රේෂ්ඨ ජීවිතය
ලාදුරු රෝගය උත්සන්න වීම නිසා අවසාදිත කාලයේදී බෝල්ඩ්වින් රජුගේ ඇස් පෙනීම සම්පූර්ණයෙන්ම නැති වුණා. ඇවිදගන්න තබා කෙළින් සිටගන්නවත් පණක් තිබුණේ නැහැ. නමුත් ඔහු තමන්ගේ රාජ්‍යය සලාඩින්ගෙන් ආරක්ෂා කරගන්න අවසන් හුස්ම තෙක්ම සටන් කළා.

ක්‍රිස්තු වර්ෂ 1185 දී, වයස අවුරුදු 24ක් වැනි කෙටි වයසකදී මේ අසමසම රජු මෙලොව හැර ගියා. ඔහු මිය යන විට ඔහුගේ ශරීරය ලාදුරු රෝගයෙන් සම්පූර්ණයෙන්ම වැසී තිබුණා.

🎬 සිනමාව සහ සැබෑ ඉතිහාසය
Ridley Scott අධ්‍යක්ෂණය කළ Kingdom of Heaven චිත්‍රපටියෙන් Edward Norton කියන සුපිරි නළුවා මේ චරිතයට උපරිම සාධාරණයක් කළා. ඉතිහාසඥයන් පවසන්නේ සැබෑ බෝල්ඩ්වින් රජු චිත්‍රපටියේ පෙන්වනවාටත් වඩා බෙහෙවින් සාධාරණ, තම ජනතාව වෙනුවෙන් ජීවිතය කැපකළ ශ්‍රේෂ්ඨ රජෙක් බවයි.

තමන්ට වැළඳුණු මාරාන්තික රෝගයටවත් තමන්ගේ ආත්ම ශක්තිය පරාජය කරන්න ඉඩ නොදුන් "4 වන බෝල්ඩ්වින්" රජු, සැබවින්ම ලෝක ඉතිහාසයේ අමරණීය චරිතයක්! ❤️👑

නඩුකාරයාට පුටුවකින් ගහපු තාත්තා! 🤯 උසාවියම දෙවනත් කළ ඒ අමුතුම තීන්දුව මෙන්න...දැන් Internet එකේ කොහේ බැලුවත් Viral වෙන, ...
09/05/2026

නඩුකාරයාට පුටුවකින් ගහපු තාත්තා! 🤯 උසාවියම දෙවනත් කළ ඒ අමුතුම තීන්දුව මෙන්න...

දැන් Internet එකේ කොහේ බැලුවත් Viral වෙන, ඇඟ හිරිවැටෙන True Crime කතාවක් තමයි මේක. උසාවියක් ඇතුළේ නඩුවක් අහලා ඉවර වෙනවාත් එක්කම තමන්ගේ ඉවසීමේ සීමාව පැනපු තාත්තා කෙනෙක්, කෙළින්ම එතන තිබුණු බර පුටුවක් අරගෙන නඩුකාරයාගේ (Judge) ඇඟටම විසි කරනවා! 🪑💥 මුළු උසාවියම එක තත්පරයෙන් සම්පූර්ණයෙන්ම කැලඹිලා යනවා.

ඇයි මේ තාත්තා මෙහෙම කළේ? 🥺
මේ තාත්තා මේ විදියට හැසිරෙන්න හේතුව මොකක්ද? තමන්ගේ දරුවාට සම්බන්ධ වුණු ඒ දරුණු "සිදුවීම" (Incident) වෙනුවෙන් එයා කාලයක් තිස්සේ සාධාරණයක් බලාපොරොත්තුවෙන් උසාවි ආවා. තමන්ගේ මුළු ලෝකෙම නැති වුණු වේදනාවෙන් හිටපු මේ අහිංසක තාත්තාගේ ඇස් ඉස්සරහාම, ඒ සිදුවීමට සම්බන්ධ වරදකරුට නඩුකාරයා දුන්නේ කවුරුත් හිතපු නැති තරම් හරිම ලිහිල් දඬුවමක් (Shockingly light sentence)! 💔

තාත්තාගේ ආදරයද? නීතියද? ⚖️🔥
තමන්ගේ දරුවා වෙනුවෙන් සාධාරණයක් නොලැබුණු තැන, මේ තාත්තාට තමන්ගේ කේන්තිය සහ වේදනාව පාලනය කරගන්න බැරි වුණා. මේ Courtroom drama එකේ වීඩියෝස් Internet එකට ආපු ගමන්ම මිලියන ගාණක් මිනිස්සු දැන් මේ නීති පද්ධතිය (Justice System) ගැන ලොකු ප්‍රශ්නාර්ථයක් මතු කරලා තියෙනවා.

සමහරු නීතිය පැත්ත ගෙන මේ තාත්තා කරපු දේ වැරදියි කියද්දී, තවත් ගොඩක් අය කියන්නේ "ඒ තාත්තා කරපු දේ 100%ක් හරි, තමන්ගේ දරුවාට නීතියෙන් සාධාරණයක් නැත්නම් වෙන මොනවා කරන්නද?" කියලයි.

අපි ගොඩක් True crime කතා ගෙනාවත්, මේ සිදුවීම නම් ඇත්තටම මුළු ලෝකෙම කම්පනයට පත් කරලා ඉවරයි. ඔයා හිතන විදියට නීතියෙන් සාධාරණයක් ඉටු නොවුණු තැන, මේ තාත්තා ගත්තු තීරණය ගැන ඔයාට මොකද හිතෙන්නේ? 🤔👇

විශ්වාස කරන්නත් අපහසු වුණත්, මේ සිදුවීම අදටත්,එනම් මේ මොහොතේ පවා එලෙසම සිදු වෙමින් පවතින අභිරහසක්.😶‍🌫️      ජර්මනියේ ෆ්‍...
06/05/2026

විශ්වාස කරන්නත් අපහසු වුණත්, මේ සිදුවීම අදටත්,එනම් මේ මොහොතේ පවා එලෙසම සිදු වෙමින් පවතින අභිරහසක්.😶‍🌫️

ජර්මනියේ ෆ්‍රයිබර්ග් නගරයේ පිහිටි පැරණි සුසාන භූමියට ඇතුළු වන ඕනෑම අයෙකුට අතිශය හැඟීම්බර දර්ශනයක් දැකගත හැකියි.
ඒ, නිදාගෙන සිටින ආකාරයට නිමවා ඇති තරුණියකගේ මූර්තියක් සහිත සොහොනකි. ඇය නමින් කැරොලයින් වෝල්ටර්😶‍🌫️.

වර්ෂ 1867 දී, වයස අවුරුදු 16ක් වැනි ඉතා කුඩා අවධියකදී ක්ෂය රෝගය වැළඳීමෙන් කැරොලයින් මෙලොව හැර ගියාය. 👀
ඇගේ අකල් මරණයෙන් දැඩි ලෙස කම්පනයට පත් ඇගේ සොහොයුරිය, කැරොලයින් නිදා සිටින ආකාරයේ තාත්වික මූර්තියක් සොහොන මත නිර්මාණය කිරීමට කටයුතු කළාය.😶‍🌫️
ඇගේ අවමංගල්‍ය උත්සවය දවසේ සිට, ඇගේ සොහොන් මූර්තියේ දෑත මත කිසිවෙකු විසින් නැවුම් මල් කලඹක් තබා යන්නට විය. 👀
මුලදී එය ඇගේ පෙම්වතාගේ කාර්යයක් බව කවුරුත් සිතූහ. නමුත් පුදුමය එය නොවේ...😶‍🌫️

අද වන විට කැරොලයින් මියගොස් වසර 159ක් (1867 - 2026) ගත වී ඇත!👀
එදා මල් තැබූ ඇගේ පෙම්වතා නිසැකවම අද මෙලොව නැත.
නමුත් අදටත්, සෑම උදෑසනකම හිරු පායන විට ඇගේ සොහොන මත කිසිදු අඩුවක් නැතිව නැවුම් මල් කලඹක් දක්නට ලැබේ! 😶‍🌫️
දශක එකහමාරකට වඩා වැඩි කාලයක් තිස්සේ වැස්ස, අව්ව හෝ හිම පතනය නොතකා මේ මල් කලඹ එතැන තිබීම ඇත්තටම පුදුම සහගතයි.👀
අදටත් මේ මල් තබන්නේ කවුද යන්න නිල වශයෙන් අනාවරණය වී නැහැ. එය ඉතාමත් රහසිගතව සිදු වන්නක්.😶‍🌫️
කාලයක් යනතුරු ලොවපුරා අධිස්වාභාවික සංසිද්ධි පිලිබඳව අධ්‍යනය කරන්නන්ගේ අදහස වූයේ මෙලෙස දශක ගණනක් තිස්සේ සොහොන මතින් මල් ගෙනැවිත් තබන්නේ ඇයගේ පෙම්වතාගේ ආත්මය විසින් බවයි.👀
​ නමුත් බොහෝ දෙනා දැන් විශ්වාස කරන්නේ, පෙම්වතාගේ මරණයෙන් පසුව එම ප්‍රදේශයේ මල් අලෙවි කරන්නන්, නගර වැසියන් හෝ සංචාරකයින් මෙම සුන්දර සම්ප්‍රදාය පවත්වාගෙන යන බවයි.👀
එක් අයෙකු මිය ගියත් හෝ වෙනත් හේතුවක් මත නතර වුවත්, තවත් අයෙකු එම කාර්යය ස්වේච්ඡාවෙන්ම භාර ගන්නා බව පෙනෙන්නට තිබෙනවා.😶‍🌫️
මෙය දැන් අද්භූත සිදුවීමකට වඩා "අමරණීය ආදරයේ සංකේතයක්" ලෙස ලෝකය පුරා ප්‍රසිද්ධයි.🥰
එමනිසා මේ සුන්දර අභිරහස නවීන තාක්ෂණය යොදාගෙන හෙළි කරමින් එම මතකයට බාධා කිරීමට කිසිවෙකුත් කැමති නැත.👀
ජර්මානු පෞද්ගලිකත්ව නීති මෙන්ම, මෙම රහස "රහසක් ලෙස පවතින්නට හැරීම" තුළින් එම ආදර කතාවට ලැබෙන ගෞරවය වැඩි වන බව ඔවුන් විශ්වාස කරයි.🤫

එසේ නම්, අදටත් සෑම දිනකම රහසිගතව මෙලෙස මල් තබන්නේ කවුද?
එය නගර වැසියන් පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යන චාරිත්‍රයක්ද?👀
නැතිනම් තවමත් කැරොලයින්ගේ පෙම්වතාගේ ආත්මය ඇය වෙනුවෙන් පෙනී සිටිනවාද?😶‍🌫️
මිනිස් බුද්ධියට තේරුම් ගත නොහැකි, ලෝකයම පුදුම කළ මේ "ආදරණීය රහස" අදටත් ජීවමානයි! ✨

Copyed

( Source - Historical Archives of Alter Friedhof, Freiburg / Google Research.)

--------

සැමියා එකපාරම තීරයන කරනවා පණවගේ ආදරේ කරන බිරිඳ එක්ක කතා කරන එක නතර කරන්න..ඊට වසර විස්සකට පස්සේ ඔහු ඇය ලඟට ගිහින් කියපු ක...
02/05/2026

සැමියා එකපාරම තීරයන කරනවා පණවගේ ආදරේ කරන බිරිඳ එක්ක කතා කරන එක නතර කරන්න..
ඊට වසර විස්සකට පස්සේ ඔහු ඇය ලඟට ගිහින් කියපු කතාව ඇහුවම හැමෝගෙම හදවත කම්පා වුනා.. 😳💔

ජීවිතේ සමහර වෙලාවට අපි ආදරේ කරන අය එක්ක පුංචි රණ්ඩුවක් වුණාම පැයක් දෙකක්, නැත්නම් දවසක් දෙකක් කතා නොකර ඉන්නවා. ඒත් ඔබ විශ්වාස කරනවාද, එකම වහලක් යට ජීවත් වෙමින්, එකට කෑම කමින්, දරුවන් තිදෙනෙකුත් හදලා වඩලා... අවුරුදු 20ක් තමන්ගේ බිරිඳ එක්ක එක වචනයක්වත් කතා නොකරපු මිනිසෙක් ගැන?

ඔව්, මේක ජපානයෙන් ඇහෙන ඇදහිය නොහැකි, ඒත් ඇත්තම කතාවක්. මේ ඔටෝ කටයාමා (Otou Katayama) සහ ඔහුගේ බිරිඳ යුමි (Yumi) ගේ අමුතුම ආදර කතාවයි.

🤐🏠 නාරා (Nara) නගරයේ ජීවත් වුණු මේ පවුලේ මතුපිටින් බැලූ බැල්මට කිසිම අඩුවක් තිබුණේ නැහැ. තාත්තා රස්සාවට යනවා, අම්මා ගෙදර දොරේ වැඩ බලනවා, දරුවෝ ලස්සනට හැදෙනවා. ඒත් මේ හැමදේම මැද්දේ එකම එක අඩුවක් තිබුණා. ඒ තමයි සන්නිවේදනය.

යුමි කොච්චර උත්සාහ කළත් ඔටෝ ඇයට පිළිතුරක් දුන්නේ නැහැ. ඔහු ඔලුව වැනීමෙන් හෝ ගොරෝසු ශබ්දයකින් පමණක් තම ප්‍රතිචාර දැක්වූවා. පුදුම වැඩේ කියන්නේ, ඔහු තම දරුවන් සමඟ ඉතාමත් සාමාන්‍ය විදියට කතාබහ කළා. ඒත් තමන්ගේ බිරිඳ ඉදිරියට ආපු ගමන් ඔහු ගොළු වුණා.

"අම්මා හැමදාම තාත්තා එක්ක කතා කරන්න උත්සාහ කළා. ඒත් තාත්තා කවදාවත් උත්තර දුන්නේ නැහැ. අපිට මතක ඇති කාලෙක ඔවුන් දෙන්නා අතර සංවාදයක් තිබුණේ නැහැ..." යොෂිකි (ඔවුන්ගේ 18 හැවිරිදි පුතා) මෙහෙම කියනවා,

🎥✨ මේ නිහඬතාවය දරාගන්න බැරිම තැන, ඔවුන්ගේ දරුවන් තීරණය කළා මේකට විසඳුමක් හොයන්න. ඔවුන් ජපානයේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනකට (Hokkaido TV) ලිපියක් යැව්වා. ඔවුන්ගේ එකම ඉල්ලීම වුණේ, තමන්ගේ අම්මයි තාත්තායි ආයෙත් කතා කරනවා දකින්නයි.

රූපවාහිනී කණ්ඩායම මේ වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් සූදානම් කළා. ඔටෝ සහ යුමිව මීට අවුරුදු ගණනාවකට කලින් ඔවුන් මුලින්ම හමුවුණු ඒ සුන්දර උද්‍යානයට (Nara Park) කැඳවාගෙන ආවා. දරුවන් පසෙකට වී හොරෙන් බලා සිටියේ හද ගැහෙන රිද්මය වැඩි වෙද්දීයි.

😭🙏 උද්‍යානයේ බංකුවක් මත වාඩි වී සිටි මේ දෙන්නා අතර විනාඩි කිහිපයක් යනතුරුත් තිබුණේ ඒ හුරුපුරුදු නිහඬතාවයමයි. ඒත් අවසානයේ ඔටෝ තමන්ගේ මුව විවෘත කළා.

"යුමි... කොහොම හරි අපි දෙන්නා කතා කරලා දැන් හුඟක් කල් නේද?"

ඔහුගේ ඒ පළමු වචන කිහිපයට යුමිගේ දෑසින් කඳුළු කඩා හැළුණා. ඔටෝ දිගින් දිගටම කතා කළා. ඔහු ඇගෙන් සමාව ඉල්ලුවා. ඔහු විඳපු ඒ මානසික පීඩනය වචන බවට පත් කළා.

🤔💔 හැමෝම හිතුවේ ඔහුට ඇය ගැන ලොකු කේන්තියක් හෝ වෛරයක් ඇති කියලා. ඒත් ඇත්තම හේතුව ඊට වඩා හාත්පසින්ම වෙනස් එකක්.

ඔටෝ පවසා සිටියේ ඔහු ඊර්ෂ්‍යාවෙන් (Jealousy) පීඩා විඳි බවයි

ඔව්, ඔබ ඇහුවා හරි. දරුවන් ලැබුණට පස්සේ යුමිගේ සම්පූර්ණ අවධානය සහ ආදරය දරුවන්ට ලැබීම ගැන ඔහු හිතින් අමනාප වෙලා හිටියා. තමන්ව මග හැරෙනවා කියන හැඟීම (Feeling neglected) නිසා ඔහු තීරණය කළා නිහඬ වෙන්න. ඒ නිහඬතාවය පස්සේ කාලෙක ඔහුට පුරුද්දක් වුණා. ඒක බිඳගන්න බැරි තරම් ලොකු පවුරක් වුණා.

"මම හිටියේ නරක විදියට ඊර්ෂ්‍යා කරමින්. මම ඒ ගැන පසුතැවෙනවා. ඒත් දැන් ආපසු හැරෙන්න බැහැ. මට ඕනේ මින් පස්සේ ඔයාට හැමදේකටම ස්තුතිවන්ත වෙන්න..." ඔටෝ කටයාමා යුමිට කිව්වා..

බැඳීම් ඇතුළේ සන්නිවේදනය රත්තරන් වලට වඩා වටිනවා 💡💎
පොඩි හරි හිතේ අමනාපයක් තියෙනවා නම් ඒ වෙලාවෙම කතා කරලා විසඳගන්න. නැත්නම් ඒක කාලයත් එක්ක ලොකු හිස්තැනක් බවට පත් වෙනවා.

සහකරුවෙකුට හෝ සහකාරියකට ලැබෙන අවධානය අඩුවීම ඔවුන්ව මානසිකව ඇද වට්ටන්න පුළුවන්.
අවුරුදු 20ක් නිහඬව හිටපු සැමියාට, ඔහු කතා කරපු පළමු මොහොතේම යුමි සමාව දුන්නා. ඒක තමයි සැබෑ ආදරය.

අද කාලේ බොහෝ පවුල් වල මිනිස්සු ඉන්නේ එකම ගෙදර, එකම සෙටියක වාඩි වෙලා. ඒත් හැමෝම ඉන්නේ තමන්ගේ ෆෝන් එකේ මේකත් නූතන නිහඬතාවයක් නේද?

ඔබේ ආදරණීයයන් එක්ක අදම කතා කරන්න. හිතේ තියෙන දේ කියන්න. මොකද හෙට දවස කියන්නේ කාටවත් සහතිකයක් දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. 👇❤️

Copyed

විනෝදයට කරන සමහර දේවල් අවසානයේ මාරාන්තික අනතුරක් වෙයි කියලා කවුද හිතන්නේ? සංචාරය කරන අතරතුර බොහෝ දෙනෙක් අත්හදා බලන "ෆිෂ්...
01/05/2026

විනෝදයට කරන සමහර දේවල් අවසානයේ මාරාන්තික අනතුරක් වෙයි කියලා කවුද හිතන්නේ? සංචාරය කරන අතරතුර බොහෝ දෙනෙක් අත්හදා බලන "ෆිෂ් ස්පා" (Fish Spa) සේවාව නිසා තරුණියකට ඇගේ පාදයේ ඇඟිලි පහම අහිමි වූ පුවතක් දැන් ලෝකය පුරාම දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

📍 තායිලන්තයේදී සිදුවූ ඒ අමිහිරි අත්දැකීම
ඕස්ට්‍රේලියානු ජාතික වික්ටෝරියා (Victoria) 2010 වසරේදී තායිලන්තයේ සංචාරයක නිරත වුණා. එහිදී ඇය ඉතා උනන්දුවෙන් ෆිෂ් ස්පා එකකට ගොඩවුණේ සුළු වෙලාවක විනෝදයක් ලබන්නයි. නමුත් ඒ මොහොතේ ඇගේ කකුලේ තිබූ ඉතා කුඩා සීරීමක් ඇගේ මුළු ජීවිතයම වෙනස් කරනු ඇතැයි ඇය හීනෙකින්වත් සිතුවේ නැහැ.

🦠 "ෂෙවනෙල්ලා" (Shewanella) - නොපෙනෙන මාරයා!
ස්පා එකේ ජලයේ සිටි Shewanella නම් භයානක බැක්ටීරියාව, වික්ටෝරියාගේ කකුලේ තිබූ කුඩා තුවාලය හරහා ඇගේ ශරීරයට ඇතුළු වුණා. මෙය සිරුරේ අස්ථි දක්වාම දරුණු ලෙස පැතිරී ගිය අතර, වෛද්‍ය විද්‍යාවේදී මෙය "ඔස්ටියෝමෙලයිටිස්" (Osteomyelitis) ලෙස හඳුන්වන තත්ත්වයට පත් වුණා.

🏥 වසර ගණනාවක වේදනාව සහ අවසන් තීරණය
වසර ගණනාවක් පුරා විවිධ සැත්කම් සහ දැඩි ඖෂධ ප්‍රතිකාර ලබා දුන්නද, ඇගේ පාදයේ පැතිරී ගිය ආසාදනය පාලනය කිරීමට වෛද්‍යවරුන්ට නොහැකි වුණා. මෙම විසබීජය ශරීරයේ අනෙකුත් කොටස් කරා පැතිරී ගොස් ඇයගේ ජීවිතයට පවා තර්ජනයක් විය හැකි බැවින්, වෛද්‍යවරුන්ට අවසානයේ දැඩි තීරණයක් ගැනීමට සිදු වුණා. ඒ, ඇයගේ දකුණු පාදයේ ඇඟිලි පහම කපා ඉවත් කිරීමයි.

💡 ඔබ සැලකිලිමත් විය යුතු කරුණු:
වික්ටෝරියාගේ මෙම කටුක අත්දැකීම අප සැමට දෙන ලොකුම පාඩම වන්නේ "සෞඛ්‍යාරක්ෂිත බව" යි. ඔබත් ෆිෂ් ස්පා සේවාවක් ලබා ගැනීමට පෙර මේවා ගැන දෙපාරක් හිතන්න:

තුවාල තිබේදැයි බලන්න: කකුලේ කුඩා සීරීමක් හෝ තුවාලයක් තිබේ නම් කිසිම විටක මෙවැනි පොදු ජල තටාකවලට බසින්න එපා.

ජලයේ පිරිසිදුකම: ෆිෂ් ස්පා වල භාවිතා කරන ජලය හෝ මාළුන් කොතරම් දුරට පිරිසිදුද යන්න පිළිබඳව කිසිදු සහතිකයක් නොමැත.

විසබීජ අවදානම: එකම ජලයේ බොහෝ දෙනෙක් කකුල් දමාගෙන සිටින නිසා විසබීජ හුවමාරු වීමේ සම්භාවිතාව ඉතා වැඩිය.

වික්ටෝරියා අද ලෝකයටම පණිවිඩයක් දෙමින් පවසා සිටින්නේ, තමන් කළ ඒ සුළු අතපසුවීම නිසා අදටත් ඇය වන්දි ගෙවන බවයි. ඔබත් මෙවැනි විනෝදාංශ වලදී ඉතා ප්‍රවේශම් වන්න!

🌟 ඔන්ලි ෆෑන්ස් හරහා අවුරුදු 21න් ඩොලර් මිලියන 83ක් හොයපු පුංචි සුරංගනාවිය ඒ සල්ලි වලින් දැන් කරන්න යන පුදුම හිතෙන වැඩේ.....
01/05/2026

🌟 ඔන්ලි ෆෑන්ස් හරහා අවුරුදු 21න් ඩොලර් මිලියන 83ක් හොයපු පුංචි සුරංගනාවිය ඒ සල්ලි වලින් දැන් කරන්න යන පුදුම හිතෙන වැඩේ.. 🐄🌿

"සල්ලි තිබුණා කියලා සතුට ගන්න බැහැ" කියලා සමහරු කියනවා ඔබ අහලා ඇති. හැබැයි මේ කියන්න යන කතාව ඇහුවම ඔබට හිතෙයි, සල්ලි තිබුණොත් අපිට ඕන විදියේ නිදහසක් සහ සතුටක් නිර්මාණය කරගන්න පුළුවන් කියලා.

අද මුළු ඉන්ටර්නෙට් එකම හොල්ලපු කතාව තමයි සොෆී රේන් (Sophie Rain). වයස අවුරුදු 21 යි. ඇය Content Creator කෙනෙක්. පහුගිය දවසක ඇය The Iced Coffee Hour පෝඩ්කාස්ට් එකට ඇවිත් කරපු හෙළිදරව්වෙන් මුළු ලෝකයම මවිත වුණා.

💰 එක අවුරුද්දක් ඇතුළත ඇය උපයපු මුදල ඩොලර් මිලියන 83 ක්. ලංකාවේ මුදලින් බැලුවොත් ඒක රුපියල් කෝටි 2,500 කටත් වැඩියි 😱

සොෆී රේන්ගේ ආදායමෙන් වැඩිම පංගුවක් ලැබෙන්නේ OnlyFans වැනි "Subscription-based" වෙබ් අඩවි හරහායි. ඇය එහි ඉතාමත් ජනප්‍රිය නිර්මාණකාරියක්. ඇගේ අන්තර්ගතයන් නැරඹීමට ලෝකය පුරා විසිරී සිටින දහස් ගණනක් වූ පිරිස මාසිකව මුදල් ගෙවීම (Subscriptions) හරහා ඇයට මෙම දැවැන්ත ආදායම ගලා එනවා.

ඇයට Instagram සහ TikTok වැනි වේදිකාවල මිලියන ගණනක අනුගාමික පිරිසක් (Followers) ඉන්නවා. මෙම විශාල පිරිස නිසා ඇයට ලැබෙන "Brand Deals" සහ ප්‍රසිද්ධ සමාගම් සමඟ කරන ප්‍රවර්ධන කටයුතු (Sponsorships) හරහා ඉහළ ගෙවීම් ලැබෙනවා.

ඇය නිතරම සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන (Viral) වීඩියෝ සහ ඡායාරූප නිර්මාණය කරනවා. ඇගේ අන්තර්ගතයන්ට ලැබෙන ඉහළ නරඹන්නන් සංඛ්‍යාව (Views) සෘජුවම ඇගේ ආදායම ඉහළ නංවන්න හේතු වෙනවා.

හැබැයි මේ සල්ලි ඔක්කොම ඇගේ සාක්කුවට යන්නේ නැහැ. ඇය හරිම විවෘතව කිව්වා ඇගේ ආදායමෙන් 37% ක්ම, ඒ කියන්නේ ඩොලර් මිලියන 30 ක් විතර රජයට බදු විදියට ගෙවන්න වෙනවා කියලා. බදු ගෙවලා ඉතුරු වෙන මුදල පවා අපිට හිතාගන්න බැරි තරම් විශාලයි.

🚜 ගොඩක් අය මෙච්චර සල්ලි හම්බකළාම කරන්නේ මොකක්ද? රෝල්ස් රොයිස් ගන්නවා, දියමන්ති පළඳිනවා, හැමදාම පාටි දානවා. හැබැයි සොෆී ගොඩක් වෙනස්.

ඇය මේ සල්ලිවලින් තමන්ගේ අනාගතය සුරක්ෂිත කරගන්න ආයෝජනය කළා. දැනටමත් නිවාස දෙකක් මිලදීගෙන අවසන් ඇය, තවත් නිවසක් මිලදී ගන්න සූදානම් වෙනවා. හැබැයි ඇගේ හිත ගියපු ආදරණීයම තැන තියෙන්නේ ෆ්ලොරිඩා වල, ටැම්පා (Tampa) නගරයට කිට්ටුව.

ඒ තමයි අක්කර 20 ක විශාල ගොවිපළක් 🏡✨

ඩොලර් මිලියන 3.4 ක් දීලා ඇය මේ ඉඩම ගත්තේ... ඇය ඒකට කියන්නේ Sanity Sanctuary කියලා. ඒ කියන්නේ ඇගේ මානසික සහනය රැකදෙන පූජනීය භූමිය. සෝෂල් මීඩියා වල තියෙන පීඩනය, මිනිස්සුන්ගේ කමෙන්ට්ස්, විවේචන සහ කාර්යබහුල ලෝකයෙන් මිදිලා නිදහසේ ඉන්න ඇය තෝරගත්තේ මේ පාලු ගොවිපළයි.

🐄 සොෆී දැන් ඇගේ කාලය ගත කරන්නේ ඇගේ ගොවිපළේ ඉන්න එළදෙනුන් 12 දෙනා එක්ක.

"එතන ඉන්නකොට මට මහා පුදුම සැහැල්ලුවක් දැනෙනවා. එළිමහනේ ගහකොළ මැද ඉන්න එක මගේ හිතේ තියෙන පීඩනය නැති කරනවා..."

ඇය දකින හීනය තවත් ලස්සනයි. ඇයට ඕන මේ පුංචි ගොවිපළ දවසක විශාල Cattle Ranch එකක් හෙවත් මහා පරිමාණ ගව පට්ටියක් බවට පත් කරන්න. ලෝකෙම දන්න සුපිරි තරුවක් වුණත්, ඇය තෘප්තිමත් වෙන්නේ ගොම සුවඳ තියෙන, ස්වභාවික පරිසරයක් ඇතුළේ සරලව ජීවත් වෙන්න ලැබෙන එක ගැනයි.

❤️ මිත්‍රවරුනි සල්ලි ලැබුණු පලියට ඒවා නාස්ති නොකර නිවැරදි තැන්වල ආයෝජනය කිරීම (Property & Land) කරන්න,
කොච්චර සල්ලි තිබුණත් හිතේ සැනසීම නැත්නම් වැඩක් නැහැ. තමන්ට සතුටක් දෙන තැනක් සහ වැඩක් සොයාගැනීම වැදගත්.
👇

CoffeeHour

🚨 තමන් හොයාගත්ත සත්තුන්වම කාපු ලෝක ප්‍රකට විද්‍යාඥයා! චාල්ස් ඩාවින්ගේ ඇඟකිලිපොළන අඳුරු රහස මෙන්න! 😱🦉🐢ලෝකයට පරිණාමවාදය කි...
30/04/2026

🚨 තමන් හොයාගත්ත සත්තුන්වම කාපු ලෝක ප්‍රකට විද්‍යාඥයා! චාල්ස් ඩාවින්ගේ ඇඟකිලිපොළන අඳුරු රහස මෙන්න! 😱🦉🐢

ලෝකයට පරිණාමවාදය කියා දුන්න ලෝක ප්‍රකට ජීව විද්‍යාඥයා විදිහට අපි හැමෝම චාල්ස් ඩාවින් ව හඳුනනවා. හැබැයි ඩාවින්ගේ ජීවිතයේ අපි පාසලේදීවත් නොඉගෙන ගත්ත, හිතාගන්නවත් බැරි අමුතුම, පිස්සු පුරුද්දක් තිබුණා කියලා ඔබ දන්නවද? ඒ තමයි තමන් හොයාගන්න අමුතු සත්තුන්ව පරීක්ෂණ කරනවා වගේම රස බලන්නත් ඩාවින්ට තිබුණු පුදුමාකාර ආසාව! 🍽️🤯

🦉 මේ පිස්සුව ඩාවින්ට පටන් ගන්නේ එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙදීමයි. ඔහු තවත් යාළුවෝ කිහිපදෙනෙක් එකතු කරගෙන Glutton Club එහෙමත් නැත්නම් පෙරේත සමාජය කියලා අමුතුම කණ්ඩායමක් හැදුවා. මේ කණ්ඩායමේ එකම අරමුණ වුණේ මිනිස්සු කවදාවත් නොකාපු කුරුල්ලන් සහ සත්තුන්ව හොයාගෙන ගිහින් උයලා කන එකයි! 🦅

මුලින්ම උකුස්සන් සහ කොකුන් වගේ සත්තු කාලා බලපු මේ කණ්ඩායම, දවසක් දුඹුරු පැහැති බකමූණෙක්ව උයලා කෑවා. හැබැයි බකමූණාගේ මසෙහි තිබුණු අප්‍රසන්න රසය නිසාම මේ කණ්ඩායමේ වැඩ එතැනින්ම නතර කරලා දාන්න ඔවුන්ට සිද්ධ වුණා! 🤢

🐢 පස්සේ කාලෙක ඩාවින් HMS බීගල් කියන සුප්‍රසිද්ධ නැවේ නැගිලා අවුරුදු 5ක් පුරා ලෝකය වටා ගිය ගවේෂණය ගැන ඔබ අහලා ඇති. මේ ගමනේදී ඔහු තමන් හොයාගත්ත හැම අලුත් සතෙක්වම වගේ කන්න පටන් ගත්තා!

ආමඩිලෝ මස් - ඩාවින් කිව්වේ මේ සතාගේ මස් හරියට තාරාවෙක්ගේ මස් වගේ රසයි කියලයි.

කූගර් / පූමා - ඇමරිකානු සිංහයෙක් වගේ ඉන්න මේ සතාගේ මස්, හරක් මස් වගේ රසයි කියලා ඩාවින් සටහන් කරලා තියෙනවා.

යෝධ කැස්බෑවුන් සහ ඉබ්බන් - ගැලපගෝස් දූපත්වල හිටපු මේ යෝධ සත්තුන්ව ඩාවින්ලා උයලා කෑවා විතරක් නෙවෙයි, ඒ සතුන්ගේ මුත්‍රාශයේ තිබුණු දියරය පවා බීලා බැලුවලු! 🐢💧

රාත්තල් 20ක මීයෙක් - දකුණු ඇමරිකාවේදී හම්බවුණු මේ යෝධ මීයාගේ මස් තමයි තමන් ජීවිතේ කාපු රසවත්ම මස් එක කියලා ඩාවින් කියලා තියෙනවා! 🐀🤤

🏃 මේ ගමනේදී ඩාවින්ට අමතක නොවන අත්දැකීමක් හැමබවුනා. ඔහු දකුණු ඇමරිකාවේ හිටපු Rhea කියන දුර්ලභ, පැස්බරා වගේ කුරුල්ලෙක්ව හොයාගෙන පරීක්ෂණ කරන්න මාස ගාණක් හෙව්වා. එක නත්තල් දවසක රෑ කෑම කනකොට ඩාවින්ට එකපාරටම මතක් වුණා මේ කන්න දීලා තියෙන්නේ ඔහු මාස ගාණක් හෙව්ව දුර්ලභ කුරුල්ලාව නේද කියලා!

කෑම එක එතනම දාලා, කුරුල්ලාගේ ඉතුරු වෙලා තිබුණු ඇටකටු, පිහාටු ටිකයි, කකුල් දෙකයි එකතු කරගත්ත ඩාවින්, ඒවා ලන්ඩනයට යැව්වේ පරීක්ෂණ කරන්නයි. පස්සේ මේ කුරුල්ලාට Darwin's rhea කියන නමත් ලැබුණා! 🦆🦴

ලෝකයේ ජීවීන්ගේ පරිණාමය ගැන ලෝකයටම කියාදුන්න මේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා, තමන් හොයාගත්ත සත්තුන්වම කෑමට ගත්තා කියන එක නම් පුදුමයි නේද? මේ ගැන ඔබ මොකද හිතන්නේ? අදහස පහළින් කමෙන්ට් කරන්න! 👇🗣️

වසර දහස් ගණනක් තිස්සේ පෘථිවියේ ශීතලම කලාපවල හිම තට්ටු යට සැඟවී තිබූ මාරාන්තික රහසක් දැන් සෙමින් අවදි වෙමින් පවතිනවා. මෙය...
30/04/2026

වසර දහස් ගණනක් තිස්සේ පෘථිවියේ ශීතලම කලාපවල හිම තට්ටු යට සැඟවී තිබූ මාරාන්තික රහසක් දැන් සෙමින් අවදි වෙමින් පවතිනවා. මෙය හරියට හොලිවුඩ් චිත්‍රපටයක දර්ශනයක් වගෙයි. විද්‍යාඥයන් විසින් සොම්බි වෛරස් (Zombie Viruses) ලෙස හඳුන්වන මේවා, වසර 50,000කටත් වඩා වැඩි කාලයක් සයිබීරියාවේ මිදුණු පස් තට්ටු (Permafrost) යට නිද්‍රාශීලීව පැවති ඒවාය. ගෝලීය උණුසුම ඉහළ යාමත් සමඟ මේ අයිස් තට්ටු දියවීම නිසා, කාලයේ වැලි තලාවෙන් වැසී තිබූ මේ පැරණි ක්ෂුද්‍ර ජීවීන් නැවතත් ලෝකයට නිරාවරණය වීමේ භයානක අවදානමක් මතු වී තිබෙනවා.

මෑතකදී සිදුකළ පර්යේෂණවලින් විද්‍යාඥයන් සොයාගෙන ඇත්තේ සයිබීරියානු විලක් පතුලේ වසර 48,500ක් තිස්සේ මිදී තිබූ වෛරසයක් තවමත් සක්‍රීය මට්ටමේ පවතින බවයි. සාමාන්‍යයෙන් වෛරසයක් සිරුරකින් බැහැරව වැඩි කාලයක් ජීවත් විය නොහැකි වුවත්, ආක්ටික් කලාපයේ පවතින අධික ශීතල, අඳුර සහ ඔක්සිජන් රහිත පරිසරය මේවා සුරක්ෂිතව තබා ගැනීමට ස්වභාවික ශීතකරණයක් ලෙස ක්‍රියා කර තිබෙනවා. මෙය හුදෙක් එක් වෛරසයක් පමණක් නොව, අතීතයේ මිහිතලය මත සැරිසැරූ දැවැන්ත මැමත් සතුන් සහ නියැන්ඩර්තාල්වරුන් ජීවත් වූ යුගයට අයත් රෝග කාරකයන් රැසකගේ එකතුවක් විය හැකියි.

මේ සොයාගැනීම භයානක වන්නේ ඇයි?

අපේ නූතන ප්‍රතිශක්තිකරණ පද්ධතිය මේ වසර දහස් ගණනක් පැරණි වෛරස් හඳුනන්නේ නැහැ. වර්තමාන ලෝකයේ අපට හුරුපුරුදු එන්නත් හෝ ඖෂධ මේවාට එරෙහිව කෙතරම් දුරට සාර්ථක වේද යන්න තවමත් අභිරහසක්. අයිස් තට්ටු දියවීමත් සමඟ මේ වෛරස් සතුන් හරහා මිනිසුන්ට සම්ප්‍රේෂණය වුවහොත්, අප මෙතෙක් අත්නොවිඳි ආකාරයේ නව වසංගත තත්ත්වයකට මුහුණ දීමට සිදුවීමේ ඉඩකඩක් පවතින බව විද්‍යාඥයන් අනතුරු අඟවනවා.

පෘථිවියේ සමතුලිතතාවය බිඳවැටීම කෙතරම් බරපතලද යන්නට මෙය කදිම උදාහරණයක්. කාර්මික කරණය සහ පරිසර දූෂණය හේතුවෙන් වේගයෙන් රත්වන පෘථිවිය, අප විසින්ම වළලා දැමූ අතීතයේ මාරක රෝග නැවත කැඳවාගෙන එමින් පවතිනවා. අයිස් තට්ටු යට සැඟවුණු මේ සොම්බි ක්ෂුද්‍ර ජීවීන් අවදි වීම යනු සොබාදහම අපට ලබා දෙන අවසන් අනතුරු ඇඟවීමක් විය හැකියි. අපේ පෘථිවිය සුරැකීම යනු හුදෙක් පරිසරය රැක ගැනීම පමණක් නොව, අපේම පැවැත්ම සහ අනාගත පරපුරේ ආරක්ෂාව තහවුරු කර ගැනීමක් බව අප තේරුම් ගත යුතු කාලය එළඹ තිබෙනවා.
Copyed

Address

181/D Ja-Ela
Ja-Ela
NIWANDAMA

Telephone

+94760452917

Website

Alerts

Be the first to know and let us send you an email when DARK STORY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DARK STORY:

Shortcuts

Share