Vege Vlog

Vege Vlog Vegetarian food vlogger

හොඬපර ගෙඩියත් බලාගන්නකො.  මේවා මීට වඩා දෙගුණයක් විතර ලොකු වෙනවා. සිංහල වෙදකමේදි පපුවේ අමාරු වලට ඖෂධ විදිහට භාවිතා කරනවලු...
11/07/2026

හොඬපර ගෙඩියත් බලාගන්නකො. මේවා මීට වඩා දෙගුණයක් විතර ලොකු වෙනවා. සිංහල වෙදකමේදි පපුවේ අමාරු වලට ඖෂධ විදිහට භාවිතා කරනවලු. වැඩි විස්තර දන්න අය කමෙන්ට් කරන්න. 🌱

20/06/2026

කිඹුලෙක් වගේ ලොකු කඛර යාලුවෙක්

මේ මල නම මොකක්ද කියල. දන්න කෙනෙක් කියනවද.
30/05/2026

මේ මල නම මොකක්ද කියල. දන්න කෙනෙක් කියනවද.

24/05/2026

වැස්සට වගාව ටිකක් බාල වෙලා. 😃 ඒත් මගේ වගාවෙන් අද, මුකුණුවැන්නයි, තිබ්බටුයි, මැකරල් එක්ක පොඩි බටු ගෙඩියකුයි තිබුණ.
#තිබ්බටු

08/05/2026

තේ වෙනුවට ☕️ වගේම මානසික ආතතිය පාලනයට ගුණදායක ලේසියෙන් වවාගන්න පුලුවන් ශාකයක් තමයි නිල් කටරොළු.
#නිල්කටරොලු

05/05/2026

මගේ කාබනික වගාවෙන් නයි මිරිස් 🌶 ටිකක් කැඩුව. බලන්නකෝ ලස්සන.
#රටකජු #නයිමිරිස්

28/04/2026

රටකජු ටිකක් හිටෙව්ව පලවෙනි වතාවට. 🥜 කහ පාටට චූටි චූටි මලුත් ඇවිත් තියෙන්නෙ. ගලවන කාලෙට ගස් කහපාට වෙනව කියල තිබුණ. හැබැයි අපේ පැත්තෙ ඉත්තෑවො ඉන්නව. හාරයිද දන්නෙත් නැහැ. ආයෙ වීඩියෝ එකක් ගේන්නම්කො.
#රටකජු

21/04/2026

ඉබේටම හැදුනු තිබ්බටු 🫒 සොබාදහමට ස්තූතියි. වස විසෙන් තොරයි. කර්කෂ පරිසරයටත් ඔරොත්තු දෙනව.
#තිබ්බටු

17/04/2026

මගේ ගස් නිවිති වලින් කොටසක් 🌿 දලු කොටස් කඩල පරිප්පු දාල උයල කෑව. පුදුම රසක් තියෙන්නෙ. වස විස වලින් තොර පෝෂණීය පලා වර්ග. මට මාසෙකට වේල් 7ක් 8ක් කන්න පලා වර්ග හදාගෙන තියෙන්නෙ. පුංචි ඉඩයි යන්නෙ වගා කුලුණු වලයි පෝච්චි වලයි හදනකොට.
#ගස්නිවිති

15/04/2026

බලන්නකෝ මගේ නයි මිරිස් වගාව 🫑 මුලදි පිටි මකුණ හැදුනා. ගස් ටිකක් නිසා මම කොල එකින් එක හේදුව. ඊට පස්සෙ හරි ගියා. යටින් කොල කඩල දානව සැරින් සැරේට. දැන් බලන්න ලස්සනයි.
#නයිමිරිස්

Address

Kadawata

Alerts

Be the first to know and let us send you an email when Vege Vlog posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share