Mrs Cook

Mrs Cook 👩‍🍳 Hi, I’m Mrs Cook!

I love turning simple ingredients into delicious meals

🍴 Quick & easy recipes for busy days
🥗 Healthy and tasty food ideas
🍰 Sweet treats & desserts to make everyone smile

04/03/2026

👩‍🍳👩‍🍳👩‍🍳👩‍🍳

22/02/2026

👩‍🍳👩‍🍳👩‍🍳

අල බොන්ඩාඅවශ්‍ය ද්‍රව්‍යහාල් පිටි 100gඋඳු පිටි 100gබේකින් පවුඩර් තේ හැඳි 1/2ක්තම්බා ගත් අල 500gලූනු ගෙඩියක්අමුමිරිස් කරල...
20/02/2026

අල බොන්ඩා

අවශ්‍ය ද්‍රව්‍ය

හාල් පිටි 100g
උඳු පිටි 100g
බේකින් පවුඩර් තේ හැඳි 1/2ක්
තම්බා ගත් අල 500g
ලූනු ගෙඩියක්
අමුමිරිස් කරල් 2ක්
කරපිංචා
මිරිස් කුඩු තේ හැඳි 2ක්
කහ කුඩු තේ හැඳි 1/2ක්
ගරම් මසාලා තේ හැඳි 1/2ක්
අබ තේ හැඳි 2ක්
සුදුලූනු බික් 3-4ක්

සාදන ආකාරය

පෑන් එකකට තෙල් දමා රත් වන විට සිහින්ව ලියා ගත් ලූනු, සුදුලූනු, අබ සහ කරපිංචා එක් කර තෙම්පරාදු කරන්න. එයට මිරිස් කුඩු, කහ කුඩු, ගරම් මසාලා සහ ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. පසුව තම්බා පොඩි කර ගත් අල මේ සමඟ එක් කර කලවම් කර ළිපෙන් බා ගන්න. පිටි මිශ්‍රණය (Batter) සඳහා: හාල් පිටි, උඳු පිටි, මිරිස් කුඩු, කහ කුඩු, බේකින් පවුඩර් සහ ලුණු බඳුනකට දමා වතුර ස්වල්පය බැගින් එක් කරමින් උකු දියරයක් සාදා ගන්න. අල මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා, සාදා ගත් පිටි මිශ්‍රණයේ දවටා ගැඹුරු තෙලේ රන්වන් පැහැ වන තෙක් බැද ගන්න.

නිවිති මිශ්‍ර පොල් රොටිඅවශ්‍ය දුව්‍යනිවිති කොළ 6පාන් පිටි 250gපොල් බෑවක ගාගත් පොල්හීනියට කපාගත් රතුලූනු මේසහැඳි 2හීනියට ...
20/02/2026

නිවිති මිශ්‍ර පොල් රොටි

අවශ්‍ය දුව්‍ය

නිවිති කොළ 6
පාන් පිටි 250g
පොල් බෑවක ගාගත් පොල්
හීනියට කපාගත් රතුලූනු මේසහැඳි 2
හීනියට කපාගත්
අමුමිරිස් කරල් 2
උම්බලකඩ කුඩු තේහැඳි 1
රස අනුව ලුණු

සාදන ක්‍රමය

සෝදා පිරිසිදු කරගත් නිවිතිවලට උතුරන වතුර මේසහැඳි 2ක් එකතුකර හොඳින් බ්ලෙන්ඩර් කර. එය පෙරාගන්න.

පාන්පිටි , පොල්, ලූණු, අමුමිරිස්, උම්බලකඩ සියල්ල එකට එකතුකර අතින් හොඳින් කලවම් කරගන්න.

දැන් අපි සාදාගත් නිවිති මිශ්‍රරනය ටික ටික එකතුකරගනිමින් අතේ නොඇලෙන පදමට රොටි මිශ්‍රරනය අනාගන්න.

අපි අනාගත් නිවිත් රොටි මිශ්‍රරනයෙන් රොටි සාදා පුච්ච ගන්න(අඩු ගින්දරේ මේ රොටි පුච්ච ගන්න) නිවිති රොටි ඉතාමත් රසවත්.

Avocado & Egg Salad අවශ්‍ය ද්‍රව්‍යඅලිගැට පේර ගෙඩි 1 ක්බිත්තර 2 ක්කොත්තමල්ලි කොළ මිටක්ලූණු, ගම්මිරිස් ස්වල්පයක්මයොනිස් ස...
16/02/2026

Avocado & Egg Salad
අවශ්‍ය ද්‍රව්‍ය

අලිගැට පේර ගෙඩි 1 ක්

බිත්තර 2 ක්
කොත්තමල්ලි කොළ මිටක්
ලූණු, ගම්මිරිස් ස්වල්පයක්
මයොනිස් සෝස්

හදන හැටි

මුලින්ම අලිගැටපේරවල පොතු ඉවත් කර කොටු කපාගන්න. ඉන්පසු බිත්තර තම්බා කටු ඉවත් කර කොටු කපාගන්න. කොත්තමල්ලි කොළත් සිහින්ව කපාගන්න. සියල්ල බඳුනකට දමා අවශ්‍ය පමණ ලූණු, ගම්මිරිස් හා මයෝනිස් එක්කර, කලවම් කරගන්න. අවසානයට ඉතිරි වූ කොත්තමල්ලි කොළ සලාදය උඩින් දමා සරසා මේසයට පිළිගන්වන්න.පාන් හෝ පරාට සමග කෑමට ගන්න පුලුවන් 😊😊

Broccoli, Bean sprouts salad අවශ්‍ය ද්‍රව්‍යතම්බාගත් බ්‍රොකලි මල් කප් 1 ක්  පැළ මුං කෝප්ප 1 ක්තම්බා කපාගත් බෝංචි කප් 1 ...
16/02/2026

Broccoli, Bean sprouts salad
අවශ්‍ය ද්‍රව්‍ය

තම්බාගත් බ්‍රොකලි මල් කප් 1 ක්
පැළ මුං කෝප්ප 1 ක්
තම්බා කපාගත් බෝංචි කප් 1 ක්
සිහින්ව කැපූ මිංචි කොළ ස්වල්පයක්
තල ඇට ස්වල්පයක්
ඔලිව් ඔයිල් මේස හැඳි 1 ක්
දෙහි යුෂ මේස හැඳි 1 ක්
ලුණු
ගම්මිරිස්
සීනි ස්වල්පයක්

හදන්නෙ මෙහෙමයි

බ්‍රොකලි, පැළ මුං, තම්බාගත් බෝංචි, මිංචි කොළ භාජනයකට දමා කලවම් කරන්න, වෙනම භාජනයකට ඔලිව් තෙල්, දෙහි යුෂ, රස අනුව ලුණු, ගම්මිරිස්, සහ සීනි ස්වල්පයක් එකතුකර මිශ‍්‍රණයක් සාදාගන්න. දැන් සාදාගත් මිශ‍්‍රණය එළවළු ටික ඇති භාජනයට එකතු කර සියල්ල හොඳින් කලවම් කරගන්න. අවසානයට සලාදයට උඩින් තල ඇට ස්වල්පයක් දමා ආහාරයට ගන්න.

බිත්තර මිශ‍්‍ර ස්වීට් කෝන් රයිස් එකක් හදාගන්න විදිය කියන්නයි මේ සූදානම. ස්වීට් කෝන්වල කිරි රසය සමග මුසුවුණු ප‍්‍රණීත රසය...
16/02/2026

බිත්තර මිශ‍්‍ර ස්වීට් කෝන් රයිස් එකක් හදාගන්න විදිය කියන්නයි මේ සූදානම. ස්වීට් කෝන්වල කිරි රසය සමග මුසුවුණු ප‍්‍රණීත රසය නිසා පොඞ්ඩොත් කැමති වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය

බාස්මතී හාල් ග‍්‍රෑම් 500 ක්
තම්බාගත් ස්වීට් කෝන් ග‍්‍රෑම් 250 ක්
බිත්තර 4 ක්
කැරට් ග‍්‍රෑම් 25 ක්
ගෝවා ග‍්‍රෑම් 25 ක්
බෙල් පෙපර් ග‍්‍රෑම් 25 ක්
ඉඟුරු සුදුලූනු ස්වල්පයක්
ලූනු කොළ ස්වල්පයක්
සෝයා සෝස්
ගම්මිරිස්
තල තෙල් මේස හැඳි 1 ක්
ලූණු පදමට

සාදන ක‍්‍රමය

බාස්මතී බත බෙරි නොවෙන සේ පිසගන්න. ස්වීට් කෝන් විනාඩි දෙක තුනක් නටන උණුවතුරෙන් තම්බාගන්න. සියල්ල කලවම් කිරීමට පහසු භාජනයක් ගෙන එය මඳගින්නේ තබා, බටර් ස්වල්පයක් එකතු කරන්න. බටර් ටික යන්තම් රත්වන විට, සුදුලූනු, ඉඟුරු දමා රන්වන් පැහැ වනතෙක් බැදගන්න. මීළඟට කොටු කපාගත් කැරට්, ගෝවා, බෙල්පෙපර්, ගම්මිරිස් කුඩු, සෝයා සෝස් සහ ලූණු පදමට එකතු කර නැවතත් හොඳින් කලවම් කරන්න. දැන් බිත්තර හතරක් වෙනම බඳුනකට කඩාගෙන එයද මෙම මිශ‍්‍රණයට එක්කර හැඳි කූරකින් හොඳින් මිශ‍්‍ර කරන්න. දැන් තම්බා ගත් ස්වීට් කෝන් කලවම් කර, අවසානයට පිසගත් බාස්මතී බත් එකතු කරන්න. තල තෙල් මේස හැන්දක් පමණ එක්කර කපාගත් ලූනු කොළ ටිකත් උඩින් දමා කලවම් කර මේසයට පිළිගන්වන්න.😊😊

පතෝල කට්ලට් අවශ්‍ය ද්‍රව්‍යපතෝල ග‍්‍රෑම් 500 ක්කෙසෙල් මුහ ග‍්‍රෑම් 500 ක්කොහිල ග‍්‍රෑම් 500 ක්අර්තාපල් ග‍්‍රෑම් 500 ක්අම...
16/02/2026

පතෝල කට්ලට්

අවශ්‍ය ද්‍රව්‍ය

පතෝල ග‍්‍රෑම් 500 ක්
කෙසෙල් මුහ ග‍්‍රෑම් 500 ක්
කොහිල ග‍්‍රෑම් 500 ක්
අර්තාපල් ග‍්‍රෑම් 500 ක්
අමුමිරිස් කරල් 4 ක්
බී ලූනු ගෙඩි 2 ක්
හීනියට කැපූ කරපිංචා
කෑලි මිරිස් කුඩු මේස හැඳි 01 ක්
ගම්මිරිස් කුඩු මේස හැඳි 1/2 ක්
කහකුඩු තේ හැඳි 1 ක්
රස අනුව ලුණු
පාන් කුඩු
බිත්තර
පිටි
පිරිසුදු පොල්තෙල්

සාදාගන්නා ආකාරය

පතෝල අඟල් දෙකක් පමණ ගනකමට රවුම් කපා මැද ඉවත් කර පසෙකින් තබාගන්න. භාජනයකට තෙල් දමා රත්කර එයට හීනියට කැපූ අමුමිරිස්, කරපිංචා, ලූනු දමා තෙම්පරාදු කර එයට මිරිස් කුඩු, කෑලි මිරිස් කුඩු, කහ හීනියට කැපූ කෙසෙල් මුහ සහ කොහිල දමා හොඳින් මිශ‍්‍රකර පිසගන්න. පසුව එයට තම්බා පොඩිකරගත් අල එකතු කර හොඳින් මිශ‍්‍ර කරන්න. ඉන්පසු අවශ්‍ය ප‍්‍රමාණයට ලූණු සහ ගම්මිරිස් එකතු කරන්න. දැන් සාදාගත් මිශ‍්‍රණය කපාගත් පතෝල රවුම් තුළට පුරවා පිටි හා බිත්තර මිශ‍්‍ර බැටරයේ දවටා පාන්කුඩුවල අතුරා ගැඹුරු තෙලේ බැදගන්න.

හදවතට ගුණදායක පෝෂණීය ආහාරයක්  පහසුවෙන්ම සාදා ගත හැකි මේ කෑම වේල මස් මාංස නොකන අයටත් කදිමයි. අවශ්‍ය ද්‍රව්‍යතැම්බූ මුංඇට ...
16/02/2026

හදවතට ගුණදායක පෝෂණීය ආහාරයක් පහසුවෙන්ම සාදා ගත හැකි මේ කෑම වේල මස් මාංස නොකන අයටත් කදිමයි.

අවශ්‍ය ද්‍රව්‍ය

තැම්බූ මුංඇට කෝප්ප 1/4 ක්
තැම්බූ පරිප්පු කෝප්ප 1/4 ක්
බෙරිවූ නිවුඞ්ඩ සහිත බත්කෝප්ප
1/2 ක්
සිහින්ව කැපූ නිවිති කොළ 5 ක්
සිහින්ව කැපූ කොත්තමල්ලි
කොළ ස්වල්පයක්
සිහින්ව කැපූ ලූනු හා තක්කාලි ගෙඩියක්
සූදුරු ඇට හා කුඩු ස්වල්පයක්
හීනත් පවුඩර පෙරුම්කායම් ස්වල්පයක්
කහ ස්වල්පයක්
රස අනුව ලූණු
චොප් කරගත් සුදුලූනු බික් 4-5 ක්
බටර් මේස හැඳි 1/2 ක්

සාදාගන්නා ආකාරය

භාජනයකට බටර් දමා රත් වූ විට එයට සූදුරු ඇට ස්වල්පයක්, චොප් කරගත් ලූනු සහ සුදුලූනු එක්කර තරමක් බැදුණු විට තක්කාලි එකතු කරගන්න. ස්වල්ප වේලාවක් පිස එයට කහ ස්වල්පයක් ද එකතු කරන්න. පසුව එයටම මුංඇට, පරිප්පු, බෙරිබත්, වතුර එකතු කර සාමාන්‍ය දියාරු ගතියකට එනතෙක් කලවම් කරමින් පිසගන්න. ඉන්පසු අවශ්‍ය පමණට ලුණු දමා කොත්තමල්ලි කොළ හා නිවිති කොළ එක්කර ලිපෙන් බාන්න. සූදුරු කුඩු හා පෙරුම්කායම් පවුඩර් දමා හොඳින් කලවම් කරන්න. මෙය තරමක් ගනකම් සුප් එකකට සමාන වේ.

පවුලේ කෑම මේසයට වගේම අමුත්තන්ට පිළිගන්වන්නත් පහසු රසවත් බතක් පිළියෙල කරන්නයි මේ සූදානම. අවශ්‍ය ද්‍රව්‍යකුඩාවට කොටු කැපූ ...
16/02/2026

පවුලේ කෑම මේසයට වගේම අමුත්තන්ට පිළිගන්වන්නත් පහසු රසවත් බතක් පිළියෙල කරන්නයි මේ සූදානම.

අවශ්‍ය ද්‍රව්‍ය

කුඩාවට කොටු කැපූ අන්නාසි ග‍්‍රෑම් 100ක්
කපාගත් ඉස්සෝ ග‍්‍රෑම් 120ක්
බිත්තර 2 ක්
පිසගත් බාස්මතී බත් කෝප්ප 2 ක්
බැදගත් කජු ග‍්‍රෑම් 30 ක්
වියළි මිදි ග‍්‍රෑම් 20 ක්
සෝයා සෝස් මේස හැඳි 2 ක්
කෝන්පිටි තේ හැඳි 1 ක්
ෆිෂ් සෝස්
ලූනු ගෙඩි 2 ක්
චොප් කරගත් සුදුලූනු
බික් 3 ක්

සාදන අයුරු

පළමුවෙන් කුකුළු මස් හා ඉස්සන් වෙන වෙනම භාජන දෙකකට දමාගෙන එයට කෝන්පිටි තේ හැඳි 1/2 ක්, සෝයා සෝස් තේ හැඳි 1 ක්, ලූණු ස්වල්පයක්, දමා කලවම් කර භාජන දෙක පසෙකින් තබාගන්න.
දෙවන පියවර විදියට තවත් භාජනයක් ගෙන එයට කරි පවුඩර් හෝ කහ තේ හැඳි 1/2 ක්, සෝයා සෝස් තේ හැඳි 2ක්, චිකන් පවුඩර් තේ හැඳි 1 ක්, දමා හොඳින් මිශ‍්‍රකර එම භාජනයත් පසෙකින් තබන්න.
බත පිසගැනීම සඳහා සුදුසු පෑන් එකක් ගෙන ලිප මත තබා තෙල් මේස හැඳි දෙකක් පමණ එකතු කර රත්වූ විට සිහින්ව කපාගත් ලූනු සහ චොප් කරගත් සුදුලූනු පේස්ට් එක එකතු කර රන්වන් පැහැයට බැදගන්න. මුලින්ම එයට කුකුළු මස් ටික එකතු කර දෙවනුව ඉස්සන් එකතු කරන්න. පසුව හොඳින් කලවම් කර මඳ ගින්දරේ තිබියදී බිත්තර දෙකක් එකතු කර ඒවා කුඩා කැබලිවලට කැඩෙන සේ කලවම් කරන්න. දැන් කලින් පිසගත් බත් කෝප්පය එකතු කරන්න. ඒ සමගම කලින් සාදාගත් සෝස් එකත් එකතු කර එය වියළි මිදි සහ කජු දමා කලවම් කරන්න. අවසානයට කැබලි කැපූ අන්නාසි සියල්ල සහ රස අනුව ලූණු එක්කර හොඳින් මිශ‍්‍රකර ලිපෙන් ඉවත් කරන්න.
ඡුායාරූපයේ පෙනෙන විදියට අන්නාසි ගෙඩිය දෙකට කපා එහි මදය ඉවත් කර සාදාගත් බත් එක එයට පුරවා උණුසුම්ව මේසයට පිළිගන්වන්න.😊😊

Mix Vegetable Saladඅවශ්‍ය ද්‍රව්‍ය    බෙල් පෙපර් ගෙඩි 2 ක්තක්කාලි ගෙඩි 1 ක්කොළපාට පිපිඤ්ඤා තරමක ලොකු ගෙඩි 1 ක්ලූනු ගෙඩි ...
16/02/2026

Mix Vegetable Salad
අවශ්‍ය ද්‍රව්‍ය

බෙල් පෙපර් ගෙඩි 2 ක්
තක්කාලි ගෙඩි 1 ක්
කොළපාට පිපිඤ්ඤා තරමක ලොකු ගෙඩි 1 ක්
ලූනු ගෙඩි 2 ක්
විනාකිරි මේස හැඳි 1 ක්
දෙහි යුෂ තේ හැඳි 1 ක්
අඹ ක‍්‍රීම් මේස හැඳි 3 ක්
ලුණු

ගම්මිරිස්
ඔලිව් තෙල් කෝප්ප 1/4 ක්

හදන හැටි

විනාකිරි, දෙහියුෂ, අඹ ක‍්‍රීම්, ලුණු, ගම්මිරිස්, සියල්ල පිරිසුදු බෝතලයකට දමා ඔලිව් තෙල් ස්වල්පය බැගින් එකතු කර, පියනකින් වසා හොඳින් සොලවන්න. බෙල්පෙපර්, තක්කාලි, පිපිඤ්ඤා, ලූනු හතරැස් කොටුකපා, හොඳින් කලවම් කර, එයට සාදාගත් සෝස් ස්වල්පයක්ද, එක්කර සරසා කෑමට ගන්න.

Broccoli Soupබ්‍රොකලි බර අඩුකරනවා වගේම සිරුරට අවශ්‍ය විටමින් විශාල ප‍්‍රමාණයක් ලබා දෙන විදේශිකයින් අතර පවා ජනප‍්‍රිය ආහ...
16/02/2026

Broccoli Soup
බ්‍රොකලි බර අඩුකරනවා වගේම සිරුරට අවශ්‍ය විටමින් විශාල ප‍්‍රමාණයක් ලබා දෙන විදේශිකයින් අතර පවා ජනප‍්‍රිය ආහාරයක්. සිහින් සිරුරකට සිහින මවන ඔබට බ්‍රොකලි සුප් එකක් රාත‍්‍රී ආහාරයට කදිමයි.

අවශ්‍ය ද්‍රව්‍ය

කුඩා කොටු කැපූ අල ගෙඩි 2 ක්
කුඩාවට කෑලි කැපූ බ්‍රොකලි ග‍්‍රෑම් 300 ක් පමණ
චොප් කරගත් සුදුලූනු බික් 2 - 3 ක්
සිහින්ව කැපූ ලූනු ගෙඩියක්
බටර් තේ හැන්දක්
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
ලුණු
චිකන් හෝ එළවළු ස්ටොක් කෝප්ප 2 ක්

මෙහෙම හදාගන්න

භාජනයක් ලිප තබා බටර් එක්කර රත්වෙන්න හැර සුදුලූනු ටික දමා රත්වෙන්න හරින්න. සුදුලූනු ටික යන්තම් රත්වන විට එයට කැපූ ලූනු එකතු කරන්න. ලූනු ටික රත්වන විට එයට කොටු කැපූ අල සහ බ්‍රොකලි එකතු කරන්න. ඉන්පසු මේ සියල්ල තෙම්පරාදුව සමග හොඳින් කලවම් කරන්න. විනාඩි දහයක් පමණ එසේ කලවම් කර එයට ස්ටොක් වතුර එකතු කර අල සහ බ්‍රොකලි තම්බා ගන්න. තම්බා ගත් බ්‍රොකලි සහ අල ටික නිවෙන්නට හැර බ්ලෙන්ඩ් කරගන්න. අවසානයට බ්ලෙන්ඩ් කරගත් බ්‍රොකලි සුප් එකට රස අනුව ගම්මිරිස් සහ ලුණු එකතු කර උණු උණුවෙන් රාත‍්‍රී ආහාරයට එකතු කරගන්න

Address

Kaluthara
Kalutara
12020

Website

Alerts

Be the first to know and let us send you an email when Mrs Cook posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category