Taste & Tales by Koshi

Taste & Tales by Koshi Basically Everything I Cook and eat out 🍽🍴🍷

12/12/2025

සත්‍ය සිදුවීමක් ඇසුරෙන් 😂

හැමදාම රෑට clean කරන සති අන්තයේ deep clean කරන මගේ පුංචි කුස්සිය.  උයලා ඉවර උන ගමන් උයපු භාජන කෑම පිටින්ම ඔක්කොම කවුන්ටර...
26/10/2025

හැමදාම රෑට clean කරන සති අන්තයේ deep clean කරන මගේ පුංචි කුස්සිය.

උයලා ඉවර උන ගමන් උයපු භාජන කෑම පිටින්ම ඔක්කොම කවුන්ටර් ටොප් එක උඩම නොතියා පොඩි පොඩි භාජනවලට කෑම ටික දාලා උයන්න භාවිතා කරපු cookware ටිකත් හෝදල වේලෙන්න දාල ගියාම ලේසී.. සමහර වෙලාවට අපි රෑට කෑම උයලා ගෙදර අය කනකන් ඉන්න ඕනී ආයේ වලං හෝදන්න. ඒක නිසා පොඩි භාජනවල දාලා වලං ටිකත් හෝදලා දැම්මම ඉතුරු ටික අර පොඩි භාජනේ පිටින්ම fridge එකට දාන්න පුළුවන් අපිට . ❤️

අනිවාර්‍යෙන් අපි කොච්චර පිරිසිදු උනා කියලා හිතුවත් උයන්න ගන්න භාජන සතියට එකවතාවක්වත් උණුවතුර දාලා හෝදලා තද අව්වේ වේලෙන්න තියලා ගන්න අමතක කරන්න එපා. තෙල් ඉදුල් කියන දේ ඇහැට පේන්න ඉවත් උනාට 100% ක් ම පිරිසිදු කරන්න අමාරුයි...

සංවිධානය,පිරිසිදුකම, සහ පිළිවෙල පවත්වාගැනීම සතිය පුරා කාර්‍ය බහුල වන හැම කෙනෙක්ම දන්නවා උදේට ගෙදරක තියන යුද්ධය. ඒ වගේම හ...
20/10/2025

සංවිධානය,පිරිසිදුකම, සහ පිළිවෙල පවත්වාගැනීම

සතිය පුරා කාර්‍ය බහුල වන හැම කෙනෙක්ම දන්නවා උදේට ගෙදරක තියන යුද්ධය. ඒ වගේම හවස ගෙදර ආවම තියන මහන්සිය. හැම සතියම කලින් සැලසුම් කරලා පටන් ගත්තම අපිට පීඩනයක් නැතුව වෙලාව ඉතුරු කරගෙන හැමදෙයක්ම කරන්න පුළුවන්.

අපිට පුළුවන් සතියකට හරි සති දෙකකට හරි meal plan එකක් හදාගන්න. උදේ නැගිටලා හවස ගෙදර ඇවිත් බහුතරයක් දෙනා හිත හිත ඉන්නේ මොනවද කන්නේ මොනවද හදන්නේ වගේ දේවල්. හිතා ගන්න බැරි උනාම ගෙදර ඉන්න අයගෙන් අහ අහ ත් යනවා. මොනවද කන්නේ කියලා.. ඉතින් ඒකට අපිට පහසුම විදිය මීල් ප්ලාන් එක. ගෙදරට සති දෙකකට හෝ මාසයකට හෝ බඩු ගෙනාවම අපි ඒවා සිලිකවර පිටින් එහෙමම. ෆ්‍රිජ් එකට ඔබන් නැතුව හොදිබ් සෝදා පිරිසිදු කරල මැරිනේට් කරලා අසුරන එක කොච්චර ලේසිද. කියලා බලන්න සතියක් කරලා බලන්න. එලවලු වෙන වෙනම අසුරලා . මුලින් සදුදා උදේට මොනවද?
බත්
මාලු මිරිසට
බීට් රූට් කිරට
මුකුණුවැන්න.

දවල්ටත් ඒකමයි.

රෑට
ඉදි ආප්ප
පරිප්පු උදේ ඉතුරු මාලු කරි එක

මේ වගේ සතියේ මීල් ප්ලෑන් එක හදා ගන්න. මාළු ඇබුල් තියල් එකක් වගේ සතියට ඇති වෙන්න දාලා තියන්න. සති අන්තය අපිට තියෙන්නේ සූදානම් වෙන්න

ජායාරූප : පසු ගිය වසරක් පුරා මම සති අන්තයේ සංවිධානය කල අසුරා තැබී දේවල්

Koshila Ranasighe













Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Taste & Tales by Koshi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category