Ankumbura dairy farm

Call Contact the business

Ankumbura dairy farm Dairy farm

19/10/2026

මේ දිනවල බොහො දෙනා අපෙන් විමසන ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දීමට මෙය පල කිරීමට තීරණය කරන ලදී.

කෘෂිකර්ම විද්‍යාල යනු වර්ශ 1916 දී ආරම්භ වූ කෘශිකර්ම දෙපාර්තමේන්තුව මගින් පාලනය වන දැනට කෘෂිකාර්ම තාක්ෂණ ඩිප්ලෝමාව හැදැරිය හැකි වඩාත් පැරණිම හා ⁣පිළිගත් අධ්‍යාපන ආයතනයකී.

👉කෘශිකර්ම විද්‍යාලවලට ඇතුලත් වන්නේ කෙසේද?
මේ සඳහා නිකුත් කරන ගැසට් පත්‍රයේ සඳහන් පරිදි අයදුම්පත් යොමුකල පසු එක අයදුම්පත් හා සුදුසුකම් සලකා බලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පවත්වන තරඟ විභාග⁣යක් මඟින් ඉහලම ලකුණු ලබා ගන්නා සිසුන් බඳවා ගැනීම සිදු කරනු ලබයි.

📌 පාඨමාලා කාලය: වසර 2½ යි.
📌 පුහුණුව: විද්‍යාලයේ පුහුණුව වසර 2ක් සහ කර්මාන්ත පුහුණුව මාස 6ක්.
📌 පාඨමාලා ස්වභාවය: පූර්ණකාලීන, නේවාසික පාඨමාලාවකි. නිල පාඨමාලා තොරතුරු අනුව ඉගැන්වීම ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදු කෙරේ.

🏫 NVQ 6 පාඨමාලාව දැනට *පැල්වෙහෙර, කුණ්ඩසාලේ,අඟුණකොළපැලැස්ස ,කරපිංච,වව්නියාව* යන කෘෂිකර්ම විද්‍යාල වල පැවැත්වේ.

🎯 ඇතුළත් වීමේ සුදුසුකම්

නිල NVQ 6 පාඨමාලා පිටුවේ දක්වා ඇති මූලික අධ්‍යාපන සුදුසුකම්:
✅ සාමාන්‍ය පෙළ විෂයයන් 6ක් වාර දෙකකට නොවැඩි වාර ගණනකදී සමත් වී තිබීම.
✅ සිංහල/දෙමළ භාෂාව, ගණිතය සහ විද්‍යාව යන විෂයයන්ට සම්මාන සාමාර්ථ හෝ ඊට ඉහළ සාමාර්ථ ලබා තිබීම.
✅ තවත් එක් විෂයකට සම්මාන සාමාර්ථයක් හෝ ඊට ඉහළ සාමාර්ථයක් ලබා තිබීම.
✅ ඉංග්‍රීසි විෂයට අවම සාමාන්‍ය සාමාර්ථයක් ලබා තිබීම.
✅ උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ජීව විද්‍යාව, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව/කෘෂිකර්මය යන අදාළ විෂයයන් හදාරා එකවර අවම සාමාන්‍ය සාමාර්ථ තුනක් ලබා තිබීම.
හෝ
✅ උසස් පෙළ තාක්ෂණ අංශයෙන් Biosystems Technology/Engineering Technology, Science for Technology සහ Agriculture යන විෂයයන් හදාරා එකවර අවම සාමාන්‍ය සාමාර්ථ තුනක් ලබා තිබීම.

🚫 විශේෂ නිවේදනය
කෘෂිකර්ම විද්‍යාලවලට නවක සිසුන් බඳවා ගැනීම සඳහා අදාළ ගැසට් නිවේදනය නිකුත් වූ පසු, අයදුම් කිරීමේ ක්‍රමවේදය, ඇතුළත් වීමේ සුදුසුකම් සහ අනෙකුත් වැදගත් තොරතුරු පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

එබැවින්, නිල ගැසට් නිවේදනය නිකුත් වන තෙක් අප සමඟ රැඳී සිටින්න. නිවැරදි තොරතුරු ලබා ගැනීම සඳහා පැල්වෙහෙර කෘෂිකර්ම විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ නිල Facebook පිටුව සමඟ සම්බන්ධ වී සිටින්න.🌱


12/10/2026

විදේශීය ගව පාලනයේ තාක්ෂණය

29/08/2026
01/08/2026

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සහකාර කළමනාකරු ඇබෑර්තු.සුදුසුකම් සපුරා ඇති ඔබත් අයදුම් කරන්න.

13/07/2026

කෘෂිකාර්මික ඩිප්ලෝමා ලාබින් හට අනගි රැකියා අවස්ථාවක්

16/06/2026

කෘෂිකාර්ම දෙපාර්තමේන්තුව මඟින් පැවැත්වෙන NVQ 4 පාඨමාලාව.ඔබත් සම්බන්ධ වන්න

06/06/2026

New Born Member

16/05/2026

සත්ව පාලන අඨ්‍යාපන ප්‍රමුඛයින් සමග ඔබත් එක්වන්න.ඔබට අනගි අවස්ථාවක්.අදම අයදුම් කරන්න.

Address

Kandy
20150

Telephone

+94704094015

Website

Alerts

Be the first to know and let us send you an email when Ankumbura dairy farm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ankumbura dairy farm:

Shortcuts

Share