10/10/2026
😔💔 ගැහැනු ළමයෙක්ගේ ජීවිතේ ලස්සනම කාලය ගෙවී යන්නේ අනුන් වෙනුවෙන් ජීවත් වෙද්දීද?
ඉස්සර මම මගේ වැඩක්වත් තනියම කරගත්ත කෙනෙක් නෙවෙයි. 🥺
ගෙදර තනියම පැයක්වත් ඉඳලා නැති මම, අද මුළු දවසම ගෙදර තනියම ඉන්නවා…
ඉස්සර පොඩි අසනීපයක් හැදුණත් දවසම නිදාගෙන ඉන්න මම, අද ලොකු අසනීපයක් හැදුණත් පැයක් විතර නිදාගෙන ආයෙත් නැඟිටින්න වෙනවා. 😔
ඉස්සර වැඩක් කරන්න බැරි වුණොත්,
“අද බැහැ… හෙට කරන්නම්” කියලා හිතන්න පුළුවන් වුණා.
ඒත් අද… නිදාගන්න යනකම්ම කරලා ඉවර කරන්න බැරි තරම් වැඩ තියෙනවා.
විවාහ වුණාට පස්සේ මගේ වැඩ විතරක් නෙවෙයි…
හස්බන්ගේ වැඩ,
ඊට පස්සේ දරුවන්ගේ වැඩ,
විවාහ වුණු දවසේ ඉඳන්ම සැමියාගේ පවුලේ අය වෙනුවෙන් කරන්න තියෙන වැඩ…
මේ හැමදේම අතරේ මගේම කියලා වෙලාවක් හොයාගන්න එකත් හීනයක් වෙලා. 🥺❤️
මම හිතන්නේ ගැහැනු ළමයෙක් කියන්නේ අනිත් අය වෙනුවෙන්ම ජීවත් වෙන්න පුරුදු වෙන කෙනෙක්ද කියලා…
හැමෝගෙම සතුට වෙනුවෙන් වෙහෙසෙන අපිට, අපේ සතුට වෙනුවෙන් කාලයක් ඉතිරි වෙන්නේ හරිම අඩුවෙන්.
ගැහැනු ළමයෙක්ගේ නිදහස්ම, ලස්සනම කාලය අම්මා එක්ක ගෙවපු ඒ පුංචි කාලය වෙන්න ඇති. 🥹❤️
එදා අපිට ලොකු වගකීම් තිබුණේ නැහැ. හිතේ හැටියට හිනා වෙන්න, නිදාගන්න, සෙල්ලම් කරන්න, අපි වෙනුවෙන් ජීවත් වෙන්න කාලය තිබුණා.
අද අපි හැමෝගෙම අම්මා, බිරිඳ, ලේලිය වෙලා…
ඒත් ඒ හැම භූමිකාවක්ම අතරේ අපිත් හීන තිබුණු, මහන්සි දැනෙන, ආදරය සහ විවේකය අවශ්ය ගැහැනු ළමයි කියන එක අමතක කරන්න එපා. ❤️
ගැහැනියකට ආදරය විතරක් නෙවෙයි… තේරුම් ගැනීමක්, උදව්වක්, තමන් වෙනුවෙන් වෙන් කරගන්න පුංචි වෙලාවක් ද අවශ්යයි. 🫂
මේ හැඟීම තේරෙන අම්මලා, බිරින්දෑවරු කීදෙනෙක් මෙතන ඉන්නවද? 😔❤️
#ගැහැනියකගේජීවිතය #අම්මා #බිරිඳ #අපේකතාව