20/07/2026
✨ මෘදු, සුවඳැති Apple Cinnamon Muffins විනාඩි 25කින්!
🍎 Apple Cinnamon Muffins
🥣 අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි 2 කෝප්ප (250g)
බේකින් පවුඩර් තේ හැඳි 2
කුරුඳු කුඩු තේ හැඳි 2
ලුණු තේ හැඳි ¼
සීනි ½ කෝප්ප (100g)
බිත්තර 2
ෆ්‍රෙශ් මිල්ක් ½ කෝප්ප (120ml)
තෙල් හෝ දියකරගත් බටර් ½ කෝප්ප (120ml)
වැනිලා තේ හැඳි 1
ඇපල් 1–2 (කුඩා කැට කපාගත්)
👩🍳 සාදන ආකාරය
Oven එක 180°C ට පෙර රත් කරගන්න.
පිටි, බේකින් පවුඩර්, කුරුඳු කුඩු සහ ලුණු එකට මිශ්‍ර කරන්න.
වෙනම බඳුනක බිත්තර, සීනි, කිරි, තෙල් (හෝ බටර්) සහ වැනිලා එකට මිශ්‍ර කරන්න.
වියළි මිශ්‍රණය දියර මිශ්‍රණයට එකතු කර සෙමින් කලවම් කරන්න. වැඩිය කලවම් කරන්න එපා.
කපාගත් ඇපල් කැබලි එකතු කර මිශ්‍ර කරන්න.
Muffin Cups වලට ¾ක් පමණ බැටර් පුරවන්න.
අවශ්‍ය නම් උඩින් කුරුඳු කුඩු සහ සීනි ස්වල්පයක් ඉසින්න.
180°C උෂ්ණත්වයේ විනාඩි 20–25ක් බේක් කරන්න.
Toothpick එකක් ගසා පිරිසිදුව එළියට ආවොත් මෆින් සූදානම්.
මෙම රෙසිපියෙන් මෆින් 12ක් පමණ සාදාගත හැකිය. 🍎🧁
🍎🧁✨ fans