22/02/2026
🍗 කටට කෙළ උනන South Indian ස්ටයිල් චිකන් කුරුමා කරිය 🥘
ඉඳිආප්ප, රොටී, පාන් එක්ක විතරක් නෙවෙයි බත් එක්කත් සුපිරියටම සෙට් වෙන කරියක්. 😋👌👌👌
🛒 අවශ්‍ය ද්‍රව්‍ය (Ingredients)
(මෙම ප්‍රමාණයන් චිකන් 1kg සඳහා වේ)
🍗 චිකන් 1kg (පොඩිවට කපා පිරිසිදු කරගත්)
🧅 ලොකු ළූණු 2ක් (පොඩිවට කපාගත්)
🫚 ඉඟුරු: බෙහෙත් ඉඟුරු නම් 1cm පමණ (චීන ඉඟුරු නම් අඟලක කෑල්ලක්)
🧄 සුදුළූණු බික් 10ක්
🥜 කජු හෝ රටකජු 75g (විනාඩි 20ක් පොඟවා ගත්)
🥥 ගාගත් පොල් අඬු කෝප්ප 1/2ක් (මිටක් පමණ)
🌶️ අමු මිරිස් 4-5ක් සහ වියළි මිරිස් 3-4ක්
🌶️ මිරිස් කුඩු තේ හැඳි 3ක් (සැර අනුව වෙනස් කරගන්න)
🥘 තුනපහ තේ හැඳි 2 1/2ක්
🟡 කහ කුඩු තේ හැඳි 1/4කට අඩුවෙන් 🤏
🪵 කුරුඳු පොතු කෑලි 2-3ක්
🌿 කරාබුනැටි 5ක්, කරදමුංගු 5ක් සහ සූදුරු තේ හැඳි 1/2ක් පමණ 🤏
🧂 ලුණු (රස අනුව)
🛢️ පොල් තෙල් මේස හැඳි 2 1/2 - 3ක්
🌿 කොත්තමල්ලි කොළ (අවශ්‍ය නම් පමණක් - Chop කරගත්)
# # #👨🍳 වැඩේ පටන් ගමු (Steps)
1️⃣ එකටම රසවත් පේස්ට් එක හදා ගමු:
සුදුළූණු, ඉඟුරු, පොඟවා ගත් කජු සහ පොල් ටික බ්ලෙන්ඩර් එකට දාගෙන, වතුර කෝප්ප 1/2කුත් එකතු කරලා විනාඩියක් විතර හොඳින් Smooth Cream එකක් වෙනකල් බ්ලෙන්ඩ් කරගන්න. ✨
2️⃣ තෙල් රත් කරගැනීම:
භාජනයක් ලිපේ තියලා තෙල් මේස හැඳි 2 1/2ක් පමණ දාලා රත් කරන්න.
⚠️ මතක ඇතුව ගින්දර මධ්‍යම ප්‍රමාණයෙන් (Medium Heat) තියාගන්න.
3️⃣ සුවඳ කුළුබඩු එකතු කිරීම:
තෙල් රත් වූ පසු කුරුඳු, කරදමුංගු, කරාබුනැටි, වියළි මිරිස් සහ සූදුරු ටික එක් කරන්න. සුවඳ එන විට ලොකු ළූණු ටික එකතු කර විනාඩි 4-5ක් රන්වන් පාට වනතුරු බැදගන්න. 🧅
4️⃣ පේස්ට් එක සහ වර්ණය:
ළූණු බැදුණු පසු මිරිස් කුඩු තේ හැඳි 1 1/2ක්, තුනපහ 1 1/2ක් සහ කහ කුඩු දමා තවත් තත්පර 30ක් බැදගන්න. දැන් අපි කලින් හදාගත් Paste එක මෙයට එකතු කරන්න. (මේ පේස්ට් එකෙන් තමයි කරියට උකු ගතිය සහ නියම රසය ලැබෙන්නේ! 😍)
5️⃣ වතුර සහ ලුණු:
පේස්ට් එක කලවම් කර වතුර අඬු කෝප්ප 1 1/2ක් සහ රස අනුව ලුණු එකතු කරන්න. දැන් පියන වසා විනාඩි දෙකක් විතර cook කර ගන්න. 🕒
6️⃣ චිකන් එකතු කිරීම:
දැන් ඉතිරි මිරිස් කුඩු ටිකයි තුනපහ ටිකයි දාලා කලවම් කරගෙන, චිකන් ටික එකතු කරන්න. හොඳින් කලවම් කරලා පියන වහලා විනාඩි 8ක් විතර තම්බා ගන්න. 🍗
7️⃣ අවසාන පියවර:
මේ වෙලාවෙදි වතුර මදි නම් තව ටිකක් එකතු කර, නැවත වහලා Gravy එක thick වෙනකල් විනාඩි 8-10ක් උයාගන්න. තෙල් පෑදීගෙන, ලස්සන උකු (Thick) කරියක් හැදීගෙන එනකොට ලිප නිවන්න. 🛑
8️⃣ නිමාව:
කැමති නම් කොත්තමල්ලි කොළ ටිකක් ඉහින්න. ලුණු පදමත් ඒ එක්කම බලන්න. ලිප නිවලා විනාඩි 5ක් පියන වහලා තියන්න (ඒකෙන් තමයි රසය හොඳට උරාගන්නෙ). 🌿✨
🍽️ වැඩේ ඉවරයි! දැන් ඉතින් රස බලන්නයි තියෙන්නේ. 😋
ගලේ අඹරලා අරන් යහමින් දෙහි 🍋 ටිකක් මිරික ගත්ත පොල් සම්බෝලයක් එක්ක, රොටී හරි ඉඳිආප්ප තියෙනවා නම්... ආය ඉතිං වෙන මොකුත් ඕන නෑ! 🍽️👌
හදලා බලලා කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න! 👇
&MeetWayamba
ඔයා මේක හැදුවොත්, හදපු කරියේ ලස්සන photo එකක් හරි වීඩියෝවක් පහළින් එල්ලගෙන යන්න අමතක කරන්නත් එපා 😁😁😉😉
ඒත් එක්කම & Meet Wayamba අපෙ පේජ් එකත් follow කරගෙනම යන්න...
මේ රෙසිපි එකෙ මට දුන්නෙ මගෙ බෝඩිම් මේට් (South indian Chef) mr. Thomson Siby thanks bro.❤️❤️❤️