13/10/2026
Spiny Ceylon අපිට අද ඉතාම සුවිශේෂී දිනයක්.💚
ලොව ප්රථම වරට තුඹ කරවිල භෝගය පදනම් කරගෙන අගය එක් කළ නිෂ්පාදන 40 කට වැඩි ශ්රේණියක් නිල වශයෙන් වෙළදපොළට නිකුත් කිරීම අද දින සිදු කරනවා.
අපි මේ නිෂ්පාදන පෙළ හදුන්වා දෙන්නේ Blue Ocean Strategy(නිල් සමුදුරු උපායක්රමය)අනුව.ඒ කියන්නෙ කිසිම තරගකරුවෙක් නොමැති වෙළදපොළක් වෙත අපේ නිෂ්පාදන තුළින් Value Creation කිරීම තමා අපි සිදු කරන්නෙ.
ඔයාලා දන්නවා තුඹ කරවිල කියන්නෙ ඖෂධීය ගුණයෙන් ඉතාම ඉහළ භෝගයක්.ඒ වගේම වෙළදපොළ තුළ සුලභ නොවන මිළෙන් වැඩි භෝගයක්.ගම් වල අය නැවුම්ව තුඹ කරවිල ආහාරයට ගත්තත්, කාර්යබහුල ජීවිතයක් ගත කරන නාගරික අයට ඒ අවස්තාව ඉතාම අඩුයි.අන්න ඒ පිරිස වෙනුවෙන් ඖෂධීය ගුණය අනුව,ආහාරයට ගන්න පුළුවන් ආකාර අනුව සහ පාරිභෝගිකයින්ගේ රුචි අරුචිකම් ගැන හොද අධ්යනයකින් පසුව තමා අපේ නිෂ්පාදන ශ්රේණිය නිර්මාණය කරලා තියෙන්නෙ.
ලංකාවේ කුරුණෑගල දිස්ත්රික්කයෙනුත් 60km දුරින් පිහිටි දුෂ්කර ගම්මානයක, සරල ගොවි ව්යාපෘතියක් ලෙස තුඹ කරවිල වගා කිරීම තමා අපි මුලින්ම කළේ.ඒ කියන්නෙ මුලින්ම කළේ ගොවිතැන් කරන එක.තුඹ කරවිල පැළ 450 කින් ආරම්භ කරපු අපගේ මෙම ගමන, අද වන විට සාම්ප්රදායික වෙළඳපොළ සීමාවන් බිඳ හෙළමින් ජාත්යන්තර අපනයන වෙළඳපොළ (Export Market) දක්වා ගමන් කිරීමට අවශ්ය පසුබිම සකස් කරගෙන තිබෙනවා. තරඟකරුවන් නොමැති සම්පූර්ණයෙන්ම නවෝත්පාදන වෙළඳපොළක් (Blue Ocean Strategy) නිර්මාණය කරමින්, සාම්ප්රදායික තුඹ කරවිල භෝගය ඉහළම වාණිජ වටිනාකමක් සහිත අගය එකතු කළ (Value-Added) නිෂ්පාදන ශ්රේණියක් බවට පත් කිරීමට Spiny Ceylon අපට හැකි වුණා.
ලොකු මූල්ය පසුබිමක් නොමැති සාමාන්ය පවුල් වල ඉපදුන මිනිස්සු විදියට අපිට දුෂ්කර ගමක් ඇතුලෙ අවම පහසුකම් යටතේ ව්යාපාරයක් ගොඩනගන එක ගොඩක් අපහසු වැඩක් වුනා.විශේෂම දේ මේක අලුත්ම වැඩක්.ඒ නිසා අපිට වැඩිම කාලයක් ගත වුනේ මේ ගැන පර්යේෂණ කරන්න අත්හදා බැලීම් කරන්න වගේම ඉගනගන්න.ඒත් අපි හදිසි වුනේ නෑ හම්බ කරන හැම සතයක්ම වියදම් කළේ මේ ව්යාපාරය ගොඩ නගන්න.රැයක් දවාලක් නැතුව වෙහෙසුනෙ මේ ව්යාපාරයේ අද දවස වෙනුවෙන්.
අපි මේ ව්යාපාරය ගොඩනඟන්න විදපු දුක්,ආපු අභියෝග,හෙලපු දහඩිය කදුළු,කරපු කැපකිරීම් ගැන කියන්න ගියොත් පොතක් ලියන්න වෙනවා.
අපේ page එක එක්ක වසර ගණනාවක් හිටපු ඔයාලා දන්නවා අපි තුඹ කරවිල වගා කරපු විදිය.තුඹ කරවිල වගාව වාණිජව ව්යාප්ත කරන්න දරපු උත්සාහය ගැන.අපේ නිෂ්පාදන වෙනුවෙන් නැවුම් තුඹ කරවිල ගන්න අපි හදපු සැලසුම් ගැන.තුඹ කරවිල අඛණ්ඩ සැපයුම් දාමය අපි නිර්මාණය කරපු විදිය ගැන.ඒ නිසා Spiny Ceylon අපේම වගාබිම් වලින් නෙලාගන්නා 100%ක්ම නැවුම් (Fresh) තුඹ කරවිල තමා අපි නිෂ්පාදන වලට යොදාගන්නෙ.
▪️සූර්ය බලයෙන් ක්රියාත්මක වන කුඩා ශීතාගාරය(Cold Room),
▪️තාප ජීවානුහරන යන්ත්රය(Retort machine),
▪️විජලන යන්ත්ර (Dehydrate machine),
▪️Vacuum machine,
▪️Can Seaming machine,
▪️Cutting machine වැනි හොදම තාක්ෂණික යන්ත්ර සූත්ර භාවිතයෙන් උපරිම සෞඛ්යාරක්ෂිතව අපේ නිෂ්පාදන සිදු කරනු ලබනවා. බුද්ධිමත් පාරිභෝගිකයන් වෙනුවෙන්ම සකස් කළ අපගේ කිසිදු නිෂ්පාදනයකට කෘතිම රසකාරක(Flavors), වර්ණක(Colours) හෝ කල්තබා ගැනීමේ රසායනික ද්රව්යයන්(Preservatives) අඩංගු නොවන නිසා, එහි ස්වභාවික ඖෂධීය පෝෂණය සහ රසය ඒ අයුරින්ම රැකෙනවා.
පාරිභෝගික අවශ්යතාවය සහ භාවිතයේ පහසුව අනුව Food Grade,
▪️ කෑන් (Canned),
▪️බෝතල් (Bottled),
▪️ වැකියුම් පවුචස් (Vacuum Pouches) ලෙස පාරිභෝගික ඔබට අවශ්ය ඕනෑම ඇසුරුම් ක්රමවේදයක් යටතේ ඉහළම ප්රමිතියෙන් යුත් අපගේ අගය එකතු කළ නිෂ්පාදන පෙළ දැන් ඔබට ලබාගන්න පුළුවන්.
නීරෝගී ජීවිතය සහ අසමසම ප්රමිතිය අගය කරන නූතන පවුල් වෙනුවෙන් පිරිනමන සැබෑ ස්වභාවික ආහාර අත්දැකීමක් විදීමට කැමති ඔබත් Spiny Ceylon අපගේ නිෂ්පාදනයක් මිළදී ගෙන බලන්න.
මෙය අපේ පුංචි අලුත්ම ව්යාපාරය ඇතුලේ සුවිශේෂීම කඩයිමක්.ඒ නිසා පුළුවන් හැමෝම මේ Post එක තවත් කෙනෙක්ට දකින්න Share කරලා හැකි පමණින් අපිට ශක්තියක් වෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා.💚
ඒ වගේම කොළඹ විශ්ව විද්යාලය ඇතුලෙ ඉගනගන්න වුනේ නැත්නම් කවදාවත්ම මේ ව්යාපාරය බිහි වෙන්නෙ නෑ.එහෙනම් අපිත් ගමටම විතරක් සීමා වුන මිනිස්සු විතරක් වෙන්න තිබුනා.මේ ව්යාපාරයේ ආරම්භක සිතිවිල්ල හැදෙන්නෙ එතනින්.ඒ නිසා කොළඹ විශ්ව විද්යාලයටත්,අපේ මේ උත්සාහය වෙනුවෙන්, අපි වෙනුවෙන් ආරම්භයේ සිටම අද දක්වා උදව් උපකාර කළ සියලුම දෙනාට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා..💚
Spiny Ceylon අපිව follow කරලා තියාගන්න.
"Nature's inheritance to the nations" 💚
Spiny Ceylon (Pvt) Ltd, Polpithigama, Kurunegala.
#තුඹකරවිල