DGA Food Products

DGA Food Products Home made delicious food and drinks with love
(3)

අද මම හැදුවෙ අපේ සිංහල වෙදකමට අනුව ඉතාම ගුණදායී පාරම්පරික කැඳක්.අපි පුංචි කාලේ අම්මා හදලා දුන්නට පස්සෙ, මමත් අදම තමයි පළ...
09/10/2026

අද මම හැදුවෙ අපේ සිංහල වෙදකමට අනුව ඉතාම ගුණදායී පාරම්පරික කැඳක්.
අපි පුංචි කාලේ අම්මා හදලා දුන්නට පස්සෙ, මමත් අදම තමයි පළමුවරට හැදුවෙ.

වර්තමානයේ වැඩි පිරිසක් තිබ්බටු ගෙඩි ආහාරයට ගත්තට තිබ්බටු කොළ ඖෂධීය ගුණයක් ඇති කොළ වර්ගයක් වශයෙන් නොදන්නා තරම්.

ඉතින් අද හැදුවෙ මේ තිබ්බටු කොළ කැඳ.
ඇත්තටම මේ කැඳ එක මම බීල තියෙන කොළ කැඳ වලින් රසම කැඳ එකක්.

ඉතින් තවත් කොළ කැඳ ලෝලියෙකුට හදල බලන්න ඔන්න හදන හැටිත් පහලින් සඳහන් කළා.

තිබ්බටු කොළවලින් ඖෂධීය කැඳක් පාරම්පරික ක්‍රමයට සකස් කරගන්නා ආකාරය

මෙම කැඳ කල්ගත වූ සෙම, ඇදුම, කැස්ස සහ පීනස් රෝගීන්ට උදෑසන ආහාර වේලක් ලෙස ඉතාම ගුණදායකය.
අවශ්‍ය ද්‍රව්‍ය:

* තිබ්බටු කොළ (මිටක් පමණ)
* රතු කැකුළු සහල් (කෝප්ප 1/2)
* මිටිකිරි (උකු පොල්කිරි) සහ දියකිරි
* සුදු ලූනු බික් 3-4 ක්
* ඉඟුරු කෑල්ලක්
* ගම්මිරිස් ඇට කිහිපයක්
* ලුණු (රස පදමට)

සාදාගන්නා ආකාරය:

👉රතු කැකුළු සහල් හොඳින් සෝදා, එයට තලාගත් සුදු ලූනු, ඉඟුරු, ගම්මිරිස් සහ දියකිරි (නැතහොත් වතුර) එකතු කර සහල් ඇට හොඳින් බිඳී යන තෙක් (බොඳ වන තෙක්) ලිප තබා තම්බා ගන්න.
👉තිබ්බටු කොළ හොඳින් සෝදා, වතුර ස්වල්පයක් එකතු කර වංගෙඩියක කොටා හෝ බ්ලෙන්ඩර් කර එහි පිරිසිදු යුෂ පෙරා වෙන්කර ගන්න. (ඖෂධීය ගුණය රැක ගැනීමට බ්ලෙන්ඩර් කරනවාට වඩා කෙටීම වඩාත් සුදුසුය).
👉බත් එක හොඳින් තැම්බුණු පසු, එය හැන්දකින් හොඳින් පොඩි කරගන්න. පසුව එයට මිටිකිරි (උකු පොල්කිරි) සහ සාදාගත් තිබ්බටු කොළ යුෂ එකතු කරන්න.
👉රස පදමට ලුණු එකතු කර හැඳිගාමින් ලිපේ තබන්න. කොළ යුෂ එකතු කළ පසු වැඩි වේලාවක් නටන්නට (තැම්බෙන්නට) නොදී, කැඳ එක රත් වීගෙන එන විටම (එක් උතුරක් එන විට) ලිපෙන් බාගන්න. (වැඩිපුර තැම්බුණහොත් එහි ඇති විටමින් සහ ඖෂධීය ගුණය විනාශ වේ).

@

සුබ දවසක්!පැය 14 ක් නිරාහාරව ඉඳලා ඔන්න අද මගේ පාතරසය ට හදා ගත්ත දේ......ඖෂධීය ගුණ සපිරි පිටවක්කා කොළ කැඳDGA Food Product...
07/10/2026

සුබ දවසක්!
පැය 14 ක් නිරාහාරව ඉඳලා ඔන්න අද මගේ පාතරසය ට හදා ගත්ත දේ......

ඖෂධීය ගුණ සපිරි පිටවක්කා කොළ කැඳ

DGA Food Products
071 059 6034

30/09/2026

කුඹුක් අලයක් ද?
DGA Food Products

හැමදාම කෑම හදලා කම්මැළි හිතුණම කන ලේසිම කෑම වලින් එකක්
30/09/2026

හැමදාම කෑම හදලා කම්මැළි හිතුණම කන ලේසිම කෑම වලින් එකක්

ගෙදර කෑම හදලා online business කරන අයට මොකද හිතෙන්නෙ මේ post එක ගැන.අද උදේම දැක්කෙමම කවදාවත් මෙහෙම post වලට ප්‍රතිචාර දක්...
28/09/2026

ගෙදර කෑම හදලා online business කරන අයට මොකද හිතෙන්නෙ මේ post එක ගැන.
අද උදේම දැක්කෙ
මම කවදාවත් මෙහෙම post වලට ප්‍රතිචාර දක්වන්නෙ නෑ. ඒත් කෑම හදන වීඩියෝ අපිත් දානවා. ඒ නිසා ටිකක් දුක හිතුණා.
මම දන්න කෑම පිටු කරන ගොඩක් අය මේ පිටුවලින් සල්ලි හම්බ කරන්නෙ නෑ. ගොඩක් විදේශගත වෙලා ඉන්න අය අපි වගේ ගෙදර කෑම හදලා කෑම විකුණන අයගෙන් කෑම ගන්නවා. ඒ අය එහෙම කරන්නෙ අපේ ෆේස්බුක් පේජ් බලලා.
අනිත් කාරණේ ලංකාවේ සාමන්‍ය රැකියාවක් කරන කෙනෙක් ට බැංකු ණය ගන්නෙත් නැතිනම්, තමන්ට ලැබෙන විදිහට නම් ගෙවල් හදන්නෙ, මැදි වයසත් පහුවෙනකල් ඉන්න වෙන්නෙ බාගෙට අටවගත්ත ගෙවල් වල තමයි. ජීවිත කාලෙම ණය ගෙව ගෙවා ඉන්නවට වඩා ඒක සැපයි.
මටනම් අනුන්ට කරදරයක් නොවී, බාගෙට අටවගත්ත ගෙදරක ඉඳන් කෑම එකක් හදල විකුණගෙන ජීවත් වෙන එක වටිනවා අනුන්ගෙ දේවල් හොය හොය ඉන්නවට වඩා.

කුරුවිට ට සම්පතක් වූ, වසර 43ක් උතුම් දළදා වහන්සේ ට රැකවරණය දුන් ඓතිහාසික දෙල්ගමුව රජ මහා විහාරය......බිනර පුන් පොහෝ දිනය...
27/09/2026

කුරුවිට ට සම්පතක් වූ, වසර 43ක් උතුම් දළදා වහන්සේ ට රැකවරණය දුන් ඓතිහාසික දෙල්ගමුව රජ මහා විහාරය......බිනර පුන් පොහෝ දිනයේ දී.......

DGA Food Products
071 059 6034


කස්ටමර් ලා එවන ෆොටෝ
27/09/2026

කස්ටමර් ලා එවන ෆොටෝ

27/09/2026

19 සෙනසුරාදා ......බෝපත් ඇල්ල සංචාරකයින්ට....

DGA Food Products
071 059 6034

Address

333 B, Wathuyaya
Kuruwita

Website

Alerts

Be the first to know and let us send you an email when DGA Food Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share