20/08/2026
🐔 අපේ පුංචි ගොවිපළේ තවත් වැදගත් සන්ධිස්ථානයක්! 🐣
අද වන විට අපේ පුංචි ලේයර් පැටව් ටිකට හරියටම සති 4ක් (දින 26ක්) වෙනවා. කාලය ගෙවී යන වේගය හරිම පුදුමයි!
මේ දිනවල අපේ පැටවුන්ට අවශ්‍ය කරන නිසි පෝෂණය (Grower කෑම) මෙන්ම, ඔවුන්ගේ නිරෝගීභාවය තහවුරු කර ගැනීමට අවශ්‍ය IB සහ Newcastle (VAXXON H120-CLONE) එන්නත් කිරීමේ කටයුතුත් ඉතා සාර්ථකව කරගෙන යනවා.
පැටව් ටික දැන් හොඳට ක්‍රියාශීලී වෙලා, එකිනෙකා සමඟ සෙල්ලම් කරමින් ලස්සනට හැදීගෙන එනවා දැකීමම ලොකු සතුටක්.
ගොවිපළේ ඉදිරි කටයුතුත් එක්ක දිගටම අපිත් එක්ක රැඳී සිටින්න! ❤️