World Wide Hub

World Wide Hub Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from World Wide Hub, Minuwangoda, Kurunagala rd, Nilpanagoda ( Dambuwa Waththa ), Minuwangoda.

🔱"ගලේ දේවාලය" පිළිබඳ ජනප්‍රවාද සහ හාස්කම් පසුබිමලංකාවේ වඩාත්ම ප්‍රසිද්ධ සහ හාස්කම් ඇතැයි විශ්වාස කෙරෙන, කපුවන් නොමැති එක...
09/07/2026

🔱"ගලේ දේවාලය" පිළිබඳ ජනප්‍රවාද සහ හාස්කම් පසුබිම
ලංකාවේ වඩාත්ම ප්‍රසිද්ධ සහ හාස්කම් ඇතැයි විශ්වාස කෙරෙන,
කපුවන් නොමැති එකම දේවාලය වන්නේ මිනුවන්ගොඩ (වෑගොව්ව)පිහිටි "ගලේ දේවාලයයි"🔱

🔅ගම්භාර/සූනියම් දෙවියන්ගේ අඩවිය: මෙම දේවාලය කැපකර ඇත්තේ ගුප්ත ශාස්ත්‍රයට සහ ගම්බිම් ආරක්ෂා කිරීමට අධිපති ශ්‍රී සිද්ධ සූනියම් (ගම්භාර) දිව්‍ය රාජයාණන් උදෙසාය. ජනප්‍රවාදයට අනුව සූනියම් දෙවියන් යනු ඉතා ඉක්මනින් ළඟාවන (ඔඩ්ඩි මස්සිනා), එලෙසම ඉතාම අකුණු සැර වැනි වේගයෙන් දඬුවම් හෝ පිහිට ලබාදෙන දෙවි කෙනෙකි.⚡️
🔅කට වැරදීමේ සාපය: පැරැන්නන් විශ්වාස කළේ සූනියම් දෙවියන්ගේ අණසක පවතින සීමාවකට ඇතුළු වන විට කට පරෙස්සම් කරගත යුතු බවයි. දේවාලයට යන අතරමඟදී හෝ එහිදී "ඕවා බොරු වැඩ", "දෙවියෝ නෑ", "බලමු මොකද වෙන්නේ" වැනි අගෞරවනීය හෝ අභියෝගාත්මක වදන් (කට වැරදීම්) පැවසුවහොත්, එම ස්ථානයෙන් පිටවීමට පෙරම දේව කෝපයට ලක්වී සිහිසුන් වීම, හෝ දැඩි අසනීපවලට ලක්වන බවට ගැමියන් අතර දැඩි විශ්වාසයක් පැවතුණි.තවද දේවාල භූමියෙන් පිටවූ පසු මං මුලා වීමටද ලක් වෙනු ලබයි.
🔅පේවීම සහ පිරිසිදුකම: මෙම දේවාලයට යන අය ශාරීරිකව මෙන්ම තමන්ගේ වචන සහ සිතුවිලි ද පිරිසිදුව තබාගත යුතුය. "කට වරද්දා ගැනීම" යනු එම පාරිශුද්ධත්වය කෙලෙසීමකි.
🔅 මා හොදින් දන්නා මාගේ සහොදරයකු දිනක් ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සමග දේවාලය වැද පුදා ගැනීමට සැන්දෑ යාමයේ පිටත් විය.ඔවුන් ඒ අතර මග මස් පිනිස සතුන් දඩයම් කරන නිවසකට ගොස් ඔවුන්ගේ යම් අවශ්‍යතාවයක් සපුරා ගෙන දේවාල ගමන ගියේය. වතාවත් සියල්ල කර දේවාල භූමියෙන් පිටවුවද ඔවුන්ට මහත් අමුත්තක් දැනින.එකිනෙකා එය සගවාගෙන සිටියද වැඩි දුරක් යාමට මත්තෙන් ඔවුන්ගේ වාහනය නතර කල ස්ථානය ඔවුන්ට සොයා ගැනීමට නොහැකි විය.එසේම කිසිවක් මතක නැති ගතියක්ද, විය.වෑගොව්ව ගම ගැන එහි පාරවල් ගැන හොදින් දැන සිටි මා සහෝදරයාටද පුදුම සහගත ලෙස මං මුලාවීමකට ලක් වී පාර අසන්නට විය.එසේ අසන හැමෝගෙම පිලිතුර නම් "අපි දන්නෙ නෑ"යන්නයි. සුනකයන් පවා දත් විලිස්සා ඔවුන් යන මග හරස් කරන්නට විය. දහඩිය පෙරාගෙන හොරාවකට වඩා එහෙ මෙහෙ ඇවිදින ඔවුන්ට සියල්ල අවබෝධ විය.දෙවියන්ට අකැප දෙයක් සිදු වී ඇත කියා.ඒ අවබෝධයත් සමග හිතින් දෙවියන්ට කන්නලව් කරන්නට විය..මග දුරක් යන විට සුදු පැහැති ඇදුමකින් සැරසුනු තරමක් උස පුද්ගලයකු ඔවුන්ට හමුවිය.පාර වැරදුනාද තමුන්ලට කියා ඇසුවේ හැමෝම තැති ගැන්මකට ලක් කරමිනි...යා යුතු හරිමාර්ගය පැවසූ එම තැනැත්තා ගැන ලොකු තැකීමක් ද නොවීය.මද දුරක් ගොස් ආපසු බැලූ කල්හි ඔහු කොහෙන් අතුරුදන් වූවාදැයි නොවීය. එය ගැන සිත යොමු නොකල ඔවුන් ඔවුන්ගේ වාහනය අර පෙර කී පුද්ගලයා කියූ විලස සොයාගෙන නිවස කරා ලගා වූයේ දැඩි තැති ගැන්මකින් හා බියකිනි.
නිවසට පැමිනි ඔවුන්ට අවබෝධ වූයේ හා යම් විශ්වාසයක් වූයේ තමන්ට දඩුවම් කර ,
ඔවුන්ට මග පෙන්වූයේ කිසිවකු නොව "ගම්බාර
දේව උත්තමයාණන් වහන්සේ බවයි...ඉන් පසුව ගලේ දේවාලයට කිරි ආහාර පූජාවක්ද සිදුකර සමාව අයැද සිටි ඔවුන්, දීර්ඝ කාලීනව ගම්බාර දෙවියන්ගේ බැතිමතුන් විය..( මෙම කතාව සත්‍ය සිදු වීමකි)

🔆ගම්බාර අප්පච්චිගේ පිහිට ආරක්ෂාව බලාපොරොත්තු වනවානම් පිරිසිදුව පේවී,වචනයෙන් සිතුවිල්ලෙන්,පමණක් නොව කෑමෙන් බීමෙන්ද " කට" පරිස්සම් කර ගැනීම වටී..

ගම්බාර අප්පච්චිගේ පිහිටයි ආරක්ෂාවයි 🙏

✍ ගලේ දේවාල පිටුවෙන්..
(මෙවැනි වටිනා දේව පුරාණ සහ ඉතිහාසගත තොරතුරු දැනගන්න අපේ පේජ් එක Follow කරලා තියාගන්න.)

13/05/2026

Address

Minuwangoda, Kurunagala Rd, Nilpanagoda ( Dambuwa Waththa )
Minuwangoda
0000

Website

Alerts

Be the first to know and let us send you an email when World Wide Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share