11/09/2025
විශේෂ මිල අඩුකිරීමක් සමගින් දැන් සුවඳැල් හාල් මිලට ගන්න පුළුවන්.. 🌾🌾🍚🍚
ගැබ් ගැනීමට බලාපොරොත්තු වන කාන්තාවන්ට, කුඩා ළදරුවන්ට, වැඩිහිටි අයට ඉතා ගුණ, දිරවීම පහසු කරන පාරම්පරික සුවඳැල් හාල් ඔබට අපගෙන් අද සිට නැවතත් මිලදී ගන්න පුළුවන්.
🌼සුවඳැල් සහල් වල පෝෂ්‍ය පදාර්ථ අනෙක් දේශීය සහල් වර්ග සමග සැසඳීමේදී වැඩි වේ.
- බත් 100g ප්‍රමාණයක කැලරි 360ක් ඇත.
Total Fat -4.9g 3%
Total Carbohydrates - 64g 28%
Protein -15g
Vitamin A -63%
Vitamin C -67%
Calcium -4%
Iron - 13%
Vitamin E -13%
Vitamin B
Thiamin -37%
Riboflavin -8%
Niacin -6%
Zinc -11%
ලංකාවේ ඌව පලාතේ පහත් බිම් ප්‍රදේශ වල වගා කෙරෙන පාරම්පරික සුවදැල් වී වල අස්වැන්න නෙලීමට බොහෝ කාලයක් ගත වෙනවා. පසුගිය දිනවල තොග අවසන් වී තිබූ අතර දැන් නැවතත් සුවඳැල් සහල් තොග අප සතුව ඇත.❤️
🌾 බත පිසෙන විට සුවදක් වහනය වෙන සුවදැල් සහල් නිපදවන්නේ ඇල් වී වර්ගයකිනි. කිරි රසයෙන් යුක්ත මේ බතට පොඩ්ඩන් මෙන්ම වැඩිහිටි අයත් ගොඩක් කැමතියි.
🌾මුල් වරට ආහාර ලබාදීම ආරම්භ කරන ළදරුවන්ට ඉතාම සුදුසු මේ පාරම්පරික සුවඳැල් සහල් පහසුවෙන් දිරවන අතර ඉවීමේදී ප්‍රණීත සුවදක් හා රසයක් ලබාදේ. ඉන් දරුවාගේ ආහාර රුචිය වඩවන අතර බෙරි බතට මවුකිරි පමණක් මිශ්‍ර කර ලබාදීමේදී පහසුවෙන් දරුවාට කැවීමට හැක.
🌾 ඝන ආහාර ලබාදෙන මාස 6ට වැඩි දරුවන්ට පෝෂණ බත ලබාදීමට සුවඳැල් සහල් භාවිතා කිරීමෙන් බත පහසුවෙන් සකසා ගත හැකිය.
සකසන ආකාරය
🍚සුවඳැල් සහල් කප් කාලක්( ඔබේ දරුවාට ලබාදෙන ප්‍රමාණය ගන්න) ගෙන හොදින් සෝදා මැටි වලදක, රයිස් කුකර්, ප්‍රෙෂර් කුකර් එකෙහි දමා තැම්බෙන්නට හරින්න. හොදින් තැම්බුණු පසු එයට සිහින්ව ග්‍රේට් කරගත් කැරට් ටිකක්,නිවිති කොළ එකතු කරන්න. දැන් එයට තව වතුර/කිරි ටිකක් දමා මද ගින්නේ තැම්බෙන්නට හැර ගිතෙල් හෝ බටර් වලින් තෙම්පරාදු කරන්න.
(අවශ්‍ය නම් ඔබ දරුවාට හදුන්වා දී ඇති ඕනම එලවළුවක්, මාළු, බිත්තර ආදියද එකතු කර ගත හැක.)
🍚කැරට්/කහ බතල/ වට්ටක්කා / පරිප්පු, මාළු, බිත්තර කහමද, පලාවර්ගයක්, පොල්කිරි යොදා හොදට බෙරි වෙන්න පිසගන්න. උඩින් තල පවුඩර් ටිකක් ඉසින්න.
🍚සුවඳැල් සහල් පිස එයට පොල්කිරි යොදා කිරිබතක් පිසින්න පුළුවන්. මෙයට පොඩි කරගත් රට ඉදි, පොගවා ගත් මුද්දරස්පලම්, නට් පවුඩර් ටිකක් යොදා හදන්නත් පුළුවන්.
🍚සාමන්‍යයෙන් අපි හදන සුප් එකට සුවදැල් සහල් මිටක් එක්කර රසවත් මෙන්ම පෝෂණිය සුප් එකක් හදාගන්න පුළුවන්.
ගොඩාක් අම්මලා විවිධ විදියට මේ සුවදැල් සහලින් ආහාර හදලා තමන්ගේ දරුවන්ට දෙනවා.
ඔබ ලගත් එවැනි රසවත් රෙසපි ඇත්නම් අපිත් සමග බෙදාගන්න.
🌾 දියවැඩියාව රෝගයෙන් පෙළෙන අයටද දහවල් ආහාරය සදහා පාරම්පරික සුවඳැල් සහල් බත් කෝප්පයක් ලබාගැනීමෙන් ආහාර පාලනය මනා ලෙස පවත්වා ගැනීමට උපකාරී වේ.
🌾ගැබ් ගැනීමට අපේක්ෂා කරන PCOS, PCOD වැනි තත්වයන්ගෙන් පෙලෙන අයටද සරු ආහාර ලබාගැනීම මගින් ඒ තත්වය පාලනය වන නිසා සුවඳැල් වැනි දේශීය සහල් වර්ගයක් ලබාගැනීම වඩා සුදුසු වේ.
🌾 ගර්භණී සමයේදී තන්තු බහුල ආහාර වැඩිපුර ලබාගත යුතු බැවින් දියවැඩියා තත්වය ඇති නොවීමටත්, අවශ්‍ය පිෂ්ඨය හා අනෙකුත් පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමටත් දහවල් ආහාරය සදහා පාරම්පරික සුවඳැල් සහල් ලබාගැනීම වඩා යෝග්‍ය වේ.
🌾 කිරි ආහාර සැකසීමට
ඔබ පවත්වන්නා වූ කිරි ආහාර පූජාවන්, කිරිබත් දානයන් සදහා සුවඳැල් සහල් යොදා ගැනීමෙන් ඉතා ප්‍රණීත සුවදින් යුත් කිරි ආහාර සකසා ගත හැකිය.
🌼සුවදැල් සහල් වලින් ලැබෙන ප්‍රතිලාභ
🌾මෙහි තන්තුමය ගුණ නිසා ආහාර හොදින් ජීරණය වෙනවා. ඒ නිසා දියවැඩියාව පාලනය වෙනවා.
🌾මෙහි අඩංගු කාබොහයිඩේ‍්‍රට් සිරුරට ශක්තිය ලබා දෙනවා.
🌾සුවදැල් හාලේ අඩංගු විටමින් E නිසා සම පැහැපත් වෙනවා.
🌾රුධිර පීඩනය වැළැක්වීම කරනවා.
🌾ඇසේ මනා සෞඛ්‍යයක් පවත්වා ගැනීමට උපකාරී වෙනවා.
🌾තත්තුමය ස්වභාවය මළබද්ධය වළක්වනවා.
🌾මුත්‍රා පිරිසිදු කරනවා.
🌾සිරුරේ හෝමෝන සමතුලනය කරන අතර ස්නායු උත්තේජනය කරනවා.
සුවදැල් කියන්නේ පෝෂණිය සහල් වර්ගයක්, එය වස විෂ නොයෙදු ලෙස මිල දී ගෙන භාවිතා කිරීම වැදගත් වෙනවා.
කුරියර් මගින් පමණක් එවන අතර ඇණවුම් කිරීමට ඔබේ නම, ලිපිනය දුරකථන අංක 2ක් ඉන්බොක්ස් කරන්න
0779595543