29/04/2026
නිපුනි වාසනාගෙන් ශ්රී ලංකාවට රන් පදක්කමක්
හයවන ආසියානු වෙරළ ක්රීඩා උළෙලේ කාන්තා 50kg මල්ලවපොර තරග ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට නිපුනි වාසනා සමත්වුණා. ඒ අවසන් තරගයේදී වියට්නාම ක්රීඩිකා
DOAN THI KIM OANH ලකුණු 3-1 ක් ලෙස පරාජයට පත්කරමින්.
මූලික වටයේ දී නිපුනි වාසනා විසින් කසකස්ථාන ක්රීඩිකා GANIKYZY Laura ලකුණු 2- 0 ක් ලෙසත්, කාම්බෝජ ක්රීඩිකා DIT Samnang ලකුණු 2-0ක් ලෙසත්, චීන ක්රීඩිකා LIANG Jinyue ලකුණු 2-0ක් ලෙසත් පරාජයට පත්කළා. අවසන් පූර්ව වටයේ තරගයේ දී ප්රබල ජපාන ක්රීඩිකා YANO Funa ලකුණු 4-0ක් පරාජයට පත්කරමින් අවසන් තරහයට සුදුසුකම් ලබාගත්තා.
මෙම පදක්කම ඉතිහාසයට එක්වන්නේ මල්ලවපොර ක්රීඩාවෙන් ශ්රී ලංකාව ආසියානු මට්ටමේ හිමිකර ගත් ප්රථම රන් පදක්කම ලෙසයි.