Dagonna Pharmacy & Distributors

Dagonna Pharmacy & Distributors Welcome to Dagonna Pharmacy & Distributors � We are here to care for your health...

🌼✨ දගොන්නා ෆාමසි වෙතින් අපගේ ආදරණීය ගනුදෙනුකරුවන්ට ✨🌼සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! 🪔🌿මෙම සුවිශේෂී අලුත් අවු...
14/04/2026

🌼✨ දගොන්නා ෆාමසි වෙතින් අපගේ ආදරණීය ගනුදෙනුකරුවන්ට ✨🌼

සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! 🪔🌿

මෙම සුවිශේෂී අලුත් අවුරුද්ද ඔබ සහ ඔබගේ පවුලේ සැමට සෞඛ්‍යය, සතුට, සාමය සහ සම්පත් පිරි සුභම සුභ වසරක් වේවා...!

අපව විශ්වාස කරමින් අප සමඟ රැඳී සිටින ඔබ සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමු. 💊❤️
ඔබගේ සෞඛ්‍යය රැකගැනීම අපගේ ප්‍රමුඛතම වගකීමයි.

ඉදිරියටත් ඔබට විශ්වාසයෙන් යුතුව සේවය කිරීමට අප කැපවී සිටිමු.
නව අවුරුද්ද ඔබගේ ජීවිතයට නව බලාපොරොත්තු, සාර්ථකත්වය සහ සතුට ගෙන ඒවා...!🌸🌞

සුභ අලුත් අවුරුද්දක් වේවා! 🎉

"ඇයි මිස් මේ ඊයේ අරන් ගිය බෙහෙත් ආයේ ගන්න බෑ කියන්නේ" කියලා සමහර අය රණ්ඩු කරනවා නේද..? නැත්තම් පරණ බෙහෙත් දැන් doctor බො...
14/02/2026

"ඇයි මිස් මේ ඊයේ අරන් ගිය බෙහෙත් ආයේ ගන්න බෑ කියන්නේ" කියලා සමහර අය රණ්ඩු කරනවා නේද..? නැත්තම් පරණ බෙහෙත් දැන් doctor බොන්න එපා කිව්වා කියලා ආයේ return කරන්න අහනවා නේද...? ඇයි pharmacy වලින් පිටතට ගිය බෙහෙත් ආයේ ගන්න බෑ කියන්නේ කියලා පොඩ්ඩක් හිතලා බැලුවද..?
එහෙනම් අපි අද බලමු ඇයි එහෙම return නොකරන්නේ කියලා....!

💊 Pharmacy එකෙන් ගත් බෙහෙත් ආයේ බාර නොගන්නේ ඇයි? 💊

අපි බොහෝ දෙනාට තියෙන සාමාන්‍ය ප්‍රශ්නයක් තමයි
👉 “බෙහෙත් ගත්තාට පස්සේ ඇයි ආයේ return කරන්න බැරි?” කියන එක.

ඒකට හේතු කිහිපයක් තියෙනවා 👇

🔹 ඔබගේ ආරක්ෂාව වෙනුවෙන්

Pharmacy එකෙන් බෙහෙත් එකක් පිටතට ගියාට පස්සේ,
එය නිසි උෂ්ණත්වයේ තියාගත්තද, විවෘත කරලාද, වෙනත් බෙහෙත් එක්ක මිශ්‍ර වුණාද කියලා අපිට තහවුරු කරන්න බැහැ.
👉 ඒ නිසා ආයේ වෙන කෙනෙක්ට ලබාදීම අනාරක්ෂිතයි.

🔹 ඖෂධ නීති හා නියමයන්

ශ්‍රී ලංකාවේ ඖෂධ නීති අනුව,
Pharmacy එකෙන් නිකුත් කළ බෙහෙත් ආපසු බාරගෙන නැවත විකිණීම නීතිවිරෝධී වේ.

🔹 බෙහෙත් ගුණාත්මකභාවය

සිරප්, ඉන්ජෙක්ෂන්, ඉන්සුලින් වැනි බෙහෙත්
නිශ්චිත උෂ්ණත්වයක තියාගත යුතුයි.
එය වෙනස් වුණොත් බෙහෙත් ප්‍රභාවය අඩු වෙයි.

🔹 දූෂණය (Contamination)

බෙහෙත් පෑක් එක විවෘත කරලා නම්
බැක්ටීරියා හෝ ජර්ම්ස් ඇතුළුවීමේ අවදානමක් තියෙනවා.

🔹 Prescription බෙහෙත්

Doctor prescription එකකට අනුව දෙන බෙහෙත්
👉 වෙන කෙනෙක්ට එකම විදිහට ගැලපෙන්නේ නැහැ.

📌 විශේෂ අවස්ථා

Pharmacy එකේ පැත්තෙන් දෝෂයක් (වැරදි බෙහෙත්, expiry issue වැනි) තිබුණොත්
👉 අපේ policy අනුව සුදුසු විසඳුමක් ලබාදෙන්න අපි සූදානම්.

🙏 මෙය අපේ අකමැත්තක් නොව, ඔබගේ සහ සමාජයේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ගත් තීරණයක්.
ඔබගේ අවබෝධයට ස්තූතියි 💙

-Dagonna Pharmacy & Distributors-

දවසක් අවු.24ක වගේ ගැහැණු ළමයෙක් ඇවිත් අහුවා මිස් foli acid ගන්න ඕනේ, කොහොමද ඒක බොන්න ඕනේ කියලා.එතකොට අපි මුලින්ම අහන්නේ ...
01/02/2026

දවසක් අවු.24ක වගේ ගැහැණු ළමයෙක් ඇවිත් අහුවා මිස් foli acid ගන්න ඕනේ, කොහොමද ඒක බොන්න ඕනේ කියලා.එතකොට අපි මුලින්ම අහන්නේ doctor advice අරගෙනද ගන්න යන්නේ කියලානේ.ඉතින් මාත් එහෙම ඇහුවාම කිව්වේ, නෑ මිස් මං දැන් marry කරලා මාස 5ක් වගේ වෙනවා, මගේ නැන්දම්මා කිව්වා pharmacy එකෙන් අරන් හැමදාම බොන්න කියලා.අලුත් බැදපු අයට මේ වගේ folic acid බොන්න කියනවා නේද? ඇයි එහෙම කියන්නේ කියලා අපි අද බලමු.ඒ වගේම අනිවාර්යයෙන්ම folic acid බොන්න ඕනේද...?එහෙනම් බලමු folic acid කියන්නේ මොනවද වගේම කොහොමද මේ folic acid බොන්නේ කියලා..

🧬Folic Acid (Vitamin B9)🧬

Folic Acid කියන්නේ ජලයේ ද්‍රවීභව වන Vitamin B කාණ්ඩයට අයත් විටමින් එකක්.
ශරීරයේ සෛල බෙදීම, DNA / RNA නිර්මාණය, රුධිර සෛල වර්ධනය වැනි අත්‍යවශ්‍ය ක්‍රියාවලීන් සඳහා මෙය අවශ්‍ය වේ.

🧠 ශරීරය තුළ Folic Acid ක්‍රියා කරන ආකාරය බලමු.

✔️ නව සෛල නිපදවීම වේගවත් කරයි.
✔️ රුධිරයේ Red Blood Cells නිවැරදිව සෑදීමට උපකාරී වේ.
✔️ මොළයේ හා ස්නායූ පද්ධතියේ සෞඛ්‍යය රැකගනී.
✔️ Homocysteine මට්ටම අඩු කර හෘද රෝග අවදානම අඩු කරයි.

🤰 ගර්භණී කාලයේ විශේෂ වැදගත්කම සහ මෙය ගත යුතුමද...?

ගර්භය සෑදූ පළමු සති 4–6 තුළ ළදරුවාගේ;
🧠 මොළය
🧬 නර්ව නාලය (Neural Tube)
❤️ මූලික අවයව
වර්ධනය ආරම්භ වේ.

➡️ මේ කාලයේ Folic Acid හිඟ වුනොත්:
• Spina Bifida
• Anencephaly
වැනි නර්ව නාල දෝෂ ඇති විය හැක.

👉 ඒ නිසා ගර්භය සූදානම් කරන අවධියේ සිටම Folic Acid ගත යුතුයි.

🧑‍⚕️ Folic Acid හිඟයේ ලක්ෂණ

නිතරම තෙහෙට්ටුව
හිසරදය
මුඛයේ තුවාල
හුස්ම අඩු වීම
අමතක වීම / අවධානය අඩු වීම
රුධිර හිඟය (Megaloblastic Anemia)

💊 Folic Acid අධික ලෙස ගත්තොත්?

දිගු කාලයක් අධික ප්‍රමාණයක් ගත්තොත්,
❌ Vitamin B12 හිඟය සඟවා දැමිය හැක.
❌ නර්ව හානි ලක්ෂණ වර්ධනය විය හැක.

👉 ඒ නිසා වෛද්‍ය උපදෙස් අනුව පමණක් ගත යුතුයි.

🍽️ ආහාර වලින් හෝ ඖෂධ ලෙස Folic acid ලැබෙන ආකාරය.

🥗 ආහාර වලින්
• ස්වභාවික, ආරක්ෂිත
• නමුත් ගර්භණී කාලයේ ප්‍රමාණය ප්‍රමාණවත් නොවිය හැක.

💊 Tablet ලෙස
• නිශ්චිත ප්‍රමාණය ලැබේ.
• ගර්භණී මව්වරුන්ට වඩාත් සුදුසුයි.

👉 බොහෝ විට ආහාර + Tablet දෙකම එකට උපදෙස් දෙනවා.

⏰ ගත යුතු හොඳම වේලාව

✔️ දිනකට එක් වරක්
✔️ උදෑසන, ආහාරයට පසු
✔️ නිතරම එකම වේලාවට ගත්තොත් හොඳයි.

ඉති දැන් ඔයාලාට තේරෙනවා නේද ඇයි අර ළමයගේ නැන්දම්මා folic acid බොන්න කිව්වේ කියලා.
ඉතින Folic Acid කියන්නේ ගර්භණී කාලයට පමණක් නොව කාන්තාවන්ගේ ජීවිත කාලය පුරා වැදගත් විටමින් එකක්.විශේෂයෙන්ම ප්‍රජනන වයසේ කාන්තාවන්ට.

-Dagonna Pharmacy & Distributors-

ගෑස්ට්‍රික් කරලක් නිසා පියදාසට උන දේපියදාස කියන්නේ රාජකාරිය වෙනුවෙන්ම කැප උන මනුස්සයෙක්.කාර්‍යබහුල ජීවිතේ නිසා ගොඩක් වෙල...
31/01/2026

ගෑස්ට්‍රික් කරලක් නිසා පියදාසට උන දේ
පියදාස කියන්නේ රාජකාරිය වෙනුවෙන්ම කැප උන මනුස්සයෙක්.කාර්‍යබහුල ජීවිතේ නිසා ගොඩක් වෙලාවට උදේ කෑම වේල skip කරලා තේ කෝප්ප දෙක තුනකින් බඩගින්න නිවාගන්න පියදාස පුරුදු වෙලා හිටිය. දවල් වෙලාවට හම්බ වෙන දෙයක් කාලා, වැඩ ඇරිල ගෙදර එද්දි කඩේකින් spicy කෑමක් කන්නත් අමතක කරන් නෑ. ඒ විතරක් නෙමේ ආර්ථික ප්‍රශ්න නිසා නිතරම ලොකු stress එකකින් තමා පියදාස ජීවත් උනේ.

දවසක් පියදාසට බඩ පපුව දැවිල්ලක් ආව. බඩත් පුරවා දාලා “ගෑස්ට්‍රික් වෙන්න ඇති” කියලා pharmacy එකට ගිහින් ගෑස්ට්‍රික් කරල් ටිකක් අරගෙන බිව්වා. ඊට පස්සෙ ඒ බෙහෙත් වලින් සහනයක් දැනෙන්න ගත්ත. එදායින් පස්සෙ ගෑස්ටික් කරලක් කියන්නෙ පියදාස ලඟ නිතරම රැඳුණු දෙයක්.පොඩි අමාරුවටත් ගෑස්ටික් කරල් බොන එක පුරුද්දක් කරගත්ත

ගෑස්ට්‍රික් ආවගමන්ම පියදාස හිතුවෙ “කරල් බිව්වම හරි නේ” කියලා. හැබැයි කාලයක් ගියාම උදර වේදනාව, බඩ පිරෙන හැඟීම, කෑමට අකමැත්ත වගේ ලක්ෂණ වැඩි වුණා.

දවසක් යාලුවෙක් කිව්වා,
“මචං, හැමදාම හිතුමතේ ගෑස්ට්‍රික් බෙහෙත් බොන්න හොඳ නෑ. Omeprazole, pantoprazole වගේ බෙහෙත් දිගටම බොන්නෙ doctor උපදෙස් තියෙද්දි විතරයි. නැත්තම් calcium, vitamin B12 වගේ දේවල් අඩුවෙන්නත් පුළුවන්.”
ඒක අහල පියදාස ඉක්මනටම ඩොක්ටර් ලඟට ගිහින් නිසි ප්‍රතිකාර ලබාගත්තා. ඒ විතරක් නෙමේ. කොච්චර බෙහෙත් බිව්වත් වැඩක් නෑ තමන්ගෙ ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් නොවෙනවනම් කියල පියදාසට පැහැදිලි කරා. ඒ උපදෙස් අනුව පියදාස
වෙලාවට කෑම කන්න, spicy කෑම අඩු කරන්න, තේ,කෝපි වැඩියෙන් බොන එක අඩු කරන්නත් තීරණය කරා. ඒ විතරක් නෙමේ stress එක අඩු කරගෙන සැහැල්ලුවෙන් ජීවත් වෙන්නත් පුරුදු උනා.

දැන් පියදාස ජීවන රටාව වෙනස් කරගෙන, ගෑස්ට්‍රික් බෙහෙත් වෛද්‍ය උපදෙස් ඇතිව විතරයි බොන්නෙ.

පියදාසට දැන් තේරෙනවා බෙහෙත් කියන්නේ විසඳුමක් නෙමෙයි. ජීවන රටාව වෙනස් කරගත්තම ගොඩාක් ලෙඩ රෝග වලින් වැලකෙනව කියල.

💊 අපි දැන් බලමු, මොකක්ද මේ ගෑස්ට්‍රික් කියන්නේ, නැත්තම් උදරයේ ආම්ලිකතාවය කියන්නේ කියලා. අද කාලයේ වයස් භේදයකින් තොරව දැකිය හැකි ලෙඩක් තමයි උදර ආම්ලිකතාවය.බඩ පපුව පුරවා දැමීම,බඩේ දැවිල්ල,වමනය,උගුරට ආම්ලික රසයක් දැනීම මෙහි රෝග ලක්ෂණයි.
අපේ ආමාශයේ ආහාර ජීර්ණය කිරීමට HCl අම්ලය නිපදවනවා. මේ HCl ආහාර ජීර්ණය, පෝෂක ද්‍රව්‍ය නිවැරදිව අවශෝෂණය වීම, සහ bacteria විනාශ කිරීම සඳහා උපකාරී වෙනවා.
මේ ආම්ලික HCl වලින් ආමාශය ආරක්ශා කිරීමට ආමාශ ආස්තරණය ශ්ලේශ්මලය මගින් ආවණය වෙලා තියෙනව. වැරදි ආහාර පුරුදු,ආතතිය සහ බැක්ටීරියා ආසදන මගින් HCl ප්‍රමාණය වැඩි වීම හෝ ශ්ලේශ්මල මඟින් වන ආරක්ශාව බිඳ වැටීම නිසා උදර ආම්ලිකතාවය ඇති විය හැක. මෙම රෝග ලක්ෂණ අඩු කිරීම සඳහා බොහෝ විට ගෑස්ට්‍රික් බෙහෙත් (antacids,omeprazole,pantoprazole වගේ) භාවිතා කරනවා. නමුත් බෙහෙත් දිගුකාලීන භාවිතයෙන් calcium, vitamin B12, magnesium අවශෝෂණය,අඩුවීම,මලබද්දය,පාචනය,බැක්ටීරියා ආසදන,වකුගඩු දුර්වලතා, ජීරණ දුර්වලතා, ආදිය ඇති විය හැක.

ඒ නිසා උපදෙස් අනුව, අවශ්‍ය වෙලාවට විතරක් බෙහෙත් භාවිතා කළ යුතුයි.
නිවැරදි ආහාර රටාවක් සහ ආතති කලමණාකරනයෙන් උදර ආම්ලිකතාවය පාලනය කළ හැක.

-Dagonna Pharmacy & Distributors-

20/01/2026

දිනෙන් දින පෙනෙන වෙනසක් 🌸
Perfectil සමඟ ඔබගේ beauty routine එක නව මට්ටමකට 💊✨

Your trusted neighborhood pharmacy, dedicated to your health, safety, and well-being 💊❤️

We provide:
✔️ Genuine & quality medicines
✔️ Friendly, caring service
✔️ Professional guidance you can trust

📍 Location: Dagonna
⏰ Open daily: 8.30 AM – 10.30 PM
📞 Call us:

☎️ 031 224 2742
077 571 5580
076 325 7750

✨ Visit us today — Your Health, Our Priority ✨

👍 Like & follow our page to stay updated on health tips, offers, and pharmacy services!

-Dagonna Pharmacy & Distributors-

කවුරුත් දන්න හති පෙති......!💊හතිය කියන්නෙ අද සමාජයේ වයස් භේදයකින් තොරව දක්නට ලැබෙන ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගී තත්වයක්. ම...
19/01/2026

කවුරුත් දන්න හති පෙති......!💊

හතිය කියන්නෙ අද සමාජයේ වයස් භේදයකින් තොරව දක්නට ලැබෙන ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගී තත්වයක්. මේ රෝගය ඇති වීමට දූෂිත වායුන්, වාහන දුම්,සීතල කාලගුණය මානසික ආතතිය සහ දුම් පානය ආදී හේතු රැසක් බලපානව. එම නිසා දිනෙන් දින මේ රෝගීන්ගේ සංක්‍යාවද ඉහළ යමින් පවතිනවා. මේ හේතුවෙන් හති පෙති වලට තියෙන ඉල්ලුමද වැඩි වෙමින් පවතිනවා.

හති පෙති කියල සමාජයේ ජනප්‍රිය මේ ඖෂධයේ විද්‍යාත්මක නාමය - salbutamol
ශ්වාසනාලය ආසාදනය වීමෙන්,පටු වීමෙන් හෝ ශ්ලේශ්මල පිරීමෙන් හුස්ම ගැනීමට අපහසු වීමෙන් හතිය ඇතිවෙනව. හතියේ රෝග ලක්ෂණ ලෙස හුස්ම ගැනීමට අපහසු වීම, කැස්ස , හුස්ම ගැනීමේදී ශබ්දයක් පිට වීම සහ පපුවේ මහන්සිය දකින්න පුලුවන්.

Salbutamol ක්‍රියා කරන්නේ ශරීරයේ බීටා–2 ග්‍රාහක උද්දීපනය කිරීම මඟිනි. ශ්වාස නාලිකා වල ඇති සිනිඳු පේශී, බීටා–2 ග්‍රාහක මඟින් පාලනය වන අතර, Salbutamol ඒවා උද්දීපනය කළ විට සිනිඳු පේශි ලිහිල් වේ. ඒ හේතුවෙන් ශ්වාස නාලිකා පුළුල් වී, හුස්ම ගැනීම පහසු වේ.
Salbutamol වල මෙම ක්‍රියාව නිසා හුස්ම ගැනීමට අපහසු මොහොතවල් වලදී ඉක්මන් සහනයක් ලබා දේ. අත,පය වෙව්ලීම, හිසරදය සහ හදවතේ වේගවත් ගැස්ම(palpitation) මෙහි පොදු අතුරු ආබාධ වේ.

මෙම ඖෂධය inhaler, nebulizer, syrup සහ tablet ලෙස විවිධ ආකාර වලින් ලබා ගත හැක. මෙහි වඩාත්ම ජනප්‍රිය ආකාරය inhaler වේ. එසේ භාවිතා කිරීම වඩාත් ජනප්‍රිය වන්නෙ ඖෂධය සෘජුවම ශ්වාස නාලිකා වෙත ගොස් ඉක්මනින් ක්‍රියා කිරීමත්, ශරීරය පුරා ඇතිවිය හැකි අතුරු ප්‍රතික්‍රියා අඩු වීමත් හේතුවෙනි. එහෙත් සමාජයේ සමහර පිරිස් inhaler භාවිතය පිළිබඳ වැරදි අදහස් ඇති කරගෙන, tablet හෝ syrup වඩා ආරක්ෂිත බව සිතීමද දක්නට ලැබේ.

🧬 Salbutamol සහ Beta Blockers අතර ප්‍රතික්‍රියාව:🧬

Salbutamol බීටා–2 ග්‍රාහක උද්දීපනය කරන අතර, Beta blockers බීටා ග්‍රාහක අවහිර කරන ඖෂධ වේ. එම නිසා මෙම ඖෂධ දෙක එකට භාවිතා කළ විට, Salbutamol ලබා දෙන ප්‍රතිඵලය අඩු වීමේ අවදානමක් පවතී. විශේෂයෙන් non-selective beta blockers භාවිතා කරන විට, ශ්වාස නාලිකා තවදුරටත් පටු වීම සිදු වෙන්න පුලුවන්

මෙවැනි තත්ත්වයක් හේතුවෙන් හතියෙන් පෙළෙන රෝගියෙකුට Salbutamol ලබා දුන්නත්, බලාපොරොත්තු වන හුස්ම ගැනීමේ සහනය නොලැබීම හෝ හතියේ ලක්ෂණ තවත් උත්සන්න වීම ද සිදු වීම දක්නට ලැබෙනව. සමහර අවස්ථාවලදී මෙය හදිසි තත්ත්වයක් බවට පත්වීමට ද ඉඩ තියෙනව.

එබැවින් හතියෙන් පෙළෙන රෝගීන්ට රුධිර පීඩනය හෝ හෘද රෝග සඳහා Beta blockers ලබා දීමට පෙර, ඉතා සැලකිලිමත් විය යුතුය.
එබැවින් මෙම ඖෂධය නිසි අවබෝධයක් සහිතව වෛද්‍ය උපදෙස් මත භාවිතා කිරීම තුළින් ආරාක්ෂාකාරී ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්.
හිතුමතේ ඖෂධ භාවිතයෙන් වලකින්න.

👨‍⚕️ ඔබේ සෞඛ්‍යය — අපගේ වගකීමයි ❤️

-Dagonna Pharmacy & Distributors-

හිතුමතේට බොන Antibiotics.....!වෛද්‍ය උපදෙස් නැතුව හෝ prescription එකක් නොමැතිව antibiotics භාවිතා කරන එක අද සමාජයේ බහුලව...
09/01/2026

හිතුමතේට බොන Antibiotics.....!

වෛද්‍ය උපදෙස් නැතුව හෝ prescription එකක් නොමැතිව antibiotics භාවිතා කරන එක අද සමාජයේ බහුලව දකින්න ලැබෙන දෙයකි.

තුවාල වේලෙන කරල් දෙන්නකෝ, Amoxycillin කාඩ් එකක් දෙන්නකෝ, Augmentin ලොකු කෙනෙක්ට දෙන්නකෝ, සෙම කරල් දෙන්නකෝ වැනියෙන් බොහෝ පිරිස් අද pharmacy වලින් නොදනුවත්කම නිසා ඉල්ලනවා.සමහරු antibiotics list එකම ඉල්ලනවා pharmacy වලින් නෑ කිව්වාම.වැඩිහිටි අය පමණක් නොවේ දෙමාපියන් විසින් කුඩා දරුවන්ට පවා පොඩි සෙමක් හැදුනද amoxycillin කියා ඉල්ලන සමාජයක් අද දකින්න ලැබෙනවා.

Antibiotics කියන්නේ සාමාන්‍ය බෙහෙතක් නොවේ...

⚠️ මේක බොහෝම අහිතකරයි.

ඇයි හිතුමතේට antibiotics බොන්න හොඳ නැත්තේ?

•Antibiotic resistance වෙයි
→ ඊළඟට ඇත්තටම antibiotics අවශ්‍ය වෙද්දි ඒවා වැඩ නොකරන්න පුළුවන්
•🤢 Side effects
→ වමනය, බඩේ වේදනාව, diarrhea, allergy වගේ ගැටලු
•🧬 ලෙඩේ තවත් බරපතල වෙන්න පුළුවන්
•❌ Viral infections වලට antibiotics වැඩ කරන්නේ නැහැ
→ උදා: සෙම්ප්‍රතිශ්‍යාව, flu, HIV, COVID වගේ රෝග

✅ Antibiotics ගන්න හොඳ විදිහ

•👨‍⚕️ වෛද්‍ය උපදෙස් / prescription එකක් තියෙනකොට පමණයි
•⏰ දෙන්න කියපු දින ගණන පුරාවටම බොන්න (මැදින් නවත්තන්න එපා)
•🔄 අනිත් අයගේ antibiotics බෙදාගන්න එපා

👉 හිතුමතේට antibiotics බොන එක ඔබටත්, සමාජයටත් අහිතකරයි.

👨‍⚕️ ඔබේ සෞඛ්‍යය — අපගේ වගකීමයි ❤️

-Dagonna Pharmacy & Distributors-



✨ *ලස්සන වෙන්න බොන perfectil කියන තරම් හොඳද*✨ලස්සන කියන්නේ හමේ බාහිර පැහැය විතරක්ම නෙමේ. ඇත්තම ලස්සන කියන්නේ අපේ ශරීරය අ...
08/01/2026

✨ *ලස්සන වෙන්න බොන perfectil කියන තරම් හොඳද*✨

ලස්සන කියන්නේ හමේ බාහිර පැහැය විතරක්ම නෙමේ. ඇත්තම ලස්සන කියන්නේ අපේ ශරීරය අභ්‍යන්තරයෙන් සෞඛ්‍යවත් වෙද්දී ස්වභාවිකවම පිටට පෙනෙන්න එන දෙයක්.ඒක නිසාම වර්තමානයේ බොහෝ දෙනෙක් තමන්ගේ කෙස්, සම සහ නිය පිළිබඳ වැඩි අවධානයක් දෙන්න පටන් අරන් තියෙනවා.

Perfectil කියන්නේ වර්තමානයේ බොහෝදෙනා අතර ජනප්‍රිය beauty supplement එකක්.
නළු නිලියන් පවා තමන්ගේ ලස්සන පවත්වා ගැනීමට භාවිතා කරන දෙයක්.
“ලස්සන වෙන්න කියලා බොන tablet එකක්” කියලා බොහෝ දෙනා Perfectil ගැන කතා කරනවා.
ඒකට හේතුව, මේ supplement එක කෙස්, සම සහ නිය අභ්‍යන්තරයෙන් පෝෂණය කිරීමයි.

Perfectil තුළ Biotin, Zinc, Selenium, Vitamins සහ ශරීරයට අත්‍යවශ්‍ය පෝෂක ද්‍රව්‍ය අඩංගු වෙනවා.
මෙහි අඩංගු minerals මඟින්:
✨ සුන්දර කෙස් කළඹකට අවශ්‍ය අභ්‍යන්තර පෝෂණය ලබා දෙමින් හිසකෙස් කැඩීයාම වළක්වා හිසකෙස් ශක්තිමත් කර හිසකෙස් වැවීම වේගවත් කරයි.
✨ නියපොතු කැඩීයාම වළක්වා ශක්තිමත් කර ස්භාවික සුන්දර නිය පෙළක් ලබා දෙයි
✨ Vitamin B2, B3 සහ Biotin මගින් සම නීරෝගිමත් කර පැහැපත් සමක් පවත්වාගැනීමට උපකාරී වේ

බොහෝ දෙනා කෙටි කාලයකින් සම සුදු කිරීමට bleaching ආලේපන භාවිතා කරනවා. ඒවාගෙන් තාවකාලික පැහැයක් ලැබුනත්, සමට ඉතා හානිකරයි.
ශරීරයට අවශ්‍ය පෝෂණය ඇතුළින් නොලැබුනොත්, දිගුකාලීන ප්‍රතිඵල ලබාගත නොහැක.

Perfectil වගේ supplement එකක් දිනපතා භාවිතා කරනකොට, ශරීරයට අවශ්‍ය පෝෂණය ඇතුළින් ලැබෙන නිසා, ලස්සන ස්වභාවිකවම වැඩි වෙන්න පටන් ගන්නවා.

Perfectil ගැන තවත් විශේෂ දෙයක්:
✅ විද්‍යාත්මකව සංවර්ධනය කරලා තියෙන supplement එකක්
✅ දිනපතා ගැනීමට පහසු capsule/tablet එකක්

අවසානයේ:
ලස්සන කියන්නේ එක දවසකින් ලැබෙන දෙයක් නෙමෙයි.
එය දිනෙන් දින, අභ්‍යන්තරයෙන් ශරීරය සුරක්ෂිත කරගත්තම ලැබෙන දෙයක්.

🌿 ඇත්තම ලස්සනට යන මග – අභ්‍යන්තරයෙන් පටන් ගන්න, Perfectil සමඟ එක්වන්න.

📍 මෙය දැන් අපගේ ෆාමසියෙන් මිලදී ගත හැක

Your trusted neighborhood pharmacy, dedicated to your health, safety, and well-being 💊❤️

We provide:
✔️ Genuine & quality medicines
✔️ Friendly, caring service
✔️ Professional guidance you can trust

📍 Location: Dagonna
⏰ Open daily: 8.30 AM – 10.30 PM
📞 Call us:

☎️ 031 224 2742
077 571 5580
076 325 7750

✨ Visit us today — Your Health, Our Priority ✨

👍 Like & follow our page to stay updated on health tips, offers, and pharmacy services!

-Dagonna Pharmacy & Distributors-

07/01/2026

A new year, new hopes, and the same promise—caring for your health every day.
Wishing all our customers a happy and healthy New Year! 🌿

✨ Happy New Year 2026! ✨As we welcome a brand new year, we thank you for trusting us with your health.May 2026 bring you...
01/01/2026

✨ Happy New Year 2026! ✨
As we welcome a brand new year, we thank you for trusting us with your health.
May 2026 bring you good health, happiness, and peace.
We look forward to serving you with care, quality, and dedication throughout the year.

Your Health, Our Priority 💚
— Dagonna Pharmacy & Distributors

✨ සුභ නව වසරක් වේවා 2026! ✨
ඔබගේ සෞඛ්‍යය අපට විශ්වාසයෙන් භාර දුන් ඔබ සැමට අපගේ ස්තූතියි.
2026 වසර ඔබට හොඳ සෞඛ්‍යය, සතුට සහ සමාධිය ගෙන ඒවා යැයි අපි ප්‍රාර්ථනා කරමු.
නව වසර පුරාම විශ්වාසය සහ සැලකිල්ලෙන් ඔබට සේවය කිරීමට අපි සූදානම්.

ඔබගේ සෞඛ්‍යය – අපගේ ප්‍රමුඛතාවයයි 💚
— දාගොන්න ෆාමසි සහ බෙදාහරින්නෝ

Address

1114/21, Nalaka Watta, Walpola Road, Kimbulapitiya Rd, Dagonna
Negombo
11500

Opening Hours

Monday 08:30 - 22:30
Tuesday 08:30 - 22:30
Wednesday 08:30 - 22:30
Thursday 08:30 - 22:30
Friday 08:30 - 22:30
Saturday 08:30 - 22:30
Sunday 08:30 - 22:30

Website

Alerts

Be the first to know and let us send you an email when Dagonna Pharmacy & Distributors posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category