𝗹𝗶𝗳𝗲𝘀𝘁𝘆𝗹𝗲𝘀 𝗯𝘆 𝘁𝗵𝗶𝗹𝗶'𝘀 𝗸𝗶𝘁𝗰𝗵𝗲𝗻

  • Home
  • 𝗹𝗶𝗳𝗲𝘀𝘁𝘆𝗹𝗲𝘀 𝗯𝘆 𝘁𝗵𝗶𝗹𝗶'𝘀 𝗸𝗶𝘁𝗰𝗵𝗲𝗻

𝗹𝗶𝗳𝗲𝘀𝘁𝘆𝗹𝗲𝘀 𝗯𝘆 𝘁𝗵𝗶𝗹𝗶'𝘀 𝗸𝗶𝘁𝗰𝗵𝗲𝗻 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝗹𝗶𝗳𝗲𝘀𝘁𝘆𝗹𝗲𝘀 𝗯𝘆 𝘁𝗵𝗶𝗹𝗶'𝘀 𝗸𝗶𝘁𝗰𝗵𝗲𝗻, Kitchen/Cooking, .

ඥනකතා හදමුද...🙈🙈🙈නම ලියන්න අමාරු උනාට හදන්න නම් හරිම ලේසි 🙊අවශ්‍ය ද්‍රව්‍යසීනී කෝප්ප 1/2.පිටි කෝප්ප 1 1/2.බිත්තර 1.වැනිල...
11/11/2024

ඥනකතා හදමුද...🙈🙈🙈
නම ලියන්න අමාරු උනාට හදන්න නම් හරිම ලේසි 🙊

අවශ්‍ය ද්‍රව්‍ය

සීනී කෝප්ප 1/2.
පිටි කෝප්ප 1 1/2.
බිත්තර 1.
වැනිලා ටිකයි.
ලුණු ටිකයි.
බටර් මේස හැදි 4
බේකින් පව්ඩර් තේ හැදි 1
කැමති නම් කිරි පිටිත් ගන්න පුළුවන්

සකසන ආකාරය.

සීනී බටර් ටික හොදින් බීට් කරගන එයට බිත්තරය,බේකින් සෝඩා පව්ඩර් කලවම් කරගත් පිටි ටික දාල හොදින් කලවම් කරගන්න..ගුලියක් ලෙස සැකසිය හැකි ආකාරයට..දැන් පොඩි පොඩි බෝල සකසා කැමති හැඩයක් සකසා...බටර් තවරා ගත් තැටියක් උඩ තබා ගන්න...දැන් බ්‍රශ් එකක්න් මතු පිට වතුර ටිකක් තවරා සීනී උඩින් ඉස ගන්න...

200°c pre heat කරගත් oven එකක විනාඩි 20ක් බේක් කරගන්න..

✏️thili's kitchen
thilini achala.❤️

විවේකිව ඉරිදා දවසේ....මගේ අලුත්ම අත්හදා බැලු  රෙසිපි එකක්...කස්ටඩ් ලේයර්,රිබන් කේක් ලේයර්,චොකලට් බිස්කට්   ලේයර්, මෙල්ඩ්...
10/11/2024

විවේකිව ඉරිදා දවසේ....
මගේ අලුත්ම අත්හදා බැලු රෙසිපි එකක්...

කස්ටඩ් ලේයර්,රිබන් කේක් ලේයර්,චොකලට් බිස්කට් ලේයර්, මෙල්ඩ් චොකලට් ලේයර් with පීනට්....🙈🙈🙈🙈

රටකජු මිශ්‍ර චොකලට් ඩෝනට්🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩✌️අවශ්‍ය ද්‍රව්‍ය පාන් පිටි කප් 2බිත්තර 1සීනී කප් 1/2ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 1ලුණු ටිකක්...
23/10/2024

රටකජු මිශ්‍ර චොකලට් ඩෝනට්
🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩

✌️අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි කප් 2
බිත්තර 1
සීනී කප් 1/2
ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 1
ලුණු ටිකක්
වැනිලා තේ හැදි 1 1/2
බේකින් පව්ඩර් තේ හැදි 1 1/2
බැද ගැනීමට තෙල්

🤩පිටතට දමා ගැනීමට චොකලට් හා බටර් අවශ්‍යයි

👩‍🍳සකසන ආකාරය

පළමුව සීනී,,හොදින් බීට් කරගන්න එයට බිත්තරය දමා එයද හොදින් කලවම් කර බේකින් පව්ඩර් දමා හලා ගත් පාන් පිටි ටික ටික,වැනිලා,ලුණු ටිකක් දමා.කිරි ටික ටික දමා අතේ නොලෙන මිශ්‍රණයක් සකසා ගන්න.(රොටී වගේ )

පාන් පිටි ඉසගත් බෝඩ් එකක් උඩ සකසා ගත් පිටි බෝලය හොදින් තුනී කර රවුම් කපා ගන්න..මැද පොඩි රවුමක් කපා ගන්න..කපා ගත් ඩෝනට් තෙලේ දමා රන් වන් පැහය වනතුරු බැදගන්න.

බැද ගත් ඩෝනට් නිවුන පසු කැමති තැවරුවමක් දමා ගත හැක.

මම නම් චොකලට් වලට බටර් දමා ඩබල් බොයිල් කරලා ඩෝනට් උඩට දමා උඩින් රටකජු දමා සරසා ගත්ත..

thank you🥰
-thilini achala -

පෑන් කේක් 🤗🤗
18/10/2024

පෑන් කේක් 🤗🤗

Address


Website

Alerts

Be the first to know and let us send you an email when 𝗹𝗶𝗳𝗲𝘀𝘁𝘆𝗹𝗲𝘀 𝗯𝘆 𝘁𝗵𝗶𝗹𝗶'𝘀 𝗸𝗶𝘁𝗰𝗵𝗲𝗻 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share