The Homemade Cook by KANII

The Homemade Cook by KANII Real Food Real Families

10/10/2026
Good morning yaluwane ❤️ Enna Rasama Rasa biriyani kamu😋 ❤️
10/10/2026

Good morning yaluwane ❤️ Enna Rasama Rasa biriyani kamu😋 ❤️

02/10/2026

Good morning yaluwane ❤️

02/10/2026

මටනම් තේරෙන්නේ නැහැ 🤣

25/09/2026

රසම රස කෑම හදනවා ❤️ ඒත් මට විඩීයෝ කරන්න ලස්සන පින්තූරයක් ගන්න වෙලාවක් නැහැ.මට ඕනි මගේ කස්ටියට ඉක්මනින් කෑම ටික දෙන්න ආදරෙයි හැමෝටම ❤️

22/09/2026

Good morning yaluwane ❤️ k**a one aya call karanna

22/09/2026

💰✨️සල්ලි ඉතිරි කරන්නම බැරි නම් පුරුදු කරන්න ඕනා දේවල් 4ක් !!!

“මං කොච්චර උත්සාහ කළත් සල්ලි ඉතුරු වෙන්නේ නෑ..”

“මාසෙ මුලදි සල්ලි තියෙනවා. මාසෙ අන්තිම වෙද්දි අතේ සතයක්වත් නෑ..”

මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ. සමහර වෙලාවට ආදායම අඩු නිසා ඉතිරි කරන්න අමාරුයි.
ඒත් සමහර වෙලාවට ප්‍රශ්නේ ආදායම විතරක් නෙවෙයි. සල්ලි එක්ක අපිට තියෙන පුරුදු. සල්ලි ඉතිරි කරන්න නම් මාසෙ අන්තිමට ඉතුරු වෙන මුදලක් බලාගෙන ඉන්න එකෙන් වැඩක් නෑ. මුලින්ම ඒ පුරුද්ද හදාගන්න ඕනේ. ඉතිං ඔයත් සල්ලි ඉතිරි කරන්නම බැරි කෙනෙක් නම් මේ පුරුදු 4 ටික ටික පටන් ගන්න.

💵 01. ලැබෙන සල්ලි වලින් මුලින්ම තමන්ට කොටසක් වෙන් කරන්න.

ගොඩක් අය කරන වැරැද්ද තමයි, ඉතුරු වුණොත් ඉතිරි කරනවා කියලා හිතනෙක. ඒත් ගොඩක් වෙලාවට ඉතුරු වෙන්නේ නෑ. ඒ නිසා ආදායම,වැටුප අතට ලැබුණු ගමන් රුපියල් 5,000ක් හරි මුලින්ම පැත්තකින් තියන්න. ලොකු ගාණක් ඉතුරු කරන්න බැරි නම් පොඩි ගාණකින් පටන් ගන්න. ඒ මුදල වෙනම ගිණුමකට දාන්න. නැත්නම් වෙනම savings box එකක් තියාගන්න. ඒ සල්ලි තියෙනවා කියලා හැම වෙලාවෙම මතක තියාගෙන වියදම් කරන්න එපා.

💵 02. වියදම් ලියන්න.

මේක නොකර සල්ලි ඉතිරි කරන්න අමාරුයි. සමහර වෙලාවට අපි හිතනවා, මං ලොකු දෙයක් ගත්තෙත් නෑනේ. සල්ලි කොහෙද ගියේ කියලා. ඒත් දවසට මේක පොඩි වියදමක්නේ කියලා කරන ඒ පොඩි පොඩි වියදම් එකතු වුණාම ලොකු ගාණක් වෙනවා. ඒ නිසා මාසයක්වත් තමන්ගේ වියදම් ටික ලියලා බලන්න. තේ එක, Snack එක, Delivery එක, Online order එක, Transport, Subscriptions, Shopping, අනවශ්‍ය small purchases, හැමදේම.. ඊට පස්සේ මාසෙ අන්තිමට බලන්න. මගේ සල්ලි වැඩිපුරම ගියේ කොහෙටද කියලා. එතකොට තමයි ඔයාට ඔයාගේ money leaks පේන්න පටන් ගන්නේ. ප්‍රශ්නේ දැක්කම ඒක හදාගන්නත් ලේසියි.

💵 03. ඕනේ දේවල් සහ ආස දේවල් වෙන්කරගන්න.

මේ දෙක එකම දෙයක් නෙවෙයි. අලුත් ගවුමක් දැක්කා.
ආසයි. අලුත් bag එකක් දැක්කා. ආසයි. කෑමක් order කරන්න හිතුණා. ආසයි. ඒත් මට මේක ඇත්තටම ඕනෙද කියලා අහන්න. ඇත්තටම අවශ්‍ය දෙයක් නම් ගන්න. ඒත් ආසාවක් විතරක් නම් ටිකක් ඉන්න. මං නම් මේකට 24 hour rule එකක් දාගන්න කියනවා. ඒ කීවේ අත්‍යවශ්‍ය දෙයක් නොවන දෙයක් ගන්න හිතුණොත් එකපාරටම ගන්න එපා. පැය 24ක් ඉන්න. හෙටත් ඒක ඇත්තටම ඕනේ නම් ආයෙත් බලන්න. සල්ලි ඉතිරි කරන එක කියන්නේ තමන් කැමති හැම දෙයක්ම අත්හරින එක නෙවෙයි. තමන්ගේ මුදල් තමන්ට වැදගත් දේවල් වෙනුවෙන් භාවිතා කරන්න ඉගෙනගන්න එක.

💵 04. සල්ලි ඉතිරි කිරීම මාසෙ අන්තිම වැඩක් කරන්න එපා.

මාසෙ අන්තිමට බලලා, මේ මාසෙ සල්ලි ඉතුරු කරන්න බැරි වුණා කියන එක නවත්වන්න. Savings කියන්නේ ඉතුරු වුණොත් කරන දෙයක් නෙවෙයි. ඒක ජීවිතේ පුරුද්දක්. ඒ නිසා පොඩි ඉලක්ක තියාගන්න. මේ මාසේ රුපියල් 2,000ක්. ඊළඟ මාසේ 3,000ක්. ඊළඟට 5,000ක්. තමන්ට හැකි විදිහට. ඒ වගේම No spend days කිහිපයක් දාගන්න. එදාට අත්‍යවශ්‍ය දේවල් හැර අනවශ්‍ය වියදම් නොකරඉන්න. සතියකට එක දවසක් වුණත්. ඊට අමතරව මාසෙට පොඩි savings challenge එකක් කරන්න. උදාහරණයක් විදිහට,

Day 01 - අද රු.100ක් ඉතුරු කරන්න.
Day 02 - අද අනවශ්‍ය වියදමක් නවත්වන්න.
Day 03 - අද ඔයාගේ එක money leak එකක් හොයාගන්න.
Day 05 - අද රු.200ක් ඉතුරු කරන්න.

මේ වගේ පොඩි පුරුදු ටිකක් දිගටම කරගෙන යන්න. මොකද ඔයා සල්ලි ඉතිරි කරන කෙනෙක් වෙන්නේ ලොකු මුදලක් තියෙන කෙනෙක් නිසාම නෙවෙයි. පොඩි මුදලක් තිබුණත් ඒක පාලනය කරන්න ඉගෙනගත්ත කෙනෙක් නිසා.

ඉතිං සල්ලි ඉතිරි කරන්න බැරි එක ගැන තමන්ටම දොස් කිය කිය ඉන්න එපා. මුලින්ම තමන්ගේ පුරුදු දිහා බලන්න. මාසෙට කොච්චර වියදම් වෙනවද, මොනවටද වියදම් වෙන්නේ, මොන මොන වියදම් අඩු කරන්න පුළුවන්ද, කීයක්ද ඉතිරි කරන්න පුළුවන් කියලා බලන්න. රුපියල් 100ක් වුණත් ඉතුරු කරන්න. මුලින් පොඩි ගාණක් වුණාට කමක් නෑ. ඔයා හදාගන්න ඕනේ සල්ලි පාලනය කරන පුරුද්දයි. ඒ පුරුද්ද හදාගත්තට පස්සේ, ආදායම වැඩි වෙනකොට ඒකත් එක්ක ඔයාගේ ඉතුරුම් වැඩි කරගන්න පුළුවන්.

🟣 COMING SOON… 🟣

ඔයාලා මුදල් කළමනාකරණය ගැන අහපු ප්‍රශ්න, ඒ ගැන ඔයා දැනගන්නම ඕනා දේවල් හැමදේම ලස්සනට පැහැදිලිව ඇතුළත් කරපු Money management ebook එක ඉක්මනින් එනවා !!!

📖 Money Management Ebook !!!

මුදල් කළමනාකරණය ගැන ඔයා දැනගන්නම ඕනා දේවල්, සරලව සහ පැහැදිලිව !!!

🧠 Money Mindset Journal !!!

සල්ලි ගැන ඔයාගේ සිතුවිලි, පුරුදු සහ mindset එක හඳුනගෙන වෙනස් කරගන්නයි මේක !!!

💰 30 Day Saving Challenge !!!

මාසයක් පුරා පොඩි පොඩි practical tasks එක්ක සල්ලි ඉතිරි කරන පුරුද්ද හදාගන්නයි මේක !!!

COMING SOON...

HAPPY LIFE by Madhushika Udagedara
2026|09|21

Address

Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when The Homemade Cook by KANII posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share