24/05/2026
දරුවො කියන්නේම අත් අරින්න බැරි බැදීමක්...
නින්දෙනුත් 'අම්මේ'' කියලා කතාකරන ...
අැස් පියාගෙනත් අත ගගා අම්මා ලග ඉන්නවද බලන...
අනේ !!කොහොම අතාරින්නද ...
අම්මලගේ අැගේම කොටසක් වෙනකොට දරැවෝ........
විදින්න තියන දහදුක් ඔක්කොම විදගෙනත් අම්මලා ඉවසන්නේම දරැවෝ හින්දම....
කොච්චර සැර කලත් අම්මවම හොයන් එනකොට හිතෙන්නේම..
මොන කරුමෙටද අපිට තරහ යන්නෙ කියලමයි....
එ්ත් පොරොන්දු වෙනවා පුතේ....
සමහරක් නොසන්ඩාල ගෑනු වගේ...
මගේ අැගේ කෑල්ලෙන් කෑල්ල ගියත්..
උබලා අතාරින් නෑ....
උබලගෙන් තොර වෙන ලෝකෙකුත් නෑ....
අද නැති උනත් දරාගමු...
උබලගේ තටු හයි උන දවසට...
මාත් උබලා එක්කම පියාබනවා...
එදාට මන් උබලට ඔිනි හැම සැපක්ම හදල දෙනවමයි...
මේ වගේ හිතන හැම අම්මෙක්ටම දවසක හරියන්න ඔිනි උතුරන්න....