27/06/2026
හැම මනුස්සයෙක්ගෙම ජීවිතේ අවසානෙ ඉතිරි වෙන්නෙ මතක විතරයි...
මටත් මතක් උනා ඉස්සර හිටපු මාව.. මහ ලොකුවට ලස්සන නැති උනත්, මාව ලස්සනට දැකපු මිනිස්සු හිටියා.. මං වෙනුවෙන් මං කරපු දේවල් හරි ලස්සනයි... ආස ඇදුමක් ඇදලා ඒක මට හැඩයිද බලන ඒ හැගීම... මගෙ ඇග ගැන මට තිබුනෙ කියන්න බැරි වටිනාකමක්.. පෙර ආත්ම වල කරපු පිනකට හම්බුන දේවල්...
ඔහොම කාලය ගෙවිලා යද්දී.. එක තැනකදි මට මාව මගැරිලා කියලා දැනුනා... හරි ලස්සනට ඇදලා පැලදලා ඉන්න ගැහැණු ගොඩක් මැද්දෙ මං තනි උනා මගෙ අතීතෙ ලග... ඇත්තටම මට මාව මගැරුනාද?.. මම මාව අතෑරියාද... කොතනද වැරදුනෙ කියලා හිතාගන්න බැරි උනා..
ඔක්කොටම වඩා හිත රිදුනෙ මගෙ මිනිහට ඒ ලස්සන ගෑනු ගොඩ මැද්දෙ මාව විතරක් නොපෙනී ගිය එක.. ලස්සනට ඇදපු , හිනා වෙලා හිටපු හරි ලස්සන ගැහැනු ලග මගෙ මනුස්සයා හිතන්න ඇති අනේ මගෙ ගෑනිගෙ හැටි කියලා... හැබැයි කවදාවත් හිතන්න නැතුව ඇති මගෙ බරත් දරාන , පවුලෙ බර කරට අරන් මහන්සියෙන් දුක් විදින ගෑනි පව් නේද කියලා.. මගෙ ගෑනිටත් ඒ දේවල් මට දෙන්න තිබුනනම් ඔයා වගේම මගෙ ගෑනිත් ලස්සනට ඉදී නේද කියලා....ගොඩක් පිරිමින්ට අමතක උනේම ඕක...
ඒවෙලාවෙ පටන් මං හිතනවා පව්ල එක කරගත්ත, දරුවො ජීවිතේ කරගත්ත ගොඩක් ගැහැනුන්ගෙ ජීවිත මේවගේ ඇති.. වගකීම් වලට හිරවෙලා , අනාගතය ගැන බොද වෙච්ච හීන ගොඩක් එක්ක ජීවත් වෙන අපේ කාලේ යශෝධරාවොත් ඇති... හැබැයි එහෙම ගෑනුන්ට කාගෙන්වත් වටිනාකමක් ලැබුනෙ නෑ.. අනාගතේ ගැන බලාපොරොත්තුවක් දෙන්න කෙනෙක් හිටියෙ නෑ....
මතක ✍️🖇️💗....