මතක

මතක Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from මතක, kandy, Peradeniya.

හැම මනුස්සයෙක්ගෙම ජීවිතේ අවසානෙ ඉතිරි වෙන්නෙ මතක විතරයි...මටත් මතක් උනා ඉස්සර හිටපු මාව.. මහ ලොකුවට ලස්සන නැති උනත්, මාව...
27/06/2026

හැම මනුස්සයෙක්ගෙම ජීවිතේ අවසානෙ ඉතිරි වෙන්නෙ මතක විතරයි...

මටත් මතක් උනා ඉස්සර හිටපු මාව.. මහ ලොකුවට ලස්සන නැති උනත්, මාව ලස්සනට දැකපු මිනිස්සු හිටියා.. මං වෙනුවෙන් මං කරපු දේවල් හරි ලස්සනයි... ආස ඇදුමක් ඇදලා ඒක මට හැඩයිද බලන ඒ හැගීම... මගෙ ඇග ගැන මට තිබුනෙ කියන්න බැරි වටිනාකමක්.. පෙර ආත්ම වල කරපු පිනකට හම්බුන දේවල්...

ඔහොම කාලය ගෙවිලා යද්දී.. එක තැනකදි මට මාව මගැරිලා කියලා දැනුනා... හරි ලස්සනට ඇදලා පැලදලා ඉන්න ගැහැණු ගොඩක් මැද්දෙ මං තනි උනා මගෙ අතීතෙ ලග... ඇත්තටම මට මාව මගැරුනාද?.. මම මාව අතෑරියාද... කොතනද වැරදුනෙ කියලා හිතාගන්න බැරි උනා..

ඔක්කොටම වඩා හිත රිදුනෙ මගෙ මිනිහට ඒ ලස්සන ගෑනු ගොඩ මැද්දෙ මාව විතරක් නොපෙනී ගිය එක.. ලස්සනට ඇදපු , හිනා වෙලා හිටපු හරි ලස්සන ගැහැනු ලග මගෙ මනුස්සයා හිතන්න ඇති අනේ මගෙ ගෑනිගෙ හැටි කියලා... හැබැයි කවදාවත් හිතන්න නැතුව ඇති මගෙ බරත් දරාන , පවුලෙ බර කරට අරන් මහන්සියෙන් දුක් විදින ගෑනි පව් නේද කියලා.. මගෙ ගෑනිටත් ඒ දේවල් මට දෙන්න තිබුනනම් ඔයා වගේම මගෙ ගෑනිත් ලස්සනට ඉදී නේද කියලා....ගොඩක් පිරිමින්ට අමතක උනේම ඕක...

ඒවෙලාවෙ පටන් මං හිතනවා පව්ල එක කරගත්ත, දරුවො ජීවිතේ කරගත්ත ගොඩක් ගැහැනුන්ගෙ ජීවිත මේවගේ ඇති.. වගකීම් වලට හිරවෙලා , අනාගතය ගැන බොද වෙච්ච හීන ගොඩක් එක්ක ජීවත් වෙන අපේ කාලේ යශෝධරාවොත් ඇති... හැබැයි එහෙම ගෑනුන්ට කාගෙන්වත් වටිනාකමක් ලැබුනෙ නෑ.. අනාගතේ ගැන බලාපොරොත්තුවක් දෙන්න කෙනෙක් හිටියෙ නෑ....

මතක ✍️🖇️💗....

10/06/2026

හැම ගැහනියක්ටම හම්බෙන්න ඕනි කිසිම වෙලාවක තමන්ව අත්නොහරින ආදරණීය පිරිමියෙක් විතරයි.. ❤️🖇️

මේ ලෝකෙ කොයි තරම් ලස්සන ආදර කතා තිබුනත් ඒවා පටන් ගැන්මේ ඉදන් අවසාන මොහොම වෙනකම් එක වගේ ආදරේ දුන්නෙ කීයෙන් කී දෙනාද.. මේ තැන් වල වැඩිම අසාධාරණයට ලක් උනේ අහින්සක ගැනු පිරිමි....
මතක 🖇️❤✍️....

විවාහක ගොඩක් පිරිමි කරේම අහින්සක ගෑනුයක්ව පන පිටින් මරපු එක ❤️‍🩹එහෙන් තමන් විවාහ කරගත්ත ගෑණි? තව පැත්තකින් සයිඩ් එකෙන් ත...
10/06/2026

විවාහක ගොඩක් පිරිමි කරේම අහින්සක ගෑනුයක්ව පන පිටින් මරපු එක ❤️‍🩹

එහෙන් තමන් විවාහ කරගත්ත ගෑණි? තව පැත්තකින් සයිඩ් එකෙන් තියන් ඉන්න ගෑනි..

කාගෙ වරද උනත් අවසානයේදී දුක් වින්දේ,පීඩා වින්දෙ අහින්සක ගෑනියක්.. පිරිමි හරි අපූරුවට දෙපැත්ත බැලන්ස් කරන් තමන්ගෙ ගමන ගියා..

මෙතනින් වැඩිම අසාධාරණයක් උනේ තමන්ගෙ අනාගතේම එක මිනිහෙක් මත්තෙ තියලා දරුවො හදලා අවසානයේ තනි උන විවාහක ගෑනි..

මොකද අන්තිමට එහෙම ගෑනුන්ට ඉතුරු උනේ,
බිදුනු රැවටුනු හදවතක්
මගෑරගන්න බැරි වගකීම්
වැහැරී ගිය ශරීරය
ආසාවන් යටපත් කරගත් හැගීම්
..........

ඉතින් ගොඩක් ගෑනු ඇත්තටම මැරෙන්න කලින් එක පිරිමියෙක් නිසා සිය වාරයක් ජීවත් වෙලා ඉද්දිම මැරුනා ❤️‍🩹
...මතක ✍️🖇️❤️

"ශානිකා, මම යන්න ඕන. නන්දි මම එනකන් බලන් ඉන්නවා."පිරිමියෙක්ට ඕනෑම වෙලාවක තමන්ගේ හිත සසල කරන්න,වෙනස් කරන්න හදන ගැහැණියක් ...
02/06/2026

"ශානිකා, මම යන්න ඕන. නන්දි මම එනකන් බලන් ඉන්නවා."

පිරිමියෙක්ට ඕනෑම වෙලාවක තමන්ගේ හිත සසල කරන්න,වෙනස් කරන්න හදන ගැහැණියක් ළඟදී තමන්ගේ බිරිඳව, එහෙමත් නැත්නම් තමන්ගේ දරුවන්ගේ අම්මාව මතක් වෙනවා නම්, මේ ලෝකේ ඇතිවෙන පවුල් ප්‍රශ්නත්, හිත් වේදනාත් කොච්චර නම් අඩුවෙයිද?
කතාවේ ඉදිරියේදී මොනවා වෙයිද කියන්න බැහැ. ඒත් දැනට නම් ලද්දු තමන්ගේ බිරිඳගේ තැන හරි ලස්සනට ආරක්ෂා කරනවා.

ඇත්තටම හැමවෙලේම බීලා, වගකීමක් නැතුව වැඩ කරන මනුස්සයෙක් ගැහැණියකගේ ජීවිතයට සාපයක්. ඒත් ඒ මනුස්සයාගේ හිත වෙනත් ගැහැණියක් ළඟ නොනැමෙනවා නම්, ඒක ගැහැණියක් ලබන භාග්‍යයක්.
මොකද මේ ලෝකේ කිසිම ගැහැණියක් කැමති නැහැ තමන් ආදරය කරන පිරිමියාගේ හිතේ දශමයක ඉඩක්වත් වෙන ගැහැණියකට හිමි වෙනවට.

කසාද ජීවිතයක් ඇතුළේ මොන තරම් ප්‍රශ්න, හැලහැප්පීම් තිබුණත් ඒවා කතා කරලා විසඳගන්නවා මිසක්, හිත හදාගන්න කියලා තමන්ට හදවතින්ම ආදරය කරන බිරිඳක් ඉද්දි පිට ගැහැණු ළඟ දුක කියන්නත්, ස්ට්‍රෙස් රිලීස් කරගන්නත් යන පිරිමින්ට ලද්දු දුන්නේ හරිම ලස්සන ආදර්ශයක්.

ඉතින් මම ආයෙමත් කියනවා...
"ශානිකා, මම යන්න ඕන. නන්දි මම එනකන් බලන් ඉන්නවා."
ඒ වචන ටික ඇතුළේ තිබුණේ ආදරයකට වඩා වගකීමක්. ආකර්ෂණයකට වඩා බැඳීමක්. මොහොතක හැඟීමකට වඩා තමන්ගේ බිරිඳට තියෙන ගෞරවයක්.
ජීවිතේ කොච්චර අඩුපාඩු තිබුණත්, තමන් වෙනුවෙන් බලාගෙන ඉන්න කෙනා කවුද කියලා අමතක නොකරන මිනිස්සු නිසා තමයි පවුල් ජීවිත රැකෙන්නේ.
ආදරය කියන්නේ හැමවිටම අලුත්ව නැවුම්ව තියෙන දෙයක් නෙමෙයි.ආදරේ ඇතුලේ පොඩි වෙනසක් දැනුනාම වෙන කෙනෙක් හොයාගෙන යන එකත් නෙමෙයි. තමන් තෝරාගත් කෙනා එක්ක ඒ වෙනසට හේතුව හොයාගෙන ආයෙමත් ජීවත් වෙන්න උත්සාහ කරන එකට ❤️

මං ඔයාව අතැරියා.. හැබැයි අදටත් අමතක කරේ නෑ..තාමත් හිතේ එක තැනක ඔයා හරි පරිස්සමට ජීවත් වෙනවා.. සමහර වෙලාවට ඔයාගෙ මතකයන් ම...
01/06/2026

මං ඔයාව අතැරියා.. හැබැයි අදටත් අමතක කරේ නෑ..

තාමත් හිතේ එක තැනක ඔයා හරි පරිස්සමට ජීවත් වෙනවා.. සමහර වෙලාවට ඔයාගෙ මතකයන් මගෙ හිත පාරනවා.. ඇයි අපි වෙන් උනේ.. අදටත් මට හිතාගන්න බෑ..

කොහෙ හරි තැනක ඔයා සතුටින් ජීවත් වෙනවා මැණික.. මං ඒක දන්නවා.. සමහර වෙලාවට ඔයාටත් මාව මතක් වෙනවා ඇති.. අපේ කතාවෙ ලස්සන තැන් ඔයා අදටත් තනියම විදිනවා ඇති මං වගේම..

මේ සංසාර ගමනේ අපේ අවසන් හමුවීම ඒ දවස වෙන්නැති.. ඔයාවත් මමවත් නොහිතපු.. ඒ අවසන් තප්පරෙත් මට ඕනි උනේ ඔයාට මං හරි ආදරෙයි කියලා කියන්න විතරයි.. මොකද මට දැනුනා ඔයා යන්න හදන්නෙ කියලා..

ඉතින් මගෙ මැණික.. ඉන්න තැනක සතුටින් ඉන්න.. මේ සංසාර ගමනේ අපේ හමුවීම තාවකාලික නොවුනත් සදාකාලිකද නැති බව අවසානයේදී මං තේරුම් ගත් බව ඔයා දැනගන්න..❤️‍🩹

මතක...✍️❤️‍🩹🖇️

01/06/2026

ගැහැනියක්ගෙ ජීවිතේ කදුලු කතාව පටන් ගන්නෙ ආදරයක් නැති පිරිමියෙක් හම්බුන දවසට...

ඉන්නෙ කොහෙද,කෑවද බීවද, හොදින්ද අහන්න කෙනෙක් නැතිකොට...
ආසම දෙයක් කන්න අරන් දෙන්න කෙනෙක් නැතිකොට..
ඉල්ලන පු‍ංචි දේකදි උනත් මොනවා හරි කතාවක් කියලා ඒක මගැරගෙන යන වෙලාවෙදිත්, ගෑනු හරි අසරන උනා..
ඉන්නත් බැරි අතාරින්නත් බැරි බැදීම් ලග...

❤️‍🩹🖇️✍️මතක....

මං හිතන්නෙ මට කොතන හරි වැරදුනා....හැබැයි ආයෙ මට ඒ වැරදුනු තැන හදාගන්න බෑ..බැදීම් වගකීම් වලින් හිරවෙලා.. අන්තිමට තනි උනා ...
01/06/2026

මං හිතන්නෙ මට කොතන හරි වැරදුනා....

හැබැයි ආයෙ මට ඒ වැරදුනු තැන හදාගන්න බෑ..බැදීම් වගකීම් වලින් හිරවෙලා.. අන්තිමට තනි උනා කියන හැගීම දරුනුවටම දැනෙනවා.. අතෑරගන්න බැරි බැදීම් ලග ගෑනු මේ තරම් අසරණ කරපු පිරිමි මේ සමාජෙ කොච්චර ඇතිද.. මීට වඩා ලස්සන ජීවිතයක් අපිට තියෙන්න ඕනි කියලා ඒ මිනිස්සුම දැන දැනත් අපේ ජීවිත එහෙම් පිටින්ම අපායක් කරා...
ඒ කාලෙ ලස්සනට දැක්ක පිරිමි පස්සෙ කාලෙක මේ තරම් වෙනස් වෙන්නෙ කොහොමද.. ඒ කාලෙ කියපු වචනයක් ගානෙ බොරු මවාපෑම් කියලා හිතට දැනෙන වෙලාව එද්දි අපි ගෑනු විදිහට කොයි තරම් දුරක් ගිහින්ද..

තනියම වගකීම් දරන්න අපි පුරුදු වෙලා.. හැබැයි ඒකෙන් උනේ අපි ලං කරගත්ත පිරිමි හැම වගකීමක්ම අපේ පිට පටවලා ලස්සනට වගකීම් වලින් අයින් උන එක..

ගෑනු අපිටත් ආදරේ ඕනි කියලා දැනෙද්දි අපි ලග ආදරයක් නෑ... එහෙව් වෙලාවට ගොඩක් ගෑනු නොදැනුවත්වම පිට ගියා.. ආදරේ දැනෙන තැනකට හේත්තු උනා..

අන්තිමේදී මැරෙන මොහොතෙදිවත් සැනසීක් නැතුව මැරෙන්න උනා..

මතක 🖇️❤️‍🩹✍️.....

අවසානයේදී මිනිස්සු ජීවත් කරවන්නෙ ලස්සන මතක විතරයි...❤️‍🩹 ඔයාගෙ අතීතෙ ඔයා එකතු කරගත්ත ලස්සන මතක වලින් ඔයාට එක දවසක් හරි ජ...
01/06/2026

අවසානයේදී මිනිස්සු ජීවත් කරවන්නෙ ලස්සන මතක විතරයි...❤️‍🩹

ඔයාගෙ අතීතෙ ඔයා එකතු කරගත්ත ලස්සන මතක වලින් ඔයාට එක දවසක් හරි ජීවත් වෙන්න හේතුවක් හැදෙනවා නම් ඒ ලස්සන මතක ඔයාට දීපු මනුස්සයාට පිං දෙන්න..

මොකද... ජීවිතේ අපිට හම්බෙන හැම කෙනෙක්ටම බෑ අපේ ජීවිත වල ලස්සන මතකයක් වෙලා අපේ ජීවිත වලින් ඈත් වෙන්න..

කලාතුරකින් ජීවිතේට එන එක මනුස්සයෙක් ඔයාට මැරෙනකල්ම අමතක කරන්න බැරි තරමෙ ලස්සන මතකයක් එකතු කරලා ඔයාගෙ ජීවිතෙන් ඈතකට යයි.. ආයෙ කවදාවත් එයාව දකින්න කතා කරන්න නැති උනත්, එයා ඉතුරු කරලා ගියපු ලස්සන මතකයක් ඔයාගෙ ජීවිතේ හැම අමාරු වෙලාවකම ඔයාට ජීවත් වෙන්න ආශිර්වාදයක් වෙයි.. ඉතින් ඒ වගේ ආදරණීය මිනිස්සු කොහෙ හිටියත් සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න ඕනි...

මතක 🖇️✍️🍃......

29/05/2026

29/05/2026

Address

Kandy
Peradeniya

Website

Alerts

Be the first to know and let us send you an email when මතක posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share