13/10/2026
උපුටා ගැනීමකි (හෙදියකගේ දිනපොත )👈
🚨😫මේ දවස් වල හැමතැනම සෙම්ප්රතිශ්යාවයි උණයි !
ඔයාටත් මේ වෛරස් උණ හැදුනද? ඉතිං අද මම කියන්න යන්නේ හැමතැනම බෝවෙලා යන ඉන්ෆ්ලුවෙන්සා එහෙමත් නැත්තන් ෆ්ලූ වෛරසය ගැන.
💁♀️ ඉන්ෆ්ලුවෙන්සා (උණ / ෆ්ලූ) යනු කුමක්ද?
ඉන්ෆ්ලුවෙන්සා කියලා කියන්නේ ලොව පුරා සංසරණය වන ඉන්ෆ්ලුවෙන්සා වෛරසය හේතුවෙන් හටගන්නා, වසර පුරාම දකින්න පුලුවන් බෝවන ශ්වසන ආසාදනයකි.
මේ වෛරසය නාසය, උගුර සහ සමහර විට පෙනහළු වලටද ආසාදනය වෙනවා වගේම, විවිධ මට්ටමේ බරපතලකම් සහිත රෝගී තත්ත්වයන් ඇති කරන්න පුලුවන්.
බොහෝ දෙනෙකුට වෛද්ය ප්රතිකාර නොමැතිව සතියක් ඇතුළත උණ සහ අනෙකුත් රෝග ලක්ෂණ වලින් සුවය ලැබුණත්, බරපතල තත්ත්වයේ පසුවන රෝගීන් රෝහල් ගත කිරීම අවශ්ය වෙනවා. සමහර අවස්ථාවලදී මෙම රෝගය මාරාන්තික වෙන්න පුලුවන. මෙය විශේෂයෙන්ම අධි අවදානම් කාණ්ඩ සඳහා මේ මාරාන්තික තත්වය ඇතිවෙන්න පුලුවන.
💁♀️ අධි අවදානම් කාණ්ඩවලට පහත අය ඇතුළත් වේ.
🔴 වයස අවුරුදු 65 සහ ඊට වැඩි පුද්ගලයින්
🔴 වයස අවුරුදු 2 ට අඩු දරුවන්
🔴 ගර්භණී මව්වරුන්
🔴 නිදන්ගත රෝග ඇති පුද්ගලයින් (උදා: ඇදුම, දියවැඩියාව, හෘද රෝග (අධි රුධිර පීඩනය හැර), ස්නායු රෝග)
🔴 ශ්වසන ක්රියාවලියට බාධා කළ හැකි ආබාධ ඇති අය (උදා: සුෂුම්නාවේ ආබාධ, අපස්මාරය/වලිප්පුව)
🔴 ප්රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වී ඇති පුද්ගලයින් (උදා: පිළිකා ප්රතිකාර ලබන, ප්රතිශක්තිය හීන කරන ඖෂධ ලබා ගන්නා හෝ HIV ආසාදිත පුද්ගලයින්)
කෙසේ වෙතත්, අධි අවදානම් කාණ්ඩයකට අයත් නොවුණත්, ඕනෑම කෙනෙකුට ඉන්ෆ්ලුවෙන්සා වැළඳිය හැකි අතර බරපතල රෝග ලක්ෂණ අත්විඳිය හැකි බව සැලකිල්ලට ගැනීම වැදගත් වෙනවා.
💁♀️ ශ්රී ලංකාව තුළ ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ වර්තමාන තත්ත්වය කුමක්ද?
ශ්රී ලංකාව නිවර්තන කලාපීය රටක් වන බැවින්, වසර පුරාම ඉන්ෆ්ලුවෙන්සා රෝගය දැකගත හැක. එහෙත්, රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන ප්රධාන කාලසීමාවන් දෙකක් ඇත. එනම් මැයි සිට ජූලි දක්වා සහ නොවැම්බර් සිට ජනවාරි දක්වා කාලයයි. වර්ෂයේ කාලය අනුව, රෝගය ඇති කරන ඉන්ෆ්ලුවෙන්සා වෛරස් වර්ගය වෙනස් විය හැකිය.
💁♀️ ඉන්ෆ්ලුවෙන්සා එක් අයෙකුගෙන් තවත් අයෙකුට බෝ වන්නේ කෙසේද?
මෙම වෛරසය සාමාන්යයෙන් සම්ප්රේෂණය වන්නේ ආසාදිත පුද්ගලයෙකු කහින විට හෝ කිවිසුම් යවන විට පිටවන ශ්වසන බිඳිති මගිනි. මෙම බිඳිති අවට සිටින අයෙකුට ආශ්වාස වීමෙන් හෝ වෛරසය තැවරී ඇති පෘෂ්ඨයක් (උදා: සෙල්ලම් බඩු, දොරේ අගුළු) ස්පර්ශ කර ඉන්පසු කට, නාසය හෝ ඇස් ස්පර්ශ කිරීමෙන් වෛරසය ශරීරයට ඇතුළු වෙන්න පුලුවන්.
💁♀️ රෝගී පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට වෛරසය බෝවීමට වැඩිපුරම ඉඩ ඇත්තේ කවදාද?
නිරෝගී වැඩිහිටියෙකුට රෝග ලක්ෂණ මතු වීමට එක් දිනකට පෙර සිට රෝගය වැළඳී සතියක් යනතුරු අන් අයට රෝගය බෝ කළ හැකිය. කෙසේ වෙතත්, ප්රතිශක්තිය දුර්වල පුද්ගලයින්ට හෝ කුඩා දරුවන්ට මීට වඩා වැඩි කාලයක් රෝගය බෝ කිරීමේ හැකියාව පැවතිය හැකිය.
💁♀️ පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී රෝග ලක්ෂණ මතු වීමට කොපමණ කාලයක් ගතවේද? වෛරසය ආසාදනය වීමෙන් පසු රෝග ලක්ෂණ මතු වීමට සාමාන්යයෙන් දින 2ක් ගත වන නමුත් එය දින 1 සිට 4 දක්වා වෙනස් විය හැකිය.
🚨 ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ ලක්ෂණ මොනවාද?
රෝග ලක්ෂණ වේගයෙන් වර්ධනය වන අතර ඒවාට පහත දෑ ඇතුළත් විය හැකිය.
👉 උණ
👉 කැස්ස
👉 උගුරේ අමාරුව
👉 සොටු දියර ගැලීම හෝ නාසය අවහිර වීම
👉 මස්පිඬු හෝ ශරීරයේ වේදනාව
👉 හිසරදය
👉 අධික තෙහෙට්ටුව සහ අසනීප ගතියක් දැනීම
👉 සමහර පුද්ගලයින්ට වමනය සහ පාචනය ඇතිවිය හැකි අතර, වැඩිහිටියන්ට වඩා කුඩා දරුවන් අතර මෙය බහුලව දක්නට ලැබේ.
🚨 ඉන්ෆ්ලුවෙන්සා රෝගය හඳුනා ගැනීම
රෝග ලක්ෂණ මත පමණක් පදනම්ව ඉන්ෆ්ලුවෙන්සා රෝගය වෙනත් ශ්වසන රෝග වලින් වෙන්කර හඳුනා ගැනීම අභියෝගාත්මක විය හැකිය.
කෙසේ වෙතත්, ඉන්ෆ්ලුවෙන්සා හඳුනාගත හැකි රසායනාගාර පරීක්ෂණ තිබේ.
🚨 ඉන්ෆ්ලුවෙන්සා සඳහා ප්රතිකාර කිරීම
👉 රෝගීන්ට ප්රතිකාර කිරීමේදී, රෝගයේ බරපතලකම සහ ඔවුන්ගේ අවදානම් සාධක සලකා බලා වෛද්යවරුන් විසින් කළමනාකරණය තීරණය කරනු ලැබේ.
👉 බරපතල හෝ උත්සන්න වන රෝග තත්ත්වයන් ඇති රෝගීන් රෝහල් ගත කළ යුතුය.
👉 ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ ඇති සියලුම ගර්භණී මව්වරුන් විශේෂඥ වෛද්ය ප්රතිකාර සඳහා යොමු කෙරේ.
👉 සුළු රෝග ලක්ෂණ ඇති අධි අවදානම් පුද්ගලයින්ට නිවසේදීම ප්රතිකාර ලබා දිය හැකි නමුත්, පැය 48ක් ඇතුළත රෝග තත්ත්වය නැවත ඇගයීමකට ලක් කෙරෙන අතර රෝග ලක්ෂණ උත්සන්න වුවහොත් නැවත වෛද්යවරයෙකු වෙත පැමිණෙන ලෙස දැනුම් දෙනු ලැබේ.
👉 අනෙකුත් සියලුම රෝගීන්ට සුවයක් නොලැබෙන්නේ නම්, පැය 72ක් ඇතුළත නැවත වෛද්ය පරීක්ෂාවකට ලක්විය යුතුය.
1. වහාම වෛද්ය උපදෙස් ලබා ගැනීම අවශ්ය වන්නේ කවදාද?
රෝග ලක්ෂණ දිගටම පවතින්නේ නම්, උත්සන්න වන්නේ නම් හෝ පහත සඳහන් කිසියම් රෝග ලක්ෂණයක් මතු වුවහොත් වහාම වෛද්ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් වේ.
වැඩිහිටියන් සඳහා.
👉 හුස්ම ගැනීමේ අපහසුව
👉 නොනවත්වා වමනය යාම
👉 පපුවේ හෝ උදරයේ වේදනාව හෝ පීඩනයක් දැනීම
👉 කැරකැවිල්ල
👉 ක්ලාන්තය හෝ සිහි නැති වීම
👉 රෝග ලක්ෂණ සුවවීමෙන් පසු නැවතත් උණ සහ
👉 තදබල කැස්සක් ඇති වීම
දරුවන් සඳහා.
👉 වේගයෙන් හුස්ම ගැනීම හෝ හුස්ම ගැනීමේ අපහසුව
👉 සම නිල් හෝ අළු පැහැ වීම
👉 දියර වර්ග පානය කිරීම අඩුවීම හෝ අපහසුව
👉 පිටවන මුත්රා ප්රමාණය අඩුවීම හෝ අඬන විට කඳුළු අඩුවීම
👉 නොනවත්වා වමනය යාම
👉 ප්රතිචාර දැක්වීම අඩුවීම / මලානික වීම
👉 නොසන්සුන් හැසිරීම
👉 රෝග ලක්ෂණ සුවවීමෙන් පසු නැවතත් උණ සහ තදබල කැස්සක් ඇති වීම
💁♀️ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ආසාදනය වීමේ අවදානම අවම කර ගන්නේ කෙසේද?
👉 සබන් සහ ජලය යොදා නිතර දෑත් සේදීම
👉 ඇස්, නාසය සහ කට ස්පර්ශ කිරීමෙන් වැළකීම
👉 කහින විට හෝ කිවිසුම් යවන විට ටිෂූ එකකින් හෝ ලේන්සුවකින් නාසය සහ කට වසා ගැනීම
👉 නැතහොත් කහින විට හෝ කිවිසුම් යවන විට අත ඉහළට ඔසවා අතේ හෝ බාහුවේ ඇතුළත පෘෂ්ඨයෙන් නාසය සහ කට වසා ගැනීම
👉 රෝගී පුද්ගලයින් සමඟ සමීප සබඳතා පැවැත්වීමෙන් වැළකීම
👉 අසනීප නම් නිවසේ රැඳී සිටීම
👉 රෝගය පැතිර යන කාලවලදී ජනාකීර්ණ ස්ථානවලට යාමෙන් වැළකීම
👉 විශේෂයෙන්ම ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිරෙන කාලවලදී ජනාකීර්ණ පොදු ස්ථානවල මුහුණු ආවරණයක් (face mask) පැළඳීමට සැලකිලිමත් වීම.
රෝගය පැතිර යන කාලවලදී මහජන සෞඛ්ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම
👉ප්රතිශක්තිය වර්ධනය කර ගැනීම සඳහා සෞඛ්ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීම
ඔයාගේ ගෙදරත් මේ වගේ වෛරස් උණක් හැදුන කෙනෙක් ඉන්නවා නම්,එයාට අවශ්ය වෙන්නේ විවේකය.
ඒ වගේම පොඩි දරුවෝ ඉන්නවා නම් එයාලව පාසල් යවන්න එපා. තව පැටව් ගොඩක් පාසලේ ඉන්නවා. එයාලටත් මේක වැළඳෙන්න පුලුවන්. ඒ නිසා ඔයාලත් පරිස්සමින් ඉන්න. අනික් අයවත් පරිස්සම් කරගන්න. 😊❤️
ස්තූතියි
හෙදියකගේ දිනපොත