25/05/2026
වෙල්ලස්සෙ මැල්ලුම්
සිරිගලට මුල්ම පත්වීම ලැබීමත් එක්ක අලුත්ම පරිසරයක ,බස්නාහිරකොන මිනිසුන්ට වඩා ලෙන්ගතු හිත් තිබ්බ මිනිස් හිත්වල වගේම අලුත් ආහාර රටාවක අත්දැකීම් ලබන්න පුලුවන් වීම මම ජීවිතයේ ලබපු එක භාගයක් ,මොනරාගල පොලේ සතියකට සැරයක් යෑම මගේත් නදීරාගේත් විනෝදාංශයක්..මටම කියල වාහනයක් නොතිබ්බ ඒ කාලෙ අපි පොලේ ගියාම එන්නෙ අතින් කටින් සහ පුලුවන්න්ම් කකුල් වලිනුත් බඩු මලු උස්සගෙන ත්‍රීවීලර් එකක ,ඒකෙ ඔබා ගන්න බැරි තරමටම බඩු මලු අපේ අත්වල තිබ්බ මට මතකයි..අපි අනිවර්‍යෙන්ම ගන්න දෙවල් අතරෙ වැවුමාලු,කොල වර්ග කීපයක්,තුඹ කරවිල කෙසෙල් දොඩම් වගේ ගම්ගොඩේ ආච්චිල ගෙනල්ල විකුනන පලතුරු වර්ග ,එමින් ගමන් ගන්න මී කිරි හට්ටියක් හැමදාම වගේ තිබ්බ..අපරාදෙ කියන්න බෑ අපි ගමේ සරුවට වැවුන එලවලු පලතුරු ඒ කාල හිත, බඩ පිරෙන්න හොදට කෑව..
පොලේ යද්දී මට මතකයි මඤ්ඤොක්කා කොලයි තිත්බටුයි එකට විකුනන්න තියෙනව..මට පුදුමත් හිතුන,මේ ගම්ගොඩේ වැට මායිමටත් මයියොක්ක කෝට්ටක් ඉන්දන රටේ මයියොක්ක කොල සල්ලිවලට ගන්න අයත් ඉන්නවද කියල..පස්සෙ දවසක අපිට මයියොක්ක කොලයි තිතිබටුයි කොච්චි කොටල තෙම්පරාදු කරල හදපු මැල්ලුමක රස බලන්න ලැබුන,පොල් එකතු නොකල ඒ මැල්ලුමේ තිබ්බෙ වෙල්ලස්සට ආවේනික රසක්..
වෙල්ලස්ස කැරැල්ල කාලෙ කෑමට ගන්න පුලුවන් දේ අඩුවෙද්දි අල විතරක් කාපු මයියොක්ක ,කොලත් කෑමට එකතුඋනා කියල ජනප්‍රවාද වල කියෙවෙනව..මයියොක්ක කොල-තිත්බටු-කොච්චි කොටල තෙම්පරාදුවක් දාපු මැල්ලුමක් එක්ක වල් ඌරුමස් මිරිසට හින්දල කොල්ලු වැන්ජනයක් කියන්නෙ වෙල්ලස්සටම ආවෙනික මෙනුවක් ...වල් ඌරුමස් වෙනුවට කලුවට හින්දපු කුකුල්මස් වෑන්ජනයක් එක්ක ඔය මෙනුව රසබැලුවෙ දැන් අවුරුදු 8කට වගේ කලින්..
මඤ්ඤොක්කා කොල හීනියට කපල වන්ගෙඩියෙ කෙටුවෙ නැත්නම් කොල ටිකක් රලුනිසා කන්න අමාරුයි,එහෙම හදාගත්ත කොල වලට පොලේ දාල තෙම්පරාදුවක් දාන එක තමයි මගේ ක්‍රමය ...
පිසූ කොළ 100gකට
කැලරි: 35–60 kcal
ප්‍රෝටීන්: 3–6 g
කාබෝහයිඩ්‍රේට්: 5–8 g
ෆයිබර්: 2–4 g
මේදය: ඉතා අඩුය
විටමින්
විටමින් A (බීටා කැරොටීන්) – ඇස් සහ ප්‍රතිශක්තියට
විටමින් C
ෆෝලේට් (විටමින් B9)
ඛනිජ ලවණ
අයන්
කැල්සියම්
පොටෑසියම්
මැග්නීසියම්
ෆොස්ෆරස්
වෙනත් ප්‍රයෝජන
ඇන්ටිඔක්සිඩන්ට් අඩංගුයි
බොහෝ කොළ වර්ගවලට වඩා ප්‍රෝටීන් වැඩියි
හොද ෆයිබර් ප්‍රභවයකි